ඩේවිඩ් පේන්ටර්

විකිපීඩියා වෙතින්
ඩේවිඩ් පේන්ටර්
උපත1900 මාර්තු 5
ඇල්ලෝරා, උතුරු ඉන්දියාව
මියගිය දිනය1975 ජුනි 9
ජාතිකත්වයශ්‍රී ලාංකික
ප්‍රසිද්ධව ඇත්තේචිත්‍ර කලා ශිල්පි

ඩේවිඩ් පේන්ටර් ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වේ.

මුල් අවධිය[සංස්කරණය]

1900 වර්ෂයේ මාර්තු 5 වන දිනදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඇල්ලෝරාහීදී මිෂනාරි පවුලකට දාව ඩේවිඩ් පේන්ටර් උපත ලැබී ය. ඔහුගේ පියා ගැලවීමේ හමුදාවේ යුරෝපීය ජාතිකයෙකු වූ අතර මව දකුණ පළාතේ සිංහල කාන්තාවක් වූවාය.[1] පසුකාලීනව ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ පේන්ටර් මහනුවර ත්‍රිත්ව විදුහලෙන් සිය අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 19දී එංගලන්තයේ රෝයල් ඇකඩමියට ඇතුළත් විය.

චිත්‍ර ශිල්පියෙකු ලෙස[සංස්කරණය]

ඩේවිඩ් පේන්ටර් විසින් නිර්මාණය කල මුල්ම බිතු සිතුවම් වන්නේ 1929-1933 අතර කාලය තුල දී ත්‍රිත්ව දෙව් මැදුරේ ඇඳි සිතුවම් වේ.[2]

1946 වර්ෂයේ නවදිල්ලියේ පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයේදී විශ්ෂ්ඨතම චිත්‍ර ශිල්පියාට හිමි සම්මානය ඩේවිඩ් පේන්ටර් විසින් හිමිකර ගන්නා ලදී. 1956 දී ඔහු මෙරට රජයේ ලලිත කලායතනයේ දෙවැනි විදුහල්පති බවටද පත් විය.

නිර්මාණ[සංස්කරණය]

  • කැටපෝලය සහ ළමයා
  • නේපාලයේ අහිකුණ්ඨිකයෝ
  • ශ්‍රාවකයන් පා දෝවනය කිරීම
  • තම උඩුකය හා නෙළුම් මල්
  • නේපාල ජාතික මව හා දරුවා
  • කරත්ත කාරයෝ
  • රබන් වයන්නියෝ
  • මාළු කාරයෝ
  • අන්ධ වාදකයා
  • විජයග්‍රාහී ලෙස ජෙරුසලමට පැමිණීම (1923)
  • යහපත් සමවිතානුවරයා
  • ක්‍රිස්තුස් වහන්සේගේ පරිවර්ථනය
  • එළුවන් හා පතොක්
  • මව සහ දරුවා (1950)
  • පූජාව
  • ඔබ සමත්ද?
  • අපරභාගය
  • කුරුසියේ ඇණ ගැසීම
  • අසරණයන්ට පිහිට වන්න
  • සුශිලා (1953)

ආශ්‍රිත[සංස්කරණය]

  1. "මානව රූපයේ ආයතනික ලාංකික ලකුණ ඩේවිඩ් පේන්ටර්". සිළුමිණ. සම්ප්‍රවේශය 23 ජූනි 2010.
  2. "ත්‍රිත්ව දෙව් මැදුරේ සිතුවම් අතරේ". දිණමිණ. සම්ප්‍රවේශය 23 නොවැම්බර් 2012.
"https://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_පේන්ටර්&oldid=424173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි