"ශ්‍රී ලංකාවේ රජවරු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
ලංකාවේ සුප්‍රසිද්ධ වංශකථා වන මහාවංශය, දීපවංශය, ථූපවංශය හා චූලවංශය මෙන්ම පූජාවලිය, දඹදෙණි කතිකාවත, දළඳා සිරිත ආශ්‍රයෙන් ක්‍රිස්තු පූර්ව 600 සිට ශ්‍රී ලංකාව (ඓතිහාසික යුගය ) පාලනය කළ රජවරු පිළිබඳ පිළිබඳ තොරතුරු ලබා ගත හැක.
ලංකාවේ සුප්‍රසිද්ධ වංශකථා වන [[මහාවංශය]], දීපවංශය, ථූපවංශය හා චූලවංශය මෙන්ම පූජාවලිය, දඹදෙණි කතිකාවත, දළඳා සිරිත ආශ්‍රයෙන් ක්‍රිස්තු පූර්ව 600 සිට ශ්‍රී ලංකාව (ඓතිහාසික යුගය ) පාලනය කළ රජවරු පිළිබඳ පිළිබඳ තොරතුරු ලබා ගත හැක.


මහාවංශය ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ නාගසේන තෙරුන් විසින් රචනා කරන ලද මූලික ලාංකීය වංශකථාව ලෙස සැලකිය හැක. මහානාම තෙරුන් මේ උදෙසා දීපවංශය, අට්ඨ කතා සහ ඉංදියානු ඓතිහාසික පුරාවෘත්ත උපයෝගී කර ඇත.
මහාවංශය ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ නාගසේන තෙරුන් විසින් රචනා කරන ලද මූලික ලාංකීය වංශකථාව ලෙස සැලකිය හැක. මහානාම තෙරුන් මේ උදෙසා දීපවංශය, අට්ඨ කතා සහ ඉංදියානු ඓතිහාසික පුරාවෘත්ත උපයෝගී කර ඇත.

22:38, 25 පෙබරවාරි 2011 තෙක් සංශෝධනය

ලංකාවේ සුප්‍රසිද්ධ වංශකථා වන මහාවංශය, දීපවංශය, ථූපවංශය හා චූලවංශය මෙන්ම පූජාවලිය, දඹදෙණි කතිකාවත, දළඳා සිරිත ආශ්‍රයෙන් ක්‍රිස්තු පූර්ව 600 සිට ශ්‍රී ලංකාව (ඓතිහාසික යුගය ) පාලනය කළ රජවරු පිළිබඳ පිළිබඳ තොරතුරු ලබා ගත හැක.

මහාවංශය ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ නාගසේන තෙරුන් විසින් රචනා කරන ලද මූලික ලාංකීය වංශකථාව ලෙස සැලකිය හැක. මහානාම තෙරුන් මේ උදෙසා දීපවංශය, අට්ඨ කතා සහ ඉංදියානු ඓතිහාසික පුරාවෘත්ත උපයෝගී කර ඇත.

මෙහි දැක්වෙන සමහර රජවරුන්ගේ පාලන කාලයන් සත්‍ය වශයෙන්ම ඒ රජවරුන් රාජ්‍යත්‍වයේ සිටි කාලයන්ට වඩා අඩුය. ඔවුන් ප්‍රාදේශිය වශයෙන් රට පාලනය කාලයේ ප්‍රධාන රාජධානිය තවත් රජකෙනෙකු පාලනය කිරීම නිසා මෙය සිදු විය හැක.

කෙසේ වුවද මතු දැක්වෙන කාල පරාසයන් ග්‍රන්ථයෙන් ග්‍රන්ථයට සුළු වශයෙන් වෙනස් වේ.

නාමය කාලය පාලන කාලය (අවුරුදු) සටහන්
1 විජය ක්‍රි.පූ. 543-505 38 තම්මැන්නා නුවර රජකම් කළේය
2 උපතිස්ස 505-504 1 අගනුවර-උපතිස්ස නුවර
3 පඬුවස්දෙව් 504-474 30 ඉන්දියාවේ සිට පැමිණි විජය රජුගේ ඥාතියෙකි
4 අභය 474-454 20 මිය යාමට පෙර රජකම සහෝදරයින්ට පැවරීය
අනුරාධපුර රාජධානිය (ක්‍රි.පූ. 437- ක්‍රි.ව. 1037)
5 පණ්ඩුකාභය 437-367 70 මුල් වරට අනුරාධපුරය රජධානිය කර ගත්තේ මෙතුමාය
6 මුටසීව 367-307 60 මෙතුමාගේ රාජ්‍ය කාලය පිළබඳ ගැටළු ඇත.
7 දේවානම්පිය තිස්ස 307-267 40
8 උත්තිය 267-257 10
9 මහාසිව 257-247 10
10 සූරතිස්ස 247-237 10
11 සේන සහ ගුත්තික 237-215 22
12 අසේල 215-205 10
13 එළාර 205-161 44
14 දුටුගැමුණු 161-137 24
15 සද්ධාතිස්ස 137-119 18
16 ථුල්ලත්‍ථන 119 මාස 1යි
17 ලජ්ජිතිස්ස 119-109 10
18 ඛල්ලාටනාග 109-103 6
19 වළගම්බා 103 මාස 5යි
20 පූළහත්ථ 103-100 3
21 බාහිය 100-98 2
22 පනයමාර 98-91 7
23 පිළයමාර 91-90 1
24 දාඨිය 90-89 1
25 වළගම්බා (දෙවන වර) 89-76 12
26 මහසිළු මහතිස් 76-62 14
27 චොරනාග 62-50 12
28 කුඩාතිස්ස 50-47 3
29 අනුලා දේවි 47-42 5
30 මකලන්තිස්ස 42-20 22
31 භාතිය ක්‍රි.පූ. 20 - ක්‍රි.ව 9 30
32 මහදැළියාමානා ක්‍රි.ව. 9-21 12
33 අඩගැමුණු 21-30 9
34 කණීරජානුතිස්ස 30-34 4
35 චූලාභයතිස්ස 34-35 1
36 සීවලී රැජින 35 මාස 4යි
37 ඉළනාග 35-44 9
38 සඳමුහුණු (චන්ද්‍රමුඛ සිව) 44-52 8
39 යසලාලකතිස්ස 52-60 8
40 ශුභ 60-66 6
41 චසභ 66-110 44 අළුත් රාජ වංශයක් වන ලම්භකර්ණ වංශයේ ආරම්භක රජතුමාය
42 වංකනාසිකතිස්ස 110-113 3
43 ගජබා I 113-135 22
44 මහල්ලකනාග 135-141 6
45 භාතියතිස්ස II 141-165 24
46 කණිටුතිස් 165-193 28
47 සුළුනා 193-195 2
48 කුංචනාග 195-196 1
49 සිරිනාග I 196-215 19
50 වොහාරතිස්ස 215-237 22
51 අභයනාග 237-245 8
52 සිරිනාග II 245-247 2
53 විජයිඳු 247-248 1
54 ශ්‍රී සංඝතිස්ස I 248-252 4
55 ශ්‍රී සංඝබෝධි 252-254 2
56 ගෝඨාභය 254-267 13
57 දෙටුතිස් I 267-276 9
58 මහසෙන් 276-302 26
59 කිත්සිරිමෙවන් 302-330 28
60 දෙටුතිස් II 330-339 9
61 බුද්ධදාස 339-368 29
62 උපතිස්ස II 368-410 42
63 මහානාම 410-432 22
64 සොත්ථිසේන 432-432 දවස් 1යි
65 ඡත්තගාහක 432-433 1
66 මිත්සෙන් (මිත්‍රසේන) 433-434 1
67 පණ්ඩු 434-440 6
68 පාරින්ද 440-443 3
69 කුඩා පාරින්ද 443-458 15
70 තිරිතර 458-458 0
71 දාඨිය 458-461 3
72 පිඨිය 461-461 0
73 ධාතුසේන 461-479 18
74 කාශ්‍යප I 479-497 18 සීගිරිය රාධානිය කර ගත්තේය
75 මුගලන් I 497-515 18
76 කුමාරදාස 515-524 9
77 කීර්තිසේන 524-525 1
78 සිව 525-525 මාස 9යි
79 උපතිස්ස III 525-526 1
80 සිලාකාළ 526-539 13
81 දාඨප්පභූති I 539-540 1
82 මුගලන් II 540-560 20
83 කිත්සිරිමේ (කීර්ති ශ්‍රී මේඝ වර්‍ණ) 560-561 දවස් 19යි
84 මහානාග 561-564 3
85 අග්බෝ I 564-598 34
86 අග්බෝ II 598-608 10
87 සංඝතිස්ස 608-608 මාස 2යි
88 දළ මුගලන් 608-614 6
89 අසිග්‍රාහක 614-623 9
90 අග්බෝ III 623-623 මාස 6යි
91 දෙටුතිස් III 623-624 1
92 අග්බෝ III (දෙවන වර) 624-640 12
93 දාඨොපතිස්ස I 640-652 12
94 කාශ්‍යප II 652-661 9
95 දප්පුල I 661-664 3
96 දාඨොපතිස්ස II 664-673 9
97 අග්බෝ IV 673-689 16
98 දනපිටියේ දත්ත 689-691 2
99 හත්ථදාඨ II 691-691 මාස 6යි
100 මාණවම්ම 691-726 35
101 අග්බෝ V 726-732 6
102 කාශ්‍යප III 732-738 6
103 මිහිඳු ආදිපාද I 738-741 3
104 අග්බෝ VI 741-781 40
105 අග්බෝ VII 781-787 6 පොළොන්නරුව
106 මිහිඳු II 787-807 20 යළි අනුරාධපුර
107 දප්පුල II 807-812 5
108 මිහිඳු III 812-816 4
109 අග්බෝ VIII 816-827 11
110 දප්පුල III 827-843 16 බොරමිණිපාය
111 අග්බෝ IX 843-846 3 අනුරාධපුර
112 සේන I (සිලාමේඝ) 846-866 20 පොළොන්නරුව
113 සේන II 866-901 35 එම
114 උදය I 901-912 11 එම
115 කාශ්‍යප IV 912-929 17 එම
116 කාශ්‍යප V 929-939 10 එම
117 දප්පුල IV 939-940 1 එම
118 දප්පුල V 940-952 12 එම
119 උදය II 952-955 3 එම
120 සේන III 955-964 9 එම
121 උදය III 964-972 8 එම
122 සේන IV 972-975 3 එම
123 මිහිඳු IV 975-991 16 එම
124 සේන V 991-1001 10 එම
125 මිහිඳු V 1001-1017 16 අනුරාධපුර (අනුරාධපුර රාජධානියේ අවසන් රජතුමාය)
පොළොන්නරු රාජධානිය (ක්‍රි.ව 1017- ක්‍රි.ව. 1215)
126 විජයබාහු I 1065-1120 55 රාජධානිය නිල වශයෙන් පොළොන්නරුව කරගත්තේය
127 ජයබාහු I 1120-1121 1
128 වික්‍රමබාහු 1121-1142 21
129 ගජබා II 1142-1164 22
130 මහා පරාක්‍රමබාහු (I) 1164-1197 33
131 විජයබාහු II 1197-1198 1
132 මිහිඳු VI 1198-1198 දින 5යි
133 කීර්ති නිශ්ශංක 1198-1207 9
134 වීරබාහු I 1207-1207 දින 1යි
135 වික්‍රමබාහු II 127-1207 මාස 3යි
136 චෝගංග 1207-1208 1
137 ලීලාවතී රැජින 1208-1210 2
138 සහස්සමල්ල 1210-1212 2
139 කල්‍යාණවතී රැජින 1212-1218 6
140 ධර්‍මාශෝක 1218-1219 1 රාජාභිෂේක කරන විට වයස මාස තුනකි. ආයස්මන්ත සේනෙවියා රට පාලනය කලේය
141 අණිකංග 1219-1219 දින 17යි ආක්‍රමණික චෝල කුමාරයෙක්
142 ලීලාවතී රැජින (නැවත) 1219-1220 1
144 ලෝකේශ්වර 1220-1221 මාස 9යි ආක්‍රමණිකයෙකි
144 ලීලාවතී රැජින (නැවත) 1221-1222 1
145 පරාක්‍රමපණ්ඩු 1222-1225 3 ආක්‍රමණික පාණ්ඩ්‍යයෙකි
146 මාඝ (කාලිංග) 1225-1246 21 කාලිංග දේශයෙන් පැමිණි ආක්‍රමණිකයෙකි
දඔදෙණි රාජධානිය (ක්‍රි.ව 1246- ක්‍රි.ව. 1287)
147 විජයබාහු III 1246-1250 4
148 පරාක්‍රමබාහු II 1250-1285 35
149 විජයබාහු IV 1285-1287 2 පොළොන්නරුව
යාපහුව රාජධානිය
150 භුවනෙකබාහු I 1287-1298 11 දඹදෙණිය සහ යාපහුව.
151 පරාක්‍රමබාහු III 1298-1303 5 පොළොන්නරුව
කුරුණෑගල රාජධානිය
152 භුවනෙකබාහු II 1303-1305 2
153 පඬි පරාක්‍රමබාහු (IV) 1305 රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
154 භුවනෙකබාහු III රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
155 ජයබාහු II රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
ගම්පොළ රාජධානිය
156 භුවනෙකබාහු IV 1347-1351 4
157 පරාක්‍රමබාහු V 1351-1356 5
158 වික්‍රමබාහු III 1356-1371 15
කෝට්ටේ රාජධානිය
159 භුවනෙකබාහු V 1371-1400 29 ගම්පොළ සහ කෝට්ටේ
160 වීරබාහු II 1400-1415 15
161 ශ්‍රී පරාක්‍රමබාහු (VI) 1415-1467 52 අවසන් වරට ශ්‍රී ලංකාව එක්සේසත් කළේ මෙතුමාය
162 ජයබාහු III 1467-1467
163 භුවනෙකබාහු VI 1467-1474 7
164 පඬිත පරාක්‍රමබාහු (VII) 1474-1485 11
165 වීර පරාක්‍රමබාහු (VIII) 1485-1505 20
166 ධර්‍ම පරාක්‍රමබාහු (IX) 1505-1527 22
167 විජයබාහු V 1527-1534 7
168 භුවනෙකබාහු VII 1534-1542 8
169 දොන් ජුවන් ධර්‍මපාල 1542-1581 39
170 රාජසිංහ I 1581-1592 11 සීතාවක (උඩරට අත්පත් කරගැනීමෙන් ලංකාවටම මහ රජ බවට පත්විය)
සෙංකඩගල රාජධානිය (ක්‍රි.ව. 1592 - ක්‍රි.ව. 1815)
171 විමලධර්‍මසූරිය I 1592-1604 12 සීතාවක තිබූ දළඳා වහන්සේ නුවරට වැඩමවා රාජ්‍යත්වය තහවුරු කර ගත්තේය.
172 සෙනරත් 1604-1634 30
173 රාජසිංහ II 1634-1684 50
174 විමලධර්‍මසූරිය II 1684-1706 22
175 වීර පරාක්‍රම නරේන්‍ද්‍රසිංහ 1706-1739 33 අවසන් සිංහල රජු ලෙස සැලකේ
176 ශ්‍රී විජය රාජසිංහ 1739-1747 8 නායක්කර් වංශයේ ආරම්භක රජු
177 කීර්ති ශ්‍රී රාජසිංහ 1747-1780 33
178 රාජාධිරාජසිංහ 1780-1798 18
179 ශ්‍රී වික්‍රම රාජසිංහ 1798-1815 17 ශ්‍රී ලංකාව පාලනය කළ අවසාන රජතුමාය

රුහුණ, මාගම, ගම්පොළ, සත්කෝරලේ, සෙංකඩගල, සීතාවක, ඌව ආදී ප්‍රදේශ වල ප්‍රාදේශිකව රජ කළ රජුන් සංඛ්‍යාව 22කි.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_රජවරු&oldid=142443" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි