"ප්‍රදීප් නිලංග දෑල" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
No edit summary |
||
33 පේළිය: | 33 පේළිය: | ||
ශී‍්‍ර දළදා මාලිගාවේ චිරාගත සාම්ප‍්‍රදායික බුදු පුද පුජා තේවා චාරිත‍්‍ර නොකඩ කොට මැනවින් පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය සියලූ කාර්යය භාරයන් මනාසේ සපුරාදෙන අතර, උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වු ශී‍්‍ර දළදා මාලිගාවේ සුරක්ෂිතභාවය හා ශෝභාමත් භාවය රැකගැනීමට හා ප‍්‍රවර්ධනයට නිසි පියවර ගනිමින් ඉටුකරනුයේ බලවත් ශාසනික මෙහෙවරකි. |
ශී‍්‍ර දළදා මාලිගාවේ චිරාගත සාම්ප‍්‍රදායික බුදු පුද පුජා තේවා චාරිත‍්‍ර නොකඩ කොට මැනවින් පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය සියලූ කාර්යය භාරයන් මනාසේ සපුරාදෙන අතර, උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වු ශී‍්‍ර දළදා මාලිගාවේ සුරක්ෂිතභාවය හා ශෝභාමත් භාවය රැකගැනීමට හා ප‍්‍රවර්ධනයට නිසි පියවර ගනිමින් ඉටුකරනුයේ බලවත් ශාසනික මෙහෙවරකි. |
||
බෞද්ධ ජනතාවගේ කාලීන අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් දිවයිනේ විහාරස්ථාන, දහම් පාසල්, සංවර්ධනය හා දිළිඳු බෞද්ධ ජනතාව නගා සිටුවීමාදී සත්කාරක සේවා |
බෞද්ධ ජනතාවගේ කාලීන අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් දිවයිනේ විහාරස්ථාන, දහම් පාසල්, සංවර්ධනය හා දිළිඳු බෞද්ධ ජනතාව නගා සිටුවීමාදී සත්කාරක සේවා රැසක් ද, දිළිඳු බෞද්ධ දරුවනගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමෙහිලා ශිෂ්‍යාධාර වැඩසටහන් ද ශී‍්‍ර ලංකා ජාත්‍යන්තර බෙඃද්ධ ඇකඩමිය මගින් බෞද්ධ අධ්‍යාපන ප‍්‍රවර්ධන වැඩසටහන් ද කි‍්‍රයාත්මක කිරීම සඳහා ස්වකීය කාලය, ශ‍්‍රමය කැපකරනුයේ මානව හිතවාදියෙකු, සත්පුරුෂයෙකු හා නියම බෞද්ධ නායකයෙකු පරිද්දෙනි. |
||
එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, කොළඹ නාලන්දා විද්‍යාලය ”නාලන්දා කීර්තී ශී‍්‍ර” යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්ව විද්‍යාලය ”සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පුදනු ලැබුහ. |
එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, කොළඹ නාලන්දා විද්‍යාලය ”නාලන්දා කීර්තී ශී‍්‍ර” යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්ව විද්‍යාලය ”සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පුදනු ලැබුහ. |
08:46, 14 මාර්තු 2011 තෙක් සංශෝධනය
ප්‍රදීප් නිලංග දෑල | |
---|---|
ගොනුව:ප්‍රදීප් නිලංග දෑල.jpg | |
ශ්‍රී දළදා මාලිගාව, මහනුවර | |
පුද්ගලික තොරතුරු | |
උපත | ඔක්තෝම්බර් 28 1973 දෑල, රත්නපුර ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | වාසනා දෑල |
උගත් ශාස්ත්‍රාලය | නාලන්දා විද්‍යාලයය, කොළඹ |
19 වැනි දියවඩන නිලමේවරයාය. වත්මන් දියවඩන නිලමේවරයාය.
ශී‍්‍ර දළදා වහන්සේ සිංහල රාජ්‍යත්වයේ සංකේතය වුවාසේම, ශී‍්‍ර දංෂ්ට‍්‍රා ධාතු මන්දිරය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වුවාසේම, දියවඩන නිලමේ තනතුර බෞද්ධ නායකත්වයේ සංකේතය බවට වත්මනෙහි පිළිගැනී ඇත.
අති උත්තම පරම පුජනීය ශී‍්‍ර දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වයට පත්වන තැනැත්තේ සාකල්‍යයෙන්ම පන්සිල් සුරකින ධර්මානුධර්ම ප‍්‍රතිපත්ති මාර්ගයෙහි පිහිටියාවු, සුපේශල ශික්ෂාකාමී, ශ‍්‍රද්ධා බුද්ධි සම්පන්න, පාලන භාරකාරත්වයෙහි ශුරත්වය. මුල්‍ය කළමණාකරණයෙහි අවංක අකුටිල බව, මානව සම්බන්ධතාවයෙහි හා තීරණ ගැන්මාදි යෙහි මධ්‍යස්ථ භාවය හා විචක්ෂණ භාවය සමග උභය කුල පාරිශුද්ධත්වයෙන් ඉඳුරාම යුක්ත වියයුතුය බව බෞද්ධ ලෝකයාගේ එකම පිළිගැනීමයි. මෙකී චරිතාංග සියල්ලක්ම පාහේ අඩුවක් නොමැතිම සපුරා ඇති වත්මන් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මැතිඳුන් පුර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ව්‍යවහාර වර්ෂ 2005 ජුලි මස 01 වෙනි දින වාර්තාගත බහුතර ඡුන්දයකින් අතිපුජනීය ශී‍්‍ර දන්ත ධතුන් වහන්සේගේ හා ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට තේරී පත්විය.
මුල් දිවිය
ප‍්‍රසන්න පෞරුෂත්වයෙන්, මුහුකුරා ගිය දැනුමෙන් හා ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් හෙබි මෙතුමා සබරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ දෑල නම් සුන්දර ග‍්‍රාමයේ ගොඩැල්ල වලව්වෙහි සම්භාවනීය පරපුරක ඩික්සන් සරත්චන්ද්‍ර දෑල යුවතිපති යුවළගේ අතිජාත පුත‍්‍ර රත්නය ලෙස ව්‍යවහාර වර්ෂ 1973 ඔක්තෝම්බර් මස 28 වෙනි දින ජන්ම ලාභය ලැබීය. දිවයිනේ ජනපි‍්‍රය බෞද්ධ විද්‍යාලයක් වු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් මුලික හා උසස් අධ්‍යාපනය ලැබ මෙතුමා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස දයාබර ගුරු මහත්ම මහත්මීන්ගේ හා සහෝදර සිසුනගේ ආදර ගෞරවයට ද පාත‍්‍ර විය.
දියවඩන නිලමේ
රාජ්‍ය වර්ෂ 1999දී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද, 2001 වර්ෂයේදී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද නිතරඟයෙන් තේරීපත් වු මෙතුමා, 2004 වර්ෂයේදී දෙවන වරටත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් නිතරගයෙන් පත්විය. අවුරුදු විසි පහක් වැනි ලාබල වියේදී බස්නායක නිලමේ තනතුරකට පත්වුවකු වශයෙන් වාර්තාවක් ද පිහිටවීය. 2005 වර්ෂයේදී ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට බහුතර ඡන්දයෙන් පත්වීම ද වාර්තාගත ජයග‍්‍රහණයක් විය. දිවයිනේ අග‍්‍ර ගණ්‍ය දේවාල දෙකක බස්නායක නිලමේ තනතුර හොබවමින් සිටිනා අතරතුර අතිපුජනීය ශි‍්‍ර දන්ත ධාතු මන්දිරයේ දියවඩන නිලමේවරයා ලෙස පත්වීම ද දුර්ලභ ගණයේ සුවිශේෂි සිද්ධියක් වන්නේය. දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව, නිර්මාංශ ආහාරයෙන් , මානව දයාවෙන් හා සත්ව කරුණාවෙන් යුක්ත වු මෙතුමා ශී‍්‍ර ලංකා හීලෑ අලි ඇතුන් හිමි හාම්පුතුන්ගේ සංගමයේ ගරු සභාපතිවරයා ලෙස අලි ඇතුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් සිදු කරනුයේ අමිල සේවාවකි.
ශී‍්‍ර දළදා මාලිගාවේ චිරාගත සාම්ප‍්‍රදායික බුදු පුද පුජා තේවා චාරිත‍්‍ර නොකඩ කොට මැනවින් පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය සියලූ කාර්යය භාරයන් මනාසේ සපුරාදෙන අතර, උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වු ශී‍්‍ර දළදා මාලිගාවේ සුරක්ෂිතභාවය හා ශෝභාමත් භාවය රැකගැනීමට හා ප‍්‍රවර්ධනයට නිසි පියවර ගනිමින් ඉටුකරනුයේ බලවත් ශාසනික මෙහෙවරකි.
බෞද්ධ ජනතාවගේ කාලීන අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් දිවයිනේ විහාරස්ථාන, දහම් පාසල්, සංවර්ධනය හා දිළිඳු බෞද්ධ ජනතාව නගා සිටුවීමාදී සත්කාරක සේවා රැසක් ද, දිළිඳු බෞද්ධ දරුවනගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමෙහිලා ශිෂ්‍යාධාර වැඩසටහන් ද ශී‍්‍ර ලංකා ජාත්‍යන්තර බෙඃද්ධ ඇකඩමිය මගින් බෞද්ධ අධ්‍යාපන ප‍්‍රවර්ධන වැඩසටහන් ද කි‍්‍රයාත්මක කිරීම සඳහා ස්වකීය කාලය, ශ‍්‍රමය කැපකරනුයේ මානව හිතවාදියෙකු, සත්පුරුෂයෙකු හා නියම බෞද්ධ නායකයෙකු පරිද්දෙනි.
එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, කොළඹ නාලන්දා විද්‍යාලය ”නාලන්දා කීර්තී ශී‍්‍ර” යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්ව විද්‍යාලය ”සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පුදනු ලැබුහ.