"යාග" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:යාග එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
61 පේළිය: 61 පේළිය:


[[en:Yajna]]
[[en:Yajna]]

[[Category:යාග]]

03:36, 2 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

යාගය - ගිනිදෙවියන් පිදීම - විවිධ පූජනීය අග්නි (ගිනි)

විවාහ මංගල්‍ය අවස්ථාවේදී මනාලයා විසින් දල්වනු ලබන පූජනීය අග්නිය (ගින්න) "අග්න්‍යධන" යනුවෙන් හැඳින්වේ. අනතුරුව සිදු කෙරෙන යාග කර්මයේදී එය ඉන් කොටස් දෙකකට බෙදනු ලැබේ. එක් කොටසක් ගෘයාග්නි යනුවෙන් ද අනෙක් කොටස ශ‍්‍රෟතාග්නි යනුවෙන් ද හඳුන්වයි. ගෘයාග්නිය සම්බන්ධයෙන් වන පුදපූජා විධි පිළිබඳව ගෘහ්‍යසූත‍්‍ර නමැති ග‍්‍රන්ථයෙහි විස්තර කර ඇත.

ශ්‍රෞතාග්නිය හා සම්බන්ධ පූජාවිධි විස්තර කර ඇත්තේ ශ්‍රෞතසූත‍්‍රයෙහි විස්තරය. එම පුදපූජා මෙහෙයවන්නෝ ශ්‍රෞතීන් යනුවෙන් හැඳින්වෙති.

අත්‍යවශ්‍ය යාග 21 කින් 14 ක් ශ්‍රෞතාග්නියෙන් සිදු කෙරේ. එම යාග ගර්හපත්‍ය , ආහවනිය සහ දක්ෂිනාග්නි යනුවෙන් හැඳින්වෙයි. ගර්හපත්‍ය අග්නිය චක‍්‍රාකාර හැඩයක් ගන්නා අතර එය පූජා භූමියෙහි බටහිර පෙදෙසේ පිහිටුවනු ලැබේ. ගර්හපත්‍යයෙන් ලබාගන්නා අග්නියෙන් ඉතිරි අග්නිද්වය දල්වනු ලැබේ. දක්ෂිණාග්නිය අර්ධ කවාකාර වන අතර එය පූජා භූමියේ දකුණු පස පිහිටුවනු ලැබේ. එය භාවිතා කෙරෙන්නේ මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිදු කෙරෙන පූජා විධි සදහාය. ආහවනිය අග්නිය චතුරස‍්‍රාකාර වන අතර එය පූජා භූමියේ නැගෙනහිර පස පිහිටුවනු ලැබේ. හවීර් යාගය සහ සෝමයාග යනුවෙන් හැඳින්වෙන පූජාවන් විශේෂයෙන් ඉදිකෙරෙන යාඥා ආසන මත සිදු කෙරේ.

පඤ්ච මහා යාග

හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍්‍රය ආරණ්‍යක2.10) සඳහන් පරිදි පඤ්ච මහායාග හෙවත් මහායාග පහ මෙසේය

  • දේව යාගය - දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
  • පීතෘ යාගය - මියගිය අය වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
  • භූත යාගය - මියගිය සියලූ දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර පූජාවන්ගෙන් සමන්විතය.
  • මනුෂ්‍ය යාගය - අමුත්තන්ට ආහාර පාන වලින් කෙරෙන සංග‍්‍රහවලින් සමන්විතය.
  • බ‍්‍රහ්ම යාගය - චතුර්වේද මන්ත‍්‍ර ගායනා කිරීමෙන් සමන්විතය.


ජ්‍යොතිෂ්තෝම - යාග කර්මය දෙව්ලොව දක්වා ඉහල මට්ටමකින් සිදුකිරීම මෙයින් අදහස් කෙරේ.

පීතෘලෝක යාගය - මුතුන්මිත්තන්ගේ ලෝකය සහ යම වෙනුවෙන් සිදුකෙරෙන යාගය.

පඤ්චාග්නි යාගය - මෙය ඡාන්දොග්‍ය උපනිෂදයෙහි සඳහන්වන යාගයකි. බ‍්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස මෙය හේතු වේ.

ද්‍රව්‍යමය යාගය - ධර්මශාලා, අන්නක්ෂේත‍්‍ර, අතිථිශාලා, අනාථාල්‍ය, විස්ය පිථා යන ශාලා ඒවා අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් විවෘත කිරීමදී සිදු කෙරේ.


තපෝමය යාගය - චන්ද්‍රයාන සහ චතුර්මාස්‍ය

උග‍්‍ර තපෝවෘත අනුව ජීවත්වීම සදහා කැපවීම මෙහිදී සිදුවෙයි. නිදසුන් වශයෙන් මාස සතරක් තිස්සේ කොණ්ඩය සහ රැවුල බෑමෙන් වැළකී සිටීම, ඇතැම් ආහාරපාන ගැනීමෙන් වැළකීම හෝ දිනකට දෙවරක් ආහාර නොගැනීම මෙන්ම නිවසින් බැහර නොයාම.


ස්වාධ්‍යාය යාගය - වේද අධ්‍යයනයෙහි නියැලීම පිණිස කැපවීම.

ප‍්‍රසස්තකර්මනී යාගය - තමාගේ යුතුකම් ඉටුකිරීම. සිය වර්ණය කුමක්වුව ද එයට නියමිත යුතුකම් ඉටුකිරීම මෙයින් අදහස් කෙරේ.

හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවිඳුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම

විවාහ යාගය - හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.



හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවි`දුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම


විවාහ යාගය -


හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=යාග&oldid=180392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි