"ප්‍රිස්මය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: tt:Призма (оптика)
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: tr:Prizma
49 පේළිය: 49 පේළිය:
[[sv:Prisma (optik)]]
[[sv:Prisma (optik)]]
[[ta:பட்டகம்]]
[[ta:பட்டகம்]]
[[tr:Prizma]]
[[tt:Призма (оптика)]]
[[tt:Призма (оптика)]]
[[uk:Призма (оптика)]]
[[uk:Призма (оптика)]]

08:38, 13 අප්‍රේල් 2011 තෙක් සංශෝධනය

ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් ආලෝකය අපකිරණය කරයි


ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට යාමේ දී එහි වේගය වෙනස් වේ. (උදාහරණ -වාතයේ සිට වීදුරු ප්‍රිස්මයක් තුළට යාමේ දී) එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ආලෝකය ඇතුළු වීමේ දී වර්තනයට ලක් වී නව මාධ්‍යයට පතන කෝණයට වෙනස් කෝණයකින් ඇතුළු වීමට මෙම වේග වෙනස බලපායි. (හයිගන් සංකල්පය) ආලෝකයේ පථයේ අපගමන කෝණයත් ආලෝක කදම්භය පෘෂ්ඨය සමඟ සාදන පතන කෝණයත් අතර අනුපාතය සහ මාධ්‍ය දෙකෙහි වර්තන අංක අතර අනුපාතය (ස්නෙල්ගේ නීතිය) මත රඳා පවතී. බොහෝ ද්‍රව්‍යවල (වීදුරු වැනි) වර්තන අංකය ආලෝකයේ තරංග ආයාමය හෝ භාවිතාකරනආලෝකයේ වර්ණය අනුව වෙනස් වේ. මෙම සංසිද්ධිය අපකිරණය ලෙස හැඳින්වේ. මෙය ආලෝකයේ වර්ණ වි‍භේදනය වීමට හා වෙනස් කෝණවලින් ප්‍රිස්මයෙන් පිට වී දේදුන්නක ආකාරයේ වර්ණාවලියක් ඇති කිරීමට හේතු වේ.මෙම ආචරණය සුදු ආලෝකයේ වර්ණ වර්ණාවලියේ වර්ණවලට වෙන් කිරීමට භාවිතා කරයි . සාමාන්‍යයෙන් ප්‍රිස්ම, විවර්තන ග්‍රේටිමවලට සාපේක්ෂව ඉහළ සංඛ්‍යාත පරාසයක් ආලෝකය අපකිරණය කරන නිසා ඒවා පුළුල් වර්ණාවලි වර්ණාවලීක්ෂය නිර්මාණයේදී යොදා ගනී. සියලු ග්‍රේටිමවලට පොදු වර්ණාවලි පෙළ අතිච්ඡාදනය වීමෙන් ඇතිවන සංකූලතා, ප්‍රිස්ම යොදාගත් විට ඇති නොවේ.

අපකිරණය වෙනුවට සමහර අවස්ථාවන්හි දී අභ්‍යන්තර පරාවර්තනය කිරීම සඳහා ද ප්‍රිස්ම භාවිතා වේ. ආලෝකය(ගහණතර මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී) අධික ආනතියකින් ප්‍රිස්මයේ එක් මුහුණතක් හා ගැටීමේදී එම ගැටුණු ආලෝකය ප්‍රිස්මයෙන් ඉවතට වර්තනය නොවේ. නැවත ප්‍රිස්මය තුළටම ඇතුළු වීමෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවන අතර එවිට සියලු ආ‍ලෝකය පරාවර්තනය වේ. මේ නිසා සමහර අවස්ථාවන්හි දී ප්‍රිස්ම දර්පණ සඳහා ආදේශක ලෙස ද වැදගත් වේ.


References

http://en.wikipedia.org/wiki/Prism_%28optics%29#How_prisms_work

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රිස්මය&oldid=150543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි