මයිකල් ලර්න්ස් ටු රොක්

විකිපීඩියා වෙතින්
Michael Learns to Rock (මයිකල් ලර්න්ස් ටු රොක්)
මෙලෙසින් ද හැඳින්වේMLTR
සම්භවයAarhus, ඩෙන්මාර්කය
ප්‍රභේදSoft rock, pop rock, alternative rock
සක්‍රීය වර්ෂ1988–වර්තමානය
ලේබලEMI Records
Medley Records
MLTR Music
වෙබ් අඩවියmltr.dk
සාමාජිකයින්Jascha Richter
Mikkel Lentz
Kåre Wanscher
අතීත සාමාජිකයින්Søren Madsen (1988–2000)

මයිකල් ලර්න්ස් ටු රොක් (MLTR ලෙසද හඳුන්වනු ලබන) යනු 1988 දී පිහිටුවනු ලැබූ ඩෙන්මාර්ක සොෆ්ට් රොක් සංගීත කණ්ඩායමකි. ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් ගීත ගායනා කරති. ඔවුන්ගේ ගීත ඇල්බම මිලියන 11ක් යුරෝපය හා ආසියාව ප්‍රධානව ලොව පුරා අලෙවි වී ඇත. 2006 සහ 2015 යන වසර වල දී ඔවුහු ශ්‍රී ලංකාවේදී ද ප්‍රසංග පැවැත්වූහ. ඊට අමතරව ස්විට්සර්ලන්තය, එංගලන්තය, ඉන්දුනීසියාව, චීනය, මැලේසියාව, තායිලන්තය, ඩෙන්මාර්කය, පිලිපීනය, කැනඩාව, හොං කොං, ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව, ඇමරිකා එක්සත් ජනපදය, තායිවානය, නේපාලය, බංගලාදේශය, වියට්නාමය, කාම්බෝජය, නෝර්වේ, දකුණු කොරියාව, ස්වීඩනය, දකුණු අප්‍රිකාව සහ ෆැරෝ දිවයින් ඇතුළු රටවල් 24 ක පමණ ප්‍රසංග පවත්වා ඇත.