"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
20 පේළිය: 20 පේළිය:
ජානයක් ප්‍රෝටීන බවට පරිවර්තනය කරන නීති කාණ්ඩයක් ලෙස ප්‍රවේනික කේත/ සංඥා හැඳින්විය හැක. සෑම ජානයක්ම DNA වල අඩංගු වන විශේෂිත නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලක් අඩංගුය. ජානයක් සාර්ථක ලෙස ක්‍රියාකාරී ප්‍රෝටීනයක් බවට පත්වීමට ප්‍රවේණි ද්‍රව්‍යයේ අච්චු ගල් වන නියුක්ලියෝටයිඩ හා ප්‍රෝටීනයේ තැනුම් ඒකක වන ඇමයිනෝ අම්ල ද අතර අනුරූපතාවක් තිබිය යුතුය. කෝඩෝන නම් වූ නියුක්ලියොටයිඩ 36න් කාණ්ඩ එක එකක් විශේෂිත ඇමයිනෝ අම්ලයකට හෝ සංඥාවකට අනුරූප වන අතර මෙම කොඩාන 3 “නැවතීමේ කොඩෝන” වේ. නව ඇමීනෝ අම්ලයක් සඳහා විශේෂිත වීමට අමතරව ජානයක අවසානය පැමිණ ඇති බවට පිටපත් කිරීමේ යාන්ත්‍රණයට ඒත්තු ගන්වයි. කොඩෝන 64ක් පමණ ඇති අතර (එක් එක් ස්ථාන 3 නියුක්ලියෝටයිඩ වර්ග 4කින් එනිසා 43 තිබිය හැකි කොඩෝන ගණවේ) ප්‍රමිතිගත ඇමයිනෝ අම්ල 20ක් පමණ ඇත්තේ එම නිසා සංඥා අතිරික්ත අතර සංඥා විශාල ගණනක් එකම ඇමයිනෝ අම්ලයට සංඥා කේත සපයයි. ඇමයිනෝ අම්ල හා කොඩෝන අතර ඇති අනුරූපතාවය සෑම ජීව සංවිධානයකට සමස්ථයකි.

===ජාන පිටපත් කිරීම==
===ජාන පිටපත් කිරීම===
ජාන පිටපත් කිරීමේ ක්‍රියාවලියේ දී පණිවිඩ RNA නම් වූ ඒක රැහැනකින් යුත් RNA අණු නිෂ්පාදනය වේ. එහි අනුපිළිවෙල පිටපත් වන DNA අණුවේ රැහැනට අනුරූප වේ. මෙම DNA රැහැන් සංඥා රැහැන් නම් වේ. RNA නිෂ්පාදනය වන DNA රැහැන අච්චු රැහැන වේ. RNA පොලිමරේස් එන්සයිමයෙන් පිටපත්වීම සිදු කරන අතර එහිදී අච්චු රැහැන 31 සිට 51 දිශාවට කියවන අතර RNA රැහැන 51 - 31 දිශාවට නිෂ්පාදනය වේ. පිටපත් වීම ඇරඹීමට එම එන්සයිමය මඟින් ජානයේ අනුග්‍රාහක ‍පෙදෙස හඳුනාගත යුතුයි. එම නිසා ජාන පාලනයේ ප්‍රධාන යාන්ත්‍රණයක් වන්නේ අනුග්‍රාහක පෙදෙස හඳුනාගැනීමෙන් වැලකීම සඳහා අනුග්‍රාහක පෙදෙස සිර කිරීම, හෝ තනි කිරීම මඟිනි. (මෙය පොලිමරේස්ව කායිකව වළකන repressor නම් වූ මැඩ පවත්වන අණුවක් තදින් බැඳී හෝ DNA අණුව සංවිධානය වීමෙනි) ප්‍රෝකැරියෝටාවන්ගේ පිටපත්කරණය සෛල ප්ලාස්මයේ සිදු කෙරේ. දිගු පිටපත්වලට, පිටපත්කරණය 51 අන්තය පිටපත් වෙද්දීම RNA වල 51 අන්තයෙන් ද සිදුවේ. ඉයුකැරිහෝටාවරුන් මෙය න්‍යෂ්ටිය නම් වූ සෛලයේ DNA තනිව එක්රැස් වූ ස්ථානයේ දී සිදු වේ. ප්‍රථම පිටපත වු RNA අණුව පොලිමරේස් මඟින් ද නිපදවෙන අතර එය පශ්චාත් පිටපත් නවීකරණය සෛල ප්ලාස්මයට නිදහස්වීමට පෙර සිදු වේ.

16:15, 6 ජූනි 2010 තෙක් සංශෝධනය

හැඳින්වීම

සමහර අවස්ථාවලදී RNA ,ජාන වලින් ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේදී සිදුකරන අතරමැදි නිෂ්පාදනයකි. කෙසේ වුවද අනෙක් ජාන අනුපිලිවෙලවලට RNA අණු ඇත්නම් ක්‍රියාකාරී නිෂ්පාදනය. උදා- රයිබොසෙම නම් වූ RNA වලට එන්සයිම ක්‍රියා කරන අතර mRNA නියාමක කෘත්‍යක් සිදුකරයි. මෙම RNA අනුපිලිවෙලින් නිෂ්පාදනය වන RNA,RNA ජාන නමි වේ. සමහර වෛරස ඔවුන්ගේ සම්පූර්ණ ජිනෝමයම RNA ලෙස ගබඩාකරන අතර DNA අඩංගු නොවේ. ඔවුන් ජාන ඔවුන් ජාන ගබඩා කිරීමට RNA යොදා ගන්නා නිසා ඔවුන්ගේ සෛලික ධාරකයන් විසින් ආසාධනය වූ විගස ඔවුන්ගේ ප්‍රෝටීන නිශ්පාදනය කරන අතර පිටපත් කිරීමටද කාලයක්ද වැය නොවේ. අනෙක් අතින් RNA රෙට්රොවයිරස (HIV වැනි) ප්‍රතිපක්ෂ පිටපත් කිරීම මගින් RNA තුල ඇති ජිනෝමය ප්‍රෝටීන නිෂ්පාදනයට පෙර RNA බවට පත්කරගනී .2006 දී ප්‍රංශ විද්‍යාඥයින් පැනයට විසඳුම් සොයාගනී. උදා - ලෙස මීයන්ගේ RNA මධ්‍ය වූ ප්‍රවේනිය kit නම් ජානයේ කෘත්‍ය අහිමි වූ විකෘතිය නිසා සුදු වලිගා මීයන්ට ඇතිවේ. ඔවුන්ගේ පැටවුන්ට kit ජානය තිබුනද හිමිවන්නේ සුදු වලිගයකි. පර්යේෂකයින් කණ්ඩායම මෙය විකෘති kit RNA නිසා සිදුවන්නක් බව සොයා ගති. වෛරස වල ප්‍රවේනික ගබඩාව RNA වුවද සත්ව ලෝකය තුල ක්ෂීරපායින්ගේ මෙය ඉතා කලාතුරකින් සිදුවන්නකි.

ජානයක ක්‍රියාකාරී ඒකකය

දර්ශීය ඉයුකැරියෝටාවෙකුගේ ප්‍රෝටීන් වලින් වටවු ජානයක පින්තූරයක් DNA අණුවක කුමන කොටසක් M-RNA අණු බවට පත්කෙරෙන්නේ ද යන්න අනුග්‍රාහක හා තහවුරු කිරීමේ පොදස් මගින් තීරණය කරනු ලබයි. මුල් M-RNA අණුව පසුව පණිවිඩ RNA වලට කැඩෙන අතර ඒවා ප්‍රෝටීන බවට පත් වෙයි.

සෑම ජානයකම නියාමක පෙදෙස් ඇති අතර ඊට අමතරව පැහැදිලිවම ප්‍රෝටීන හා RNA වලට ‍ෙක‍‍‍්ත සපයන පෙදෙස ඇත. සෑම ජානයකම ඇති නියාමක පෙදෙස් අනුග්‍රහක පෙදෙස් නම් වන අතර ජානයක් පිටපත් වී ප්‍රකාශ වීමට ආසන්න වූ විට පිටපත් වී ප්‍රකාශ අනුග්‍රහක පෙදෙස් වල එම ස්ථානයේ පොදු සමාන අනුපිළිවෙලක් ඇති ඒකමතික අනුපිලිවෙලවල් තිබුණද සමහර ජාන වල‍ට ශක්තිමත් අනුග්‍රහක පෙදෙස ඇති අතර (පිටපත් යන්ත්‍රය සමග හොඳින් බැදෙන), සමහර ඒවා දුර්වලව බැදෙන දුර්වල අනුග්‍රාහක කොටස් හා බැදේ. පිටපත් කරන යාන්ත්‍රණය මෙම දුර්වල අනුග්‍රාහක කොටස් සමග බැ‍ෙඳන්නේ කලාතුරකින් නිසා ශක්තිමත් අනුග්‍රහකයින්ට වඩා මෙම දුර්වල අනුග්‍රාහකයින් පිටපත් කිරීමේ යෙදෙන්නේ සුළු වශයෙනි. අනෙකුත් නියාමක පෙදෙසක් වු තහවුරු කිරීමේ පෙදෙස් මෙම දුර්වල පෙදෙස් වෙනුවට යොදා ගනී. බොහෝ නියාමක පෙදෙස් එනම් පිටපත් කිරීම පටන් ගන්නා ස්ථානයන්හි 5 කොනට කලින් හෝ ඒ දෙසට පවතී. ඉයුකාරි යෝටාවන්ගේ අනුග්‍රාහක පෙදෙස් ප්‍රෝකාරීයෝටාවන්ට වඩා සංකිර්ණ හා අඳුනාගැනීමට අපහසුයි. බොහෝ ප්‍රෝකාරියොටාවන්ට වඩා සංකිර්ණ හා අඳුනාගැනීමට අපහසුයි.

බොහෝ ප්‍රෝකාරියෝටා ජාන ඔප්රන්ස් වලට සංවිධානගතවී ඇත. මේවා ජාන භාණ්ඩ වන අතර ඒවායේ නිෂ්පාදන වල ක්‍රියා එකිනෙකට නෑනම් කියන අතර ඒකකයක් ලෙස පිටපත් වේ. ප්‍රතිවිරුද්ධ ලෙස ඉයුකැරියෝටා ජාන වරෙකට එක බැගින් පිටත් වේ. එනමුත් ඉන්ට්‍රෝන නම් වු දිගු DNA කොටස් අඩංගු වන අතර ඒවා පිටපත් වන නමුත් කෙසේවත් ප්‍රෝටීන බවට පරිවර්තනය නොවේ. (පරිවර්තනයට පෙර ඒවා කැපී වෙන්වේ) මෙම කුඩා කැබලි වලට කැපීම / පැලීම ප්‍රෝකැරියාටාවන්ගේ ද ඉයුකාරි යොටාවන්ට වඩා බොහෝ අඩු සම්භාවිතයකින් සිදුවේ.

ජානයේ පරිණාමය පිළිබඳ සංකල්පය

හැඩ ගැසීම හා ස්වභාවික වරණය නම් 1966 දී පළ කළ ඔහුගේ පොතට අනුව ජෝජ් විලියම් ජානය පරිනාමයේ මධ්‍යස්ථානය ලෙස ඔහු සඳහන් කරයි. ස්භාවික වරණය මඟින් සමහර ජානවල කැමැත්තක් දක්වන විට දී ඔහු මෙම මතය ඉදිරිපත් කළේය. අර්ථ කථනය : වෙන් කිරීම හා ප්‍රති සංවිධානය පිළිගත හැකි සම්භාවිතාවයකින් සිදුවේ. මෙයට අනුව අලිංගික ජිනෝමයන් පවා ජානයක් ලෙස සැලකිය හැක. පරම්පරා ගණනක් තුරා එයට හොඳ පිළිගත හැකි සදාකාලික බවක් ලැබී ඇත. වෙනස නම් : අණුක ජානය ඒකකයක් ලෙස පිටපත් වන අතර පරිනාමික ජානය ඒකකයක් ලෙස උරුම වේ. වොර්ඩ් ඩ්වොකින්ස් “ආත්මාර්ථකාමී ජානය, පැතිර ගිය රූපාකාරය” මඟින් ජානයක් යනු ජිව පද්ධතිවල බෙදෙන එකම දේ ජානය පමණි යන්න අදහස ආරක්ෂා කරයි. මෙයින් අදහස් කෙරෙන්නේ ජාන පමණක් එම ව්‍යුහය බොහෝ දුරට නොවෙනස්ව සම්ප්‍රේශණය වන අතර කොපි ලෙසට යම් කිසි සදාකාලික බවක් ද ලබයි. එම නිසා වරණයේ ඒකක ජානය විය යුතුයි. ඩ්වොකින්ස් ඔහුගේ ආත්මාර්ථකාමී ජාන නම් වූ කෘතියෙන් ජානය නැවත අර්ථ කථනයක් කරන අතර එය උරුම වීමේ ඒකකය ලෙස (සාමාන්‍යයෙන් පවතින ලෙසට ‍ජානයක් නම් DNA යනු DNA කොටසක් ප්‍රෝටීනයක් බවට කේත කරන්නක් බවට පවතින) හැඳින්වීමට උත්සාහ කරයි. River out of Eden නම් කෘතියෙන් ඔහු තවදුරටත් ඔහු ජානයේ මධ්‍ය - වරණය නැවත විග්‍රහ කරන අතර ජිවියෙක් තාවකාලික දේහ හෝ නොනැසීමට ඇති යන්ත්‍ර ලෙසට ජානවලට සේවය කරයි. භූ විද්‍යාත්මකව වෙන් කිරීම් වල දී මෙම ජාන ගංඟාව අන්තර් අභි ජනනයෙන් සරාවිහිතයෙක් බිහි නොකළ හැකි විශේෂ 2ක් තනමින් ශාඛා දෙකට බෙදේ.

Gene expression

ප්‍රවේණික සංඥා

ජානයක් ප්‍රෝටීන බවට පරිවර්තනය කරන නීති කාණ්ඩයක් ලෙස ප්‍රවේනික කේත/ සංඥා හැඳින්විය හැක. සෑම ජානයක්ම DNA වල අඩංගු වන විශේෂිත නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලක් අඩංගුය. ජානයක් සාර්ථක ලෙස ක්‍රියාකාරී ප්‍රෝටීනයක් බවට පත්වීමට ප්‍රවේණි ද්‍රව්‍යයේ අච්චු ගල් වන නියුක්ලියෝටයිඩ හා ප්‍රෝටීනයේ තැනුම් ඒකක වන ඇමයිනෝ අම්ල ද අතර අනුරූපතාවක් තිබිය යුතුය. කෝඩෝන නම් වූ නියුක්ලියොටයිඩ 36න් කාණ්ඩ එක එකක් විශේෂිත ඇමයිනෝ අම්ලයකට හෝ සංඥාවකට අනුරූප වන අතර මෙම කොඩාන 3 “නැවතීමේ කොඩෝන” වේ. නව ඇමීනෝ අම්ලයක් සඳහා විශේෂිත වීමට අමතරව ජානයක අවසානය පැමිණ ඇති බවට පිටපත් කිරීමේ යාන්ත්‍රණයට ඒත්තු ගන්වයි. කොඩෝන 64ක් පමණ ඇති අතර (එක් එක් ස්ථාන 3 නියුක්ලියෝටයිඩ වර්ග 4කින් එනිසා 43 තිබිය හැකි කොඩෝන ගණවේ) ප්‍රමිතිගත ඇමයිනෝ අම්ල 20ක් පමණ ඇත්තේ එම නිසා සංඥා අතිරික්ත අතර සංඥා විශාල ගණනක් එකම ඇමයිනෝ අම්ලයට සංඥා කේත සපයයි. ඇමයිනෝ අම්ල හා කොඩෝන අතර ඇති අනුරූපතාවය සෑම ජීව සංවිධානයකට සමස්ථයකි.

ජාන පිටපත් කිරීම

ජාන පිටපත් කිරීමේ ක්‍රියාවලියේ දී පණිවිඩ RNA නම් වූ ඒක රැහැනකින් යුත් RNA අණු නිෂ්පාදනය වේ. එහි අනුපිළිවෙල පිටපත් වන DNA අණුවේ රැහැනට අනුරූප වේ. මෙම DNA රැහැන් සංඥා රැහැන් නම් වේ. RNA නිෂ්පාදනය වන DNA රැහැන අච්චු රැහැන වේ. RNA පොලිමරේස් එන්සයිමයෙන් පිටපත්වීම සිදු කරන අතර එහිදී අච්චු රැහැන 31 සිට 51 දිශාවට කියවන අතර RNA රැහැන 51 - 31 දිශාවට නිෂ්පාදනය වේ. පිටපත් වීම ඇරඹීමට එම එන්සයිමය මඟින් ජානයේ අනුග්‍රාහක ‍පෙදෙස හඳුනාගත යුතුයි. එම නිසා ජාන පාලනයේ ප්‍රධාන යාන්ත්‍රණයක් වන්නේ අනුග්‍රාහක පෙදෙස හඳුනාගැනීමෙන් වැලකීම සඳහා අනුග්‍රාහක පෙදෙස සිර කිරීම, හෝ තනි කිරීම මඟිනි. (මෙය පොලිමරේස්ව කායිකව වළකන repressor නම් වූ මැඩ පවත්වන අණුවක් තදින් බැඳී හෝ DNA අණුව සංවිධානය වීමෙනි) ප්‍රෝකැරියෝටාවන්ගේ පිටපත්කරණය සෛල ප්ලාස්මයේ සිදු කෙරේ. දිගු පිටපත්වලට, පිටපත්කරණය 51 අන්තය පිටපත් වෙද්දීම RNA වල 51 අන්තයෙන් ද සිදුවේ. ඉයුකැරිහෝටාවරුන් මෙය න්‍යෂ්ටිය නම් වූ සෛලයේ DNA තනිව එක්රැස් වූ ස්ථානයේ දී සිදු වේ. ප්‍රථම පිටපත වු RNA අණුව පොලිමරේස් මඟින් ද නිපදවෙන අතර එය පශ්චාත් පිටපත් නවීකරණය සෛල ප්ලාස්මයට නිදහස්වීමට පෙර සිදු වේ.

පරිවර්තනය සඳහා ඉයුකැරියෝටාවන්ටම විශේෂිත ලෙස පිටපත් වූ පෙදෙසේ ඇති ඉන‍්ට්‍රෝන පුරුද්දීම සිදුවේ. විකල්ප පිරිද්දීම් යාන්ත්‍රණයක් මඟින් වැඩුණු පිටපත්වල එකම ජානයෙන් වුව ද වෙන වෙනත් අනුපිළිවෙලවල් ඇති අතර වෙන වෙනත් ප්‍රෝටීනවලට සංඥා සපයයි. ඉයුකැරියෝටා සෛලවල සිදුවන වැදගත් නියාමනයකි.

ජාන ඉලක්ක කිරීම් සහ භාවිතා

ජාන ඉලක්ක කිරීම් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මීයන්ගේ ජාන වෙනස් කිරීමට හෝ බිද දැමීම යොදා ගන්නා තාක්ෂණික ක්‍රම හා කළල වර්ධනයේ දී ජාන කෙසේ ක්‍රියා කරයි ද යන්න මානව රෝගී තත්ව, වයසට යෑම හා අකර්මන්‍ය අධ්‍යයනය කිරීමට මීයන්ගේ ආකෘති සැපයීම හා යොදන ශිල්ප ක්‍රමයි. අකර්මන්‍ය මීයෙක් / knockout mice ලෙස හඳුන්වන්නේ එම මී ආකෘතියේ ජාන 1ක් හෝ බහුතරයක් ක්‍රියා විරහිත තත්වයකට පත් කළ මීයන්ටය. ඒක ගුණ ප්‍රති සංවිධානය (කලලයේ ක්‍රියා විරහිත තත්වයකට පත් කළ මීයන්ටය. ඒක ගුණ ප්‍රති සංවිධානය (කළලයේ වංශ සෛල Stem cell වල) මුලින්ම වාර්තාගත වූ අවධියේ සිට එය ජාන ඉලක්ක කිරීමට භාවිතා කෙරුණි. ජාන ඉලක්ක කිරීම ඉතා ශක්තිමත් තාක්ෂණයක් වන බවට ඔප්පු කර ඇති අතර ක්ෂීරපායී ජීනෝමය ඉතා නිවැරදි ලෙසට යොදාගෙන විකෘති සහිත මීයන් දස දහසක්වත් නිෂ්පාදනය කරන අතර විශේෂිත කාල වකවාණුවල විශේෂිත සෛලවල හෝ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරී වන / කළ හැකි විකෘති ඇති කිරීම කළ හැක. මෙය වර්ධනය වන කාලයේ දීත් වැඩිහිටි සත්වයෙකුගේත් කළ හැක. ජාන ඉලක්ක කිරීමේ ශිල්ප ක්‍රමය ස්ථාන විකෘති (point mutations) සමාකාර මැනීම් විකෘති ඇලිල නිවරද්‍ය කිරීම්, ප්‍රවේණි දේහයේ DNA විශාල කොටසක ඇතුල් කිරීමේ හා මැකීමේ විකෘති ඇති කිරීම පටක විශේෂිත බිඳ දැමීම් අවකාශාත්මක හා කාලීන නියාමනයන්ට ද සම්බන්ධ කරන ආදී නවීකරණයන් දක්වා පුළුල්ව පැතිරී ඇත. අනුමානකරණ රූපාකාරයක් ඇති මී ආකෘතියක් තැනීමේ හැකියාවෙන් වර්ධනය, ප්‍රතිශක්තිකරණ විද්‍යාව, ස්නායු ජීව විද්‍යාව, පිළිකා විද්‍යාව, කායික විද්‍යාව, පරිවෘත්තීය හා මානව රෝගී තත්ව යන අංශවල අධ්‍යයනවල සෑම අවධියක දීම විශාල බලපෑමක් කළ හැකි බව අනුමාන කරයි. ඕනෑම සෛලයක් බවට විකරණය විය හැකි සෛල ලබා ගත හැකි ඕනෑම විශේෂයකට මෙය යෙදිය හැකි බවට මත දරයි. එම නිසා ගෘහස්ථ සතුන්, ශාකවල වැඩි දියුණු කිරීමවල ද යොදා ගත හැක.

ආශ්‍රිත

http://en.wikipedia.org/wiki/Gene

"https://si.wikipedia.org/w/index.php?title=ජාන&oldid=102366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි