"ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය: 22 පේළිය:
පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ හැකි හා ඉවත දැමිය හැකි අවස්ථාද බොහෝ පවතී.
පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ හැකි හා ඉවත දැමිය හැකි අවස්ථාද බොහෝ පවතී.


#පැමිණිල්ලේ සඳහන් කළ යුතු කරුණු නිවැරදි ලෙසත්,අනවශ්‍ය විස්තර වලින් තොරවත්,ප්‍රකාශ කර නොතිබීම.
#පැමිණිල්ලේ සඳහන් කළ යුතු කරුණු වැරදි ලෙසත්,අවශ්‍ය විස්තර වලින් තොරවත්,ප්‍රකාශ කර තිබීම.
#අනවශ්‍ය කරුණු ඇතුළත් කර තිබීම.
#අනවශ්‍ය කරුණු ඇතුළත් කර තිබීම.
#නඩු නිමිත්ත හෙළි දරව් කර නොතිබීම.
#නඩු නිමිත්ත හෙළි දරව් කර නොතිබීම.

06:44, 11 ඔක්තෝබර් 2007 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ නීතිය ගෙන හැර බැලීමේදී අතීතයේ සිට ආ ක්‍රමික විකාශනයේ ප්‍රතිඑලයක් ලෙස විධිමත් නීති පද්ධතියක් බිහි වී ඇතැයි සිතිය හැක.මෙය අප රටට පමණක් නොව,මුළු ලොවපුරාවටම ආවේණික වුවක් බවට වර්තමානයේදී පත්ව ඇත.එනම් අද ලෝකයේ එක් එක් රටට ආවේණික වු විධිමත් නීති පද්ධතීන් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අතුරින් අපරාධ නීතිය,සිවිල් නිතිය,පුද්ගල නීතිය ආදී ක්ෂේත්‍රයන් පුද්ගලයින්ගේ අවශ්‍යතාවන් මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කරදෙනු වස් බිහි වි පවත්නා නීති පද්ධතීන් වේ. මේ අතුරින් සිවිල් නීතිය පිළිබඳව කෙටි විග්‍රහයක් මෙමගින් සිදුවන අතර,ඒ තුළින් සිවිල් නඩුවක් පවත්වාගෙන යායුතු ආකාරය, ඒ සඳහා නියමිතව ඇති අධිකරණයන් පිළිබඳව මෙන්ම පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ ඇකි සහ ඉවත දැමිය හැකි අවස්ථා යනාදිය පිළිබඳව ඉතා සරලව සළකා බැලේ.

ප්‍රථමයෙන් සිවිල් නඩුවක් පවත්වගෙන යා යුතු ආකාරය පිළිබඳව සළකා බැලීමේදී, යම් සිවිල් අධිකරණයක නඩුවක් පැවරීමේදි පැමිණිල්ල සැකසීම පිළිබඳවත්,පැමිණිල්ලට විරුද්ධව උත්තර සකස් කිරීමේදීත් ඉතාමත් සැළකිල්ලක් දැක්විය යුතුය.යම් යම් අඩුපාඩු හා දෝෂ සහිතව පැමිල්ලක් හෝ උත්තරයක් ඉදිරිපත් කළහොත් ඉන් අයහපත් ප්‍රතිඑල ඇතිවේ.එනම් අනවශ්‍ය ලෙස නඩුව ප්‍රමාදවීම හා වැඩිපුර මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. මනාව සකස් කළ පැමිණිල්ලක් යනු තම නඩුවෙන් අඩක්ම සාර්ථක ලෙස නිමවීමක් ලෙස සැළකේ.

සිවිල් නඩු වලදී නඩු පවත්වාගෙන යාමේ ක්‍රියාමාර්ග හෙවත් පටිපාටීන් දෙකක් පවතී.

  1. ලඝුකාර්ය පටිපාටිය
  2. සාමාන්‍යකාර්ය පටිපාටිය වශයෙනි.


මෙහිදී සළකා බැලිය යුතු කාරණය වන්නේ,නඩුව ඉදිරිපත් කළ යුත්තේ ඉහත පටිපාටීන් දෙක අතුරින් කුමන කාර්ය පටිපාටිය අනුවද යන්නයි.ඉඩම් නඩු,ගෙවල් කුලී හා නෙරපීම් නඩු, ඇතුළු ඇතැම් නඩු වලදි සාමාන්‍ය කාර්යපටිපාටිය අනුගමනය කළයුතු අතර,තෙස්තමේන්තු නඩු ආදියේදී අනුගමනය කරනුයේ ලඝුකාර්ය පටිපාටියයි. මේ පිළිබඳව ද සැළකිල්ලෙන් ක්‍රියා කළ යුතුය.

නියමිත අධිකරණය තුළ නඩුව පැවරීම ද ඉතා වැදගත්ය.නඩුව ඉදිරිපත් කළ යුත්තේ කවර උසාවියට දැයි නිශ්චය වශයෙන්ම දැන ගත යුතුය.ඒ පිළිබඳව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9 වන වගන්තිය ද පැහැදිළි කරයි. නියමිත අධිකරණය පිළිබඳව සැළකීමේදි,පහත කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතුය.

  1. විත්තිකාර පාර්ශවකරු පදිංචිව සිටින,
  2. ඉඩමක් සම්බන්ධව නම්, ඒ ඉඩම සම්පුර්ණයෙන්ම හෝ එහි කොටසක් පිහිටි,
  3. නඩු නිමිත්ත හටගත්,
  4. ගිවිසුම් පිළිබඳව නඩුවක් නම්,ගිවිසුම ඇති කර ගත් ප්‍රදේශයේ

අධිකරණ බලය ඇති දිසා අධිකරණයේ නඩුව පැවරිය යුතුය.

පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ හැකි හා ඉවත දැමිය හැකි අවස්ථාද බොහෝ පවතී.

  1. පැමිණිල්ලේ සඳහන් කළ යුතු කරුණු වැරදි ලෙසත්,අවශ්‍ය විස්තර වලින් තොරවත්,ප්‍රකාශ කර තිබීම.
  2. අනවශ්‍ය කරුණු ඇතුළත් කර තිබීම.
  3. නඩු නිමිත්ත හෙළි දරව් කර නොතිබීම.
  4. පැමිණිල්ලට අත්සන් කර නොතිබීම හා අත්සනෙහි නිරවද්‍යතාවය සහතික කර නොතිබීම.

යනාදිය එම බොහෝ කාරණා අතර කිහිප ආකාරයක හේතූන් වේ.

මේ ආකාරයට දක්වා ඇති කරුණු පිළිබඳව සළකා, නියමිත ආකාරයෙන් ගොනුකරන ලද නඩුවක් තුලින් සාර්ථකත්වය ලබා ගැනීමට ඇති බාධාවන් මඟහරින බව දැක්විය යුතුමය.