"මයිකල් ජැක්සන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු robot Adding: chy:Michael Jackson
116 පේළිය: 116 පේළිය:
[[cbk-zam:Michael Jackson]]
[[cbk-zam:Michael Jackson]]
[[ceb:Michael Jackson]]
[[ceb:Michael Jackson]]
[[chy:Michael Jackson]]
[[ckb:مایکڵ جاکسن]]
[[ckb:مایکڵ جاکسن]]
[[cs:Michael Jackson]]
[[cs:Michael Jackson]]

22:24, 26 ජූනි 2010 තෙක් සංශෝධනය

මයිකල් ජැක්සන් (Michael Jackson)
මයිකල් ජැක්සන් 1984 දී
පසුබිම් තොරතුරු
උපත් නාමයMichael Joseph Jackson
ප්‍රභේදPop, R&B, rock, soul
වෘත්තියSinger, songwriter, record producer, arranger, dancer, choreographer, actor, author, businessman, financier, philanthropist
වාද්‍ය භාණ්ඩVocals, multiple instruments
සක්‍රීය වර්ෂ1967–2009
ලේබලMotown, Epic
සම්බන්ධිත රඟපෑම්The Jackson 5/The Jacksons
වෙබ් අඩවියMichaelJackson.com

මයිකල් ජෝසෆ් ජැක්සන් (Michael Joseph Jackson) (August 29, 1958 – June 25, 2009) was an American recording artist, entertainer and businessman.

පොප් ගායන ලොවේ රජුන් ලෙසින් සැලකෙන සහ ලෝකයේ වැඩි රසික සංඛ්‍යාවකගේ ආදරය දිනූ සුපිරි ගායක මයිකල් ජැක්සන් ලොස්ඇන්ජලීස් හී දී මිය ගියේය.

මිය යන විට පනස්වැනි වියෙහි පසූවූ ජැක්සන්, ඇමෙරිකාවේ “බෙවිලි”හී සිය නිවසේ දී හදිසි හදවත් රෝගයක් හේතුවෙන් ඊයේ(25) මිය ගියේය.

විදෙස් මාධ්‍යයන් සඳහන් කලේ, ජැක්සන්ට මෙම හදවත් රෝගය ඔහුගේ නිවසේදී හැදී තිබෙන අතර ඔහුගේ සේවකයෙකු විසින් එය වෛද්‍යවරුන්ට දැනුම් දී තිබෙන බවයි. නමුත් වෛද්‍යවරුන් ජැක්සන්ගේ නිවසට පැමිණෙන විටත් ඔහුගේ හදවත ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ බවත් වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තද මෙම සුපිරි පොප් ගායකයාට ජීවත්වීමට වාසනාව උදාකර දීමට හැකියාවක් නොලැබුණු බවත් වාර්තාවේ.

විදෙස් පුවත් සඳහන් කලේ, ලොස්ඇන්ජලීස් වේලාවෙන් 25වන බ්‍රහස්පතින්දා පස්වරු 2.26ට සුපිරි ගායක මයිකල් ජැක්සන් මිය ගිය බව නිලවශයෙන් ප්‍රසිද්ධ කර ඇති බවයි.

මයිකල් ජෝශප් ජැක්සන්, නවදෙනෙකුගෙන් යුත් පවුලක සත්වෙනි සාමාජිකයා ලෙසින් 1958 වසරේ අගෝස්තු 29වනදා ඇමෙරිකාවේ ඉන්ඩියානාහිදී උපත ලැබීය.

ටැම්බරින් සහ බොංගෝ සංගීත භාණ්ඩ වාදනය කරමින් මයිකල් ජැක්සන් සිය සහෝදරයින්ගේ සංගීත කණ්ඩායම “ජැක්සන් 05” කණ්ඩායමට 1964දී දායකත්වය ලබාදුණි. කෙසේ වෙතත් ඉතා නොබෝ කළකින් මයිකල් ජැක්සන් මෙම සංගිත කණ්ඩායමේ ප්‍රධාන ගායකයාගේ ස්ථානය හිමි කර ගත්තේය.

1967 වසරේ දී ජැක්සන් හඩදුන් “I Want You Back” ගීත අල්බමයට ඉහළ ප්‍රතිචාර ලැබුණු අතර මෙම ගීතය එවකට රසිකයින්ගේ ‘නොම්බර 1’ ගිතය විණි. එවකට මයිකල් ජැක්සන්ගේ වයස අවුරුදු 11කි. හෙතෙම වර්ෂ 1978 දී සිය ඒකපුද්ගල ගීත ඇල්බමයක් එලිදැක්වූ අතර එහි මිලියන 10ක පිටපත් ලොව පුරා අලෙවි විණි.

1982 දී ඔහු විසින් ඉදිරිපිත් කළ “THRILLER” ඇල්බමය ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් පිටපත් අලෙවි වූ ඇල්බමයක් වන අතර මිලියන 65ක් තරම් වූ පිටපත් එහි අලෙවි වීම හේතුවෙන් එය ගිනස් වාර්තා පොතටද එක් විණි.

එක් වසරකදී වැඩිම ග්‍රරැමි සම්මාන 13ක් ලබාගත් පුද්ගලයා ලෙස 1984 වසරේදී වාර්තාවක් තැබීමට පවා මෙම සුපිරි පොප් ගායකයා සමත් වුණි.

“BAD” නමින් 1987 දී ඉදිරිපත් කළ ගීත ඇල්බමයේ පිටපත් මිලියන 30ක් අලෙවි වුණු අතර මෙම සුපිරි පොප් ගායකයාට වාසනාව කැන්දවූ ගීත ඇල්බමයක් ලෙසින් ද මෙය හැදින්විය හැක. ඉන්අනතුරුව ඔහු ලෝකයේ විවිධ රටවල් සංදර්ශන පවත්වමින් සිය ගීත හැකියාවෙන් රසිකයින් මවිත කළේය. වෙම්බ්ලි හී පැවැති ජැක්සන්ගේ ප්‍රසංගයක් සඳහා වරක් එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය පැමිණ තිබේ.

පොප් ගායක එල්විස් ප්රෙස්ලිගේ දියණිය වන ලීසා මාරි ප්රෙස්ලි සමග මයිකල් ජැක්සන් 1995 දී විවාහ වූ අතර එම විවාහ දිවිය පැවතුණේ වසර දෙකක් වැනි කෙටි කාලයක් පමණි.

1996 සැප්තැම්බර් මාසයේ දී හෙතෙම “History World Tour” සංචාරය අරඹමින් යුරෝපයේ නගර 58ක ගීත සංදර්ශන පැවැත්වීය. එය 1997 ඔක්තෝබර් දක්වා සිදුවිය. මිලියන 4.5කට අධික රසිකයින් පිරිසක් මෙම සංදර්ශනයන් හි අසිරිය විදගැනීමට පැමිණි බව වාර්තා විය. මෙම ලෝක සංචාරය මහද්වීප 05ක රටවල් 35කදී ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමට හෙතෙම සමත් විය.

කෙනෙකු විසින් වැඩිම පුණ්‍ය කටයුතු ප්‍රමාණයක් සිදු කරමින් ගිනස් පොතට සිය නම ඇතුළත් කර ගැනීමේ වාසනාවද මෙම සුපිරි ජැක්සන්ට 2002 වසරේ දී හිමිවූ බව විදෙස් තොරතුරු තවදුරටත් වාර්තා කරයි. අමෙරිකාවේ 9යි 11 ප්‍රහාරයෙන් පසුව යළි ඇමෙරිකාව නඟා සිටුවීම සඳහාද මයිකල් ජැක්සන් සහ අනෙකුත් ගායක ගායිකාවන් සමඟ එක්ව දැවැන්ත ප්‍රසංගයක් පවත්වමින් සිය දායකත්වය ලබා දි තිබුණි.

එමෙන්ම පසුගිය දිනෙක මෙම සුපිරි තරුව සජීව සංගීත ප්‍රසංග වේදිකාවෙන් සමුගනු ලැබුවද එළඹෙන ජුලි මාසයේ දී නැවත් ප්‍රසංග වේදිකාවට පැමිණීමට තීරණය කර තිබුණි.

එමෙන්ම SONY BMG මියුසික් ආයතනය විසින් මේ වසරේදී මෙම සුපිරි ගායකයාගේ 50වැනි උපන් දිනයට සමගාමීව විවිධ රටවල් නියෝජනය වන පරිදි දැවැන්ත සංගීත ප්රසසංගයන් පැවැත්වීමට ද සැලසුම් සකස් කර තිබුණද ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස මරණය හරස්විය.

මයිකල් ජැක්සන් ගායකයකුට වඩා තරුවක් විය. තරුවක් වීමට, විශේෂයෙන් “පොප් තරුවක් වීමට” ගායන හැකියාවට වඩා බොහෝ දේ තිබිය යුතුය. ඕනෑම පුද්ගලයකු ජනප්‍රිය වන්නේ ඔහු හෝ ඇය තමන්ගේ එකකු ලෙස සමාජය දකින්නට පටන් ගත් විටය. මයිකල් ජැක්සන් සුරූපී කළු තරුණයකු වූ කාලයක්ද ඒ නිසාම සුවිශේෂී ජනප්‍රියතාවයක් දිනාගත් අතර බොහෝ දෙනකු ඔහු තමන්ගේ එකකු ලෙස දුටු සමයක්ද තිබුණේය.

ආශ්‍රිත



සැකිල්ල:Link FA

"https://si.wikipedia.org/w/index.php?title=මයිකල්_ජැක්සන්&oldid=107857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි