යාපනය ඔරලෝසු කණුව

විකිපීඩියා වෙතින්
යාපනය ඔරලෝසු කණුව
පිහිටීමයාපනය, ශ්‍රී ලංකාව
සැලසුම්කරුජේ. ජී. ස්මිදර්
කැප කරන ලද්දේවේල්සයේ කුමරු ඇල්බට් එඩ්වර්ඩ් මහතා විසින් 1875 වසරේ සිදුකල ලංකා සංචාරය සිහිවීම පිණිස

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන යාපනය ඔරලෝසු කණුව එරට ඇති පැරණි ඔරලෝසු කණු අතුරින් එකක් වේ. එය යාපනය නගරයෙහි ඉදිකොට තිබෙන සුවිශේෂ නගර සළකුණක් ලෙසද හැඳින්වෙයි.[1]

වේල්සයේ කුමරු ඇල්බට් එඩ්වර්ඩ් විසින් 1875 වසරේදී සිදුකල, ලංකා සංචාරය සිහිවීම පිණිස මෙම ඔරලෝසු කණුව ඉදිකෙරිණි.[2][3][4]

අතීතය[සංස්කරණය]

1875 වසරේදී එවක වේල්සයේ කුමරු වූ ඇල්බට් එඩ්වර්ඩ් ලංකාව තුල නිල සංචාරයක් සිදුකිරීමට නියමිත බැව් සැළවීමත් සමග, යාපනය වෙනුවෙන් වේල්සයේ කුමරු පිළිගැනීම සඳහා කමිටුවක් නිර්මාණය කර ගැණුනි. එම කමිටුව විසින්, පිළිගැනීම් කටයුතු සිදුකිරීම සඳහා රු. 10,000 ක පමණ අරමුදල් ප්‍රමාණයක් එක්රැස්කර ගන්නා ලදී.[5] රැස්කරගත් මුදලින් කමිටුව රිදී මංජුසාවක් සහ ආභරණ කට්ටලයක් මිලදී ගත් අතර, එම ත්‍යාගය 1875 වසරේ දෙසැම්බර් 1 වැනි දින කොළඹදී ඇල්බට් කුමාරයාට පිරිනමන ලදී.[6]

කෙසේ වෙතත් කමිටුව මගින් රැස් කර ගත් මුදලින් තවත් රු. 6,000 පමණ මුදල් ප්‍රමාණයක් ඉතිරි වූ නිසා, එම මුදල් භාවිතා කොට ඇල්බට් කුමරුගේ ලංකා ගමන සිහිවීම පිණිස ස්මාරකයක් තැනිය යුතු යැයි අදහස් වූ අතර,[5][7] 1880 ජූලි මස 1 වැනිදා යාපනය කච්චේරියේ තිබූ රැස්වීමකදී, එම මුදලින් යාපනය නගර මධ්‍යයෙහි ඔරලෝසු කණුවක් ඉදිකල යුතු බවට තීරණය විණි.[8] ඒ සඳහා තවත් රු. 4,000 ක පමණ මුදල් ප්‍රමාණයක්ද, දේශීය දායකයන්ගෙන් උපයා ගැණුනි.[9]

ඔරලෝසු කණුවෙහි ආකෘතිය නිර්මාණය කිරීම, රජයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජේ. ජී. ස්මිදර් (J. G. Smither) විසින් සිදුකෙරිණි.[2] එවක බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුකාරවරයා වූ ජේම්ස් රොබට් (James Robert Longden), කණුව සඳහා ඔරලෝසුව ලබා දුන් බව පැවසෙයි.[9][10][10]

පරිහානියට පත්වීම[සංස්කරණය]

1980 දශකයේදී ශ්‍රී ලංකාව තුල දෙමළ කොටි ත්‍රස්තවාදය නැගී සිටීමත් සමගම, යාපනය නගරයද ක්‍රමයෙන් පිරිහීමට ලක්වූ අතර, නගරයේ තිබූ අනෙකුත් දේපල වලට හානි සිදුවූවා සේම ඔරලෝසු කණුවටද, ත්‍රස්තවාදී බලපෑම් නිසා හානි සිදුවිය.[4]

ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

ඒ වනවිට වේල්සයේ කුමරු බවට පත්ව සිටි චාල්ස් කුමරු විසින් 1998 වර්ෂයේදී සිදුකල සිය ශ්‍රී ලංකා සංචාරය තුලදී, හානියට පත්ව තිබූ යාපනය ඔරලොසු කණුව යථාතත්වයට පත් කිරිම සඳහා බ්‍රිතාන්‍ය සහාය ලබා දීමට පියවර ගන්නා ලදී.[4] ඒ අනූව ඔරලෝසු කණුවේ ප්‍රතිසංස්කරණය කිරීම් උදෙසා, බ්‍රිතාන්‍ය රජය විසින් රු. මිලියන 1 ක ආධාරයක් සිදු කරන ලදී.[4]

සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කල ඔරලෝසු කණුව 2002 වසරේ ජුනි 19 වන දිනදී, එවක ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වූ ලින්ඩා ඩෆීල්ඩ් (Linda Duffield) විසින් විවෘත කරන ලදී.[4][11]

ආශ්‍රිත[සංස්කරණය]

  1. වික්‍රමතුංග, රේසා (23 ඔක්තෝම්බර් 2011). "ඩිස්කවරින් ජැෆ්නා". ද සන්ඩේ ලීඩර්. 2012-05-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-12.
  2. 2.0 2.1 Martyn 1923, පිටු අංකය: 260.
  3. ලක්ස්මන්, සදාජනන් (2012). ටූ එලිෆන්ට් ඉන් ද මැච් බොක්ස්. Matador. p. 91. ISBN 978-1780880525.
  4. 4.0 4.1 4.2 4.3 4.4 "ටයිම් ෆෝර් පීස් ටෝක්ස්, සේස් බ්‍රිටිෂ් එච්සී". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකා). 21 ජුනි 2002.
  5. 5.0 5.1 Martyn 1923, පිටු අංකය: 228.
  6. Martyn 1923, පිටු අංකය: 37.
  7. Katiresu 2004, පිටු අංකය: 52.
  8. Martyn 1923, පිටු අංකය: 41.
  9. 9.0 9.1 Martyn 1923, පිටු අංකය: 261.
  10. 10.0 10.1 Katiresu 2004, පිටු අංකය: 53.
  11. Subramanian, T. S. (20 July 2002). "Cautious optimism". Frontline (magazine). 19 (15).

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 9°39′47.50″N 80°00′48.00″E / 9.6631944°N 80.0133333°E / 9.6631944; 80.0133333

"https://si.wikipedia.org/w/index.php?title=යාපනය_ඔරලෝසු_කණුව&oldid=593049" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි