නිකලස් වින්ටන්

විකිපීඩියා වෙතින්
ශ්‍රීමත් නිකලස් වින්ටන්

2007 ඔක්තොම්බර් 10 දිනදී වින්ටන් ප්‍රාග් නගරයෙහිදී
උපත
නිකලස් ජෝර්ජ් වියට්හයිම්

19 මැයි 1909(1909-05-19)
මියගිය දිනය1 July 2015(2015-07-01) (වයස 106)
වෙක්සම් රෝහල, ස්ලව්, බර්ක්ෂයර්
මිය යාමට හේතුවශ්වසන ඇනහිටීම
වෙනත් නම්හයිම් වියට්හයිම්
උගත් ශාස්ත්‍රාලයස්ටෝව් පාසල
රැකියාවමානවවාදියා
සක්‍රීය වසර1938–2015
කලත්‍රයා(යන්)
ග්‍රීටර් ගිලේස්ටොප්
(m. 1948; invalid reason ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය)
දරුවන්3
Military career
පක්ෂපාතිත්වය එක්සත් රාජධානිය
සේවා ඇණිය/අංශය රාජකීය ගුවන් හමුදාව
සේවා වසර ගණන1940–1954
ශ්‍රේණියපියාසර ලුතිනන්
සටන්/යුද්ධදෙවන ලෝක යුද්ධය
වෙබ් අඩවියnicholaswinton.com


ශ්‍රීමත් නිකලස් ජෝර්ජ් වින්ටන් MBE (උපත නිකලස් වියට්හයිම්; 19 මැයි 1909 – 1 ජූලි 2015) යනු, දෙවන ලෝක යුද්ධය ඇරඹුමට ආසන්නයෙහිදී, නාසි-අධිවාසිත චෙකොස්ලොවේකියාව වෙතින්, ඔවුනතරින් බොහෝමයක් යුදෙව්වෝ වූ , ළමුන් 669 දෙනෙකු බේරා ගැනීම සංවිධානය කල, පසුව චෙක් කින්ඩර්ට්‍රන්ස්පෝට් නම් ලැබූ මෙහෙයුම සඳහා ගෞරවයට පාත්‍ර වන, බ්‍රිතාන්‍ය මානවවාදියෙකි. ළමුන් සඳහා නිවෙස් පිළියෙල කල වින්ටන්, ඔවුන් සුරක්ෂිත ලෙස බ්‍රිතාන්‍යයට යැවීය. [1] යුද්ධයෙන් පසුව, ඔහුගේ පරිශ්‍රමයන් පිළිබඳව වින්ටන් කිසිවකු හා සාකච්ඡා නොකල අතර, ඔහුගේ බිරිඳ විසින් ඔහු සිදු කල දෙය දැන ගත්තේ, දරුවන්ගේ දෙමව්පියන් සහ ඔවුන් භාර ගත් පවුල් පිළිබඳ විස්තර ඇතුලත් ක්ෂේත්‍ර-පොතක්, 1988 වසරෙහිදී, ඔවුන්ගේ අට්ටාලයෙන් ඇය සොයා ගත් විටය. බ්‍රිතාන්‍ය මාධ්‍යය විසින් ඔහු වෙත පටබැඳි නාමය වූයේ "බ්‍රිතාන්‍ය ෂින්ඩ්ලර්" යන්නයි.[2] 2014 ඔක්තොම්බර් 24 දිනදී, චෙක් ජනරජයෙහි ඉහළම ගෞරව නාමය වූ, ඕඩර් ඔෆ් ද වයිට් ලයන්, චෙක් ජනාධිපති, මිලෝස් ෂෙමාන් විසින් ඔහු වෙත ප්‍රදානය කෙරිණි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "සර් නිකලස් වින්ටන්, අ මෑන් ඔෆ් කරේජ්". auschwitz.dk. 2008. සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2009.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; statue නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

තවදුරටත් කියවීම්[සංස්කරණය]

  • වින්ටන්, බාබරා (2014), ඉෆ් ඉට්ස් නොට් ඉම්පොසිබල්... ද ලයිෆ් ඔෆ් සර් නිකලස් වින්ටන්, මාටඩෝර්, ISBN 978-1-78306-520-2
  • හැරිස්, මාක් ජොනතන් සහ ඕපන්හයිමර්, ඩෙබ්රා (2000), ඉන්ටු ද ආර්ම්ස් ඔෆ් ස්ට්‍රේන්ජර්ස්: ස්ටෝරීස් ඔෆ් ද කින්ඩර්ට්‍රන්ස්පෝට්, බ්ලූම්ස්බරි

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නිකලස්_වින්ටන්&oldid=338308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි