බීඑන්පී පරීබා

විකිපීඩියා වෙතින්
බීඑන්පී පරීබා එස්.ඒ.
වර්ගයසොසිටි ඇනොනිම්
පූර්වගාමියා
ස්ථාපිතය23 මැයි 2000
මූලස්ථානයබුල්වාඩ් දෙස් ඉටැලියන්, පැරිසිය, ප්‍රංශය
සේවා සරියලෝක ව්‍යාප්ත
ප්‍රධාන පුද්ගලයන්බූඩ්වාන් ප්‍රොට් (සභාපති)
ජොන්-ලොහෝං බොනාෆෙ (ප්‍රවිනි)
කර්මාන්තයමූල්‍ය සේවා
නිෂ්පාදිතයන්වත්කම් කළමනාකරණය, පාරිභෝජක බැංකුකරණය, සංස්ථාපිත බැංකුකරණය, ණය පත්, ආයෝජන බැංකුකරණය, උකස් ණය, පෞද්ගලික බැංකුකරණය, සම්පත් කළමනාකරණය
ආදායම47.86 බිලියන (2011)[1]
මෙහෙයුම් ආදායම€9.677 බිලියන (2011)[1]
ලාභය€6.050 බිලියන (2011)[1]
මුළු වත්කම්€1.965 ට්‍රිලියන (2011)[1]
මුළු සමකොටස€85.62 බිලියන (2011)[1]
සේවකයන්200,000 (2011)[1]
වෙබ්අඩවියwww.bnpparibas.com
විකුණනු ලබන්නේසැකිල්ල:Euronext, සැකිල්ල:OTCQX

බීඑන්පී පරීබා යනු, පැරිසියෙහි මූලස්ථානය සහ, ලන්ඩනයෙහි ගෝලීය මූලස්ථානයක් සහිත, ප්‍රංශ බැංකුවක් සහ මූල්‍ය සේවා සමාගමකි.

කියුබාවට, ඉරානයට සහ සුඩානයට එරෙහිව එ.ජ. විසින් පැනවුනු සම්බාධ උල්ලංඝනය කොට, ව්‍යාපාර වාර්තා වැරදි ලෙස පෙන්වීම සහ කුමන්ත්‍රණය වෙනුවෙන්, 2014 ජූනි මාසයේදී බීඑන්පී පරීබා වරද පිළිගන්නා ලදි. $8.9 බිලියන දඩයක් ගෙවීමට එය එකඟ වූ අතර, එ.ජ. සම්බාධ උල්ලංඝනය සඳහා ගෙවනු ලබන විශාලතම දඩය එය වෙයි. [2]

මතභේද[සංස්කරණය]

සම්බාධ උල්ලංඝනය කිරීම්[සංස්කරණය]

2014 මැයි 30 දිනදී, ද වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කලේ, බීඑන්පී පරීබා හා සමගින් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව කතිකා පවත්වමින් සිටින්නේ, බැංකුවේ සම්බාධ උල්ලංඝනය පිළිබඳ දඩයෙහි ප්‍රමාණය පිළිබඳව සහ එ.ජ. රෙගුලාසි උල්ලංඝනය ගැන බැංකුව විසින් වරද පිළිගැනීමක් පිළිබඳව බවයි. අධිකරණ දෙපාර්තමේන්තුව විසින් US$10 බිලියන ඉක්මවන දඩයක් බලාපොරොත්තු වූ නමුදු, කතිකාව තුලින් එය $8 සිට $9 බිලියන දක්වා අගයක් ගැනීම බලාපොරොත්තු විය. [3] මුල් වාර්තා දැක්වූයේ, සම්බාධ පැනවුනු සුඩානය, ඉරානය සහ, කියුබාව යන රටවල් වල $100 බිලියන ප්‍රමාණයක කළු සල්ලි පවිත්‍රකරණය කිරීම බීඑන්පී පරීබා විසින් සිදු කර ඇති බවයි. [4]

මෙම උල්ලංඝනය කිරීම් හා සම්බන්ධව, ව්‍යාපාර වාර්තා වැරදි ලෙස පෙන්වීම සහ කුමන්ත්‍රණය සිදු කල බවට, ජූලි 1 දිනදී නිව්යෝර්ක් ප්‍රාන්ත අධිකරණයකදී බීඑන්පී පරීබා විසින් වරද පිළිගන්නා ලදි. මුදල් පවිත්‍රකරණ නීති උල්ලංඝණය පිළිබඳව ෆෙඩරල් අධිකරණයෙහිදී වරද පිළිගනු ඇති බවටද බලාපොරොත්තු වෙයි. [5] අමතර වශයෙන්, පුරා වසරක් තුලදී, එජ ඩොලර් ප්‍රමුඛවන සමහරක් ගනුදෙනු සිදුකිරීමට බීඑන්පී පරීබා වෙත අවසර නොලැබෙයි. මෙම දඩය, බැංකුවෙහි 2013 වාර්ෂීක ආදායම ($6.4 බිලියන) සහ පෙරදී පූර්වාපේක්ෂිත $1.1 බිලියන දඩය ඉක්මවිය. [5] [6] වසර-කිහිපයක් තිස්සේ පැවතුණු විමර්ශණය හා සහයෝගයෙන් කටයුතු කිරීමට නොහැකි වීම, දඩය ඉහළ යාමට බලපෑ විශාල සාධකයක් බව සැලකෙයි. අමතර වශයෙන්, විමර්ශණය ඇරඹුනු පසු පවා, බීඑන්පී පරීබා විසින්, සම්බාධයට ලක්ව තිබූ ගණුදෙනු සැකසීම දිගටම කරගෙන ගොස් තිබුණි. විමර්ශනය හේතුවෙන්, සේවකයන් 30 කට පමණ බැංකුව හැර යාමට සිදු විය.[5]

දඩය ප්‍රකාශයට පත් කල පසු, බීඑන්පී පැවසුවේ "කිසිදු ප්‍රශ්නයක් නැති" බවත් මෙවැනි උල්ලංඝනය කිරීම් අනාගතයෙහි සිදු වීම වැලැකුම සඳහා "විස්තීර්ණ සැලසුමක්" එය සතු බවත්ය. විමර්ශනය පිළිබඳ පුවත හෙළිවීමෙන් පසුව, 12% පහත වැටුනු සමාගමෙහි ව්‍යාපාර වස්තු කොටස්, මෙම ප්‍රකාශයෙන් පසුව 4% ඉහළ නැංගේය.[6][5] ගණුදෙනු තහනම වෙත අනුකූල වන පරිදී, එහි එජ ගණුදෙනු නිෂ්කාශනය සඳහා, බීඑන්පී පරීබා විසින් තෙවන-පාර්ශවයක් භාවිතා කරනු ඇත. බැංකුව මත පැනවුනු දඩය සහ දඬුවම් හමුවේ, ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් පැවසුවේ බැංකුවෙහි මූල්‍ය ඨීතිය පිළිබඳ එය විසින් සමාලෝචනය කෙරෙමින් ඨීතිය පහත හෙළිමක් සලකනු බවයි.[5]

සම්මුඛ සාකච්ඡාවකදී රුසියානු ජනාධිපති පුටින් පැවසුවේ, එජ රජය විසින් මෙම සිද්ධිය භාවිතා කරමින්, රුසියාව වෙත මිස්ට්‍රල් විකිණීම වෙනුවෙන්, ප්‍රංශය වෙත රහස් තර්ජන එල්ල කරන බවයි. . ඔහු තර්ක කරනුයේ, ප්‍රංශ බැංකුව වෙත අධික ගාස්තුවක් හා සම්බාධ යෙදීම, මෙම ගණුදෙනුව නවතා නොදැමුමට ප්‍රංශය විසින් ගත් තීරණයට පැනවුණු එජ දඬුවමක් බවයි. [7] පෙරදී, යුරෝපියානු මධ්‍යම බැංකුවේ හිටපු සභාපති ජොන් ක්ලොඩ් ත්‍රිෂේ පැවසුවේ, විශාල දඩයක් පැනවීම සාධාරණ නොවන සහ උල්ලංඝනයන් හා සමප්‍රමාණ නොවන බවත්, එය විසින් ගෝලීය බැංකු පද්ධතිය කඩාකප්පල් කළ හැකි බවත්ය.[5]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 "ඇනුවල් රිපෝට් 2010" (PDF) (ප්‍රංශ බසින්). බීඑන්පී පරීබා. සම්ප්‍රවේශය 3 මැයි 2011.
  2. ප්‍රොටෙස්, බෙන් ඇන්ඩ් ජෙසිකා සිල්වර්-ග්‍රීන්බර්ග් (ජූනි 30, 2014). "බීඑන්පී පරීබා ඇඩ්මිට්ස් ගිල්ට් ඇන්ඩ් එග්‍රීස් ටු පේ $8.9 බිලියන් ෆයින් ටු යූ.එස්.". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://dealbook.nytimes.com/2014/06/30/bnp-paribas-pleads-guilty-in-sanctions-case/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2014-07-01. 
  3. ජස්ටිස් ඩිපාර්ට්මන්ට් සීක්ස් මෝ දෑන් $10 බිලියන් පෙනල්ටි ෆ්‍රොම් බීඑන්පී පරීබා, වෝල් ස්ට්‍රීට් ජර්නල්, 30 මැයි 2014
  4. කෙවින් ඩුගාන් (4 ජූනි 2014). "බීඑන්පී පරීබා ප්‍රෝබ්ඩ් ඕවර් $100B මනි-ලෝන්ඩරින් ස්කීම්". නිව්යෝර්ක් පෝස්ට්. http://nypost.com/2014/06/04/bnp-paribas-probed-over-100b-money-laundering-scheme/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 ජූලි 2014. 
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 තොම්සන්, මාර්ක් ඇන්ඩ් ඉවාන් පෙරෙස් (ජූලි 1, 2014). "බීඑන්පී පරීබා ටු පේ නියර්ලි $9 බිලියන් පෙනල්ටි". සීඑන්එන් මනි. http://money.cnn.com/2014/06/30/investing/bnp-paribas-sanctions-fine/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2014-07-01. 
  6. 6.0 6.1 ටුවරියලයි, හලා (ජූලි 1, 2014). "බීඑන්පී ඊස් ජස්ට් ෆයින් ආෆ්ටර් $9B පෙනල්ටි. ආ බිලියන් ඩොලර් සෙට්ල්මන්ට්ද් එෆෙක්ටිව්?". ෆෝබ්ස්. http://www.forbes.com/sites/halahtouryalai/2014/07/01/bnp-is-just-fine-after-9b-penalty-are-billion-dollar-settlements-effective/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2014-07-01. 
  7. "පුටින් සේස් යූ.එස්. බ්ලැක්මේල්ඩ් ෆ්‍රාන්ස් ඕවර් වෝෂිප් විත් බීඑන්පී ෆයින්". බ්ලූම්බර්ග්. ජූලි 1, 2014. http://www.bloomberg.com/news/2014-07-01/putin-says-u-s-blackmailed-france-over-mistral-with-bnp-fine.html. 
"https://si.wikipedia.org/w/index.php?title=බීඑන්පී_පරීබා&oldid=309248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි