"ඔක්සිජන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: lmo:Ussigen
සුළු robot Adding: vec:Osìgeno
123 පේළිය: 123 පේළිය:
[[ur:آکسیجن]]
[[ur:آکسیجن]]
[[uz:Kislorod]]
[[uz:Kislorod]]
[[vec:Osìgeno]]
[[vi:Ôxy]]
[[vi:Ôxy]]
[[war:Oksiheno]]
[[war:Oksiheno]]

00:30, 4 ජූනි 2010 තෙක් සංශෝධනය

ඔක්සිජන් පරමාණුක ක්‍රමාංකය 8 වු, O සංකේතයෙන් හදුන්වනු ලබන මූල ද්‍රව්‍යයකි. ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයට හා කැල්තෝජන කුලයට අයත් වන මෙම අලෝහ මුලද්‍රව්‍ය ඉතා ප්‍රතික්‍රියාශීලි වන අතර බොහෝමයක් මූල ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කර සංයෝග ඔක්සයිඩ සාදයි. සම්මත උෂ්ණත්ව හා පීඩනයේදී මූලද්‍රව්‍යයේ පරමාණු 2 ක් සම්බන්ධ වී වර්ණයක් ගන්ධයක් රසයක් නැති ද්විපරමාණුක ඩයොක්සීන් නැමති වායුවක් සාදයි. එය O2 ලෙස රසායන සූත්‍ර මගින් දැක්වේ. ස්කන්ධය අනුව විශ්වයේ තෙවනුවට වඩාත්ම ඇති මූල ද්‍රව්‍ය වන්නේ ඔක්සිජන් වන අතර ඔක්සිජන් දෙවැනි වන්නේ හයිඩ්‍රජන්ට හා හීලියම්ට පමණි. තවද පෘතුවි කබොලේ වඩාත් සුලභම මුලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්ය. ස්කන්ධය අනුව ජලයෙහි 88.8% ඔක්සිජන් අඩංගු වන අතර වාතයේ 20.9% අඩංගුවේ.

ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් හා මේද වැනි සජීවි පටක තුල ඇති ව්‍යුහමය අනු වල සියලුම ප්‍රධාන වාක්‍ය වල පාහේ ඔක්සිජන් අන්තර්ගත වේ. තවද දත් හා අස්ථි වල අඩංගු ප්‍රධාන අකාබනික සංයෝග වලද ඔක්සිජන් අන්තර්ගත වේ. ඇල්ගි හා සයනෝ බැක්ටීරියා මගින් ජලයෙන් O2 ලෙස ඔක්සිජන් නිපද වයි. තවත ශාක ප්‍රභා සංස්ලේශණ යෙන්ද O2 නිපද වේ. සෛලීය ස්වසනය සිදුවීමේදී මෙම O2 භාවිතයට ගැනේ. වායුගෝලයේ O2 ප්‍රමාණය වැඩිවීමට පෙර එනම් අවුරුදු බිලියන 2.5 කට පෙර ලෝකයේ ප්‍රධාන ජීවි ස්වරූපය වු නිර්වායු පටක වලට ඔන්සිජන් විශ සහිතක මුල ද්‍රව්‍යයකි. ඩිසෝන් (O3) යනු ඔක්සිජන්හි තවත් ස්වරූපයක් (බහුරූපී) වන අතර වායුගෝලයේ උසින් පිහිටි එසෝන් වියනක් මගින් ජෛව ගෝලය හානිකර පාරජම්බූල විකිරණ වලින් ආරක්ෂා කරයි. නමුත් පෘතුවි පෘෂ්ඨය ආසන්නයේදී O3 දැඩි ධ්‍රැවිකාවක් ඇති කරන නිසා පෘතුවි පෘෂ්ඨය අසලදී දුෂකයක් ලෙසද ක්‍රියා කරයි.

1770 දී ජෝසප් ප්‍රීස්ලි හා කාල් විල්හෙල්ට් ස්කීල් විසින් තනි තනිවම ඔක්සිජන් සොයා ගත් නමුත් ප්‍රීස්ලි විසින් ඔහුගේ සොයාගැනීමට‍ මුලින්ම ප්‍රසිද්ධියට පත් කල නිසා ඔහුට මුල්තැන ලැබුණි. 1777 දී ඇන්ටොයින් ලැවොයිපියර් විසින් එම මුලද්‍රව්‍ය ඔක්සිජන් ලෙස නම් තබන ලදී. ඔහුගේ පර්යේෂණ ඒ දින වල ප්‍රචලිතව තිබු දහනය හා මළ කෑම පිලිබද ලොජිස්ටන් වාදය බිද හෙලීමට සමත් විය. කාර්මික ඔක්සිජන් වාදය බිද හෙලීමට සමත් විය. කාර්මිකව ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ ද්‍රව වාතය භාගික ආසවනයට ලක් කිරීමෙනි. මෙහිදී වාතයේ ඇති නයිට්‍රජන් හා කාබන්ඩයොක්සයිට් ඉවත් කිරීම සියෝලයිට් යොදා ගනී. මීට අමතරව ඔක්සිජන් නිෂ්පාදනයට ජල විච්ඡේදනයද උපයෝගි කර ගනී. ඔක්සිජන්හි ප්‍රයෝජන ලෙස ලෝහ නිෂ්පාදනය, ප්ලාස්ටික් හා රෙදි පිලි, රොකට් ප්‍රචාලක, ඔක්සිජන ප්‍රතිකර්මය ආදිය දැක්විය හැකිය. තවද ගුවන් යානා, සම්බැරීන්, අභ්‍යවකාශ ගමන් හා කිමිදීමේ ජීව ආධාරක ලෙස ඔක්සිජන් යොදා ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=ඔක්සිජන්&oldid=101333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි