"දේශපාලන පක්ෂ ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය: 2 පේළිය:
== දේශපාලන පක්ෂයක් යනු ==
== දේශපාලන පක්ෂයක් යනු ==


මැතිවරණ ව්‍යාපාරයන්හි යෙදෙමින් රජයක් තුළ දේශපාලන බලතල ලබාගැනීමට උත්සාහ කරන දේශපාලන සංවිධානයකි.මොවුන් සාමාන්‍යයෙන් මත වාදයක් සහ දෘෂ්ටියක් දරන අතර සමහර විට විවිධ මත දරන කණ්ඩායම් ගණනාවක එකතුවක්ද විය හැක. සිය දේශපාලන අදහස් හසුරවමින් සහ ප්‍රචාරය කරමින් ඡන්දය ලබාගැනීම මේවා සිදුකරයි.
මැතිවරණ ව්‍යාපාරයන්හි යෙදෙමින් රජයක් තුළ දේශපාලන බලතල ලබාගැනීමට උත්සාහ කරන දේශපාලන සංවිධානයකි.මොවුන් සාමාන්‍යයෙන් මත වාදයක් සහ දෘෂ්ටියක් දරන අතර සමහර විට විවිධ මත දරන කණ්ඩායම් ගණනාවක එකතුවක්ද විය හැක. සිය දේශපාලන අදහස් හසුරවමින් සහ ප්‍රචාරය කරමින් ඡන්දය ලබාගැනීම මේවා සිදුකරයි.


== දේශපාලන පක්ෂය යන්නට නිර්වචන ==
== දේශපාලන පක්ෂය යන්නට නිර්වචන ==

00:42, 4 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

දේශපාලන පක්ෂයක් යනු

මැතිවරණ ව්‍යාපාරයන්හි යෙදෙමින් රජයක් තුළ දේශපාලන බලතල ලබාගැනීමට උත්සාහ කරන දේශපාලන සංවිධානයකි.මොවුන් සාමාන්‍යයෙන් මත වාදයක් සහ දෘෂ්ටියක් දරන අතර සමහර විට විවිධ මත දරන කණ්ඩායම් ගණනාවක එකතුවක්ද විය හැක. සිය දේශපාලන අදහස් හසුරවමින් සහ ප්‍රචාරය කරමින් ඡන්දය ලබාගැනීම මේවා සිදුකරයි.

දේශපාලන පක්ෂය යන්නට නිර්වචන

දේශපාලන විද්‍යාව තුළ පක්ෂ සඳහා නිර්වචන ගණනාවක් පවතී.මුල් නිර්වචන අවධානය යොමුකලේ පක්ෂවල ආයතනික ස්වභාවය,කාර්යයන් සහ පාර්ශවගතිය පිළිබදවයි.1770 වේ මුද්‍රණය වු‘තෝටිස් ඔන් ද කෝස් ඔෆ් ප්‍රසන්ට් ඩිස්කන්ටෙන්ට් ’නම් කෘතියේ එඩ්මන් බර්ක් විසින් පහත නිර්වචනය සඳහන් දේශපාලන පක්ෂ යන්නට ඉදිරිපත් කරනු ලැබ ඇත.දේශපාලන පක්ෂයක් යනු එකඟවූ ප්‍රතිපත්ති මත එකමුතුව ජාතික අභිලාශය වෙනුවෙන් කටයුතුකරන පුද්ගල සමූහයකි.1816 දී බෙන්ජමින් කොන්ස්ටන්ට් මතවාදාත්මක නිර්වචනයක් ඉදිරිපත් කල නමුත් එය මෙතෙක් කල් අදාළව පැවතියේ අවස්ථාවාදී හෝ ප්‍රයෝජ්‍ය පක්ෂ සඳහා නොව මතවාදාත්මක පවුල් වලට අයත් පක්ෂ සඳහා පමණි. ඔහුට අනුව දේශපාලන පක්ෂයක් යනු එකම දේශපාලන මතය දරන මිනිසුන්ගේ එක්වීමකි. මාක්ස්වාදීන් සිය මතවාදයේ ප්‍රධාන අදහස වන ගැටුම ආශ්‍රිතව දේශපාලන පක්ෂයක් නිර්වචන කරනුයේ "සමාජ පන්තියක සවිඥානික මූලාංගවල එකතුවක් ලෙසිනි.

මැක්ස් වේබර් විසින් බර්ක්ගේ අදහස පිළිගනිමින් එය වඩාත් සංවර්ධනය කළේ භෞතික ආශාවන් උදෙසා ක්‍රියාකරන පිරිසද නිර්වචනයට ඇතුලුකරමිනි.ඔහුට අනුව පක්ෂයක් යනු නොමිලේ බඳවාගැනීම මත පදනම් වූ නෑකමකි. එහි අරමුණ වනුයේ සිය පරමාදර්ශය උදාකර ගැනීම මෙන්ම භෞතික ආශාවන් සපුරා ගැනීම සඳහා නායකයන්ට බලය ලබා ගැනීමය.දෙවන ලෝක යුද්ධයෙන් පසු දේශපාලන විද්‍යාඥයෝ වැඩි අවදානය යොමු කලේ පක්ෂවල තාක්ෂණික ස්වරූප සහ මැතිවරණ කාර්යයන් පිළිබදවය.ඇන්තනී ඩවුන්ස්ට අනුව දේශපාලන පක්ෂයක් යනු මැතිවරණයක දී ජන ජය ලබාගන්නා රාජ්‍ය පාලනය කිරීමේ චේතනාව සහිත පුද්ගල කණ්ඩායමකි. සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාඥයෝ විසින් දේශපාලන පක්ෂ හඳුනාගනු ලැබුවේ මැතිවරණ අපේක්ෂත්වය ප්‍රචාරනය කරන ක්‍රමවේදයන් ලෙසය.ක්‍රොටීට අනුව දේශපාලන පක්ෂයක් යනු ප්‍රතිපත්ති හා පද්ධතීන් පිළිබදව ජනතාව දැනුවත් කරන,මහජනපාලනය සදහා පුද්ගලයන් බඳවාගන්නා සහ පොදුජනතාව වෙනුවෙන් රාජ්‍ය තීන්දු ගන්නා පුද්ගලයන් අතර සම්බන්ධතාවක් ගොඩ නන්වන විධිමත් සංවිධානයකි.


එසේම කෝල්මන්ට අනුව දේශපාලන පක්ෂයක් යනු තවත් ඒ හා සමාන සංවිධාන සමග කාලානුරූප මැතිවරණවලදී තරග වදිමින් විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයට සහභාගි වී රාජ්‍යයේ පාලකයන් සහ ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමේ අරමුණක් ඇතිව සංවිධානය වු යාන්ත්‍රණයකි .

එහෙත් සහභාගීත්වය දේශපාලන පක්ෂයක අත්‍යවශ්‍ය අංගයක් ලෙස සමහර දේශපාලන විද්‍යාඥයෝ නොදකිති.නිමවුන් නැමැත්තා වඩා පුලුල් අර්ථයක් ගෙන දෙමින් පවසා සිටින්නේ දේශපාලන පක්ෂයක් යනු රාජ්‍ය බලය පාලන කිරීම සහ ජනතා සහයෝග සඳහා වෙනත් මත දරන කණ්ඩායම් සමග තරග කරන සමාජයේ ක්‍රියාකාරී දේශපාලාන කාරකයන්ගේ එකමුතුවක් බවය.

බොහෝ රටවල සර්වජන ඡන්ද බලය යටතේ මැතිවරන පැවැත්වීමට ප්‍රථම දේශපාලන පක්ෂ බිහිවී ඇත.

සූර්යාදිනාත පවසන ආකාරයට දේශපාලන පක්ෂ පිළිබඳ බටහිර සමාජවල බිහිවී ඇති නිර්වචනවලට බටහිර නොවන සමාජවල ඇත්තේ සීමිත භාවිතාවකි. ඔහු පවසන්නේ සංවිධානයේ කාර්යයන් ඉතා වැදගත් වන බැවින්,එම සංවිධානයට තමන්ව දේශපාලන පක්ෂයක් ලෙස හඳුනාගැනීමට වඩා වැදගත් වන්නේ දේශපාලන කාර්යයන් මුල් කර ගනිමින් ගොඩනැගීම බවය.




සටහන්

"https://si.wikipedia.org/w/index.php?title=දේශපාලන_පක්ෂ_ක්‍රම&oldid=188728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි