"පුරාතන ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය: 15 පේළිය:

ක්‍රි.පූ 323 දී සිදුවූ ඇලෙක්සැන්ඩර්ගේ අභාවය (ග්‍රීක දර්ශනය සහ බලය ආසන්න ප්‍රදේශවලට සහ මැද පෙරදිගට ව්‍යාප්ත වුනු) හෙලෙනිස්තික් යුගයේ ආරම්භය සනිටුහන් කිරීමට යොදා ගනු ලැබේ. මෙම යුගය රෝම ආක්‍රමණය සිදුවූ ක්‍රි.පූ 146 දී අවසාන වි

==දේශපාලනය ==

මූලික වශයෙන් ග්‍රීක නගර ආණ්ඩු කඩා රාජධානි ලෙස පෙනී යයි. තවද, නිතරම රජුගේ චාරිත්‍රානුකූල උත්සව සිදුකෙරෙන නිල නගරයක් (බැසිලියස්) තිබුණි. උදා- ඇතන්ස්හි ආකොන් බැසිලියස්. කෙසේ වෙතත් පුරාතන යුගය සහ ප්‍රාග් ඓතිහාසික සමය වන විට බොහෝ දෙනෙක් වංශවත් රදලයන් බවට පත්ව සිටියහ. මේ වෙනස සිදු වූ ආකාරය අපැහැදිලිය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රි.පූ : 1050 වන විට රාජ පදවිය ජීවිතාන්තය දක්වා උරුම ප්‍රධාන මහේස්ත්‍රාත් පදවිය දක්වා (ආකොන්) පහතට බැසිණි; ක්‍රි.පූ 753 වන විට ඉහත පදවිය සඳහා වසර 10 කට වරක් ද ක්‍රි.පූ 683 වන විට වර්ෂයක් පාසාද පුද්ගලයන් පත්කරන ලදී. සෑම පියවරක් පාසාම වැඩි ජවයකින් රදල පැලැන්තියට සංක්‍රමණය වීම සිදු විය.

දේශපාලනය සමගම කුඩා කණ්ඩායම් හා පවුල්වලින් එකතු වූ ධන සම්භාරය, බොහෝ නගර ආණ්ඩුවල නොසන්සුන් බවක් ඇති කරළීය. බොහෝ නගරවල කෲර පාලකයන් ස්ව කැමැත්තට අනුව ආණ්ඩු පාලනය කළහ. නිතරම ඔවුන් බලයේ සිටීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට වුහ.පන්ති භේදයෙන් බැට කෑමට ලක් වූ මෙවන් යුගයක නිතරම හොඳම විසඳුම වූයේ ශක්තිවන්තයෙකුගේ පාලනයයි.

6 වැනි ශතවර්ෂයේ දෙවන භාගයේදී ඇතන්ස් නගරය කෲර පාලනය යටතේ ඇද වැටිණි. රදලයන් නැවත බලය අල්ලා ගැනීමට එරෙහිව දේශපාලනික විසඳුමක් වශයෙන් මෙම කෲර පාලනය අවසන් වූ විට ඇතන්ස් වැසියෝ ලොව මුල්ම ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ. ක්‍රි.පූ 621 දී ඩ්‍රැකෝගේ ප්‍රතිසංස්කරණවල සිටම නාගරික ප්‍රතිපත්ති සඳහා වූ (එකල්සියා) රැස්වීම් පැවැත්විණි.සොලොන් ප්‍රතිසංස්කරණවලට පසු (6 වැනි ශතවර්ෂය මුලදී ) සියලුම වැසියන්ට එයට සහභාගී වීමට අවස්ථාව ලැබුණු නමුත් දරිද්‍රතාවයේ අන්තයේ සිටියවුන්ට රැස්වීම ඇමතීමට හෝ රජයේ රැකියා කිරීමට අවසර නොලැබුණි. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමත් සමගම මෙම රැස්වීම ආණ්ඩුවේ ඩී ජර් යාන්ත්‍රණය බවට පත් වූ අතර ඉන්පසු සියලුම පුරවැසියන්ට රැස්වීමේදී සම අයිතීන් ලැබුණි. කෙසේ නමුත් ඇතන්ස්හිදී සිටි පුරවැසියන් නොවන්නවුන්ටද (විදේශිකයන් වැනි) වහල්ලුන්ටද දේශපාලන අයිතීන් හිමිවුණේ නැත.

ඇතන්ස්හි ප්‍රජාතන්ත්‍ර වාදයේ නැගීමත් සමගම අනෙක් නගර ආණ්ඩුද ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ.කෙසේ වෙතත් බොහෝ නගර ආණ්ඩු පාරම්පරික ආණ්ඩු ක්‍රම පවත්වා ගැනීමට උත්සුක වූහ. නමුත් ස්පාටා නගරය ප්‍රවේණි අධිරාජ්‍යයවරු දෙදෙනෙක් යටතේ පාලනය විය. කෙසේ වෙතත් වැඩිහිටි අයවලුන්ගේ කවුන්සලයක් (ජෙරෝසියා) සහ රජවරුන්ට රැකවල් දා සිටි මහේස්ත්‍රාත්වරුන් නිසා මෙම රජවරුන්ගේ බලයට බාධා පැමිණුණි.
===දේශපාලනික ක්‍රම ===
පුරාණ ග්‍රීසියේ සිය ගණනකට ආසන්න නිදහස් නගර ආණ්ඩු පැවතුණි(පෝලිස්). මේවා ගෝත්‍රික වශයෙන් හා විශාල ප්‍රාන්ත වශයෙන් පාලනය කළ රාජධානි විය. ඒ නගරවල පැවති සමාජ රටාව සමකාලීන සමාජවලට වඩා වෙනස් ආරක් ගෙන තිබුණි. මීට සම කළ හැකි අවස්ථාවක් පීනීෂියා ජනපදයේ වෙරළාසන්න නගරවල දැකිය හැකිය. පුරාණ ග්‍රීසියේ කඩතොළු ස්වභාවයට හේතු වූ කඳුහෙල් හා ගංගා හේතුවෙන් ග්‍රීසියේ භූගෝලය ප්‍රධාන හා උප වශයෙන් බෙදී පැවතුන බව සැකයකින් තොරව කිව හැකිය. කෙසේ වෙතත් ග්‍රීකයන් සහජයෙන් ගෙන ආ දේවලින් යම් තත්ත්වයක් ගොඩ නැගී තිබුණි.ඔවුන්ට වූයේ එක එකම ආගමකි.එකම මූලික සංස්කෘතියකි. එකම භාෂාවකි. එහෙත් පෝලිස් හි ස්වෛරීභාවය තදින්ම ආරක්ෂා කෙරිණි. එක්සත් කිරීම යනු ග්‍රීකයන් විසින් කලාතුරකින් සලකා බැලුණු දෙයක් විය. මේනිසා පුරාතන ග්‍රීක දේශපාලනික පද්ධතියේ ප්‍රධාන විශේෂත්වයන් වන්නේ මූලික ලෙසම එහි කඩතොළු සහිත ස්වභාවයයි. මෙහි විශේෂයෙන් ගෝත්‍රික සම්භවය දක්නට නොලැබේ. දෙවනුව නාගරික ප්‍රදේශවල ඇති වූ විශේෂ කේන්ද්‍රගත වීමයි. මෙම විශේෂත්වයන් තව දුරටත් සාක්ෂාත් වන්නේ මධ්‍යධරණිය අවට වාසය කළ ජනපද තුළිනි. ඔවුන් එක්තරා ග්‍රීක පෝලිසයක් තම මව ලෙස සලකා ඇත.

අනිවාර්ය ලෙසම කුඩා නගර ආණ්ඩුවලට වඩා විශාල ප්‍රාන්ත සැම විටම ඉහළින් සිටියා වුවත් වෙනත් නගර ආණ්ඩු මගින් පාලනය කිරීම ඉතා දුර්ලභ දෙයක් විය. නගර ආණ්ඩු එක්සත් මණ්ඩලවලට බෙදීම වෙනුවට සාමාජිකත්ව වෙනස් වීමක් පැවතිණි. පසුව සම්භාව්‍යය කාල පරිච්ඡේදයේදී එනම් එක්සත් මණ්ඩල ගණනින් කුඩා වුවත් බලවත් වූ කාලයේදී එක්පුරවරයක් පමණක් ඉහළින් බලපැවැත්වෙන ලදී. (විශේෂයෙන් ඇතන්ස්, ස්පාටා හා තීබ්ස්); එමෙන්ම නිතරම නගර ආණ්ඩු යුධ තර්ජනවලට යටත් විය. නැතහොත් සාම ගිවිසුම්වල පාර්ශවයක් ලෙස පෙනී සිටියේය. මැක්ඩෝන්හි II වන පිලිප් පුරාතන ග්‍රීසියේ අග්‍ර නගරයන් පරාද කළ පසු පවා ඔහු ප්‍රාන්ත යටත් කර ගැනීමට හෝ එය නව පළාතක් යටතේ එක්සත් කිරීමට පෙළඹුණේ නැත. ඔහු ආණ්ඩු විශාල ගණනක් තමාගේම කොරින්තියානු එක්සත් මණ්ඩලය යටතට ගැනීමට පමණක් කටයුතු කළේය.

[[Category:පුරාණ ග්‍රීසිය]]
[[Category:පුරාණ ග්‍රීසිය]]

03:37, 9 ජනවාරි 2012 තෙක් සංශෝධනය

පාතිනොන් යනු පුරාණ ග්‍රීසියේ වඩාත් සිහි කටයුතු සංස්කෘතිකමය ලකුණකි.

පුරාණ ග්‍රීසිය යන යෙදුමෙන් අදහස් වන්නේ කි.පූ 750 සිට කි.පූ 146 දක්වා වූ ශ්‍රේෂ්ඨ ග්‍රීක ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයකි. (පුරාණ යුගයේ සිට රෝමයට යටත් වීම දක්වා) එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ අනාගත අභිවෘද්ධිය සඳහා පසුබිම සැපයූ සංස්කෘතියක් වශයෙනි. රෝම අධිරාජ්‍යය විසින් ග්‍රීක සංස්කෘතික ලක්ෂණ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත කළේය.

පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය භාෂාව, දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, දර්ශනය, විද්‍යාව සහ කලාව කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. එසේම එය බටහිර යුරෝපයේ පුණර්ජීවනයට මෙන්ම නැවතත් 18, 19 ශත වර්ෂවල දී ඇති වූ විවිධාකාර නව ශාස්ත්‍රීය ප්‍රබෝධයටත් බලපෑවේය.

කාල නිර්ණය

පුරාතන ග්‍රීක යුග‍ෙය් ආරම්භය හෝ අවසාන පිළිබඳ දින වකවානු සම්බන්ධයෙන් නිශ්චිත හෝ ලෝක සම්මත වශයෙන් පැහැදිලි නිගමනයක් නැත. සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ එය රෝම ආධිපත්‍යයට පෙර වූ 'සම්පූර්ණ ග්‍රීක ඉතිහාසයම' ලෙස හැඳින්වේ. එහෙත් ඉතිහාසඥයෝ එම යෙදුම නොවරදවා භාවිතා කරති. කි.පූ. 1150 දී අභාවයට පත් වූ ලෙස සැළකෙන, ග්‍රීක භාෂාව කථා කළ මයිසේනියන් (Mycenaean) ශිෂ්ටාචාරය සහ එයට කලින් තිබුණු හෙලනික් ශිෂ්ටාචාරය ද, “පුරාණ ග්‍රීක යුගය” හැඳින්වීමේදී ඉවත් කර තිබේ. ක්‍රි.පූ. 776 දී පැවැත්වූ ඔලිම්පික් උළෙලක්, පළමු ඔලිම්පික් උළෙල ලෙස වාර්තා ගත වී ඇත. ඉතිහාසඥයින් කියා සිටින්නේ එම පළමු ඔලිම්පික් උළෙල පුරාණ ග්‍රීක යුගයේ ආරම්භයයි යනුවෙනි. මයිසේනියන් යුගයේ අවසානයත් පළමු ඔලිම්පික් උළෙලත් අතර කාලය ග්‍රීක අඳුරු යුගය ලෙස සලකනු ලැබේ. ඵයට හේතුව ලිඛිත වාර්තා නොමැති වීම සහ පුරාවිද්‍යාත්මක නටබුන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් තිබීම හේතුවෙනි. මෙම යුගය දැන් බොහෝවිට 'පුරාණ ග්‍රීසිය' යන මාතෘකාවට ඇතුළත් කෙරෙයි.

පරම්පරාගත තොරතුරු අනුව පුරාතන ග්‍රීක යුගය මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමඟ අවසාන වෙයි. ඵමෙන්ම ඵය හෙලෙනිස්තික යුගයේ ආරම්භයයි. ක්‍රි.පු 146 දී සිදු වූ රෝම ආක්‍රමණයට පසු කාලය ද පුරාණ ග්‍රීක යුගය ලෙස බොහෝ විට ඇතුළත් වේ. 3 වන ශත වර්ෂයේදී ක්‍රිස්තියානින් පැමිණෙන තෙක් පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය අඛණ්ඩව පැවතුන බව සමහර ලේඛකයන් අදහස් කරති. ඵහෙත් මෙම අදහස බොහෝ දුරට පිළිගැනෙන්නේ නැත.

පුරාණ ග්‍රීක යුගය උප යුග හතරකට බෙදෙයි. ඵ් මැටි බඳුන්වල ශෛලිය හා දේශපාලනික සිද්ධින් ප්‍රායෝගිකව සළකා බැලීමෙනි. ග්‍රීක අඳුරු යුගය (ක්‍රි.පු.1150 - 800) මෙම යුගයේ මැටි බඳුන්වල ජ්‍යාමිතික මෝස්තර දක්නට ඇත. ඉන් පසු පෞරාණික යුගයයි (ක්‍රි.පූ.800 - 500) මෙම යුගයේ කලාකරුවන් වඩා විශාල පිළිරූ නිර්මාණය කළහ. ඵ්වා සුන්දර සිනාවකින් යුත් ජූජකයන්ගේ ඉරියව්වලින් යුක්ත විය. පෞරාණික යුගය ක්‍රි.පූ 570 දී ඇතැන්ස්හි කෲර පාලකයා බලයෙන් පහ කිරීමෙන් අවසාන විය.

ක්‍රි.පූ 323 දී සිදුවූ ඇලෙක්සැන්ඩර්ගේ අභාවය (ග්‍රීක දර්ශනය සහ බලය ආසන්න ප්‍රදේශවලට සහ මැද පෙරදිගට ව්‍යාප්ත වුනු) හෙලෙනිස්තික් යුගයේ ආරම්භය සනිටුහන් කිරීමට යොදා ගනු ලැබේ. මෙම යුගය රෝම ආක්‍රමණය සිදුවූ ක්‍රි.පූ 146 දී අවසාන වි

දේශපාලනය

මූලික වශයෙන් ග්‍රීක නගර ආණ්ඩු කඩා රාජධානි ලෙස පෙනී යයි. තවද, නිතරම රජුගේ චාරිත්‍රානුකූල උත්සව සිදුකෙරෙන නිල නගරයක් (බැසිලියස්) තිබුණි. උදා- ඇතන්ස්හි ආකොන් බැසිලියස්. කෙසේ වෙතත් පුරාතන යුගය සහ ප්‍රාග් ඓතිහාසික සමය වන විට බොහෝ දෙනෙක් වංශවත් රදලයන් බවට පත්ව සිටියහ. මේ වෙනස සිදු වූ ආකාරය අපැහැදිලිය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රි.පූ : 1050 වන විට රාජ පදවිය ජීවිතාන්තය දක්වා උරුම ප්‍රධාන මහේස්ත්‍රාත් පදවිය දක්වා (ආකොන්) පහතට බැසිණි; ක්‍රි.පූ 753 වන විට ඉහත පදවිය සඳහා වසර 10 කට වරක් ද ක්‍රි.පූ 683 වන විට වර්ෂයක් පාසාද පුද්ගලයන් පත්කරන ලදී. සෑම පියවරක් පාසාම වැඩි ජවයකින් රදල පැලැන්තියට සංක්‍රමණය වීම සිදු විය.

දේශපාලනය සමගම කුඩා කණ්ඩායම් හා පවුල්වලින් එකතු වූ ධන සම්භාරය, බොහෝ නගර ආණ්ඩුවල නොසන්සුන් බවක් ඇති කරළීය. බොහෝ නගරවල කෲර පාලකයන් ස්ව කැමැත්තට අනුව ආණ්ඩු පාලනය කළහ. නිතරම ඔවුන් බලයේ සිටීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට වුහ.පන්ති භේදයෙන් බැට කෑමට ලක් වූ මෙවන් යුගයක නිතරම හොඳම විසඳුම වූයේ ශක්තිවන්තයෙකුගේ පාලනයයි.

6 වැනි ශතවර්ෂයේ දෙවන භාගයේදී ඇතන්ස් නගරය කෲර පාලනය යටතේ ඇද වැටිණි. රදලයන් නැවත බලය අල්ලා ගැනීමට එරෙහිව දේශපාලනික විසඳුමක් වශයෙන් මෙම කෲර පාලනය අවසන් වූ විට ඇතන්ස් වැසියෝ ලොව මුල්ම ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ. ක්‍රි.පූ 621 දී ඩ්‍රැකෝගේ ප්‍රතිසංස්කරණවල සිටම නාගරික ප්‍රතිපත්ති සඳහා වූ (එකල්සියා) රැස්වීම් පැවැත්විණි.සොලොන් ප්‍රතිසංස්කරණවලට පසු (6 වැනි ශතවර්ෂය මුලදී ) සියලුම වැසියන්ට එයට සහභාගී වීමට අවස්ථාව ලැබුණු නමුත් දරිද්‍රතාවයේ අන්තයේ සිටියවුන්ට රැස්වීම ඇමතීමට හෝ රජයේ රැකියා කිරීමට අවසර නොලැබුණි. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමත් සමගම මෙම රැස්වීම ආණ්ඩුවේ ඩී ජර් යාන්ත්‍රණය බවට පත් වූ අතර ඉන්පසු සියලුම පුරවැසියන්ට රැස්වීමේදී සම අයිතීන් ලැබුණි. කෙසේ නමුත් ඇතන්ස්හිදී සිටි පුරවැසියන් නොවන්නවුන්ටද (විදේශිකයන් වැනි) වහල්ලුන්ටද දේශපාලන අයිතීන් හිමිවුණේ නැත.

ඇතන්ස්හි ප්‍රජාතන්ත්‍ර වාදයේ නැගීමත් සමගම අනෙක් නගර ආණ්ඩුද ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ.කෙසේ වෙතත් බොහෝ නගර ආණ්ඩු පාරම්පරික ආණ්ඩු ක්‍රම පවත්වා ගැනීමට උත්සුක වූහ. නමුත් ස්පාටා නගරය ප්‍රවේණි අධිරාජ්‍යයවරු දෙදෙනෙක් යටතේ පාලනය විය. කෙසේ වෙතත් වැඩිහිටි අයවලුන්ගේ කවුන්සලයක් (ජෙරෝසියා) සහ රජවරුන්ට රැකවල් දා සිටි මහේස්ත්‍රාත්වරුන් නිසා මෙම රජවරුන්ගේ බලයට බාධා පැමිණුණි.

දේශපාලනික ක්‍රම

පුරාණ ග්‍රීසියේ සිය ගණනකට ආසන්න නිදහස් නගර ආණ්ඩු පැවතුණි(පෝලිස්). මේවා ගෝත්‍රික වශයෙන් හා විශාල ප්‍රාන්ත වශයෙන් පාලනය කළ රාජධානි විය. ඒ නගරවල පැවති සමාජ රටාව සමකාලීන සමාජවලට වඩා වෙනස් ආරක් ගෙන තිබුණි. මීට සම කළ හැකි අවස්ථාවක් පීනීෂියා ජනපදයේ වෙරළාසන්න නගරවල දැකිය හැකිය. පුරාණ ග්‍රීසියේ කඩතොළු ස්වභාවයට හේතු වූ කඳුහෙල් හා ගංගා හේතුවෙන් ග්‍රීසියේ භූගෝලය ප්‍රධාන හා උප වශයෙන් බෙදී පැවතුන බව සැකයකින් තොරව කිව හැකිය. කෙසේ වෙතත් ග්‍රීකයන් සහජයෙන් ගෙන ආ දේවලින් යම් තත්ත්වයක් ගොඩ නැගී තිබුණි.ඔවුන්ට වූයේ එක එකම ආගමකි.එකම මූලික සංස්කෘතියකි. එකම භාෂාවකි. එහෙත් පෝලිස් හි ස්වෛරීභාවය තදින්ම ආරක්ෂා කෙරිණි. එක්සත් කිරීම යනු ග්‍රීකයන් විසින් කලාතුරකින් සලකා බැලුණු දෙයක් විය. මේනිසා පුරාතන ග්‍රීක දේශපාලනික පද්ධතියේ ප්‍රධාන විශේෂත්වයන් වන්නේ මූලික ලෙසම එහි කඩතොළු සහිත ස්වභාවයයි. මෙහි විශේෂයෙන් ගෝත්‍රික සම්භවය දක්නට නොලැබේ. දෙවනුව නාගරික ප්‍රදේශවල ඇති වූ විශේෂ කේන්ද්‍රගත වීමයි. මෙම විශේෂත්වයන් තව දුරටත් සාක්ෂාත් වන්නේ මධ්‍යධරණිය අවට වාසය කළ ජනපද තුළිනි. ඔවුන් එක්තරා ග්‍රීක පෝලිසයක් තම මව ලෙස සලකා ඇත.

අනිවාර්ය ලෙසම කුඩා නගර ආණ්ඩුවලට වඩා විශාල ප්‍රාන්ත සැම විටම ඉහළින් සිටියා වුවත් වෙනත් නගර ආණ්ඩු මගින් පාලනය කිරීම ඉතා දුර්ලභ දෙයක් විය. නගර ආණ්ඩු එක්සත් මණ්ඩලවලට බෙදීම වෙනුවට සාමාජිකත්ව වෙනස් වීමක් පැවතිණි. පසුව සම්භාව්‍යය කාල පරිච්ඡේදයේදී එනම් එක්සත් මණ්ඩල ගණනින් කුඩා වුවත් බලවත් වූ කාලයේදී එක්පුරවරයක් පමණක් ඉහළින් බලපැවැත්වෙන ලදී. (විශේෂයෙන් ඇතන්ස්, ස්පාටා හා තීබ්ස්); එමෙන්ම නිතරම නගර ආණ්ඩු යුධ තර්ජනවලට යටත් විය. නැතහොත් සාම ගිවිසුම්වල පාර්ශවයක් ලෙස පෙනී සිටියේය. මැක්ඩෝන්හි II වන පිලිප් පුරාතන ග්‍රීසියේ අග්‍ර නගරයන් පරාද කළ පසු පවා ඔහු ප්‍රාන්ත යටත් කර ගැනීමට හෝ එය නව පළාතක් යටතේ එක්සත් කිරීමට පෙළඹුණේ නැත. ඔහු ආණ්ඩු විශාල ගණනක් තමාගේම කොරින්තියානු එක්සත් මණ්ඩලය යටතට ගැනීමට පමණක් කටයුතු කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාතන_ග්‍රීසිය&oldid=196520" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි