පරිපථ සැලසුම්කරණය

විකිපීඩියා වෙතින්

සංකීර්ණ සංඛ්‍යාත පද්ධතිවල සිට සංගෘහිත පරිපථයක් තුළ පිහිටි තනි ට්‍රාන්සිස්ටරය දක්වා වූ සියලු ආකාරයේ පද්ධති පරිපථ සැලසුම්කරණ ක්‍රියාවලිය මගින් ආවරණය වේ. බොහෝ විට සරල පරිපථ සැලසුම්කරණ ක්‍රියාවලි තනි පුද්ගලයෙකුහට සැලසුම් සහගත හෝ ව්‍යුහීය නිර්මාණ ක්‍රියාවලියකින් තොරව සිදු කළ හැකිය. නමුත් වඩාත් සංකීර්ණ සැලසුම්කරණයන් , බුද්ධිමත් ලෙස පාලනය කෙරෙන පරිගණක ආදර්ශන ඔස්සේ සැලසුම් සහගතව සැලසුම්කරුවන් කිහිපයක් මඟින් සිදු කිරීම වඩාත් ප්‍රචලිත වෙමින් පවතින ක්‍රමයයි.

විධිමත් පරිපථ සැලසුම්කරණය සාමාන්‍යයෙන් පහත සදහන් පියවර හා බැදී ඇත.

  • සමහරක් විට පාරිභෝගිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් අනතුරුව අවශ්‍යතා පිළිබඳව නිශ්චිත සම්පූර්ණ විස්තරයක් ලිවීම.
  • පාරිභෝගිකයාගේ පිරිවිතර අවශ්‍යතා ඉටුකිරීම සදහා තාක්ෂණික යෝජනා ලියා ඉදිරිපත් කිරීම.
  • පිරිවිතරවලට යෝග්‍ය විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික පරිපථයක පරිපථ සටහනක් සාරාංශගත ආකාරයට කඩදාසියක් මත සටහන් කිරීම.
  • අදාළ තත්ත්ව යටතේ පිරිවිතරවලට යෝග්‍ය ලෙස ක්‍රියා කිරීම සඳහා පරිපථ මූලාංගවලට තිබිය යුතු අගයයන් ගණනය කිරීම.
  • සැලසුම්කරණයේ නිරවද්‍යයභාවය තහවුරු කිරීමට සමගාමීකරණයක් කිරීම / ආදර්ශනයක් සිදු කිරීම.
  • පිරිවිතරවලට එදිරිව පරීක්ෂා කිරීම සඳහා සවිකරණ පුවරුවක් හෝ වෙනත් සැලසුම්කරණ මූලාකෘති සංස්කරණයක් ගොඩ නැගීම හා එය පරීක්ෂා කිරීම.
  • අවශ්‍ය තත්ත්වයන්ට අනුකූල වන පරිදි පරිපථයට කළ යුතු වෙනස්කම් ඇත්නම් ඒවා සිදු කිරීම.
  • භාවිතාකරන කොටස් ද්‍රව්‍ය හා ගොඩනැගීම් ක්‍රමවේදයක් තෝරා ගැනීම.
  • මූලාකෘති නිෂ්පාදනය සඳහා උපාංග සහ ඒවා සම්බන්ධ කරන පිළිවෙල ඇතුළත් තොරතුරු සටහන් සකස් කරන්නන් හෝ යාන්ත්‍රික හා අනුපිළිවෙල පිළිබඳව තොරතුරු ඉංජිනේරුවන් වෙත ලබා දීම.
  • පාරිභෝගික අවශ්‍යතා සපුරාලන බව තහවුරු කිරීම සඳහා මූලාකෘති සංඛ්‍යාවක් /වර්ග කිහිපයක් පරීක්ෂා කිරීම.
  • අවසාන නිෂ්පාදන සටහන් සහතික කිරීම හා අනුමත කිරීම පසු සැලසුම්කරණයෙන් පසු සපයන සේවා (මූලාංග අභාවයට යාම වැනි)
"https://si.wikipedia.org/w/index.php?title=පරිපථ_සැලසුම්කරණය&oldid=472135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි