"කෘමිනාශක මඟින් පරිසරයට සිදු කරන බලපෑම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:කෘමිනාශක නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
9 පේළිය: 9 පේළිය:
[[Category:කෘමිනාශක]]
[[Category:කෘමිනාශක]]


[[en:Environmental effects of pesticides]]
[[en:Environmental_effects_of_pesticides]]
[[sl:Učinki pesticidov na okolje]]
[[tr:Pestisit kirliliği]]

02:46, 22 ජනවාරි 2011 තෙක් සංශෝධනය

කෘමිනාශක භාවිතය මඟින් පරිසරය වෙත ඉලක්කගත නොවූ බලපෑම් සිදු විය හැක.

විසිර විදීම මඟින් ක්ෂේත්‍රයට යොදනු ලබන කෘමිනාශකවලින් 98%ක් ද වල් නාශකවලින් 95%ක් ද ඒවායේ ඉලක්කගත ජීවී විශේෂය වෙත ළඟා වීම වෙනුවට වෙනත් ජීවී විශේෂ, වාතය, ජලය, අවසාදන සහ ආහාර වෙත එක් වීම සිදු වන බව සොයා ගෙන ඇත. කෘමිනාශක ඒවායේ නිෂ්පාදන ස්ථානයන්හි දී සහ ගබඩා ටැංකිවලින් පරිසරයට මුදා හැරෙන විට, ඒවා කෘෂිකාර්මික බිම්වලින් ඉවතට ගලා යන විට, ඉවත හෙළු විට, වාතයට විසිරවීම කළ විට සහ ඇල්ගී විනාශ කිරීම සඳහා ජලයට විදීම සිදු කළ විට යන අවස්ථාවන්හි දී පස සහ ජලය දූෂණය කරයි. ඉලක්කගත ප්‍රදේශයෙන් පිටතට කිසියම් කෘමිනාශකයක් සංක්‍රමණය වීම සඳහා එහි රසායනික ගුණ බලපායි. ඒවා වනුයේ අදාල රසායනිකය පස සමඟ බැඳීමට දක්වන හැකියාව, එහි වාෂ්ප පීඩනය, එහි ජල ද්‍රාව්‍යතාවය සහ කාලයත් සමඟ ස්වභාවිකව බිඳ වැටීමට අදාල සංයෝගය දක්වන ප්‍රතිරෝධීතාව යනාදියයි. මේ හැරුණු විට කෘමි නාශක යොදන ලද පසෙහි වයනය, එහි ජලය රඳවා ගැනීමේ හැකියාව, එහි අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය යන සාධක ද කෘමිනාශක පැතිරීයාම කෙරෙහි බලපායි.

ඇතැම් කෘමිනාශක ගෝලීය උණුසුම් වීමට සහ ඕසෝන් ස්ථරය හායනයට ද බලපායි.