"දි.මු. ජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු යළි-යොමුකිරීමක් මගින් දි. මු. ජයරත්න වෙත දි.මු. ජයරත්න ගෙන යන ලදි
No edit summary
2 පේළිය: 2 පේළිය:
|name = දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න
|name = දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න
|honorific-suffix = <br><small>[[Parliament of Sri Lanka|MP]]</small>
|honorific-suffix = <br><small>[[Parliament of Sri Lanka|MP]]</small>
|image = D. M. Jayaratne.jpg
|image = Dmj2.jpg
|office = [[අග්‍රාමාත්‍ය - ශ්‍රී ලංකා|ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය]]
|office = [[අග්‍රාමාත්‍ය - ශ්‍රී ලංකා|ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය]]
|term_start = 21 අප්‍රේල් 2010
|term_start = 21 අප්‍රේල් 2010

08:16, 11 අගෝස්තු 2010 තෙක් සංශෝධනය

දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය
තනතුර දරමින්
21 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
පුද්ගලික තොරතුරු
උපත7 ජුනි 1931 (1931-06-07) (වයස 92)[1]
දේශපාලන පක්ෂයනිදහස් පක්ෂය

දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න පාම ( ඩී. එම්. "දි මු" ජයරත්න ලෙසින්ද හැඳින්වෙයි;[3] ඉංග්‍රීසි: Disanayaka Mudiyanselage Jayaratne; දෙමළ: டிசைனாக முடியன்செலகே ஜெயரத்னே; උපත ජූනි 7, 1931[2]) යනු 20වන සහ වත්මන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වන අතර, කෘතහස්ත ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි ආරම්භක සාමාජිකයෙක් වන ජයරත්න මැතිතුමා, පළමුව පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 දීය. අග්‍රාමාත්‍ය වරයා ලෙසින් ඔහු දිවුරුම් දුන්නේ 2010, අප්‍රේල් 21 දිනදීය.[4]

මුල් දිවිය

දි. මු. ජයරත්න උපන්නේ 1931, ජූනි 7 වන දිනදීය. ඔහු අධ්‍යාපනය ලැබුයේ මහනුවර නගරයට මදක් ඔබ්බෙන් පිහිටි ගම්පොල නගරයෙහි පිහිටි දොළුව මහා විද්‍යාලයෙහිය. 1950 ගණන් වල මැද භාගයෙහිදී, ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි, කලා පීඨයෙහි ශිෂ්‍යයෙක් විය [තහවුරු කර නොමැත]. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමන් විසින් 1951දී මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව, ජයරත්න මැතිතුමා දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් සේවය කලේය. ඔහු පසුව දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙසින් 1960 සිට 1962 දක්වා සේවය කලේය.[1]

දේශපාලනය

ජයරත්න මැතිතුමා පළමුව පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 මහා මැතිවරණයෙහිදී, ගම්පොළ මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි (ශ්‍රිලනිප) අපේක්ෂකයා වශයෙන් ඡන්ද 14,463 ලැබ එක්සත් ජාතික පක්ෂයෙහි (එජාප) ඩබ්.පී.බී. දිසානායක මහතා පරාජය කරමිනි.[5] පසුව 1977 මැතිවරණයෙහිදී දිසානායක මහතා විසින් ඔහුව පරාජය කරන ලද අතර, එහිදී ශ්‍රීලනිප වෙතින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දෙනෙක් විය..[6] 1989 දී ඔහු මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ නව සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේය. මනාප ඡන්ද 54,290 සංඛ්‍යාවක් ලැබූ ඔහු, මහනුවර දිස්ත්‍රික්කයෙහි ශ්‍රිලනිප ලැයිස්තුවෙහි මුල් තැන ලැබීය.[1]

1994 දී, පොදු පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට යළි-තේරී පත්වූ ජයරත්න මැතිතුමා, ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින්, ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ, පළමු වරට කැබිනට් මණ්ඩලයට ඇතුළත් විය.[1]

දරන ලද කැබිනට් අමාත්‍ය ධූරයන්

  • ඉඩම්, කෘෂිකර්ම සහ වන සම්පත් - 1994-2000
  • කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර - 2000-2001
  • තැපැල් සහ විදුලි සංදේශ ; උඩරට සංවර්ධන - 2004-2005
  • තැපැල් සහ විදුලි සංදේශ; ග්‍රාමීය ආර්ථික සංවර්ධන - 2005-2007
  • වැවිලි කර්මාන්ත 2007-2010

අග්‍රාමාත්‍ය

2010 මහා මැතිවරණයෙහිදී, එක්සත් ජනතා නිදහස් සංධානයෙහි මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව, ශ්‍රිලනිපයෙහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයාවූ ජයරත්න මැතිතුමා, 2010 අප්‍රේල් 21 දිනදී අග්‍රාමාත්‍ය වරයා ලෙසින් දිවුරුම් දෙනු ලැබීය. ශ්‍රී ලංකාවෙහි වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, අග්‍රාමාත්‍ය ධූරය බොහෝ ලෙසින් චාරිත්‍රානුකූල තනතුරකි. එයද සමගින්, ඔහු බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය ද දරයි.[7]

See also

ආශ්‍රිත

  1. 1.0 1.1 1.2 1.3 "Sri Lanka's new Prime Minister is D. M Jayaratne". News.lk. 1931-06-07. සම්ප්‍රවේශය 2010-04-21.
  2. 2.0 2.1 Parliament profile
  3. http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201004/20100421new_prime_minister.htm
  4. D.M Jayaratne sworn in as PM, Daily Mirror, 2010-04-21
  5. "Results Of Parliamentary General Election -1970" (PDF). Department of Elections. සම්ප්‍රවේශය 2010-04-21.
  6. "Results Of Parliamentary General Election -1977" (PDF). Department of Elections. සම්ප්‍රවේශය 2010-04-21.
  7. http://adaderana.lk/news.php?nid=7906
දේශපාලනික ධුර
පූර්වප්‍රාප්තිකයා
Ratnasiri Wickremanayake
Prime Minister of Sri Lanka
2010–present
පදවිය හොබවයි

සැකිල්ල:ශ්‍රීලංකාඅග්‍රාමාත්‍යවරුන් සැකිල්ල:ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව

"https://si.wikipedia.org/w/index.php?title=දි.මු._ජයරත්න&oldid=113072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි