"පරිශීලක සාකච්ඡාව:බිඟුවා" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
272 පේළිය: 272 පේළිය:
:::දැක්විය හැක. අනෙකුන් වාරණය කිරීමෙන් පසුව හෝ කිසිදු තැකීමක් නොමැතිව සිදු කල අවසන සඳහන් '''පරිශීලක සංස්කරණ ගණනය දක්වන රොබෝ ජනිත පිටුවක් වන්ධල්‍යය''' සැලකීමෙන් මෙම පරිශීලකයා විකි සම්ප්‍රදායයට කෙතරම් ගරු කරන්නේද යන්න වටහා ගත හැක. අනෙක් අතට බලන කල මෙම පරිශීලකයා සිදු කර ඇති අනෙකුත් සංස්කරණ අනුව මොහු විසින් මෙම වන්ධල්‍යයන් නොදැන කලේ යැයි කිසිදු අයුරකින් සිතිය නොහැකිය. <br>
:::දැක්විය හැක. අනෙකුන් වාරණය කිරීමෙන් පසුව හෝ කිසිදු තැකීමක් නොමැතිව සිදු කල අවසන සඳහන් '''පරිශීලක සංස්කරණ ගණනය දක්වන රොබෝ ජනිත පිටුවක් වන්ධල්‍යය''' සැලකීමෙන් මෙම පරිශීලකයා විකි සම්ප්‍රදායයට කෙතරම් ගරු කරන්නේද යන්න වටහා ගත හැක. අනෙක් අතට බලන කල මෙම පරිශීලකයා සිදු කර ඇති අනෙකුත් සංස්කරණ අනුව මොහු විසින් මෙම වන්ධල්‍යයන් නොදැන කලේ යැයි කිසිදු අයුරකින් සිතිය නොහැකිය. <br>
:::පරිපාලක විසින් අදාල පරිශීලක වෙතින් බලාපොරොත්තු වූ''' මම මෙම දේ සිදු කලේ නොදැනුවත්වය''' යන්න වෙනුවට '''මම කිසි දින මෙය සිදු නොකලෙමි. ඔබට මා වාරණය කිරීමට දැඩි උනන්දුවක් ඇත. මා වාරණය කලොත් නැවත දායක නොවෙමි''' වැනි උඩඟු ප්‍රතිචාර අප දුටුවෙමු. මෙම ගිණුමද වාරණයට ලක් විය යුතුය යනු මාගේ අදහසයි. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 14:38, 28 මාර්තු 2011 (යූටීසී)
:::පරිපාලක විසින් අදාල පරිශීලක වෙතින් බලාපොරොත්තු වූ''' මම මෙම දේ සිදු කලේ නොදැනුවත්වය''' යන්න වෙනුවට '''මම කිසි දින මෙය සිදු නොකලෙමි. ඔබට මා වාරණය කිරීමට දැඩි උනන්දුවක් ඇත. මා වාරණය කලොත් නැවත දායක නොවෙමි''' වැනි උඩඟු ප්‍රතිචාර අප දුටුවෙමු. මෙම ගිණුමද වාරණයට ලක් විය යුතුය යනු මාගේ අදහසයි. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 14:38, 28 මාර්තු 2011 (යූටීසී)
::::පරිශීලකයෙකු වාරණයට ලක් කිරීමට වඩා ඔහු මෙහි යහ මගට ගැනීම වඩා සුදුසු දේ බව මගේ වැටහීමයි. එමගින් විකියට යහපතක් සිදු කර ගත හැකිය. නමුත් කාවින්ද මෙතෙක් කල කී දෑ සලකා බැලූ කල ඔහුව වාරණය නොකර සිටීමට මට හේතුවක් නොපෙනේ.--[[User:දුගියා|දුගියා]] ([[User talk:දුගියා|talk]]) 16:17, 28 මාර්තු 2011 (යූටීසී)

16:17, 28 මාර්තු 2011 තෙක් සංශෝධනය

අපි නොදන්න චෙස්
හැඳින්වීම   සාකච්ඡා   මෙවලම්   වෙනත්

සංරක්‍ෂිත ලේඛණ

ඇන්ඩ්‍රේ මාරි ඇම්පියර්

ඔබ සිංහලෙන් විද්‍යාව උගෙන ගෙන ඇතැයි සිතමි. Ampere යන්න සිංහලෙන් ඇම්පියර් යැයි අප උගෙන ඇත්තෙමු. ලංකාවේ සියළු දරු දැරියන්ද භාවිතා කරන්නේ එලෙස නම් එය එසේම සිංහල විකිපීඩියාවේ භාවිතා කල යුතු නොවේද? ඔබගේ වටිනා අදහස් පතමි. --- ශ්වෙත (talk) 13:03, 25 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

මමත් Ampere යන්නට සිංහලෙන් ඉගෙනගත්තෙ ඇම්පියර් කියලා. එම ක්‍රමය වැරදි නමුත් බසක වරද කලක් බහුලව කල විට නිවැරදි බවට පත්වන තර්කය මත ඇම්පියර් කියලාම ලියන්න පුළුවන්. හැබැයි අපි ඇම්පියර් කියලා ලිවුවෙ ඒකකයට මිස මේ පුද්ගල නාමය ලියද්දි නෙමෙයි. පුද්ගල නාම ලියද්දි පුළුවන් තරම් අදාල පුද්ගලයා හෝ අදාල මුල් බසෙන් යෙදෙන හඬ ගැනීම තමයි නිවැරදි ක්‍රමය. සිංහල විකියෙ මේගැන කලකට පෙර කථා බහ කලා. Singhalawap (talk) 13:19, 25 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
Ampere යන්නෙහි පුද්ගල නාමයයි ඒකක නාමයයි දෙකම එක විය යුතුයි. Ampere ලෙස මිස කිසි දිනෙක ampere යැයි ව්‍යවහාර කරන්නේ නැහැ විද්‍යාවේ ඒකකයට .....ඒකක නාමය පුද්ගල යෙකුගේ නාමයක් නිසා. හැමවිටම පුද්ගල නාමයක් ඒක නාමයක් වූ විට දිගු ඒකක නාමය මහකුරෙන් පටන් ගත යුතුයි. ඒකක නාමයේ කෙටි නම A යන්නද මහකුරු විය යුතුයි. පුද්ගල නම එක විදිහකටත් ඒකක නම එක විදිහකටත් ශබ්ද කරන්න බැහැ කියන එකයි මගේ අදහස. -- ශ්වෙත (talk) 14:26, 25 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
මේක මහ ප්‍රශ්නයක් මම හිතන්නේ. මේ විශ්වකෝෂයේ සියළු වැඩ නවත්වා මේ ගැන තීරණයකට එළඹුනොත් සෞඛ්‍යයට හිතකර යයි මම හිතනවා. ඉංග්‍රීසි කාරයෝ ලංකාවට ආවාට පස්සේ ඒ අයගේ වචන අපි පාවිච්චි කරන කොට ඒ කාලේ ලිපි ලේඛන හා පුවත් පත් ආදියේ භාවිතා කරපු ආකාරයට තමයි මහජනයා භාවිතා කරන්න පටන් ගත්තේ. ඔය දේ ‍පටන් ගන්න ඇත්තේ මීට අවුරුදු දෙසීයකට විතර ඉස්සෙල්ලා. එවැනි කලක් තිස්සේ වූ දෙයක් අපට කෙටි කලකින් වෙනස් කල හැකිද? අපි අළුත් සම්ප්‍රදායක් පටන් අරන් ඒක මේ විශ්වකෝෂයේ පාවිච්චි කරන්න හදන්නේ. අපේ තර්කය වැරදි දෙයක් බොහෝ කලක් භාවිතා ‍වී තිබෙනවා ඒ නිසා හරි දේ මේකයි කියන එකනේ. දැන් අපි මේ වැරැද්ද හදන්න භාවිතා කරන්න යන්නේ මේ විකිපීඩියාව. මේ විකිපීඩියාව ලංකාවේ කී දෙනෙක් බලනවාද? අපේ මේ සමාජ භාෂා ශෝධනය සාර්ථක වෙයිද? අපේ අරමුණු මේ විකිපීඩියාව පසේ බුදු කෙනෙක් කරන එකද? මේවා ගැනක් ටිකක් හිතුවොත් හොඳයි නේද? මේ වගේ වචන ගොඩක් තියෙනවා. TYRE, WIRE, JAILER, MOTOR, BUTTER වැනි ඉංග්‍රීසි වචන දැනට බහුල භාවිතය ටයර්, වයර්, ජේලර්, මෝටර්, බටර් ලෙසින් නේ. මේවා ටය, වය, ජේල, මෝට, බට ලෙසින් භාවිතා කල යුතුද? පරිශීලක මහතා භාවිතා කරන අමුතු අකුරට UNICODE කේතයක් ති‍බේද? අපි විකිපීඩියාව මගින් මෙම බුද්ධි ශෝධනය කලොත් පත්තර කාරයන්ට පොත් මුද්‍රණාල වලට මෙම අළුත් අක්ෂරය මුද්‍රණ‍ය කල හැකිද? මේක ගැන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය කුමක්ද? විකිපීඩියායට බ්ලොගයක් වගේ අදහස් ප්‍රකාශ කල හැකිද? අපි ඊට වඩා ටිකක් ප්‍රවේශම් විය යුතුද? හිතමු මේ ගැන. --- ශ්වෙත (talk) 15:06, 25 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
මේක මහ ප්‍රශ්නයක් තමයි. හැබැයි විසඳන්න අමාරුයි. මේ ගැන තීරණයකට එනතුරු මේ විශ්වකෝෂයේ සියළු වැඩ නවත්වන එක තේරුමක් නෑ. සිංහල බස නිල පාලනයක් ඇති බසක් නෙමෙයි. මම අළුත් දෙයක් කරලා නෑ. ජ'නලය", ප'මැංගනේට් වැනි යෙදුම් පාසල් පොත්වල කලක සිට යෙදෙනවා. මෙකට තියන UNICODE කේතය තමයි යොදාගත්තෙ. මගෙ මතකයේ විදියට මේක දශක ගණනකට පෙර සිට හරිස්චන්ද්‍ර විජයතුංග වැනි සිංහල වියතුන් යොදාගන්නවා. තව දෙයක්, විකිපීඩියාවෙ අවසන් තීරන කියල දෙයක් නෑ. ප්‍රධාන කුළුණු 5 හැර ඕනෑම දෙයක් වෙනස් වෙනස්වෙන්න පුළුවං. අනික මං කරන වෙනස්කම් අවසාන වෙනස්කම් නෙමෙයිනෙ. ඕනෑම කෙනෙකුට තමං හරි කියලා හිතන විදියට වෙනස් කරන්න පුළුවං. Singhalawap (talk) 09:18, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
ඔබගේ නිහඞතාව‍ය මධ්‍යයේ මම හරි යැයි සිතන දෙය කලෙමි. එලෙස කලේ විකිපීඩියාවෙ අවසන් තීරන කියල දෙයක් නෑ. ප්‍රධාන කුළුණු 5 හැර ඕනෑම දෙයක් වෙනස් වෙනස්වෙන්න පුළුවං. නිසාය. ----ශ්වෙත (talk) 10:10, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
අමුතු අකුරට UNICODE කේතයක් තිබේ යැයි පැවසුනද නිල කේත අඩවියෙහි එය නුදුටුවෙමි. මෙම කේත මොනවාදැයි කුමන නිල අඩවියක තිබේදැයි පහදා දෙන්නේ නම් එය සියළු විකිපීඩියානුවන්ට වැදගත් වනු ඇත. ---ශ්වෙත (talk) 10:38, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
මෙය අමුතු අකුරක් නොවේ. Roman Range ' UNICODE කේතය යොදාගැනීමක් පමණි. වැඩිදුර විස්තර සහ මෙම යෙදුම දියුණු කිරීම පිලිබඳව විජේසිහ මහානාම මහතාගේ යෝජනා සහ වෙනත් විකල්ප, ජේ.බී. දිසානායක (2006). සිංහල අක්ෂර විචාරය. සුමිත ප්‍රකාශකයෝ. ISBN 955-1146-44-1. පොතේ සඳහන් වේ. විශේෂයෙන් 245 සිට 248 දක්වා පිටු බලන්න. Singhalawap (talk) 10:59, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
සිංහල අකුරු සඳහා විශේෂිත යුනිකේත ඒ පිළිබඳ නිල ජාත්‍යන්තර අඩවියෙහි ඇත. මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියක්ද ඇත. එයින් බැහැරව ඉංග්‍රීසි අක්ෂර මිශ්‍ර කොට ගත් සිංහල අක්ෂර භාවිතය සුදුසු යැයි නොසිතමි. සිංහල යුනිකේත පිළියෙල කිරීමේදී වැඩමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී දේ තබා දිගු කලක් ගත කොට ICTA විසින් එය කරන ලදි. එවිට මෙම අමුතු අකුරෙහි අවශ්‍යතාවය එම ප්‍රාඥයන්තේ අවධානයට ලක්වී නොමැත. දිසානායක වියතානන්ගේ ගතෙහි පිටු අංක 245 පටන් ගන්නේ මෙසේය. <උපුටාදැක්ම>සංවෘත අ-යන්න නිරූපණය කිරීම පිණිස අලුත් අකුරක් ද ඊට අනුරූප පියල්ලක්ද සිංහල අක්ෂර මාලාවට එක් කොට ගැනීමේ අවශ්‍යතාව කලක සිට සිංහල ලේඛකයන්ට දැනිණි. එහෙත් මේ සඳහා පොදු තීරණයක් ගැනීමට බලධර මණ්ඩලයක් නැති බැවින් එක් එක් ලේඛකයා තම තම නැණ පමණික් මීට විසඳුම් සපයන්නට වෑයම් කොට ඇති බව පෙනේ. මේ විසඳුම් සමහරක් මෙහි ලා විමසිල්ලට හසු කෙරේ.<උපුටාදැක්ම නිමි> මෙහි වැදගත් කරුණු කිහිපයක් වෙති. අලුත් ප්‍රාණාක්ෂර හා විකල්ප යෝජනා ගැන දිසානනෙයන් පවසන්නේ තමතම ණැන අනුව විවිධ වියතුන් යෝජනා කරන විසඳුම් ඔහු විමසිල්ලට හසු කරන බවත් ඒවා බලාත්මක නැති බවත්ය. කෙටියෙන් දිසානායකයන් ඒවා කිසිවක් අනුමත නොකරති. එනයින් ඔහු උපුටා දැක්වීම මගින් මෙය ස්ඵුට කිරීමට තැත් දැරීම ඵල රහිත බවකි මම සිතන්නේ. මා හට කියවන්නට යැයි පැවසුනු පිටු තුලින් දිසානායකයන් විමසිල්ලට හසු කරන පළමුවැන්න කුමාරතුංග මුණිදාසයන් සංවෘත-අ ගැන දැක්වූ අදහසයි. පහ යන්නෙහි ප සහ හ ශබ්ද කරන විට අ යන්න විවෘත ව ප්‍රකාශ වන මුත් අට යන්නෙහි ට යන්න කියන විට අ යන්න සංවෘත වෙයි. මෙය ලිවීමට සිංහල අකුරක් නැති වීම කුමාරතුංගයන්ගේ මැසිවිල්ලයි. මෙය පාරිභාෂික නම් ගැන නම් නොවේ. ඉක්බිතිව දිසානායකයන්ගේ විමසිල්ලට ලක් වන්නේ විජයතුංගයන්ගේ අමුතු අකුරයි. එය පාරිභාෂික වදන්වල එන සංවෘත-අ යන්නේ දීර්ඝ භේදය සඳහා යෝජනා කල බව පැවසේ. පාරිභාෂික පද වල සංවෘත-අ කෙටි භේදයන්ද ඇති බැවින් හා ඒ සඳහා අමුතු අකුරක් යෝජනා කර නැති බැවින් හරිස්චන්ද්‍රයන් සාර්ථක නොවන බව දිසානායක වියතාණන්ගේ හැඟුමයි. ඊලඟට මහානාමහේවා මහතාණන් ගැන කියන දිසානායකයන් ඔහු විසින් කෙටි-සංවෘත-අ සහ දිග-සංවෘත-අ සඳහා අකුරු දෙකක් යෝජනා කර ඇති බව කියයි. මේවා හුදෙක් යෝජනා පමණි. සිංහල වියතාණන් කෙනෙකු වන දිසානායකයන් මේවා අගය නොකරති. මෙම කෙටි හා දිගු සංවෘත-අ සඳහා දිසානායකයන් යෝජනා කරන අමුතු අකුරු ඔහුගේ ගතෙහි 205-206 පිටු වල ඇත. එහෙත් ඔහුගේ ගතෙහි 198-201 දැක්වෙන ජාත්‍යන්තර පරිගණක සිංහල හෝඩියට ඇතුලුවීමට ඔහුගේ අමුතු අකුරුද වරම් ලබා නොමැත. -- ශ්වෙත (talk) 13:43, 26 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

මෙතන කතාවට මටත් පොඩි දේවල් ටිකක් එකතු කරන්න හිතුන. සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ තියනවා තීරක මණ්ඩලයක්. එතන ඉන්නේ මහාචාර්යවරුන් ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. ඉහත සාකච්ජාවේ ඇති පරිදි ජේ බී දිසානායක මහතා යෝජනාවක් වශයෙන් ඔය ඉරි කැබැල්ල ගහල වචන ලියල තියනවා. අනික, එයාගේ පොත පත ලියන්නෙත් ඔය ඉරි කැබැල්ල පාවිච්චි කරලා. හැබැයි ඕක ලංකාවේ සම්මත සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසයේ වත්, පිල්ලම් වල වත් සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ ඕක තවම කිහිප දෙනෙක් පාවිච්චි කලාට ලංකාවේ සම්මත භාෂාව නෙවෙයි. නමුත් මගේ මතය නම් විකිය ලියද්දි ලංකාවේ සම්මත භාෂාව භාවිතා කරන්න ඕන. තවත් දෙයක් එකතු කලොත්, අපි පපඩම් කියන වචනය කියද්දී "ප" සහ "ප" මුල් අක්ෂර දෙක ශබ්ද කරන ආකාරය හිතන්න. මුල් පයන්න කට ඇරලා කියන එකක්. දෙවන පයන්න කට අරින්නේ නැතුව කියන එකක් නේද? ඔන්න ඔය වගේ ශබ්ද දෙකක් හින්ද තමයි ජේ බී දිසානායක මහත්තය ඔය අකුර යෝජනා කලේ. නමුත් ඕක තවම සම්මත වෙලා නම් නැහැ. ඒ කියන්නේ අපි භාවිතා කලයුතු නැහැ. අපි සම්මත දේවල් විතරක් භාවිත කරමු. මොකද ඔතනට වෙන ම අක්ෂරයක් යෝජනා වෙන්නත් පුළුවන්.--උපුල් (talk) 08:09, 1 මාර්තු 2011 (යූටීසී)[reply]

Can you please have a look at this article?

Can you please have a look at this article. I just came across it. http://si.wikipedia.org/wiki/ප්‍රමාණ_සමික්ෂකවරයෙකු_වන්නේ_කෙසේද%3F -- Shane44 (talk) 08:16, 30 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

මෙතනින් අරන් තියෙන්නේ. http://www.qsonline.info/2009/04/blog-post_18.html -- බිඟුවා සාකච්ඡාව 09:50, 30 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
http://www.kedapatha.info/2009/06/blog-post_9921.html සමානම පිටුවක්. -- බිඟුවා සාකච්ඡාව 09:54, 30 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
මෙම පරිශීලකයා විසින් අරඹා ඇති අනෙක් ලිපි ද www.qsonline.info අඩවියෙන් සිදු කළ උපුටා ගැනීම් ය​.
ප්‍රමාණ සමික්ෂකවරයා - http://www.qsonline.info/2009/04/quantity-surveyor.html
මිලදි ගැනිමේ ක්‍රම (Procurement Methods) - http://www.qsonline.info/2009/05/procurement-methods.html
කෝකටත් තව ටිකක් දින වකවානු පිරික්සලා බලන්න​. (මේවා මඟ පෙන්වීම් නිසා විශ්වකෝෂයට නම් ගැළපෙන්නේ නෑ. විකිපොතක් හදන්නයි තිබ්බේ. මං හරිද; අනේ මන් දා?) නංගයා මතන්න 14:03, 3 මාර්තු 2011 (යූටීසී)[reply]

ඉංග්‍රීසි ලිපි පරිවර්තනය කරද්දී මාතෘකාව යෙදීමේ ගැටළු

දැනට නොපවතින විකිපීඩියා පිටුවක් තනද්දී සිංහලෙන් මාතෘකාවක් යොදන්නේ කොහොමද?

ඒ කියන්නේ මම Stellar classification කියන ඉංග්‍රීසි පිටුවට ගියා. එතකොට ම‍ට හිතුනා මේක සිංහලෙන් තියනවද බලන්න. මම address bar එකේ http://en.wikipedia.org/wiki/Stellar_classification කියන එක වෙනුවට http://si.wikipedia.org/wiki/Stellar_classification කියල ගැහුවම එහෙම පිටුවක් නෑ. කැමතිනං හදන්න කිව්වා. දීපු ලින්ක් එකට ගියාම මාතෘකාව ඉංග්‍රීසි මාතෘකාවමයි එන්නේ. මට දැන් ඕන ඒක වෙනස් කරන්න. කොහොමද ඒක කරන්නේ? (මම පිටුව හැදුවෙ නං නෑ. ඒ කියන්නේ මුකුත්ම ලිව්වෙ නෑ.)


ඒවගේම හදපු පිටුවක මාතෘකාව වෙනස් කරන්නෙ කොහොමද?(ඉංග්‍රීසියෙන් මාතෘකාව තියන අන්තර්ගතය සිංහල වෙන ලිපි කීපයක්ම මං දැක්කා. ඒ වගේම අක්‍ෂර වින්‍යාස වරදිත් තිබුනා.)

මාතෘකාව වෙනස් කරන්නේ ගෙනයන්න කියන විධානය භාවිතයෙන්. ඒක කරන්න ඔබට ගිණුමක් හදන්න වෙනවා. ඔබ ගිණුමක් සෑදීමෙන් අනතුරුව අහන්න. ඒක වඩා පැහැදිලි කරන්නම්. -- බිඟුවා සාකච්ඡාව 14:18, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]

තවත් එකක්, සිංහලෙන් මාතෘකාව යොදපු ලිපි වල මං දැක්ක දෙයක් තමයි URL එකේ අවසානයට තියෙන්නෙත් සිංහල මාතෘකාව. එතකොට ඒ ලිපිය ඉංග්‍රීසියෙන් බලද්දි වම් පැත්තෙ තීරුවට සිංහල කියන වචනය එන්නෙ නෑ. උදා:-http://si.wikipedia.org/wiki/තරු_වර්ගීකරණය

ඒත් http://si.wikipedia.org/wiki/Stellar_classification කියල URL එක සිංහල ලිපියට දීල තිබුනොත් ඉංග්‍රීසි ලිපිය බලද්දී වම් පැත්තෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරපු ලිපියට යන ලින්ක් එක තියෙනවා. මේ දෝෂයට පිලියමක් නැද්ද? -202.129.232.212

මේකට කියන්නේ අන්තර්විකි සම්බන්ධතාවය කියලා. ඒ සම්බන්ධතාවය ඇති කරන්න රොබොට්වරු ක්‍රියා කරනවා. නමුත් ඒ සඳහා එකක් හරි අන්තර්විකි සම්බන්ධතාවයක් ඕනෑ. -- බිඟුවා සාකච්ඡාව 14:18, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]


ඔබ ලිපිය තැනීම ඇරඹිය යුත්තේ එම ලිපි ශීර්ෂය ම සෙවුම් කොටුවේ යතුරු ලියනය කිරීමෙනි. එනම් Stellar classification යන්නෙහි සිංහල අර්ථය (තාරකා පිළිබඳ වර්ගීකරණය ලෙස‍) යි. තැනූ පිටුවක මාතෘකාව වෙනස් කිරීමට නම් ඔබ නව ගිණුමක් තැනිය යුතුයි. නැතහොත් යළියොමුවක් භාවිතා කළ යුතු යි. වම් පස පැති තීරුවට සිංහල බස යෙදීම; එනම් අන්තර්-විකී සබඳතා ඇති කිරීම සඳහා [[si:ලිපියේ නම]] යන විලාසය අනුගමනය කළ යුතුයි.

මෙම නිර්නාමික පරිශීලකයාගේ පැණයන් බිඟුවාට යොමුවුවත් මා ඊට පිළිතුරු දීම පිළිබඳව සමාව අයදිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:31, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]

ස්තුතියි තඹරු. ඔබ සමාව ඉල්ලීමට තරම් වරදක් කර නැත. ඔබ කර ඇත්තේ උදව් කිරීමකි. මා සැමවිටම එය අගය කරන්නකි. -- බිඟුවා සාකච්ඡාව 13:33, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]
මේ පිළිබඳව තොරතුරු ලබා දුන්නාට බොහොම ස්තූතියි. නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඉදිරි දින වල මේ සඳහා සම්බන්ධ වීම‍ට නොහැකි වේවි. පෙබරවාරි මාසයෙන් පසුව නැවත මේ අගනා ව්‍යාපෘතියට සම්බන්ධවීමට හැකි වේවි. එසේම මේ කටයුත්තට සම්බන්ධවීමට පෙර මම මේ ගැන තවත් හැදෑරිය යුතු බව මගේ හැඟීමයි. --නිපුන දොඩන්තැන්න_කොළඹ විවි

නිපුන දොඩන්තැන්න (talk) 03:52, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]

හරි හරි... ඔබේ එම කටයුතුවලින් පසුව එන්න, උදව් අවැසි ඕනෑම වෙලාවක අසන්න. -- බිඟුවා සාකච්ඡාව 07:07, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]

සටහන:

ඔබ වෙනත් විකියක ලිපියක් සෘජු පරිවර්තනයක් කරනා විටදී(http://en.wikipedia.org/wiki/Stellar_classification)

  1. ඉංග්‍රීසි විකියේ ඇති ලිපියේ මාතෘකාව සිංහලෙන්(තාරකා පිළිබඳ වර්ගීකරණය හෝ ඔබට සිතෙන අයුරින් නිවැරදිව) ගෙන සෙවුම් කොටුවේ සෙවීමක් කරන්න.
  2. ලිපිය නොමැති නම් දැන් හදන්න.
  3. ලිපියේ අගට [[en:Stellar_classification]] ලෙසින් අන්තර් විකි සබැඳිය එක කරන්න.
  4. ඉංග්‍රීසි විකියේ ඇති ලිපියේ මාතෘකාවෙන් සෙවීමක් කරන්න.
  5. ලිපිය තනන්නට ගන්න. අන්තර්ගතයට #REDIRECT [[තාරකා පිළිබඳ වර්ගීකරණය]] එක් කරන්න. වෙනත් කිසිවක් අවැසි නොවේ.
  6. මෙමගින් ලිපිය සිංහල ලිපියට හරවා යැවේ. එවිට කිසිවෙක් තාරකා පිළිබඳ වර්ගීකරණය ලෙසින් හෝ Stellar_classification ලෙසින් සෙවීමක් කලවිට නිවැරදි ලිපියට යොමු වේ.

-- බිඟුවා සාකච්ඡාව 14:33, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]


මෙන්න මේ කියන මෙවලම ගැන අපි පරිශීලකයින්ට කියලා දෙන්න ඕනැ. මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුලුවන්. සමහරු දැනටමත් මේක භාවිතා කරනවා ති. ඉස්සරලාම පහලින් තියෙන වැඩ ටික කරමු නේද? තනියම කරන්න අමාරුයි. වෙලාව යන වැඩක්නේ. මම මේක අභිරුචි වලට එක් කලා. ගොඩාක් අය දන්නේ නැ මෙ තියෙන මෙවලම් ගැන. මේවා තියෙන්නේ අපේ පහසුවට. ඒක හින්දා හිමීට හිමීට මෙවා ගැන කියලා දෙන්න ඕනැ. මොකද ගොඩාක් අය තාක්ෂණික දේවල් කියලා අමතක කරනවා. නමුත් මේවා හරිම ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් වගේම උදව්වට නියමයි. මේ වගේ දේවල් වලින් අපිට ඉස්සරහට යන්න වගේම අලුත් විදියට යන්න, හිතන්න, උනන්දු කරවන්න පුලුවන් වේවි. තාක්ෂණික පැත්තෙන් මම දෙන්න පුලුවන් දෙයක් දෙන්නම්. එහෙනම් ජය!. සිංහල විකියට උදව් ඕනැ.

කිරීමට ඇති දේ

  • විකිපීඩියා:Twinkle පරිවර්තනය
  • විකිපීඩියා:Twinkle/doc පරිවර්තනය
  • පරිශීලකයින්ට හඳුන්වා දීම
  • වැදගත්මක හා හාවිතය
  • ක්‍රියාත්මක හෝ සක්‍රිය කිරීමේ ක්‍රමය
  • සිංහල විකියට ගැලපෙන් පරිදි පින්තූර එක් කිරීම
  • තවත් තියෙනවානම් ඒවාත්
-- බිඟුවා සාකච්ඡාව 07:05, 23 ජනවාරි 2011 (යූටීසී)[reply]

Country data templates

country data සම්බන්ධ සැකිලි හා ආශ්‍රිත flag, flag-icon වගේ සැකිලි කලින් සිංහලට හරවල තියෙන්නේ. නැවත අලුතින් ඉංග්‍රීසි විකියෙන් ගන්න එකේ තේරුමක් නැහැ. කැමති නම් මේ සැකිලි වල ඉංග්‍රීසි නම සිංහල නම‍ට යළියොමු කරතැකි. ඉංග්‍රීසි විකියේ මෙම සැකිලි අළුත් වෙලා ඇති සමහරවිට. කවුරු හරි ඒවා සංසන්දනය කරල බැලුවොත් හොඳයි. ඉංග්‍රීසි සැකිලි වලට මුර දමන්න පුළුවන්ද? ඔබ දන්නවා ඇති. එවිට ඒවා වෙනස් වෙනකොට අපට දැනගන්න පුළුවන් වේවි. තුති. -- ශ්වෙත (talk) 15:33, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

බැරිද අපිට අපේ ම සැකිලි හදන්න​. තැන් තැන් වලින් අහුලන් එන්නෙ නැතුව​? එතකොටනෙ අපේ ම අනන්‍යතාවක් ගොඩ නැගෙන්නේ. නංගයා මතන්න 15:54, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
We should not re-invent the wheel යන්න තමයි මගේ නම් ප්‍රතිපත්තිය. කවුරු හරි සුද්දෙක් හරි හොඳ දෙයක් හදල තියෙනවා නම් ප්‍රයෝජනයට ගනිමු. කොහොල්ල බබා වගේ ඇ‍ෙඟ් අලවගන්නේ නැතුව. කලකට පෙර ඉංජිනේරු විද්‍යාවත් සිංහලෙන් උගන්නන්න මහ ඝෝෂාවක් තිබිල තියෙනවා. හොඳ වෙලාවට ‍සිංහලෙන් පොත් තිබිල නැහැ. එහෙම තිබුණන් අපේ ඉංජිනේරුවන්ට පිටරට රැකියා කරන්න අළුතින් ඉංග්‍රීසි උගෙනගන්න වෙනවා. ජපන් කොම්පැනි වල ශාඛා එක්සත් ජනපදයෙ දැම්ම වෙලාවේ හොඳ මොළ කාරයො එහෙ ගියේ නැහැ. දැනං හිටියේ ජපන් විතරයි. දැන් ඒ ගොල්ලත් හිතන්නේ වෙනස් විදිහට. ඉංග්‍රීසි / පිටරට දෙයක් අපි සිංහලට හැරෙව්වට අනන්‍යතාව නැති වෙනව කියල මම හිතන්නේ නැහැ. අපේ සාහිත්‍යය හා අනෙකුත් කලාවනුත් පරභාෂාවලින් පෝෂණය වෙලා තියෙනවා. හිතල බලන්න.---- ශ්වෙත (talk) 16:08, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔව් ශ්වෙත, මම දැක්කා සමහර සැකිලි හරවලා තියෙන එක. නමුත් අපි අලුතින්ම ලිපියක් පරිවර්තනය කරන්න හඩනකොට ගැටලු එන්න පුලුවන් මේ ඉංග්‍රීසි එක නැතිවුනාම. ඒක හින්දා කෙනෙක් ඒක ආයෙත් ගේන්න හදයි. දැනට පරිවර්තනය වෙලා තියෙන සැකිලි ප්‍රවර්ගය:රටේ_දත්ත_සැකිලි මෙතනින් ගන්න පුලුවන්නේ. ඉංග්‍රීසියෙන් ගෙන ආපුවා ප්‍රවර්ගය:Country data templates මෙතනින් බලා ගන්න පුලුවන්. දැන් මේවා එක තැනකට යොමු කර ගන්න වෙනවා. ඔයා කිව්වා වගේ සැකිලිවලට යළි යොමු දාමු. එතකොට වෙනස්කම් කරන්නේ වෙන්නේ එක සැකිල්ලකට විතරනේ. අපිට පුලුවන් ඉංග්‍රීසියෙ විකියෙත් මුර දාන්න. නමුත් උපරිමය දවස් 7යි. -- බිඟුවා සාකච්ඡාව 16:21, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
අනංගයා, අපිටත් පුලුවන් අපේම සැකිලි හදන්න. නමුත් රෝදය අලුතෙන් හොයන්න ඕනැ නැ වගේ අපි ඒක ආයෙමත් කරන්න ඕනැ නැ කියලයි මං හිතන්නේ. නමුත් සැකිල්ල පරිවර්තනය කරලා අපේම කරගන්න එකට නම් කැමතියි. අලුත් අදහස් නම් අගය කරනවා. උත්සාහයක් කරලා අලුත් සැකිල්ලක් හදන්න. ප්‍රජාව කැමති නම් එක් කරමු ( මං කියන්නේ මේ වගේ බහුලව භාවිතාවෙන සැකිලි ගැන, මේවා ආවට ගියාට වෙනස් කරන්න බැරි තරමට සම්බන්ධයිනේ). -- බිඟුවා සාකච්ඡාව 16:21, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ශ්වෙත මං කියන්න හදපු දේ කලින්ම කියලා. තුති. ඒක නිවැරදි කතාවක්. ඒ වගේ අදහස් හරිම වටිනවා. -- බිඟුවා සාකච්ඡාව 16:24, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ශ්වේත, මට තියෙන්නෙ ඉංගිරිසි ඇලජික් එකක් නෙමෙයි. මේක ඉංගිරිසි විකිපීඩියාවෙන් හෝ වෙනත් ඕනෑ ම විකිපීඩියාවකින් ස්වායත්ත වෙන ම ව්‍යාපෘතියක්. බලන්න වෙනත් විකිපීඩියාවල ඔවුන් ගේ ම සැකිලි හදලා තියෙනවා අලංකාර විදියට. අපි හැම දෙයක් ම අහුලං එන්න ගත්තොත් මේකෙ ස්වාධීනත්වය නැති වෙලා ඉංගිරිසි විකියෙ හුදු අනුවාදයක් බවට පත් වෙනවා. මේ ඉංගිරිසි හෝ ඉංගිරිසීන්ව හෝ පිටු දකිමින් කළ ප්‍රකාශයක් නෙමෙයි. මේ ගමන යන්න ඕන අපි අපේ ලකුණ තියාගෙන​! නංගයා මතන්න 16:34, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
පසුව තැබූ සටහන​: ක්‍රියාකාරී පරිශීලකයන් සුළු පිරිසක් විතරක් ඉන්න හින්දා මම කිව්ව දේ කරන එක දුෂ්කර බව ඇත්ත​. හැබැයි මේ විශ්වකෝෂය ගැන දන්නෙ කීයෙන් කී දෙනා ද​? දන්න අයගෙනුත් ගොඩක් අය හිතන්නෙ මේක ඉංගිරිසි විකියේ පරිවර්තනයක් කියලයි. අන්න ඒකයි. ඒ ආකල්ප වෙනස් කරන්න ඕන​. මට ඉංගිරිසි වහ කදුරු කර ගැනීමේ දරදඬු පිළිවෙතක් නෑ. පුළුවන් විදිහට අපේ ම දෙයක් කරන්නත් හිතමු හිමින් සැරේ. Face-smile නංගයා මතන්න​~
අහා... ඒක හරි අනංගයා. පුලුවන් විදියකට අපේම දෙයක් කරන්න ඕනැ. නැත්නම් මේක නිකම්ම පරිවර්තනයක් වේවි. -- බිඟුවා සාකච්ඡාව 17:17, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
නංගයා මතන්න 17:24, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔබ කියන්න හදන දේ තේරෙනවා. ඔබ ගැන පටුවට හිතෙන්නෙත් නැහැ. සිංහලෙන් ලිපි ලියන එක හොඳයි. සැකිලි , ප්‍රවර්ග, ද්වාර අවශ්‍ය වෙන්නේ පසුවයි. මුලින්ම ලිපි. ලිපි කිහිපයක එකම දේ පාවිච්චි වෙනවා නම් ඇයි එකම දේ නැවත නැවත කරන්නේ කියලා හිතුනම තමයි සැකිලි හදන්නේ. ලිපි ගැන හොයා ගන්න ලේසි වෙන්න තමයි ප්‍රවර්ග. ඊටත් ඉහලින් ද්වාර. ලිපි ලියන්න කෂ්ටිය එකතු කරන්න විකිපීඩියා ව්‍යාපෘති. කොළඹ සරසවියෙ කලා වගේ අනෙක් සරසවි වල කරන්න පුළුවන්. ටිකක් ක්‍රමානුකූලව. පාසැල් වල සිසු සිසුවියන් අතර වුනත් විකිපීඩියා සමාජ ඇති කරන්න පුළුවන්. ටිකක් වැඩ මුලින් කරන්න වෙනවා. ලිපි ලියන හැටි, සංස්කරණය කරන හැටි වගේ ඒවා ගැන විකිපීඩියා රචන සිංහලට පරිවර්තනය කරල ඉවර කරන්න වෙනවා. මේව ඉංග්‍රීසියෙන් ගත්තට කමක් නැහැ. අපේ පද්ධති පණිවුඩ ටිකත් ස්වදේශීකරණය අහවර කරන්න වෙනවා. එතකොට මේක ගැන බොරු බයක් නැතුව මේකට ලියන්න සංස්කරණය කරන්න සිංහල විතරක් දන්න අය වුනත් ඉදිරිපත් වෙයි. හැබැයි පුතෝ මේක දැනුම් සංචිතයක් නිසා මනස් දිවයිනක් වෙන්න බැහැ. සමහර දේවල් ගැන අපට ලියන්න දන්නේ නැහැ. පිටරට තියෙන පුරාවිද්‍යාත්මක තැනක් ගැන හිතමු. ඒ ගැන දන්නේ ඒ ගොල්ල. පර්යේෂණ කරල ලිපිය ලියයි ඉංග්‍රීසියෙන්. අපිට වුනත් බැරි කමක් නැහැ. ඒ ගොල්ල ටිකක් හොඳට කරයි. මේ දැනුම අපිට වැදගත් වෙයි. එතකොට පරිවර්තනය කරන්න වෙනවා. එතකොට ඒ සැකිලිත් භාවිතා කරන්න වෙනවා. ඒ අයගේ සැකිලි ටිකක් වැඩියෙන් පුළුල්. ඒ විකිය ලොකු නිසා. ඒවා දැක්කම ටිකක් පරදේශ ගතියක් දැනෙනව තමයි. මේ පැති දෙකම දැකල සමතුලිතව හිතන්න වෙනව. අපි දෙපැත්තම ගැන අවධානය යොමු කලොත් අගෙයි කියල හිතනවා. --- ශ්වෙත (talk) 17:39, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔය තියෙන්නෙ. එළ ම තමයි! එකඟයි ඔයාගෙ කතාවට​. නංගයා මතන්න 17:56, 13 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
-- බිඟුවා සාකච්ඡාව 04:23, 14 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ලිපියක් මකා දැමීම

පුරාණ දාගැබ් - ශ්‍රී ලංකා සහ ශ්රී7 ලංකාවේ මහා ස්ථූප , මෙහෙම ලිපි දෙකක් ම තියනවා නමුත් අන්තර්ගතය එක වගේ, මම හිතන්නේ ශ්රී7 ලංකාවේ මහා ස්ථූප කියන එක මකල දාන්න වෙයි. මේක අපි විකියෙන් ම යෝජනා කරන විදිහක් තියද ? ඔයාගේ උපදෙස් ටිකක් ලැබෙනවානම් හොඳයි. --උපුල් (talk) 16:30, 18 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

පරිශීලක:අනංගයා කියලා තියෙන විදිය හරි. ඔයා ඒක හරියටම කරලා තියෙනවා ශ්රී7 ලංකාවේ මහා ස්ථූප ලිපියේ. තව පොඩි විස්තරයක් එක් කරන්නම්.
  • ලිපි දෙකේම අන්තර්ගතය එකක් නිසා එකක් තිබුණාම ඇති. ඒක නිසා මේ අවස්තාවේදී මාතෘකාව නිවැරදි එක ඉතුරු කරලා අනික මකන්න යෝජනා කරන්න. දැන් එන ප්‍රශ්ණය තමා මාතෘකාව නිවැරදි එක මොකද්ද කියන එක.
  • නිවැරදි අකුරු සහිත මාතෘකාව ඇති ලිපිය (ශ්‍රී ලංකාවේ? ශ්රී7 ලන්කවේ? )
  • වැඩිපුර භාවිතා වන නාමය (ඇතා? හස්තියා?, ගජ?)
මෙන්න මේ වගේ කරුණු කිහිපයක් ඇසුරු කරගෙන ඒක හොයාගන්න පුලුවන් වෙයි. ඊට පස්සේ අර කිව්ව වගේ {{delete|මකා දැමීමට යෝජනා කිරීමට හේතුව​}} විදියට වැරදි එකට එක් කරන්න.
  • ඊළඟ අවස්තාව වන්නේ නම් දෙකක්, එකම මාතෘකා අදහස හා අන්ත‍ර්ගතයන් දෙකක්. මෙතනදී අපිට ටිකක් අමාරු වෙනවා. මෙහෙම බලන්න.
  • නිවැරදි හා වඩාත් පිළිගත හැකි අන්ත‍ර්ගතය
  • මාතෘකාව ලෙසට වැඩියෙන් භාවිතය වන නාමය
  • වඩාත් නිවැරදි නාමය
මෙන්න මේ වගේ කරුණු අරගෙන එකක් අනෙකට ඒකාබද්ධ කරන්න ඕනැ. {{mergewith|xxx}} හෝ {{Mergefrom|xxx}} යන්න ලිපියේ උඩින් සඳහන් කිරීමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පූළුවන් අන්තර්ගතය ඒකාබද්ධ කරන්න. ඒකාබද්ධය ඉවර නම් ඉවත් කළ යුතු ලිපිය මැකීමට යෝජනා කරන්න. සමහර විට ඒ ලිපිය මකන්න ඕනැ නැ. යලි යොමුවක් දැම්මානම් ඇති වෙන්න පුලුවන්. හිතන්න මේ වගේ අවස්තාවක්. පියා, තාත්තා ලිපි දෙක. මාතෘකා දෙකම හරිනේ. ඉතින් එක ලිපියක් ඉතුරු කරලා අනෙකට #REDIRECT [[xxx]] ලෙසින් එක් කරන්න පුලුවන්. තවත් විස්තර ඕනැ නම් කියන්න. පුළුවන් විදියට දන්න විදියට කියලා දෙන්නම්. ජය!. -- බිඟුවා සාකච්ඡාව 03:59, 19 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
මෙතන තියන විස්තර සහිත කරුණු වලට ඔබට බොහෝ තුති , උදව්වක් ඕන වුනොත් කියන්නම් --උපුල් (talk) 09:51, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


භාෂා 2 ක පිටු අතර සබැඳියාව.

අපි සිංහල විකියේ ශ්‍රි ලංකා කියලා තියෙන පිටුව අරන්, වමෙන් තියෙන වෙනත් භාෂා වලින් ඉංග්‍රීසි තේරුවහම ඒකේ ඉංග්‍රීසි පිටුව පේනවානේ. මගේ ප්‍රශ්ණය තමයි මේ සම්බන්දතාව දෙන්නේ කොහොමද කියන එක. මේක ඇඩ්මින් කරන වැඩක්ද? --දුගියා (talk) 11:16, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මේකට කියන්නේ අන්තර්-විකි සම්බන්ධතාවය කියලා. මේක ඇඩ්මින් වැඩක්නම් නෙමෙයි. මේක දෙන එක හරිම ලේසියි.
  • උදාහරණයකට බල්ලා ලිපිය ගන්න.
  • ඒ ලිපිය සංස්කරණය කරන්න ගන්න.
  • දැන් ඒකේ පහටම යන්න.
  • ඔයාට පෙනේවි [[ab:Ала]] [[ace:Asèë]] [[af:Hond]] [[als:Hund]]... වගේ ටිකක්. මේකෙන් තමා ඒක කෙරෙන්නේ. ඉතින් මේක ඕනැම ප‍රිශීලකයකුට එක් කරන්න පුලුවන්. ඔයා හරියටම දන්නවනම් සිංහල ලිපියට ගැලපෙන අනිත් විකියක ලිපියක් කරන්න තියෙන්නේ ඒක එක් කරන එකයි. ඔතන තියෙන ab: ace: කියන්නේ ඒ අදාළ විකිය, අපේ විකිය si:xxx නම් ඉංග්‍රීසි විකිය නම් en:xxx. තවත් උදව් ඕනැ නම් කියන්න, එකක් දෙකක් එල කලාම ඔයාටම තේරේවි මීට වඩා සරලවම. -- බිඟුවා සාකච්ඡාව 11:56, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
දැක්කනේ බිඟු ඇඩ්මින් ද ලෝර්ඩ් කියලා හැමෝ ම හිතන් ඉන්නේ:( නංගයා මතන්න 12:18, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
හී... ඒකනම් වරදි තමා අනංගයා, නමුත් මම උදව් කරන්න නම් කැමතියි. -- බිඟුවා සාකච්ඡාව 12:38, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
මම ඒක දන්නවා බිඟු. ඔයා මටත් ගොඩක් උදව් කරලා තියෙනවනේ. ඒත් අපේ කට්ටිය වචනෙකට බය වෙලානේ. හොල්ලන්න බෑ කියලා හිතන් ඉන්නේ. නංගයා මතන්න 12:50, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ස්තූතියි. --දුගියා (talk) 13:46, 25 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


Hello

I am fond of contemporary art and I'm looking for someone who could translate and upload on si.wikipedia this page. Can you help me please when you have time? Thanks so much !--Alessandroga80 (talk) 19:42, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Hi, I have noticed that article was created by you on 10 January 2011 :) It is OK. These days I'm bit busy with other works. However I'll try when I'm free. BR. -- බිඟුවා සාකච්ඡාව 03:22, 27 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Thanks a lot for your reply and your future help. Please just let me know when the page is published on si.wikipedia. Thank you :-) -Alessandroga80 (talk) 19:48, 14 මාර්තු 2011 (යූටීසී)[reply]

පරිවර්තනය ලබාදීම

පරිශීලක:බිඟුවා/Editnotice හි අන්තර්ගතය පරිශීලක:තඹරු විජේසේකර/Editnotice මත පරිවර්තනය කළෙමි. ඔබට/ඕනෑම අයෙකුට අවශ්‍යනම් edit notice සඳහා එම පරිනර්තිත වදන් පෙළ ලබාදෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 08:45, 2 මාර්තු 2011 (යූටීසී)[reply]

සිංහල පදය

Wiki Markup යන්නට සිංහල පදය කුමක්ද? --- ශ්වෙත (talk) 08:27, 13 මාර්තු 2011 (යූටීසී)[reply]

ම්...ම්... නොදනිමි. දන්න කෙනෙක් සිටී නම් කියන්ඩෝ. -- බිඟුවා සාකච්ඡාව 03:15, 15 මාර්තු 2011 (යූටීසී)[reply]

Please take action

Please see this report and take appropriate action. Thanks. ---- ශ්වෙත (talk) 16:06, 21 මාර්තු 2011 (යූටීසී)[reply]

විමසමින් සිටිමි. -- බිඟුවා සාකච්ඡාව 03:18, 22 මාර්තු 2011 (යූටීසී)[reply]
වාරණය කරන ලදී. -- බිඟුවා සාකච්ඡාව 06:30, 24 මාර්තු 2011 (යූටීසී)[reply]

කැරකෙන තරුව

විඩානැත්තාගේ රන්තරුව
සිංහල විකිපීඩියා වෙනුවෙන් දරණ අපමණ වෙහෙස වෙනුවෙන්​ Singhalawap (talk) 11:56, 24 මාර්තු 2011 (යූටීසී)[reply]
තුති. -- බිඟුවා සාකච්ඡාව 18:13, 24 මාර්තු 2011 (යූටීසී)[reply]

අයියෝ මොකක්ද මේකේ තේරැම

මොකක්ද මේ කරලා තියෙන වැඩේ ඇයි ඔබ පීකේසොෆ්ට් පිටුව මකන්නෙ නැතුව ආරක්ෂා කරල තියෙන්නෙ. පිස්සු වැඩෙන කරන්නෙ!!! Unknown person 112.135.61.49 15:01, 25 මාර්තු 2011 (යූටීසී)© 21.00 ප.ව, 25 මාර්තු 2011 (යූටීසී)[reply]

එතන සංස්කරණ ගැටුමක් වන නිසා මම ආරක්ෂණය කලා. ඉතිහාසය හරියට හොයා ගන්න බැරි තරමට නිර්නාමික පරිශීලකයින් එම පිටුව වෙනස් කරමින් සිටීමයි ප්‍රධාන හේතුව. ආරක්ෂණය කල පමණින් එය වැදගත් හෝ තබා ගත යුතු එකක් වෙන්නේ නැ. මේක බේරුමක් උනාම අවැසි නම් පිටුව මකා දමන්න පුලුවන්. පොඩ්ඩක් ඉවසන්න. හරියට කරුණු එක කරලා වැඩේ කරමු. -- බිඟුවා සාකච්ඡාව 17:07, 25 මාර්තු 2011 (යූටීසී)[reply]

බිගුවා මහත්මයා පීකේසොෆ්ට් සමාගමේ ආර්ටිකල් එක ඩ්ලිට් කරොත් හොදයි නේද? මම හිතන්නෙ ඒක අපිට එච්චර වැදගත්  ලිපියක් නෙමෙයි. පසිදු කාවින්ද (talk) 09:37, 26 මාර්තු 2011 (යූටීසී)[reply]

ඔව්. ඒක CSD G3 ඉවත් කලා. -- බිඟුවා සාකච්ඡාව 12:09, 26 මාර්තු 2011 (යූටීසී)[reply]

හොදයි. පසිදු කාවින්ද (talk) 02:27, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

Protect/Semi-protect

මගේ පිටුව IP ඇවිත් Vandalizing කරන බැවින් protect කරලා දෙන්න Singhalawap (talk) 11:35, 26 මාර්තු 2011 (යූටීසී)[reply]

ඔබේ පරිශීලක පිටුව ආරක්ෂණය කලා. සාකච්ජා පිටුවත් ආරක්ෂණය කරන්න ඕනැද? -- බිඟුවා සාකච්ඡාව 11:59, 26 මාර්තු 2011 (යූටීසී)[reply]
මතක්කලාට පිං. සාකච්ජා පිටුවත් ආරක්ෂණය කරන්න. Singhalawap (talk) 18:52, 26 මාර්තු 2011 (යූටීසී)[reply]
YesY කළා. නමුත් මේ මගින් ඔබේ සාකච්ජා පිටුවේ සටහනක් එක් කරන්න ලියාපදිංචි නොවුනු අයෙකුට බැරි වෙනවා. -- බිඟුවා සාකච්ඡාව 03:42, 27 මාර්තු 2011 (යූටීසී)[reply]
කමක්නෑ බිඟුවො. මං කොහොමත් එයාලට උත්තර දෙන්නෙත් නෑනෙ..... Singhalawap (talk) 04:16, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

ගිනි නිවීම අගැයුමයි

ගිනි දැල් නිවන්නා තරු සම්මානය
ව්‍යාජ සමාගමක්; සැබෑ සමාගමක් ලෙස පෙනීසිටීමටත්, සිය ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රසිද්ධියක් ලබාගානීමටත් සිංහල විකිපීඩියාව භාවිතාකිරීම නිසා අවිලුණු ගිනිදැල් නිවාදැමීමට පරිපාලකයෙකු ලෙස ගත් ක්‍රමවත් සහ ඍජු තීරණ වෙනුවෙන් මෙම උපහාරය පුදකරමි​ Singhalawap (talk) 19:01, 26 මාර්තු 2011 (යූටීසී)[reply]

හ...හ...හ... මාර වැඩේ. පසිදු කාවින්ද (talk) 02:30, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

ස්තුතියි Singhalawap. පසිදු කාවින්ද ඔබ කියන්න හදන මාර වැඩේ මොකද්ද? මට ඔබ ගැන එතරම්ම පැහැදිළි අදහසක් නැ. -- බිඟුවා සාකච්ඡාව 03:39, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

Please take quick action against these sock-puppets

Please see this determination by the Check-user and take quick action against them. Thanks. --- ශ්වෙත (talk) 08:46, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

Considering. -- බිඟුවා සාකච්ඡාව 09:50, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

අ..හ..හ.. එහෙනම් මේක ශ්වෙතගෙ වැඩක් වගේ... හිතවත් ශ්වෙත ඇයි ඔබ මාව වාරණය කිරීමට ඔය තරම් උනන්දුවක් දක්වන්නෙ. ඔබට මා කෙරෙහි පුද්ගලික තරහක් හෙම තියනවද? කරැණාකර මාව වාරණය කිරීමට උත්සහ නොකරන්න . මම විකීපීඩියාවේ  ලිපි සංස්කරණය කිරීමට බොහෝසේ ඇලුම් කරමි. ස්තුතියි ! පසිදු කාවින්ද (talk) 11:22, 27 මාර්තු 2011 (යූටීසී)[reply]

පසිදු කාවින්ද, ඔබව වාරණය කිරීමට කිරීමට හේතු වශයෙන් බහු ගිණුම් භාවිතා කිරීම සඳහන් කරන්න පුලුවන්. නමුත් එය ඔබ නොදැන කලා නම් ඒ ගැන සලකා බලන්න පුලුවන්. මේ ගැන ප්‍රජාවගෙන් අහන්න වෙනවා. එයාලගේ මතය අවසන් මතය වෙනවා. නිකරුණේ කෙනෙක් වාරණය වෙන්නේ/කරන්නේ නැ. විකිපීඩියාවේ ප්‍රතිපත්තිවලට එකඟව වැඩ කරන්න.
පරිශීලක:පසිදු කාවින්ද, පරිශීලක:Pkavinda123, පරිශීලක:PKsoft කියන තුන් දෙනාම 1ම කෙනාගෙ sock-puppets නං accounts 3ටම සලකන්න ඕන එකම විදියට නේද? මොකෝ මේ පරිශීලක:පසිදු කාවින්ද ගිණුමට වෙනස් සැලකීමක්. Singhalawap (talk) 15:25, 27 මාර්තු 2011 (යූටීසී)[reply]
මේ ගිණුම වාරණය නොකලේ අදහස් දක්වන්නට ඉඩ හැරීමටයි. ඔහු නොදැණුවත් නම් මේ ගැන කියා දී අලුතෙන් අරඹන්න හෝ එක් ගිණුමක් භාවිතා කරන්න ඉඩ දිය හැකියි. මේ ගැන සාකච්ජා කළ යුතුයි. -- බිඟුවා සාකච්ඡාව 05:26, 28 මාර්තු 2011 (යූටීසී)[reply]
තේරුණා.. එල Singhalawap (talk) 07:16, 28 මාර්තු 2011 (යූටීසී)[reply]

හිතවතුනි! කරැණාකර මා කියන දෙයට සවන්දෙන්න. මම ඔය කියන බහු ගිණුම් පරිහරණය නොකලෙමි. මාව වාරණය කිරීමට  ඔබලාට දැඩි ආශාවක් ඇතැයි මම සිතමි. මාව වාරණය කලහොත් නැවත මාගේ කිසිදු දායකත්වයක් විකිපීඩියා නිදහස් විශ්වකෝෂයට  නොලැබෙනු ඇති. ඔබලාගේ තීරණය අපේක්ෂාවෙන් සිටිමි... මම විකිපීඩියාවේ ප්‍රතිපත්තිවලට නිතරම එකඟව වැඩ කල අයෙක් වෙමි. ඔබලාගේ තීරණය කුමක් වුවත් මා එයට ගරැ කරමි...ස්තූතියි...පසිදු කාවින්ද (talk) 09:30, 28 මාර්තු 2011 (යූටීසී)[reply]

චෙක්යූසර් විසින් සිදුකර ඇති ස්ටුවර්ඩ් විමර්ශන සහ ප්‍රතිඵල නිවේදන අංක 1 සහ නිවේදන අංක 2 අනුව පහත ගිණුම් සියල්ල බහු ගිණුම් භාවිතා කල එක් අයෙකුට අයත්ය.
බහු ගිණුම් භාවිතය සඳහා සිංහල විකිපීඩියාව තුල භාවිතා වන මාර්ගෝපදේශය අනුව දිය යුතු අවම දඬුවම යැයි සඳහන් වන්නේ අදාල සියළු ගිණුම් වාරණය කිරීමයි. පළමු විමර්ශනය හා නිවේදන අංක 1 නිකුතුවට පසුව දෙවන විමර්ශනය හා නිවේදන අංක 2 නිකුත් කර ඇත. මෙතෙකුදු වාරණය නොකරමින් පවතින පරිශීලක:පසිදු කාවින්ද දෙවන විමර්ශනයට ලක් වන අතර පළමු විමර්ශනය වන විට තනා නොතිබුණකි. මෙම බහුගිණුම් 11 අතුරින් මෙම ගිණුම විශේෂිත වන්නේ හෝ වාරණය නොකරමින් පැවතීමට උත්සාහ දැරෙන්නේ කෙලෙසදැයි නොහැඟේ.
මෙම බහුගිණුම් 11 භාවිත කල පරිහීලකයා සිදු කල දෑ අතර
  • පරිශීලක පිටු වන්ධල්‍යය- වැදගත් පරිශීලකයන් තිදෙනෙකුගේද ඇතුළුව. මෙ නිසා එක් පිටුවක් ආරක්ෂණය කිරීමටද සිදු විය.
  • පරිශීලක සාකච්ඡා පිටු වන්ධල්‍යය
  • ලිපි පිටු වන්ධල්‍යය
  • ලිපි සාකච්ඡා පිටු වන්ධල්‍යය
  • පරිශීලක සංස්කරණ ගණනය දක්වන රොබෝ ජනිත පිටුවක් වන්ධල්‍යය
දැක්විය හැක. අනෙකුන් වාරණය කිරීමෙන් පසුව හෝ කිසිදු තැකීමක් නොමැතිව සිදු කල අවසන සඳහන් පරිශීලක සංස්කරණ ගණනය දක්වන රොබෝ ජනිත පිටුවක් වන්ධල්‍යය සැලකීමෙන් මෙම පරිශීලකයා විකි සම්ප්‍රදායයට කෙතරම් ගරු කරන්නේද යන්න වටහා ගත හැක. අනෙක් අතට බලන කල මෙම පරිශීලකයා සිදු කර ඇති අනෙකුත් සංස්කරණ අනුව මොහු විසින් මෙම වන්ධල්‍යයන් නොදැන කලේ යැයි කිසිදු අයුරකින් සිතිය නොහැකිය.
පරිපාලක විසින් අදාල පරිශීලක වෙතින් බලාපොරොත්තු වූ මම මෙම දේ සිදු කලේ නොදැනුවත්වය යන්න වෙනුවට මම කිසි දින මෙය සිදු නොකලෙමි. ඔබට මා වාරණය කිරීමට දැඩි උනන්දුවක් ඇත. මා වාරණය කලොත් නැවත දායක නොවෙමි වැනි උඩඟු ප්‍රතිචාර අප දුටුවෙමු. මෙම ගිණුමද වාරණයට ලක් විය යුතුය යනු මාගේ අදහසයි. --- ශ්වෙත (talk) 14:38, 28 මාර්තු 2011 (යූටීසී)[reply]
පරිශීලකයෙකු වාරණයට ලක් කිරීමට වඩා ඔහු මෙහි යහ මගට ගැනීම වඩා සුදුසු දේ බව මගේ වැටහීමයි. එමගින් විකියට යහපතක් සිදු කර ගත හැකිය. නමුත් කාවින්ද මෙතෙක් කල කී දෑ සලකා බැලූ කල ඔහුව වාරණය නොකර සිටීමට මට හේතුවක් නොපෙනේ.--දුගියා (talk) 16:17, 28 මාර්තු 2011 (යූටීසී)[reply]