"චන්ද්‍රයා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.5) (robot Modifying: ar:قمر (توضيح)
සුළු robot Modifying: ar:القمر
81 පේළිය: 81 පේළිය:
[[an:Luna]]
[[an:Luna]]
[[ang:Mōna]]
[[ang:Mōna]]
[[ar:قمر (توضيح)]]
[[ar:القمر]]
[[arc:ܣܗܪܐ]]
[[arc:ܣܗܪܐ]]
[[arz:قمر]]
[[arz:قمر]]

22:02, 20 දෙසැම්බර් 2010 තෙක් සංශෝධනය

චන්ද්‍රයා Moon symbol
Full moon
පූර්ණ චන්ද්‍රයා පෘථිවිය මත සිටින නිරීක්ශකයෙක් හට දිස්වන අයුරු.
නිලනාමයන්
විශේෂණය"lunar"
කක්ෂීය ලක්ෂණ
පරිgee363 104 km  (0.002 4 AU)
විgee405 696 km  (0.002 7 AU)
අඩ-මහා අක්ෂය384 399 km  (0.002 57 AU[1])
උත්කේන්ද්‍රියතාවය0.054 9[1]
කක්ෂීය කාලාවර්තය27.321 582 d  (27 d 7 h 43.1 min[1])
චන්ද්‍ර කාලාවර්තය29.530 588 d  (29 d 12 h 44.0 min)
සාමාන්‍යය කක්ෂීය වේගය1.022 km/s
ආනතිය5.145° to the ecliptic[1]
(between 18.29° and 28.58° to Earth's equator)
ආරෝහණ මංසලෙහි දේශාංශකයregressing by one revolution in 18.6 years
පරිgee විස්තාරයprogressing by one revolution in 8.85 years
මෙහි චන්ද්‍රිකාවකිEarth
භෞතික ගුණාංග
මධ්‍යන්‍යය අරය1 737.10 km  (0.273 Earths)[1]
සමක අරය1 738.14 km  (0.273 Earths)
ධ්‍රැවීය අරය1 735.97 km  (0.273 Earths)
Flattening0.001 25
Circumference10 921 km (equatorial)
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය3.793 × 107 km²  (0.074 Earths)
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය1.622 m/s² (0.165 4 g)
මිදුම් ප්‍රවේගය2.38 km/s
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තය27.321 582 d (synchronous)
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය4.627 m/s
ආක්ෂක ආනතිය1.542 4° (to ecliptic)
6.687° (to orbit plane)
ප්‍රභානුපාතය0.12
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
equator 100 K 220 K 390 K
85°N[5] 70 K 130 K 230 K
දෘශ්‍ය විශාලත්වය−2.5 to −12.9[2]
−12.74 (mean full moon)[3]
කෝණික විෂ්කම්භය29.3 to 34.1 arcminutes[3][4]
පෘෂ්ඨීය පීඩනය2.25  × 10-12 torr [6]

චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 ක් වන අතර, පරිමාව 1/5 ක් වේ. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සියාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km ක් වන අතර, චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සියාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ක්, පැය 7ක්, මිනිත්තු 43 ක් හා තත්පර 11.5 ක් ගත වේ. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වන හෙයින් එහි ආලෝකවත් වන කොටස ප්‍රමාණයෙන් වෙනස් වේ. සදේ දීප්තිමත් කොටස විවිධ හැඩයෙන් යුතු වේ. පුරහද හෙවත් පසළොස්වක දිනදී, සද දීප්තිමත් වෘත්තයක් සේද, අටවක දිනකදී සදෙන් අඩක් දීප්තිමත්ව ද, පෙනෙනු ඔබ දැක ඇත. සදෙහි දීප්තිය අධික ලෙස අපේ ඇසට දැනුන ද අවකාශයට පරාවර්තනය කරනුයේ,ඒ මතට පතිත වන ආලෝකයෙන් සියයට 7 ක් පමණි.

පැරණි නිරීක්‍ෂකයන් විශ්වාස කළ පරිදි සදෙහි අදුරු පැත්ත සාගර හෝ දීප්තිමත් පැත්ත ගොඩබිම හෝ නොවේ. චන්ද්‍රයාගේ මතුපිට දැනට කර තිබෙන නිරීක්‍ෂණ අනුව එය ආවාට, කදු වැටි, තැනිතලා, විභේද වැනි භූ ලක්‍ෂණ වලින් සමන්විත වේ. විශාලතම ආවාටය ලෙස සැලකෙන බේලි 295 km ක් පළල සහ 3960 km ක් ගැඹුරුය. විශාලතම මුහුද වූ මාර් ඉම්බ්‍රිඅම් 1200 km ක් පළල් වේ. උසම කන්ද 6100 m වන අතර එය ලෙයිබෙනිට්ස් හා ඩොඑර්පල් වැටි අතරේ චන්ද්‍රයාගේ දක්‍ෂිණ ධ්‍රැවයට ආසන්නව පිහිටා තිබේ. චන්ද්‍රයගේ ආවාට නිර්මාණය විවිධාත්මකය. ඒවා චන්ද්‍රයා නිර්මාණය වූ මුල් කාලයේදී ඇති වූ අධිප්‍රවේගයෙන් යුතු උල්කාපාත හෝ කුඩා ග්‍රහාංශු විසින් නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

චන්ද්‍රයාගේ උපත හා නිර්මාණය පිළිබඳව විවිධ මත පවතී. එක් මතයකින් කියවෙනුයේ චන්ද්‍රයා පෘතුවියෙන් පැලී, වෙන් වී එහි කක්‍ෂය වටා භ්‍රමණය වන බවයි.මේ මතයට එක් සාක්ෂියක් නම්, සදේ ඝනත්වය සහ පෘථිවියේ හරස් හෝ ඉහළ උප ස්ථරයේ පාෂාණවල ඝනත්වය සමාන වීමයි. තවත් මතයකින් කියවෙනුයේ පෘථිවිය, චන්ද්‍රයා හා සූර්යග්‍රහ මණ්ඩලයේ සෙසු සියලු ම වස්තූන් විශාල වලකුළක් ලෙස එකට කොටු වී තිබූ බවත්, පසුව ඒවායින් බොහොමයක් මධ්‍යයට එක් වී සූර්යයා නිර්මාණය කළ බවත් ය. තෙවැනි මතයෙන් චන්ද්‍රයා, සූර්ය ග්‍රහ මණ්ඩලයට පිටතින්, පෘථිවියට ඉතා ඈතින් නිර්මාණය වූ බවත් පසු කලෙක දී පෘථිවියේ ස්ථිර කක්‍ෂයට ඇද ගන්නට ඇති බවත් කියවේ.

19 වන හා 20 වන සියවස්වල දී දුරදක්න ආධාරයෙන් චන්ද්‍රයාගේ ආලෝකවත් පැත්ත පිළිබඳව සෑහෙන තොරතුරු රැස්කර ගත හැකි විය. සෝවියට් ලුනික් 111 අභ්‍යවකාශ යානය මගින් චන්ද්‍රයාගේ අදුරු පැත්ත පිළිබඳව ප්‍රථම වරට 1959 දී ඡායාරූප රාශියක් ලබාගෙන තිබුණි. මේ ඡායාරූපවලින් පැහැදිලි වූ කරුණක් වූයේ චන්ද්‍රයාගේ අදුරු පැත්ත ද ආලෝකවත් වී ඇති පැත්තට සමාන බවයි. චන්ද්‍රයාගේ මතුපිට සෑම තැන්හිම ආවාට විසිරී තිබෙනු දක්නට ලැබුණු අතර ඒවා ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවායේ සිට ඉතා කුඩා ඒවා දක්වා විය. එක්සත් ජනපදයේ රැන්ජර් 7,8,9, සහ ඕර්බිටර් 1 (1964) හා ඕර්බිටර් 2 (1966) අභ්‍යවකාශ යානා මගින් ඉහත අදහස් සනාථ කළ අතර, චන්ද්‍රයාගේ මතුපිට මීටරයකට වඩා වැඩි විෂ්කම්භයෙන් යුතු ආවාට ට්‍රිලියන 3ක් පමණ තිබෙන බව වාර්තා කළේ ය.

එක්සත් ජනපදය හා සෝවියට් දේශය 1960 ගණන්වල දී අභ්‍යවකාශගත කළ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා මගින් රැස්කළ පාෂාණ පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලි වූයේ, චන්ද්‍රයා වසර 4,600,000,000 ක් පමණ පැරණි බවත් එය පෘථිවිය හා සම වයසේ හෝ සමහර විටෙක සූරයග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයින් තරමට ම පැරණි විය හැකි බවත් ය. ඇපලෝ 11, 12, 14, සහ 17 යානා ඇසුරින් චන්ද්‍රයාගේ මතු පිටින් පාෂාණ හා පස් කිලෝ ග්‍රෑම් 384 ක් පරීක්‍ෂණ සදහා පෘථිවියට ගෙනවිත් තිබෙන අතර ටෝරස් ලිට්රෝ නිම්න ප්‍රදේශයේ 35 km ක් ප්‍රදේශය පැය 22 ක් තිස්සේ අධ්‍යයනය කරන්නට ද යෙදුණි.


මූලාශ්‍රය

  • පෘථිවි වායුගෝලය - ආචාර්ය A.H.Danapala.

ආශ්‍රිත

  1. 1.0 1.1 1.2 1.3 1.4 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; W06 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. The maximum value is given based on scaling of the brightness from the value of -12.74 given for an equator to Moon-centre distance of 378 000 km in the NASA factsheet reference to the minimum Earth-Moon distance given there, after the latter is corrected for the Earth's equatorial radius of 6 378 km, giving 350 600 km. The minimum value (for a distant new moon) is based on a similar scaling using the maximum Earth-Moon distance of 407 000 km (given in the factsheet) and by calculating the brightness of the earthshine onto such a new moon. The brightness of the earthshine is [ Earth albedo × (Earth radius / Radius of Moon's orbit)² ] relative to the direct solar illumination that occurs for a full moon. ({{{1}}}; {{{1}}} radius × equatorial {{{1}}}).
  3. 3.0 3.1 Williams, D.R. (February 10, 2006). "Moon Fact Sheet". NASA. සම්ප්‍රවේශය 2007-10-12.
  4. The range of angular size values given are based on simple scaling of the following values given in the fact sheet reference: at an Earth-equator to Moon-centre distance of 378 000 km, the angular size is 1896 arcseconds. The same fact sheet gives extreme Earth-Moon distances of 407 000 km and 357 000 km. For the maximum angular size, the minimum distance has to be corrected for the Earth's equatorial radius of 6 378 km, giving 350 600 km.
  5. A.R. Vasavada, D.A. Paige, and S.E. Wood (1999). "Near-Surface Temperatures on Mercury and the Moon and the Stability of Polar Ice Deposits". Icarus. 141: 179. doi:10.1006/icar.1999.6175. {{cite journal}}: Unknown parameter |yesr= ignored (help)CS1 maint: multiple names: authors list (link)
  6. "Moon." Encyclopædia Britannica. 2008. Encyclopædia Britannica Online. 10 Sep. 2008 <http://www.britannica.com/EBchecked/topic/391266/Moon>.
"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රයා&oldid=133544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි