"පරමාණු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
merging fragments
ඡේදයට නොගලපෙන කොටස ඉවත් කලෙමි.
4 පේළිය: 4 පේළිය:


==පෘථිවිය==
==පෘථිවිය==
[[මිශ්‍ර සිංහල]]යේදී පෘථිවිය නම් යෙදුමින්ද හැඳින්වේ. [[හිරුමඬල]] හෙවත් සෞරග්‍රහමණ්ඩලය තුළ ඇති [[ග්‍රහලොව]]කි. [[හිරු]]ගේ සිට පිටතට යත්ම හමුවන තෙවන ග්‍රහලොවයි. [[සිකුරු]] හා [[අඟහරු]] යන ග්‍රහලෝකවලට මැදිව පිහිටයි. [[මිනිසා]]ගේ දැනීමට අනූව හිරුමඬලේ [[ජීවය]] පවතින එකම ග්‍රහලොවයි. මෙම ග්‍රහලොව වටා කරකැවෙන එක් ලොකු [[සඳ]]ක් ද පවතී.

වත්මන් පොළොව හා එහි ඇතුළත් සියලු දේ සෑදීමට දායක වී ඇති [[පරමාණු]] බො‍හෝමයක්ම ඒවායේ තත්වයෙන්ම [[සෞරග්‍රහමණ්ඩලය]] තැනීමට [[අණුක වළාවෙන්]] බිඳ වැටුණු [[නිහාරිකාව]] තුළ ඇතුළත් විය. අනෙකුත් සියලු පරමාණු [[විකිරණශීලී ක්ෂය වීමේ]] ප්‍රතිඵල වන අතර ඒවායේ [[සාපේක්ෂ සුලභතාව]] පොළොවේ වයස [[විකිරණමිතික නිර්ණය]] කිරීමට යොදාගත හැක. පොළෝ කබොලෙහි ඇතුළත් [[හීලියම්]]වලින් 99%ක් පමණම [[ඇල්ෆා ක්ෂය වීමේ]] ප්‍රතිඵල බව එම සාම්පලවල අඩංගු අඩු හීලියම් - 3 වායු ප්‍රතිශතය අනුව නිගමනය කර ඇත. (උදා- ගෑස් ළිං වලින් ලබාගන්නා හීලියම් වායු සාම්පල)
වත්මන් පොළොව හා එහි ඇතුළත් සියලු දේ සෑදීමට දායක වී ඇති [[පරමාණු]] බො‍හෝමයක්ම ඒවායේ තත්වයෙන්ම [[සෞරග්‍රහමණ්ඩලය]] තැනීමට [[අණුක වළාවෙන්]] බිඳ වැටුණු [[නිහාරිකාව]] තුළ ඇතුළත් විය. අනෙකුත් සියලු පරමාණු [[විකිරණශීලී ක්ෂය වීමේ]] ප්‍රතිඵල වන අතර ඒවායේ [[සාපේක්ෂ සුලභතාව]] පොළොවේ වයස [[විකිරණමිතික නිර්ණය]] කිරීමට යොදාගත හැක. පොළෝ කබොලෙහි ඇතුළත් [[හීලියම්]]වලින් 99%ක් පමණම [[ඇල්ෆා ක්ෂය වීමේ]] ප්‍රතිඵල බව එම සාම්පලවල අඩංගු අඩු හීලියම් - 3 වායු ප්‍රතිශතය අනුව නිගමනය කර ඇත. (උදා- ගෑස් ළිං වලින් ලබාගන්නා හීලියම් වායු සාම්පල)



12:05, 4 ඔක්තෝබර් 2010 තෙක් සංශෝධනය

රසායනික මූලද්‍රව්‍යයක් සමන්විත ඉතාම කුඩාම අංශුව පරමාණුව වේ. පරමාණුව ඝණ න්‍යෂ්ටියකින් වට වූ ඉලෙක්ට්‍රෝන ධාරාවකින් සමන්විත වේ. මෙම න්‍යෂ්ටිය ධන ආරෝපිත ප්‍රෝටෝන සහ විද්‍යුත් ලෙස උදාසීන නියුට්‍රෝනවලින් සමන්විත වන අතර එය වටා ඇති ධාරා සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනවලින් සමන්විත වේ. න්‍යෂ්ටියක ප්‍රෝටෝන ප්‍රමාණය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමාන වූ විට පරමාණුව විද්‍යුත් ලෙස උදාසීන වේ. එසේ නොමැති නම් එය අයනයක් වන අතර එහි ශුද්ධ ධන සහ සෘණ ආරෝපණ ඇත. පරමාණුවක් වර්ගීකරණය වී ඇත්තේ එහි අඩංගු ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ප්‍රමාණය අනුවයි. ප්‍රෝටෝන ප්‍රමාණය රසායනික මූලද්‍රව්‍ය තීරණය කරන අතර නියුට්‍රෝන ප්‍රමාණය මූල ද්‍රව්‍යයේ සමස්ථානිකය තීරණය කරයි. පරමාණුවක් වෙන් කළ නොහැකි සංයෝගවලින් සමන්විත යැයි යන සංකල්පය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ඉන්දියානු සහ ග්‍රීක දාර්ශනිකයන් විසිනි. 17 සහ 18 වන සියවස්වල දී මෙම අදහසට භෞතික සාධකයක් ඉදිරිපත් කරමින් රසායනික විද්‍යාඥයන් කියා සිටියේ රසායනික ක්‍රම මගින් සමහරක් සංයෝග බිඳ නොහැකි බවයි. 19 වන සියවසේ අවසානයේ සහ 20 වන සියවස මුල් භාගයේ උපපරමාණුක කොටස් සහ පරමාණුවක ඇතුළත ව්‍යුහය භෞතික විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද අතර පරමාණුව නොබිඳිය හැකි බව ඉන් පෙන්ණුම් කරන ලදී. පදාර්ථයක තරංග හා අංශු ද්විත්වය ඇතුළත්ව කොන්ටම් යාන්ත්‍රණයේ මූලිකාංග පරමාණුව නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා ලදී.

එදිනෙදා අත්දැකීම්වලට සමානව පරමාණුක යනු පරිලෝකන අන්වීක්ෂ වැනි විශේෂ උපකරණ යොදා ගෙන පමණක් අධ්‍යයනය කළ හැකි සමානුපාතික ස්කන්ධ සංස්ථිතියක් ඇති ඉතා කුඩා ද්‍රව්‍යයන්ගෙන් සමන්විත වේ. පරමාණුවක ස්කන්ධයෙන් 99.9% වත් වඩා සාන්ද්‍රණය වී ඇත්තේ න්‍යෂ්ටියේය. ප්‍රෝටෝනවලට සහ නියුට්‍රෝනවලට සමාන ස්කන්ධයක් ඇත. පරමාණුවක ප්‍රෝටෝන ප්‍රමාණයට නියුට්‍රෝන බොහෝ ප්‍රමාණයක් හෝ ඉතා අඩු ප්‍රමාණයක් ඇති විට න්‍යෂ්ටිය ස්ථිර නොවන අතර මට්ටම්වල ශක්ති වෙනස්කම්වලට ගැළපෙන පරිදි පෝටෝන/ෆෝටෝන අවශෝෂණය කිරීමෙන් හෝ පිට කිරීමෙන් මෙම තත්වය අතර ඔවුනට සංක්‍රමණය වීමට හැක. මුලද්‍රව්‍යයක රසායනික ලක්ෂණ ඉලෙක්ට්‍රෝන මගින් නිගමනය කරන අතර එය පරමාණුවක චුම්භක ලක්ෂණ වලටද දැඩි බලපෑම් ඇති කරයි.

පෘථිවිය

වත්මන් පොළොව හා එහි ඇතුළත් සියලු දේ සෑදීමට දායක වී ඇති පරමාණු බො‍හෝමයක්ම ඒවායේ තත්වයෙන්ම සෞරග්‍රහමණ්ඩලය තැනීමට අණුක වළාවෙන් බිඳ වැටුණු නිහාරිකාව තුළ ඇතුළත් විය. අනෙකුත් සියලු පරමාණු විකිරණශීලී ක්ෂය වීමේ ප්‍රතිඵල වන අතර ඒවායේ සාපේක්ෂ සුලභතාව පොළොවේ වයස විකිරණමිතික නිර්ණය කිරීමට යොදාගත හැක. පොළෝ කබොලෙහි ඇතුළත් හීලියම්වලින් 99%ක් පමණම ඇල්ෆා ක්ෂය වීමේ ප්‍රතිඵල බව එම සාම්පලවල අඩංගු අඩු හීලියම් - 3 වායු ප්‍රතිශතය අනුව නිගමනය කර ඇත. (උදා- ගෑස් ළිං වලින් ලබාගන්නා හීලියම් වායු සාම්පල)

නමුත් ආදි පොළොවේ අඩංගු නොවූ මෙන්ම විකිරණශීලී ක්ෂය වීමේ ප්‍රතිඵලයක් ද නොවන පරමාණු අංශුමාත්‍ර ප්‍රමාණයක් ද පොළොවේ පවතී. ඒවා අතරට අන්තරීක්ෂ විකිරණ නිසා වායුගෝලයේ නිරන්තරව උපදින කාබන් 14 පරමාණු සහ න්‍යෂ්ටික ප්‍රතිකාරක හෝ න්‍යෂ්ටික පිපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස කෘත්‍රීමව ඉපැදුවුණු හෝ ඒකකය කරන ලද පරමාණු ද අයත් වේ. ආවර්තිතා වගුවේ යුරේනියම්වලට පසුව එන පරමාණුක ක්‍රමාංකය 92 ඉක්මවූ මූලද්‍රව්‍ය අතුරින් පොළොව මත ස්වභාවිකව හමුවන්නේ ප්ලූටෝනියම් හා නෙප්චූනියම් පමණි. ප්‍ලූටෝනියම් -244 හැරුණු කොට අනෙකුත් යුරේනියම්වලට පසු මූලද්‍රව්‍ය හඳුනාගත හැකි ප්‍රමාණවලින් පොළොව මත ඉතිරිවී තිබිය නොහැක. ඊට හේතුව ඒවායේ විකිරණශීලී ජීවිතකාලයත් වර්තමානයේ පොළොවේ ජීවිත කාලයට වඩා අඩු වීමයි. ප්‍ලූටෝනියම් -244 පමණක් අන්තරීක්ෂ දූවිලි මගින් පොළොව මතට පැමිණීමට ඉඩ තිබේ. ස්වභාවික ප්ලූටෝනියම් හා නෙප්චූනියම් නිධි ඇති වන්නේ යුරේනියම් ලෝහය තුළ සිදුවන නියුට්‍රෝන ප්‍රතිග්‍රහණය නිසාය.

පොළොව දළ වශයෙන් පරමාණු 1.33 x 1050 ප්‍රමාණයකින් හැදී තිබේ. නියෝන් හා ආගන් වැනි උච්ච වායු මූලද්‍රව්‍ය පරමාණු කිහිපයක් හැරුණු විට පොළෝ වායුගෝලයේ ඇති පරමාණු 99% ක් පමණක් කාබන්ඩයොක්සයිඩ් , ඩයිඔක්සිජන් හා නයිට්‍රජන් ආදී ලෙස අණු ආකාරයෙන් බැදී පවතී. පොළෝ තලය මත ඇති පරමාණු ජලය , ලවණ , සිලිකේට හා ඔක්සයිඩ ආදී විවිධ සංයෝග සාදමින් එකිනෙක බැදී පවතී. ඇතැම් විට අණු ආකාර කුඩා පරිමාණයේ ඒකකවලින් තොර අණුක සංයෝගවලින් වෙනස් වූ දැල්-වැනි පරමාණු සැකසුම් ද දැකගත හැක. දියර හෝ මිදුණු ලෝහ හා ස්ඵටිකරූපී සංයෝග මේ සඳහා උදාහරණ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරමාණු&oldid=121682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි