පින්නවල එළිමහන් සත්ත්වෝද්‍යානය

විකිපීඩියා වෙතින්
පින්නවල එළිමහන් සත්වෝද්‍යානය
විවෘත කල දිනය17 අප්‍රියෙල් 2015
පිහිටීමපින්නවල, රඹුක්කන
ඛණ්ඩාංක7°18′2″N 80°23′18″E / 7.30056°N 80.38833°E / 7.30056; 80.38833ඛණ්ඩාංක: 7°18′2″N 80°23′18″E / 7.30056°N 80.38833°E / 7.30056; 80.38833
වපසරියඅක්කර 44
ප්‍රධාන ප්‍රදර්ශනක්ෂීරපායින්, පක්ෂීන්

පින්නවල එළිමහන් සත්වෝද්‍යානය (පින්නවල සතුන් වත්ත) ශ්‍රී ලංකාවේ පින්නවල ඉදිකරනු ලැබූ එළිමහන් සත්වෝද්‍යානයකි. මහින්ද රාජපක්ෂ රජය සමයේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණ ඇතිව පින්නවල අලි අනාථාගාරය ට ආසන්නව,පින්නවල 'ඉපැරණි අපේ ගම' තේමා උද්‍යානය ඉදිරිපිට මෙය පිහිටුවන ලදී. 2015 අප්‍රියෙල් 17 වන දින විවෘත කරනු ලැබූ සත්වෝද්‍යානය මෙරට ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පසුව ඉදිකල දෙවන සත්වෝද්‍යානයද වේ.[1][2]

දිවි අරණ[සංස්කරණය]

“දිවි අරණ” පින්නවල සත්වෝද්‍යානයේ ප්‍රධාන ප්‍රදර්ශන මධ්‍යස්ථානයයි. අක්කර දෙකක  වපසරියකින් සමන්විත මෙම අරණ දිවියන්ට ස්වභාවික හැසිරීම් රටවන් පවත්වාගැනීමට තරම් රිසි වූ වාස භූමියකි. ලංකාව බහුල වශයෙන් අර්ධ ඝන වනාන්තර වලින් සමන්විත වන බැවින් යාල සහ විල්පත්තු වනයෙන් හි නිරන්තරයෙන් දිවියන් හඳුනාගත හැකි ය. මේ නිසාම“ දිවි අරණේ” නැරඹුම් වේදිකා “යාල” සහ “විල්පත්තු” වශයෙන් නම් කර ඇත.

ලංකාවේ දිවියා යනු ලංකාවට අවේණිකව වූ උපවිශේෂයකි. මොවුන් IUCN ආයතන මඟින් තර්ජනයට ලක්ව ඇති ජීවීන් විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ගහනය අඩුවීම සඳහා දිවි මිනිස් ගැටුමට අමතරව දිවියන්ගේ සම සහ දත් විවිධ වාණිජ අරමුණ හා මිත්‍යා විශ්වාසයන්ට නතුවෙමින් දඩයම් කරුවන්ගේ ගොදුරුවීමත් වනගහනය අඩුවීමත් යන කරුණු මත තීරණය වී ඇත. ලංකාවේ දිවියන් සංඛ්‍යාවෙන් 250 පමණ වන අතර සම දුඹුරු පැහැති කහ පැහැයට හුරුය. ඒ මත කළු පුල්ලි රටාවකින් සමන්විතය. නළල පුල්ලි පළදනාවක හැඩය ගනී. මෙය ඉන්දියානු දිවියාට සමාන බවක් දක්වයි. ශ්‍රී ලංකා දිවියා ප්‍රබල විලෝපිකයෙකුවේ. බළලුන්සේ දිවියාද උගේ ආහාරය සොයාගැනීමේදී කුඩා ක්රෂිපායින්, කුරුල්ලන්, උරගයින්‍ මෙන්ම ගෝනුන් හා මුවන් වැනි විශාල සතුන්ද දඩයම් කරගනියි. වියලි කළාපයේ දිවියන්ගේ බහුලතම ආහාරය වනුයේ ගෝන මුවන්ය.

පින්නවල සත්වෝද්‍යානයේ “දිවි අරණ” දිවියන් හය දෙනෙකුට වාසභූමිය සපයන අතර ඉන් හතර දෙනෙකුම පිරිමි සතුන්වේ. “රාජු”, “වීරා”, “ලොකූ”, සහ “පණ්ඩු”, පුරුෂාධි පත්‍යය පවත්වන අතර භූමි හෙවත් “කැලෑකෙල්ල”, හා “නාමලී” යන දිවි ධේනුවන් සිය ආධිපත්‍යයෙන් “දිවි අරණ”ම රාජධානියක් කොටගෙන ඇත.

ආශ්‍රිත[සංස්කරණය]