"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ආපසු හරවා යැවීමක් ඔස්සේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය වෙත ර. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ගෙන යන ලදි
No edit summary
15 පේළිය: 15 පේළිය:




[[en:R._Premadasa_Stadium]]
== References ==
http://en.wikipedia.org/wiki/R._Premadasa_Stadium

07:01, 23 ඔක්තෝබර් 2011 තෙක් සංශෝධනය

ර. ප්‍රේමදාස ක්‍රීඩාංගනය

ර.ප්‍රේමදාස ක්‍රීඩාංගනය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ. ඛෙත්තාරාමයේ ය. 1994 ට පෙර මෙය හඳුන්වන ලද්දේ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගනය යනුවෙනි. අද එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිවහනයි.

මෙම ක්‍රීඩාංගනය තැනීමේ මුල් අදහස අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ය. 40000 කට අසුන් ගත හැකි කොන්ක්‍රීට් නිර්මාණයක් වූ මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩාංගනයයි. මෙය මුලින්ම විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකා බී’ කණ්ඩායම සහ එංගලන්ත බී’ කණ්ඩායම අතර 1982 පෙබරවාරි 2 වෙනි දින පැවැත්වූ ක්‍රිකට් තරඟයෙනි. මෙම ක්‍රීඩාංගනයට යාබදව පිහිටි ඛෙත්තාරාම විහාරයට යාම පිණිස ඔරු භාවිතා කළ වගුරු බිමක මෙම ක්‍රීඩාංගනය තැනුනේය. ‍ මෙහි පැවති පළමු අන්තර් ජාතික එක් දින ක්‍රිකට් තරඟය නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර 1986 අප්‍රේල් 5 වෙනි දින ඇරඹුනේය. 1992 අගෝස්තු 28 වෙනි දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට මෙම ක්‍රීඩාංගනය දායක විය. මෙම ක්‍රීඩාංගනයේ සිදු වූ විශේෂ සිදුවීමක් නම් 1997/98 වර්ෂයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුනු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව ලබා ගත් ඉහළම ලකුණු වාර්තාවයි. එය ලකුණු 952/6 ක් වූ අතර ඒ දක්වා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය. එම තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය සනත් ජයසූරිය දැරූ අතර සනත් ජයසූරිය ලකුණු 340 ක්ද, රොෂාන් මහානාම 225 ක්ද රැස් කරමින්දෙවැනි විකට්ටුව සඳහා ලකුණු 576 ක වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වූහ. එය ඒ දක්වා ඕනෑම ටෙස්ට් තරඟයකදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය. වාර්තා බිඳ හෙලූ එම තරඟයෙන් පසු එහි පවත්වන ලද්දේ එක් ටෙස්ට් තරඟයක් පමණී. ඒ නවසීලන්තයට එරෙහිවයි. එකම ආකාරයෙන් සම, පැතලි, තනතිල්ල මද වේගී එකකි. පන්දුව ඉහළ යන්නේ මද වශයෙනි.

දැනට ක්‍රීඩාංගනයට යාබදව තණ තීරු 16 කින් යුත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. සෝනි මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සඳහා නේවාසිකාගාරයක්ද සහිත එය 2003 දී ආරම්භ විය.