"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: uk:Кухня Шрі-Ланки
No edit summary
6 පේළිය: 6 පේළිය:
== ප්‍රධාන ආහාර වර්ග ==
== ප්‍රධාන ආහාර වර්ග ==


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිලිගැන්වේ. [[කිරිබත්]] නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්,මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව [[අච්චාරු]],[[චට්නි]] හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ග වලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි. පොල් සම්බෝල, බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ආහාරයට ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි.ඉතා සිහින්ව ගා ගන්නා ලද පොල්, මිරිස්, [[උම්බලකඩ]] හා දෙහි යුෂ කලවම් කර අඹරා පොල් සම්බෝල සාදා ගනී. මෙසේ අඹරා ගන්නා මිශ්‍රනය බත් සමඟ ආහාරයට ගන්නා අතර මෙමඟින් ආහාර රුචිය වැඩි කරන බව විශ්වාස කරනු ලබේ.
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිලිගැන්වේ. [[කිරිබත්]] නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්,මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව [[අච්චාරු]],[[චට්නි]] හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ග වලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි. පොල් සම්බෝල, බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ආහාරයට ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි.ඉතා සිහින්ව ගා ගන්නා ලද පොල්, මිරිස්, [[උම්බලකඩ]] හා දෙහි යුෂ කලවම් කර අඹරා පොල් සම්බෝල සාදා ගනී. මෙසේ අඹරා ගන්නා මිශ්‍රනය බත් සමඟ ආහාරයට ගන්නා අතර මෙමඟින් ආහාර රුචිය වැඩි කරන බව විශ්වාස කරනු ලබේ.


ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝල වලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති.මැල්ලුම් සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ,සිහින්ව ගා ගත් පොල් හා රතු ළුණූ සමඟ මිශ්‍ර කිරීමෙනි.ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර එම රසය ලබා ගැනිමට පොල් කිරි බහුලව භාවිතා වේ.
ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝල වලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති.මැල්ලුම් සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ,සිහින්ව ගා ගත් පොල් හා රතු ළුණූ සමඟ මිශ්‍ර කිරීමෙනි.ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර එම රසය ලබා ගැනිමට පොල් කිරි බහුලව භාවිතා වේ.

12:04, 8 නොවැම්බර් 2010 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් කලාවට යටත් විජිතවාදීන්ගේ හා විදේශීය වෙළෙන්දන්ගේ ආභාෂය බොහෝ සෙයින් ලැබී ඇත.ශ්‍රී ලාංකිකයන් තම දහවල් හා රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සඳහා බත් හා ව්‍යංජන යොදා ගනී. බත් හා මාළු පිනි විශේෂ උත්සව අවස්ථාවලදී ද කෑම මේසයේ නොවරදින ආහාර වේලක් ලෙස දැකිය හැක.

ගොනුව:Sri-lanka-food.jpg
ලම්ප් රයිස්


ප්‍රධාන ආහාර වර්ග

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිලිගැන්වේ. කිරිබත් නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්,මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව අච්චාරු,චට්නි හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ග වලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි. පොල් සම්බෝල, බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ආහාරයට ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි.ඉතා සිහින්ව ගා ගන්නා ලද පොල්, මිරිස්, උම්බලකඩ හා දෙහි යුෂ කලවම් කර අඹරා පොල් සම්බෝල සාදා ගනී. මෙසේ අඹරා ගන්නා මිශ්‍රනය බත් සමඟ ආහාරයට ගන්නා අතර මෙමඟින් ආහාර රුචිය වැඩි කරන බව විශ්වාස කරනු ලබේ.

ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝල වලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති.මැල්ලුම් සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ,සිහින්ව ගා ගත් පොල් හා රතු ළුණූ සමඟ මිශ්‍ර කිරීමෙනි.ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර එම රසය ලබා ගැනිමට පොල් කිරි බහුලව භාවිතා වේ.

කිරිබත්

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට අනර්ඝ කුළු බඩු භාවිතා කරන රටක් ලෙස ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන සිටී.පහළොස්වන සහ දහසයවන ශතවර්ෂ වලදී ලෝකයේ විවිධ රටවල් වලින් ශ්‍රි ලංකාවට පැමිණි වෙළෙන්ඳන්,ඔවුන්ගේ රටවල් වල භාවිතා කරන ආහාර වර්ග හා විවිධ ඉවුම් පිහුම් ක්‍රම මෙරටට රැගෙන ආ අතර එවා දේශීය සාම්ප්‍රදායික ඉවුම් පිහුම් කලාවේ විශාල විවිධත්වයක් ඇති කිරීමට සමත් විය. "ලම්ප් රයිස්" ලෙස හඳුන්වන්නේ ලන්දේසි ආභාෂය ලද ශ්‍රි ලාංකික ආහාර වර්ගයකි.මෙය බත්,පිසූ මස්,විශේෂ ව්‍යංජනයක් යන සියල්ල කෙසෙල් කොළයක ඔතා පුළුස්සා ගැනීමෙන් සකස් කර ගන්නා ඉතා රසවත් ආහාරයකි.අතීතයේ සිට පැවත එන පෘතුගීසි හා ලන්දේසි රසකැවිලි වර්ග වර්තමානයේදී ද තවදුරටත් පෙර සේම ජනප්‍රියව භාවිතා වේ.බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව පැවති කාලයෙදී, බදින ලද හරක් මස් හා බදින ලද කුකුළු මස් ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලට එකතු විය.

ශ්‍රී ලාංකිකයෝ ආහාර පිළියෙල කිරීමේදී නොමසුරුව කුළුබඩු යොදා ගන්නා අතර ආහාර පිලියෙළ කිරීමට නිවැරදි යැයි සම්මතව පිළිගත් ආහාර වට්ටෝරු යොදා නොගනිති.මේ නිසා ආහාර වර්ග වල රසය එය පිළියෙල කරන පුද්ගලයා අනුව යම්තම් වෙනස් වේ. එපමණක්ද නොව දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජීවත්වන ජනතාව, විවිධ ජන වර්ග හා විවිධ ආගමික කොටස් ඔවුන්ගේ චාරිත්‍ර විධි වලට අනුකූලවන ආකාරයට ආහාර වර්ග සකස් කරන බැවින් ඒවායේ රසයන් ද එකිනෙක වෙන් වෙන්ව ගත් කල වෙනස් වේ.ආහාර පිළියෙල කිරීමේදී ශ්‍රී ලාංකිකයන් මිරිස්,කරදමුංගු,දුරු,කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු යොදා ගන්නා බැවින් ඒවා දකුණු ඉන්දියානු ආහාර වලට බොහෝ සමානකමක් දක්වයි.මීට අමතරව ආහාර රසවත් කිරීමට උම්බලකඩ වැනි ද්‍රව්‍ය ද යොදා ගනී.නමුත් ශ්‍රී ලාංකික ආහාර වලට එවාටම ආවේණික වූ විශේෂ රසයක් ඇත.

දකුණු ඉන්දියානු ආහාර වලට වඩා ශ්‍රී ලංකාවේ ආහාර වල කුළු බඩු රසය ඉහළ අගයක් ගනී.එලෙසම වැඩි ප්‍රමාණයක් මිරිස් භාවිතා කරමින් ආහාර පිසීම අතින් ද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත.මෙයට ප්‍රධාන හෙතුවක් වන්නේ ආහාර පිලියෙළ කිරීමේදී ශ්‍රී ලාංකිකයන් අමු මිරිස්,කොච්චි මිරිස් හා මාළු මිරිස් ලෙස විවිධ ප්‍රභේද වල මිරිස් වර්ග නොමසුරුව භාවිතා කිරීම නිසාය. උපතින්ම කුළු බඩු යෙදූ සැර ආහාර පාන ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකියාව තිබුනද සංචාරකයින්ට එම හැකියාව නැත.ඔවුන් නිතරම පවසන්නේ ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේදී යොදා ගන්නා කුළු බඩු ප්‍රමාණය ඉතාමත්ම වැඩි බවය.මෙහි ප්‍රථිඵලයක් ලෙස බොහෝ දේශීය අවන්හල්වල කුළු බඩු ස්වල්ප වශයෙන් යොදා පිළියෙල කරගන්නා ආහාර සංචාරකයින්ට පිලිගන්වන අතර අපරදිග ආහාර වර්ග ද ඔවුන්ගේ රුචිකත්වය පරිදි ලබා ගත හැක.තවද ශ්‍රී ලාංකිකයින් සාමාන්යෙන් නිවසේදී ආහාර පිසීමට යොදා ගන්නා මිරිස් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පොදු උත්සව අවස්ථා වල ආහාර පිසීමේදී යොදා ගනිති.

ආප්ප

"ආප්ප" ශ්‍රී ලංකාවට ආවේණික වූ තවත් සම්ප්‍රදායික ආහාර වර්ගයකි.ශ්‍රී ලාංකිකයෝ ප්‍රධාන ලෙස උදෑසන හෝ දහවල් ආහාරය ලෙස ආප්ප භාවිතා කරන අතර එය ලුණු මිරිස් සමඟ අනුභව කරනු ලබති.ආප්ප සෑදීමට හාල් පිටි,පොල් කිරි හා කිතුල් රා ස්වල්පයක් භාවිතා කරයි. රා ස්වල්පයක් යෙදීමෙන් හාල් පිටි මිශ්‍රණය ඉක්මණින් පැසීමට ලක්වන අතර බොහෝ අවස්ථා වලදී රා වෙනුවට යීස්ට් යොදා ගනී.පසුව මෙම මිශ්‍රණය තාච්චියක දමා පිස ගනු ලැබේ.බිත්තර ආප්ප,කිරි ආප්ප,වණ්ඩු ආප්ප හා පැණි ආප්ප ලෙස විවිධ ආප්ප වර්ග ඇති අතර ඒවායින් පැණි රසයෙන් යුක්ත වන්නෙ වණ්ඩු ආප්ප හා පැණි ආප්ප පමණි.

රසකැවිලි

"කැවුම්" ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම බොහෝ සේ ප්‍රිය කරන රසකැවිලි වර්ගයකි.මෙම රසකැවිලි වර්ගය සදා ගැනීමේදී හාල් පිටි හා පැණි ප්‍රධාන අමුද්‍රවය ලෙස යොදා ගන්නා අතර පසුව එය ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගනී.කැවුම්වල තවත් ප්‍රභේදයක් වන "මුං කැවුම්" සාදා ගන්නේ මුං ඇට නැමැති ධාන්‍ය වර්ගය යොදා ගැනීමෙනි.මුං ඇට පිටි හා පැණි මිශ්‍ර කර තලපයක් ලෙස සාදා ගෙන එයින් රුවිත හැඩයේ කැබලි කපා, ගැඹුරු තෙලේ බැදීමෙන් මුං කැවුම් පිළියෙල කර ගනී.තවද සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ දී කිරිබත් සමඟ විවිධ මාදිලියේ රසකැවිලි වර්ග වලින් සංග්‍රහ කිරීම සුලභ දසුනකි.ශ්‍රී ලාංකිකයන් භාවිතා කරන බොහෝ රසකැවිලි වර්ග වලට දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රසකැවිලිවල ආභාෂය ලැබී ඇත.

"වටලප්පන්" ශ්‍රී ලාංකිකයන් අතින් පිළියෙල වෙන තවත් රසවත් රසකැවිලි වර්ගයක් වන අතර මෙය ප්‍රථමයෙන්ම ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මැලේ ජාතිකයන් විසිනි. නමුත් වර්තමානයේ දී මෙය ප්‍රධාන ශ්‍රී ලාංකීය රසකැවිලි විශේෂයක් ලෙස භාවිතා කරනු ලැබේ."වටලප්පන්" පොල් කිරි,බිත්තර සහ හකුරු යොදා සාදා ගන්නා පුඩිං වර්ගයකි.

කෙටි ආහාර

කෙටි ආහාර ලෙස පේස්ට්‍රි,රෝල්ස් හා පැටිස් බොහෝ විට භාවිතා කරනු ලැබේ.ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ප්‍රියතම කෙටි ආහාර වර්ගය වන්නේ කුළු බඩු වලින් රසවත් කරන ලද අල හා එළු මස් මිශ්‍රනය පිරවුමක් ලෙස යොදා සාදා ගන්නා ලද රෝල් ය.

වෙනත් කෙටි ආහාර වර්ග

  • වඩේ
  • මාළු කට්ලට්
  • රෝල්ස්
  • පැටිස්

ප්‍රිය සම්භාෂන වලදී හා නිවසට පැමිණෙන ආගන්තුකයින්ට සංග්‍රහ කිරීමට නිතරම මෙම කෙටි ආහාර භාවිතා කරනු ලැබේ.ගෝලීයකරණය සමඟ ශ්‍රී ලංකාව තුල ක්ෂනික ආහාර සපයන අවන්හල් විශාල වශයෙන් ආරම්භ විය.කෙටි ආහාර ලෙස ශ්‍රී ලාංකිකයෝ මෙම ක්ෂනික ආහාර පරිභෝජනය කරති.

ගොනුව:Lankafood.jpg
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වේලක්

තවත් තොරතුරු සඳහා

පරිශීලන

පරිශීලන වෙබ් අඩවි නොමැත.

බාහිර සබැඳුම්

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_බොජුන්&oldid=128669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි