පින්නවල අලි අනාථාගාරය

විකිපීඩියා වෙතින්
පින්නවල අලි අනාථාගාරය
පින්නවල අලි රංචුව
විවෘත කල දිනය1975
පිහිටීමපින්නවල, කෑගල්ල, ශ්‍රී ලංකා
ඛණ්ඩාංක7°17′52″N 80°23′07″E / 7.29778°N 80.38528°E / 7.29778; 80.38528ඛණ්ඩාංක: 7°17′52″N 80°23′07″E / 7.29778°N 80.38528°E / 7.29778; 80.38528
වපසරියඅක්කර 25
සතුන්84 (2008)
විශේෂයන්1 (2009)

අනාථවන අලි ඇතූන් රැක බලාගනු ලබන ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්ථානය පින්නවල අලි අනාථාගාරයයි. මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පින්නවල ප්‍රදේශයේ පිහිටුවා තිබේ. මාර්ග අංක A 01 දරන කොළඹ නුවර මහා මාර්ගයේ කෑගල්ලේ සිට 82km කණුව අසලින් හැරී උපරිම වශයෙන් 10km ගිය විට පින්නවල හමුවේ. දුම්රියෙන් ගමන් කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට කෑගල්ල දෙසට 2km පමණ ගිය විට අලි අනාථාගාරය හමුවේ. අලි ඇතුන් සම්බන්ධව ඡීවී කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් මෙන්ම සංරක්ෂනාගාරයක් ලෙස සුවිශේෂී වැදගත්කමක් දැරීම හේතුකොටගෙන පින්නවල අලි අනාථාගාරය දේශීයව මෙන්ම විදේශීයව ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුළයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන් සම්බන්ධව සිදුකරන සේවාව හැරුණු විට දේශීය හා විදේශීය සංචාරකයන් ඇදී එන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් ද වේ. එමනිසා පින්නවල අලි අනාථාගාරය ලංකාවට විදේශ විණිමය ලබා දෙන සංචාරක කේන්ද්‍රයක් ලෙසද වැදගත් තැනක් ගනී.

පින්නවල අලි අනාථාගාරයේ ආරම්භය හා වර්ධනය[සංස්කරණය]

වනයේ හමුවන අනාථ වූ අලි ඇතුන්ගේ ජීවත්වීමේ අවස්ථාව තහවුරු කිරීම පිණිස 1975 දී වනඡීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අක්කර 25 ක භුමි භාගයක පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරන ලදී. 1987 වසරේ දී මෙය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පවරාගත් අතර 1982 දි සත්ව අභිජනන වැඩසටහන ආරම්භ කරන ලදී. අලි අනාථාගාරයක් ලෙස මෙය ආරම්භ කිරීමේදී අලි ඇතුන්ගේ වාසයට සුදුසු වූ දේශගුණික ස්ථානයක් තෝරාගනු ලැබුණි. තෙත් භූගෝලීය කලාපයට අයත් වන මෙම ප්‍රදේශය ඝර්ම කලාපීය වනාන්තර වලින් යුත් කඳු වලල්ලකින් වටවී තිබීම දැකගත හැකි වෙයි. හෙක්ටයාර 9කින් යුත් පොල් වගා බිමක් තුල මෙය ස්ථාපිත කර ඇති අතර ආරම්භයේදී අලි 5 දෙනෙකුගෙන් සමන්විතව මෙය ආරම්භ කරන ලද්දේ අලි අනාථාගාරයක් මෙන්ම ප්‍රදර්ශනාගාරයක් ද වශයෙනි. නමුත්ආරම්භයේ දී තිබූ ප්‍රධාන ගැටළුව වූයේ සංචාරකයින් මෙය නැරඹීමට එයිද? යන්නයි. ප්‍රධාන මාර්ගයට තරමක් ඈතින් පිහිටා තිබීම ඊට හේතු විය. නොයෙක් හේතු සාධකයන්හි බලපෑමෙන් අනාථභාවයට පත්වූ අලි ඇතුන්ට රැකවරණය සැලසීම මෙම මධ්‍යස්ථානයේ මුඛ්‍ය පරමාර්ථය බවට පත්ව තිබේ . මෙහි ගෙන එන්නට හේතු වන්නාවූ අලි ඇතුන් අනාථභාවයට පත්වූ ආකාර කිහිපයක් හඳූණාගත හැකි වෙයි.

  • ස්වාභාවික හේතු නිසා කුඩා කල අනාථභාවයට පත්වීම
  • මව් ඇතින්නිය මියයාම
  • මිනිසුන්ගේ අකාරුණික භාවය හා කෲර ක්‍රීයාකාරකම්
ගොනුව:බට්ටකු පෑගී කකුලක් අහිමි වූ අලි පැටවෙක්.jpg

ලෝකයේ ඇතිදැඩිවන විශාලතම අලි රංචුවේ නිවහන ලෙස පින්නවල වැදගත් වන අතර විවිධ වයස් ප්‍රමාණ වලට අයත් විශාල අලි ප්‍රමාණයක් එකවර දැකගත හැකි ලෝකයේ එකම ස්ථානය වශයෙන් මෙය සුවිශේෂී වේ. ඉහත දැක්වූ පරිදි විවිධ හේතූන් නිසා අනාථවන අලි ඇතුන් වනඡීවී සංරක්ෂණ දෙපාර්ත මේන්තුව විසින් මෙම ස්ථානයට භාරදීමෙන් අනතුරුව ඔවුන් රැක බලා ගන්නට කටයුතු කරන අතර‍ම මහඡනයාට නැරඹීමට ද ඉඩකඩ සලසා දෙයි. පින්නවල අලි අනාථාගාරය ඡීවීකෞතුකාගාරයක් ලෙස දැක්විය හැකි අතරම පර්යේෂණාගාරයක් වශයෙන්ද වැදගත් වේ. තවද මෙහි කලින් කලට අලිි ඇතුන් උප්පත්තිය ලබන බැවින් අලි අභිජනනය කරන මධ්‍යස්ථානයක් වශයෙන් ද මෙය වැදගත් වේ. පරිභාහිර සත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන පින්නවල අලි අනාථාගරය 1982 වර්ෂයේදී සත්ව අභිජනන වැඩසටහන ආරම්භ කළ අතර මෙම වැඩසටහන සාර්ථකත්වයට පත්කරමින් 1984 වර්ෂයේදී පින්නවල අලි අනාථාගාරයේ ප්‍රථම අලි උපත ලෙස විජය අලියාට හා කුමාරි කෙනෙරට දාව සුකුමලී පැටවා බිහි විය. එමෙන්ම මෑතකදී පින්නවල අලි අනාථාගාර‍ ඉතිහාසයට නව්‍ය පරිච්ජේදයක් එක් කරමින් අගෝස්තු මස 31 වන දින අවුරුදු 25 වියේ පසු වන සුරංගි කෙනෙර නිවුන් අලි පැටවුන් දෙදෙනකු බිහි කළ අතර එය පින්නවල අලි අනාථාගාරයේ ප්‍රථම නිවුන් උපත ලෙස සනිටුහන්වේ. එමෙන්ම ආසියාවේ සාර්ථක අභිජනන මධ්‍යස්ථානයක් ලෙස කැපී පෙනෙන පින්නවල අලි අනාථාගාරයේ මේ වන විට අලි උපත් 75ක් සිදුව ඇති අතර පින්නවල අලි අනාථාගාරයේ රැකවරණය ලබන මෙම අලි ඇතුන් වෙත ස්වභාවික පරිසරයට සමාන පරිසරයක් පැවතීම මෙයට හේතු සාධක වී ඇත. මෙවැනි විවිධ හේතු සාධක නිසා පින්නවල අලි අනාථාගාරය පිළිබඳව සැලකිය යූතු පරිදි පර්යේෂණ වාර්තා ගණනාවක් හා පොත්පත් විශාල ප්‍රමාණයක් විවිධ භාෂා ඔස්සේ ලියවී තිබේ. අනාථාගාරයේ දී සත්ත්ව සුභසාධනය නැමති ප්‍රශ්නයට අදාලව ලියවුණු "Born Free Foundation" නැමති වාර්තාවට විෂය වූයේ පින්නවල අලි අනාථාගාරය වේ. [1]

ගොනුව:අභ්‍යන්තර භූමි සැලැස්ම.jpg

දෛනික කාලසටහන[සංස්කරණය]

වේලාව කාර්යය


පෙ.ව. 8.30 සංචාරකයන් සඳහා විවෘත කිරීම


පෙ.ව. 10.00 අලිරංචුව දියනෑම පිණිස මා ඔයට ගෙන යාම


මධ්‍යහ්න 12.00 මා ඔයෙන් නැවත අලි සුරැකුම් ස්ථානයට ගෙන ඒම


ප.ව. 2.00 අලි ඇතුන් නැවත ඔයට ගෙන යාම


ප.ව. 4.00 ඔයේ සිට අලි ඇතුන් නැවත රැගෙන ඒම


ප.ව. 5.30 නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නැවැත්වීම


ප.ව. 6.00 අලි අනාථාගාරය නැරඹීම වසා දැමීම
ගොනුව:විවේකයෙන් සිටින අලි රංචුවක්.jpg


දෛනික කාලසටහන ක්‍රියාත්මක වන ආකාරය[සංස්කරණය]

උදෑසන 8.30 ට නරඹන්නන් සඳහා විවෘත කරනු ලබන අලි අනාථාගාරය තුල මුලින්ම සිදුකරනු ලබන්නේ අලි ඇතුන් ඛගාල් තුල සිටියදීම ඔවුන්ට ආහාරසැපයීමයි. මෙහිදී කුඩා පැටවුතන්ටකිරි පෙවීම පෙ.ව.9.15ට ආරම්භ කෙරෙන අතර වැඩුණු අලින්ට ආහාර සඳහා කොළ අතු ගාල් තුලට සපයා දෙයි. පෙ.ව.10.00ටඅලින් දිය නෑම පිණිස මහ ඔයට ගෙනයාම සඳහා ඇති විශේෂ මාර්ගයෙන් නරඹන්නන් ඉවත් කරනු ලැබේ.අලි ඇතුන් එකා පිටුපස එකා වශයෙන් ගමන් කරමින් මහ ඔය වෙත යති.යම් අවස්ථාවක අලියෙක් පේලියෙන් ඉවත් වුවහොත්නැවත පෙර සිටි ස්ථානයටම පැමිණීම දක්නට ලැබෙ. හොඳින් හීලෑ වූ අලි ඇතුන් මෙසේ ගෙනයනු ලැබුව ද සමහර ප්‍රචණ්ච කාරී අලින් ගෙන යනු ලබන්නේ රංචුවම ගෙන යාමෙන් අනතුරුව පාද වලට විලංගු දැමීම වැනි ආරක්ෂක පියවරයන් අනුගමනය කරමිනි.



අලි රංචුව දිය නෑම පිණිස ගෙනයනු ලබන්නේ මහ ඔය වෙතය. විශාලත්වයෙන් හා ඡල ප්‍රමාණයෙන් ලංකාවේ ගංගා අතර 3 වන ස්ථානය හිමිකරගන්නා මහ ඔයේ පතුල ගල් තලාවකින් යුක්ත වන අතර එය අලින්ට දිය නෑම සඳහා කදිම තටාකයකි.නොවැම්බර් හා ඡූනි මාසවල දින කිහිපයක් හැරුණුවිට මහ ඔයෙහි ඡල මට්ටම 1/2 m ක් පමණ වේ.මෙය අලින්ට සුදුසු මට්ටමයි. පෙබරවාරි , ඡූලි , අගෝස්තු වැනි වියලි මාසවල පවා අලින්ට උවමනා තරම් ඡල ප්‍රමාණයක් මහ ඔයේ ඇත.


ඔයට ගෙනයනු ලබන අලින් එකවර ඡලයට මුදාහරිනු ලබන අතර උන් සියලු දෙනා එකම ස්ථානයක රඳවා ගැනීමටත් රංචුවෙන් ඉවත් වී ඈතට යාම වැලැක්වීමටත් අලි බලන්නන් ඔයේ තැනින් තැනසිටිති. පැය 1 1/2ක් පමණ කාලයක් අලින්ට උවමණා පමණ ඡලයේ සිටීමට ඉඩ දීමෙන් අනතුරුව ඇත් ගොව්වන් විසින් උන් නාවනු ලබති. දිය නෑවීමෙන් අනතුරුව ප.ව.12.00 ට පමණ සියලුම අලි ඇතුන් නැවත රැගෙනයනු ලබන අතර දිවා කාලය තුල උන් ගාල් කරනු ලබන්නේ අලි අනාථාගාරය තුල පහිටි පොල්වත්ත තුලය. මෙහිදී නැවතත් අලි ඇතුන්ට ආහාර ද්‍රව්‍ය සපයනු ලැබේ.


අලිඇතුන් වැඩිපුර ඡලයට ප්‍රිය කරන්නාවූ සත්ව කොට්ටාශයකි. එමසා දිනකට දෙවරක් උන් මහඔය වෙත ගෙනයනු ලබති. එමගින් උන්ට දහවල් කාලයේදී දැනෙන උෂ්ණත්ව ය අවම කර ගත හැක. මෙසේ ප.ව 2.00 ට නැවත අලි රංචුව මහ ඔය වෙත ගෙන යාමෙන් අනතුරුව නැවත උන් ගාල් වෙත ගෙන එනු ලබන්නේ ප.ව. 4.00 ටය අලිඇතුන් සෑම එකෙක්ම තමාට නියමිත කුටිය හඳුනති. ප.ව. 5.00 ට ගාල් වෙත ගෙන එනු ලැබූ අලින්ට ආහාර ලබා දීමට කටයුතු කරන අතර පව 5.30ට නරඹන්න් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවත්වනු ලැබේ. ප.ව. 6.00 ට නරඹන්නන් සඳහා අලි අනාථාගාරය වසා දමනු ලබයි.

අලි අනාථාගාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම්[සංස්කරණය]

අලි ඇතුන් රැක බලා ගනීම[සංස්කරණය]

පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් වර්ග 2 කට වෙන්කර දැක්විය හැක.

  • මෙහිම උපත ලද අලි ඇතුන්
  • අනාථ වී ගෙන එනු ලැබූ අලි ඇතුන්

මෙම දෙකොටසටම අයත් අලින් සඳහා යොදනු ලබන අවධානය එකිනෙකට වෙනස් ය. මෙහිම උපත ලබන අලින්ට මව් සෙනෙහස හා මවගේ ආරක්ෂාව ලැබෙන නිසා එවැනි අලින්ට වඩා විශේෂ අවධානයක් යොමුකරනු ලබන්නේ අනාථ වී ගෙන එනු ලබන අලි ඇතුන් කෙරෙහිය. මේ අතුරින් ආභාධිත තත්වයට පත්වූ අලින්ට සුවිශේෂී අවධානයක් යොමු කරනු ලැබේ. අනාථ වී අලි පැටවෙක්ගෙන ආ විට ඇත් ගොව්වන් දෙදෙනෙක් වෙන්කර පැටවා හුරු කරවීමසිදු කරයි. මෙම දෙකොටසටම අයත් අලින් හීලෑ කිරීම උදෙසා වචන මඟින් හැසිරවීමේ සංඥා ක්‍රමයකට හුරු කරවනු ලැ‍‍බේ.

අලි ඇතුන් රැක බලා ගැනීමේ දීආහාර ද්‍රව්‍ය සැපයීම දවැගත් වේ. අලින්ගේ ප්‍රධාන ආහාරය වන්නේකිතුල් ගසේ කොටස් ය. කිතුල් ගසේ බොඩය සහ අතු යන කොටස් දෙකම අලින් ආහාරයට ගනිති. මීට අමතරව පොල් අතු, කොස් අතු වැනි අතු වර්ග ද ආහාර වශයෙන් සපයනු ලබයි.

අලි ඇතුන් ආහාර වශයෙන් කොළ අතු වලට පමණක් සීමා නොවෙති. කෙසෙල් ගෙඩි උක් දඞු පැණි කොමඩු අන්නාසි වැනි පළතුරු වලට ද කැමැත්තක් දක්වති. පින්නවල අලි අනාථාගාර යේ වසන අලිඇතුන් සඳහා කොළ අතු සපයාගනු ලබන්නේ ටෙන්ඩර් ක්‍රමයක් මගිනි.ටෙන්ඩර් කැඳවා වාර්ෂික සැපයුම් කරුවකු තෝරා ගන්නා අතර ඔහු විසින් මුළඵවර්ෂය පුරාම කොළඅතු සැපයිය යුතුය.

සැපයුම් කරු විසින් මෙම ආහාර ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයෙතන් හා නියමිත වේලාවට ලබා දිය යුතුය.ඔහුට ගෙවීම් කරනු ලබන්නේ චෙක්පත් මගිනි.

අලි ඇතුන් රැක බලා ගැනීමේදී ආහාර ලබාදීම හැරුණුවිට රෝග වලට ප්‍රථිකාර සැපයීම ද වැදගත් වේ. අලි ඇතුන්ට බහුලව වැලඳෙන්නේ ආහාර මාර්ගය ආශ්‍රිත රෝගයන්ය. මෙහිදී කොකු පණු රෝග හාවට පණු රෝග ප්‍රධාන තැනක් ගනීමීට අමතරව බැක්ටීරියා ආසාධන, ඇස්වල ආසාධන ආදිය හේතුකොටගෙන සෑදෙන රෝග දැකිය හැකි වේ. වෛරස මගින් ඡලභීතිකාව වැනි රෝග ද බැක්ටීරියා මගින් ක්ෂය රෝගය ද බැක්ටීරීයා, දිලීර, ප්‍රොටොසෝවා මිශ්‍ර රෝග කාරකයන් මගින් පාදවල ඇඟිලි කුණුවීම වැනි රෝගී තත්ව ඇතිවේ. අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්වය නිසි පරිදි පවත්වා ගැනීම සඳහා අලි අනාථාගාරය විිධිමත් පියවර ගෙන තීබේ. මේ සඳහා අලි අනාථාගාරයෙහි විශේෂ වෛද්‍ය වරයෙක් පත්කර තිබේ. බොහෝ දුරට මිනිසුන් සඳහා භාවිත කරනු ලබන ඖෂධ වර්ග අලි ඇතුන් සඳහා ද භාවිත කරනු ලැබේ.අවශ්‍ය ඖෂධ ගබඩා කොට තබාගෙන ප්‍රයෝඡනයට ගැනේ.

සෞඛ්‍ය සම්බන්ධව කතා කිරීමේ දී ප්‍රඡනනය ද වැදගත් වේ. අලින්ගේ මද කිපීම මාස 2ත් 3ත් අතර කාලයක් පුරා පවතී. බොහෝ විට නොවැම්බර්, දෙසැම්බර් මාසවල මෙය සිදුවේ. ඇතින්නියකගේ ගැබ් කාලය මාස 22කි. පැටව් ලැබීමට ආසන්න ඇතින්නියකගේ සෞඛ්‍යය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනු ලබන අතර එවැනි ඇතින්නියන් අසල දිවා රෑ දෙකෙහිම සේවකයන් තබනු ලැබේ. පැටවා ලැබී දින කිහිපයක් යන තුරුම ආරක්ෂාව එලෙසම සැපයෙයි.

ගොනුව:පැටවුන් බිහි කිරිම.jpg
ගොනුව:අලුත උපන් ඇත් පැටවෙක්.jpg

අලි ඇතුන් අවුරුදු 60-70 අතර කාලයක් ඡීවත් වන අතර වැඩි වශයෙන් මරණයට පත් වන්නේ වයසට යාමෙන් අනතුරුවය. නමුත් රෝගාතුර වීම නිසා ද මියයාම් දැකියහැකි වෙයි.

සංචාරක කටයුතු[සංස්කරණය]

පින්නවල නැරඹීම සඳහා දේශීය මෙන්ම විදේශීය යන සංචාරක දෙවර්ගයම පැමිණෙති. දේශීය සංචාරකයන් බහුලවම පැමිණෙන්නේ අප්‍රේල් , අගෝස්තු යන මාසවලය. විදේශීය සංචාරකයන් බහුලවම පැමිණෙන්නේ දෙසැම්බර් සිට අගෝස්තු දක්වාය. සංචාරකයන් සඳහා මෙහි පහසුකම් රාශියක් සපයා තිබේ. ඔවුන් සඳහා හෝටල් සංස්ථාවෙන් පවත්වාගෙන යන භෝඡනාගාරයක් ද මෙහි පිහිටුවා තිබේ. අලි ඇතුන්ගේ ඡායාරූප ගැනීමට ද පහසුකම් සලසා ඇත. රූපගත කිරීම් සිදුකල හැක්කේ ඒ සඳහා ගෙවීම් කිරීමෙන් අනතුරුවය.

සංචාරකයන් සඳහා ලබා දී ඇති විශේෂ අවවාද.

  • සෑමවිටම අලි ඇතුන් ගෙන් ඈත් වී සිටින්න.
  • අවදානම් ප්‍රදේශ වලට ඇතුලු නොවන්න.
  • අවසර දී ඇති ස්ථාන වලදී පමණක් දුම් බ්ම සිදුකරන්න.
  • කිසි විටෙකත්අලි ඇතුන්ට බාධා නොකරන්න.
  • ශබ්ද කිරීමෙන් වලකින්න.
  • සුරතල් සතුන් අලි අනාථාගාරය තුලට ගෙන ඒමෙන් වලකින්න.

සංචාරක කර්මාන්ය මගින් ශ්‍රී ලංකාව උපයන මුදලට පින්නවල අලි අනාථාගාරය ද දායක වේ. පින්නවලට සංචාරකයන්මගින් ලැබෙන ආදායම සත්වෝද්‍යාන අරමුදලට බැර කෙරෙයි. අලි අනාථාගාරයට වසරක වියදමට අවශ්‍ය මූදල් අය වැයෙන් වෙන්කරනු ලබන අතර අවශ්‍ය අවස්ථාවන් වලදී සත්වෝද්‍යාන අරමුදලෙන් ද මුදල් ලබා දේ.

අලි අනාථාගාරයේ සේවකයෝ[සංස්කරණය]

මෙහි සේවය කරනු ලබන සේවකයන්කොටස් කිහිපයක් යටතේ වර්ග කළ හැක.

  • අලි බලන්නන් - සාම්ප්‍රදායිකව ඉගෙන ගත් පරණ සේවකමාස18 ක පුහුණුවක් ලබා දී රැකියාවට ගනු ලැබූවන්.
  • ආරක්ෂක නිලධාරීන්
  • කම්කරුවන්
  • රියදුරන් - අවශ්‍ය අවස්ථා වලදී ප්‍රවාහන කටයුතු සඳහා ඡාතිකසත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ගින් වාහන හා රියදුරන් සපයා දෙනු ලැබේ.
ගොනුව:සේවකයෝ.jpg


මෙහි සේවකයන් සඳහා සලසා ඇති පහසුකම් ගණනාවකි.

  • නිල ඇඳුම් සැපයීම.
  • විශ්‍රාම වැටුප් ලබා දීම.
  • ණය දීමනා ලබා දීම.
  • රක්ෂණ ක්‍රම අනුගමනය කීරීම.
  • මෙම රැකියාවන්හි දුශ්කරතාවන් ද දැකගත හැකි වේ.
  • අලි ඇතුන් පුහුණු කිරීමේදී අනතුරු වලට මුහුණ දීම.
  • අලි ඇතුන්හීලෑ වුව ද අනතුරුදායක බවක් තිබීම.

පින්නවල අලි අනාථාගාරයෙන් ඉටුවන සේවය[සංස්කරණය]

  • පින්නවල අලි අනාථාගාරයෙන් ඉටුවන සේවාවන් ගනනාවකි.
  • අනාථ වන අලි ඇතුන් ආරක්ෂා කිරීම.
  • අලි ඇතුන් වඳවී යාම වැලැක්වීම.
  • සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත් වීම හා රටට විදේශ විනිමය ලබා දීම.
  • සෘඡු හා වක්‍ර අයුරින් රැකියා අවස්ථා හිමි කර දී තිබීම.
  • අලි ඇතුන් බෝකරන මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම.
  • අලි ඇතුන් පිළිබඳ හදාරන්නන් සඳහා පහසුකම් සලසා දී තිබීම නිසා පර්යේෂණ වලට ඉඩ සැලසීම.
  • අලි ඇතුන් සංරක්ෂණය පිළිබඳව මහඡනයාගේ ආකල්ප හා දැණුම දියුණුකිරීමට ඉවහල් වීම.
  • ඡීවී කෞතූකාගාරයක් හා පර්යේෂණාගාරයක් ලෙස අන් රටවල් වලට ද ප්‍රයෝඡනවත් වීම

ගැලරිය[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Jay, David. "Pinnawela Elephant Orphanage, Sri Lanka". bornfree.org.uk. Born Free. සම්ප්‍රවේශය 16 October 2010.

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පින්නවල_අලි_අනාථාගාරය&oldid=655011" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි