"ඔඩිලන් රේඩන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: cs, da, de, es, fi, fr, gl, he, hu, it, ja, lv, nl, no, pl, pms, pt, ro, ru, simple, sr, sv, tr
18 පේළිය: 18 පේළිය:
[[ගොනුව: Odilon_Redon.jpg|thumb|]]
[[ගොනුව: Odilon_Redon.jpg|thumb|]]


[[en:Odilon_Redon]]
[[cs:Odilon Redon]]
[[da:Odilon Redon]]
[[de:Odilon Redon]]
[[en:Odilon Redon]]
[[es:Odilon Redon]]
[[fi:Odilon Redon]]
[[fr:Odilon Redon]]
[[gl:Odilon Redon]]
[[he:אודילון רדון]]
[[hu:Odilon Redon]]
[[it:Odilon Redon]]
[[ja:オディロン・ルドン]]
[[lv:Odilons Redons]]
[[nl:Odilon Redon]]
[[no:Odilon Redon]]
[[pl:Odilon Redon]]
[[pms:Odilon Redon]]
[[pt:Odilon Redon]]
[[ro:Odilon Redon]]
[[ru:Редон, Одилон]]
[[simple:Odilon Redon]]
[[sr:Одилон Редон]]
[[sv:Odilon Redon]]
[[tr:Odilon Redon]]

02:15, 22 ජනවාරි 2011 තෙක් සංශෝධනය

ස්ව-ආලේඛ්‍ය චිත‍්‍රයක්, 1880

ඔඩිලන් රේඩන් :1840 අපේ‍්‍රල් 22 - 1916 ජූලි 10* ප‍්‍රංශයේ උපත ලද සංකේතවාදී සිත්තරකු හා මුද්‍රණකරුවකු විය.

රේඩන් කුඩාකල සිටම සිතුවම් ඇඳිම ආරම්භකළ අතර වයස අවු. 10 දී පාසැලේ සිතුවම් ඇඳීමේ තරඟයෙන් ජයග‍්‍රහණය ලැබීය. අවු 15 දී ඇඳීම පිලිබඳ විධිමත් අධ්‍යනයන් ආරම්භ කළද සිය පියාගේ බලකිරීම මත ගෘහනිර්මාණ ශිල්පය වෙත යොමුවීමට ඔහුට සිදුවිය. පැරීසියේ ඇතුලත්වීමේ විභාගයෙන් ඔහු අසමත්වීම හේතුකොටගෙන ගෘහනිර්මාණ ශිල්පියකු බවට පත්වීමේ සිහිනය අත්හැර දැමීමට ඔහුට සිදුවූ නමුත් පසුකාලීනව ඔහු ජීන් ලියොන් ජෙරෝම් යටතේ ඔහු එහි අධ්‍යාපනය ලැබීය.

නැවත සිය ගම් ප‍්‍රදේශයෙදී මූර්ති ශිල්පය ප‍්‍රගුණ කළ ඔහුට නිරේඛනය සහ ලිතෝග‍්‍රෆි වෙත යොමුවන ලෙස රැඩොල්ෆ් බ්‍රෙස්ඩින් විසින් උපදෙස් දෙන ලදී. 1870 දී ප‍්‍රංශ-පර්සියානු යුද්ධයට සහභාගිවීම සඳහා ඔහු හමුදාවට බැඳීම හේතුකොටගෙන 1870 දී ඔහුගේ කලාත්මක වෘත්තීය ජීවිතයට බාධා පැමිණුනි.

යුද්ධය අවසානයේදී ඔහු පැරිස් වෙත පැමිණි අතර සම්පූර්ණයෙන්ම පාහේ ගල්අඟුරු සහ ලිතෝග‍්‍රෑෆි මධ්‍යයන්ගෙන් කටයුතු කරන ලදී. 1878 දී ප‍්‍රථම වරට ඔහුගේ නිර්මාණයන් ඇගයීමට ලක්වූ අතර 1879 දී ඔහු සිය ලිතෝග‍්‍රැෆි නිර්මාණ ඇතුලත් කෘතියක් ප‍්‍රකාශයට පත්කරන ලදී. කෙසේනමුත් 1884 දී ජොරිස් කාල් හයිස්මන්ගේ ගේ නවකථාවක් ප‍්‍රකාශයට පත්වන තුරු ඔහුට එතරම් ප‍්‍රසිද්ධියක් හිමි නොවුනි. මෙම නවකථාවේ අන්තර්ගතවූයේ රේඩන්ගේ ඇඳීම් එකතුකරන වංශවතකු පිලිබඳවය.

1890 ගණන්වලදී ඔහු පැස්ටල් හා තෙල් සායම් යොදාගැනීම ආරම්භ කරන ලදී. ඔහුගේ ජීවිතයේ ඉතිරි කාළය පුරා නිර්මාණය කළ සිතුවම්වලින් වැඩි ප‍්‍රමාණයක් මෙම මාධ්‍ය යොදාගෙන සිදුකෙරින. 1899 දී ඔහු ප‍්‍රදර්ශනයක් පැවැත්වීය. 1913 දී අන්රේ මෙලිරියෝ විසින් නිරේඛන සහ ලිතෝග‍්‍රෑෆි පිලිබඳ නාමාවලියක් ප‍්‍රකාශයට පත්කළ පසු ඔහුගේ ජනපි‍්‍රයත්වය තවදුරටත් වර්ධනය වූ අතර එම වසරේදීම නිව්යෝර්ක් ආයුධ සන්දර්ශනයේ වැඩිම නියෝජනයක් ලබාදී තිබුණේ ඔහුටය. 1923 දී මෙලිරියෝ විසින් Odilon Redon: Peintre Dessinateur et Graveur කෘතිය ප‍්‍රකාශයට පත්කරන ලදී. 2005 වසරේදී නූතන කලාව පිලිබඳ කෞතුකාගාරය රේඩන්ගේ කෘතීන් පිලිබඳ පුළුල් විශ්ලේෂණයක් සහිත දෘෂ්‍යමානයෙන් ඔබ්බට’ නමින් ප‍්‍රදර්ශනයක් සංවිධානය කරන ලද අතර එහිදී ඔහුගේ සිතුවම්ල ඇඳීම් සහ මුද්‍රණයන් 100 කට වඩා ප‍්‍රදර්ශනය කෙරින. ප‍්‍රදර්ශනය 2005 ඔක්තෝබර් 30 සිට 2006 ජනවාරි 23 දින දක්වා පැවැත්විනි.



"https://si.wikipedia.org/w/index.php?title=ඔඩිලන්_රේඩන්&oldid=137087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි