"විකිපීඩියා:පිළිගැනීමේ කමිටුව/සාකච්ඡා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
57 පේළිය: 57 පේළිය:


===සාකච්ඡාව===
===සාකච්ඡාව===
*කල්පනාකරලා කියන්නම්. -- [[User:දසනැබළයෝ|දසනැබළයෝ]] ([[User talk:දසනැබළයෝ|talk]]) 07:51, 3 අගෝස්තු 2010 (යූටීසී)

07:51, 3 අගෝස්තු 2010 තෙක් සංශෝධනය


නව පරිශීලකයකුට ආයුබෝවන් කිව යුත්තේ කුමන අවස්ථාවේදීද?

  1. නව ගිණුම තැනූ අවස්ථාවේදීම
  2. එක් සංස්කරණයකට පසුව
  3. සංස්කරණ 5 කට පසුව
  4. සංස්කරණ 10 කට පසුව
  5. සංස්කරණ x කට පසුව

සාකච්ඡාව

  • මාගේ මතය අනුව මා සිතන්නේ "නව ගිණුම තැනූ අවස්ථාවේදීම" මෙය සිදුකළ යුතු බවයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:23, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • මාගේ අදහස නව ගිණුම තැනූ අවස්ථාවේදීමසංස්කරණ x කට පසුව ඔහුට ආයුබෝවන් කිව යුතුය යන්නයි. -- බිඟුවා සාකච්ඡාව 05:58, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • සමහරක් අයවළුන් ප්‍රවිෂ්ට වන්නේ නිකමටය. ගිණුම තනා කිසිවිටෙක දායක නොවෙති. ඕනෑම භාෂාවක විකිපීඩියාවක මෙවැන්නවුන් සිටිති. මෙවැනි අයට ආයුබෝවන් කීම පලක් නැත. අපට හෝ ඔවුන්ට, දෙලොවටම පලක් නැත. යම් යම් උදවු ලිපි හෝ වෙනයම් දෙයක් ආශ්‍ර කල යුතු බව අප යෝජනා කරන්නේ නම් ජොලියට ගිණුම් තැනු අයට එයින් පලක් නැත. මොලය හිල් කර ඒවා වත්කලත් ඔවුන් දායක වන්නේ නැත. බැරි මරගාතෙන් හෝ සංස්කරණ 10 ක් පමණ කල පසුව මෙම ආශ්‍ර ලිපි සමග ඔවුන් ට ආයුබෝවන් කිව යුතුය. අප දැන් ඔවුන්ට කියවන්නට යැයි කියන ආශ්‍ර ලිපි සිංහලෙන් ලියා තිබේද? ඒවා ඉංග්‍රීසි නම් කිසි පලක් නැත. අපේ බොහෝ පරිශීලකයන්ට ඉංග්‍රීසි බැරිය. එසේ හැකි නම් ඔවුන් ඉංග්‍රීසි විකිපීඩියාවට දායක වනු ඇත. අපගේ පිළිගැනීමේ ලිපිය සිංහලද? එසේ නැත්නම් කිසි පලක් නැත. අප කියන්නේ මොනවාදැයි ඔවුන්ට නොතේරෙයි. මේ අඩුපාඩු සාදාගෙන පොදු පිළිගැනීමේ ලිපියක් තනා (දැනට විවිධ අය විවිධ ලිපි මගින් අළුත් පරිශීලකයන් පිළිගනිති), සියළු ආශ්‍ර ලිපි පරිවර්තනය කොට සංස්කරණ 10 කට පසුව පිළිගැනීම කල යුතු බව මගේ අදහසයි. -- දසනැබළයෝ (talk) 06:14, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඔව්. ඔබ කියනායුරින් එලෙස ජොලියට ගිණුම් සාදන්නන් සිටිනා බැවින් ඔබ සමග එක් වීමටද කැමැති වෙමි.-- බිඟුවා සාකච්ඡාව 06:22, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ස්වයංක්‍රීයව තනන ලද ගිණුම් හිමියන්ට ආයුබෝවන් බැනරය එක් කළ යුතුද?

  1. නැත
  2. ඔව්
  3. සමහර විට

සාකච්ඡාව

  • නැත යන්න මාගේ අදහසයි. එසේ ස්වයංක්‍රීයව සෑදෙන ගිණුම් සහිත පරිශීලකයින්ගේ විකි නිවස වෙනත් භාෂාවක් වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බැවින් ඔවුන් දැනටමත් විකිය තුළ පිළිගෙන තිබීමේ සම්භාවිතාව ඉතා වැඩිය. එසේම මෙලෙස සෑදෙන ගිණුම් හිමියන් විසින් යම් සංස්කරණයක් කළ පසුව ආයුබෝවන් බැනරය එක් කිරීම සුදුසු යැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 06:18, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • ස්වයංක්‍රීයව ගිණුම් තනන අය වෙනත් භාෂා විකිපීඩියාවල අයවළුන්ය. ඔවුන්ගේ මවු භාෂා විකිපීඩියා වල සමහරවිට බොහෝ කලකට පෙර ඔවුන් පිළිගෙන ඇත. ඔවුන්ට සිංහල තේරීමට ඇති සම්භාව්‍යතාවයද ඉතා අඩුය. එබැවින් ඔවුන් පිළිගත යුතු නැති බව මගේ අදහසයි. -- දසනැබළයෝ (talk) 06:20, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • මා ද අදහස් කරන්නේ "නැත" කියා යි. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:51, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]

කුමන සැකිල්ල අපි භාවිතා කරමුද?

  1. {{subst:ආයුබෝවන්}}
  2. {{subst:welcome}}
  3. {{subst:welcome2}}

සාකච්ඡාව