ජැකලීන් ෆර්නැන්ඩස්

විකිපීඩියා වෙතින්
ජැකලීන් ෆර්නැන්ඩස්
ජැකලීන් ෆර්නැන්ඩස් 2017 ෆෙමීනා රූපලාවන්‍ය සම්මාන උළෙලේදී.
උපතඅගෝස්තු 11, 1985 (1985-08-11) (වයස 38)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනිලියක, නිරූපිකාවක
සක්‍රීය වසර2009-සිට වර්තමානය
ඥාතීන්ෆෙඩ්රිකා ජෑන්ස් (ඥති සහෝදරයා)
වෙබ් අඩවියJacqueline Fernandez

ඇලඩින් චිත්‍රපටයේ ප්‍රධාන නිළියයි.මිස් ශ්‍රී ලංකා ලෙස ද තේරී පත්වී ඇත. ජැක්ලින් ෆර්නැන්ඩස් ( උපත 1985 අගෝස්තු 11 ) 2006 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින බවට පත් වූවාය. වෘත්තීයව ඇය නිරෑපිකාවකි. බොහෝ දෙනෙක් ඇයව හඳුනා ගත්තේ ඇගේ බොලිවුඩ් ආගමනය නිසායි.

ශ්‍රී ලාංකික පියෙකුට හා මැලේසියානු ජාතික මවකට දාව ඇය කොළඹ දී උපත ලැබුවාය. නමුත් ඇය හැදී වැඩෙන්නේ බහරේන් තුලයි. 2009 දී ඉන්දියානු චිත්‍රපටයක් වූ ඇලඩින් හා 2010 තිරගත වූ ජානේ කහාන් සේ ආයා හේ චිත්‍රපට වල ඇය රංගනයේ යෙදුනාය. එම චිත්‍රපට දෙකම සාමාන්‍ය ජනප්‍රියත්වයකට පමණක් ලක් විය. නමුත් 2011 දී මර්ඩර් 2 චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කල විශිෂ්ඨ රංගනය නිසා, බොලිවුඩය තුල ඇය විශේෂ කතා බහකට ලක් වූවාය. ඉන්පසුව 2012 දී තිරගත වූ හවුස් ෆුල් 2 චිත්‍රපටයේ සහ 2013 දී තිරගත වූ රේස් 2 චිත්‍රපටයේද ප්‍රධාන නිලිය ලෙස රඟ පාමින් ඇය බොලිවුඩ් සිනමාවේ අනෙකුත් සමකාලීන නිලියන් සමග කරට කර සිටිය හැකි ඉඩ ප්‍රස්ථාවක් තනා ගත්තාය.[1] මීට අමතරව සමාජ ක්‍රියාකාරිනියක ලෙසත් සන්නාම තානාපතිනියක් ලෙසත් ඇය ක්‍රියා කරයි.

මුල් අවධිය[සංස්කරණය]

ජැකලීන් ඇයගේ මව කිම් සමඟ 2016දී පැවති උත්සවයකදී

1985 ්ගෝස්තු 11 උපන් ජැක්ලින්,[2][3][4] මැලේසියානු මවකගේ හා ශ්‍රී ලාංකික බර්ගර් පියෙකුගේ [5][6] දියණිය වූවාය. වයස අවුරැදු 3ක් වන විට ඇය සිය පවුල සමග බහරේනයට සංක්‍රමණය වූවාය.[7] [8] පසුව සිය අධ්‍යාපන කටයුතු හැදෑරීමට ඔස්ට්‍රේලියාව වෙත පැමිණි ඇය එ්වා හමාර කොට පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ නිරූපිකාවක් හා රූපවාහිනී විශේෂාංග ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කලාය.[9]

වෘත්තීය ගමන[සංස්කරණය]

2006-10: සිනමාවට පිවිසීම[සංස්කරණය]

ජැක්ලින් 2010 IIFA උළෙල දී

2006 මාර්තුවේ, ඇය ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුළ දිනා ගත්තාය.[10] එම වසරේම ලොස් අැන්ජලිස් හි පැවැති විශ්ව රූ රැජින තරඟයේද ඇය ශ්‍රී ලංකාව නියෝජනය කලාය.[11] පසුව 2007 වසරේදී භාතිය හා සන්තුෂ් ගේ සංගීත විඩියෝවක් සඳහාද ඇය පෙනී සිටියාය.[12]

එතැන් පටන් ඇයට ඉන්දියාවට ගොස් නිරූපණය සම්බන්ධව හැදෑරීමට අවස්ථා හිමි වූ අතර එහිදී ඉන්දියානු බොලිවුඩ් සිනමාවටද එකතු වීමට ඇයට හැකිවිය.[9] ශ්‍රී ලංකාවේ විකාශය වූ "ලංකා බිස්නස් රිපෝට්" නම් ව්‍යාපාරික වැඩසටහන මෙහෙයවීමටද දායක වූ ඇය "ඩේලි මිරර්" පුවත්පතටද සිය ලිපි එක්කලාය.[13]

ජැක්ලින් ගේ පලමු බොලිවුඩ් චිත්‍රපටය වූවේ 2009 තිර ගත වූ ඇලඩින් චිත්‍රපටයයි. එහි ප්‍රධාන පිරිමි චරිතයට රිතේෂ් දේශ්මුක් පණ පොවන ලදී. ඇය එහි ඩිස්නි කුමාරිකාවක් වූ ජැස්මින් යන චරිතයක් නිරූපණය කලාය.[14] ඇලඩින් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇයට විවිධාකාර ප්‍රතිචාර හිමිවිය. එන්ඩීටීවී රූපවාහිනිය සමග එක්වූ අනුපම චොප්රා ජැක්ලින් ඇලඩින් හි කෝඩුකාර තරුණියක් බව කියා සිටියේය.[15] නමුත් ඊට විරුද්ධ අදහස් පල කල පිරිස් පවසා සිටියේ ජැක්ලින් සිය උත්සහය තුලින් ඇගේ බලාපොරොත්තු ඉටු කර ගනු ඇති බවයි."[16] 2010 දී ජැක්ලින්, රිතේෂ් දෙශ්මුක් සමග ජානේ කහාන් සේ ආයා හේ චිත්‍රපටයේ පෙනී සිටියාය. ඒ වෙනුවෙන්ද ඇයට විවිධ ප්‍රතිචාර හිමි විය. 2010 දී තිරගත වූ සජිඩ් ඛාන්ගේ හවුස් ෆුල් චිත්‍රපටයේද ගීතයක් වෙනුවෙන් ද ජැක්ලින් සිය දායකත්වය ලබා දුන්නාය.

2011 සිට වර්ථමානය දක්වා[සංස්කරණය]

2011 දී ජැක්ලින් , මහේෂ් බට් ගේ මර්ඩර් 2 චිත්‍රපටයේ පෙනී සිටියාය. එහි ප්‍රධාන නළුවා වූ ඉම්රාන් හෂ්මි සමග ඇය කල සරාගී රංගනය බොහෝ දෙනා අතර පැසසුමට ලක් විය. බොලිවුඩ් සිනමාව තුල ජැක්ලින්ගේ ගමන් මග තවත් පැහැදිලි කරමින් මර්ඩර් 2 චිත්‍රපටය බ්‍ලොක් බස්ටර් තත්වයද ඉක්මවා ආදායම් ලැබීය. මර්ඩර් 2 පිළිබඳව අදහස් දැක්වූ බොහෝ දෙනා ජැක්ලින්ගේ රංගන විලාශය අගය කරමින් කතා කිරීමට අමතක නොකලහ."[17] [18] මර්ඩර් 2 නිකුත් වීමෙන් පසුව, එය ලැබූ සාර්ථකත්වය නිසා තවත් දැවැන්ත චිත්‍රපට සඳහා එක් වන ලෙස ජැක්ලින් හට ආරාධනා ලැබිණ. නමුත් විවිධ හේතු නිසා ඇය චරිත කීපයක් ප්‍රතික්ෂේප කරන ලදී. සරාගී චරිත වීම හේතුවෙන් රාස් 3 හා සන්ජීර් යන චිත්‍රපට ඇය ප්‍රත්ක්ෂේප කල චිත්‍රපට අතර වෙයි.[19][20] එසේම දින පිළිබඳව ඇතිවූ ගැටළුවක් හේතුවෙන් ක්‍රිෂ් 3 චිත්‍රපටයද ප්‍රතික්ෂේප කිරීමට ඇයට සිදු විය.[21] 2011 දී ටයිම් ඔෆ් ඉන්ඩියා' සගරාව විසින් තේරෑ සරාගීම කාන්තාවන් 50 දෙනා අතුරින් #7 වන ස්ථානය ලෙස ජැක්ලින් හඳුන්වා දී තිබිණි.[22]

ජැක්ලින් මර්ඩර් 2 ප්‍රචාරක හමුවකදී

2012 දී ජැක්ලින් හවුස් ෆුල් 2 චිත්‍රපටයේ අක්ෂේ කුමාර් , අසින් සහ රිෂි කපූර් සමග රංගනයේ යෙදුනාය. හවුස් ෆුල් 2 චිත්‍රපටය දල වශයෙන් ඉන්දියා රුපියල් කෝටි 186 ක ලොව පුරා ආදායම් ලැබීය. එලෙසම එහි රංගනය වෙනුවෙන්ද යහපත් ප්‍රතිචාර ඇයට හිමි විය."[23] [24] 2012 දී ටයිම් ඔෆ් ඉන්ඩියා' සගරාව විසින් තේරූ සරාගීම කාන්තාවන් 50 දෙනා අතුරින් #8 වන ස්ථානය දිනා ගැනීමට ජැක්ලින් සමත් වූවාය.

2013 දී තිරගත වූ රේස් 2 චිත්‍රපටයේදී ජැක්ලින් සයිෆ් අලි ඛාන්, දීපිකා පදුකොන්, අනිල් කපූර්, අමීෂා පටෙල් හා ජෝන් ඒබ්‍රහම් සමග රඟපෑවාය. ඇය විසින් එහි චරිතය හඳුන්වනු ලැබුවේ "වඩාත් දුෂ්ඨ" චරිතයක් ලෙසයි.[25] හොලිවුඩ වාර්ථාකාරිනියක් වූ Lisa Tsering විසින් ශ්‍රී ලංකා රූ රැජින ජැක්ලින් බොලිවුඩය තුල සිය හැකියා දක්වන බව කියා සිටියාය.[26] රේස් 2 චිත්‍රපටයද බොක්ස් ඔෆිස් වාර්ථා තබමින් තිරගත විය.[27]

2013 ජුලි වලදී නිකුත් වූ ප්‍රබූ දේවා ගේ රාමයියා වස්ථා වයියා හී ගීතයකට ජැක්ලින් පෙනී සිටියාය.


මාධ්‍ය තුල[සංස්කරණය]

Jacqueline Fernandez poses for the camera.
ෆර්නැන්ඩස් නව HTC One නිරාවරණයේදී

චිත්‍රපට රංගනයට අමතරව ජැක්ලින් සුභසාදන සංවිධාන සමගද එක්ව කටයුතු කරයි.


ජැක්ලින් ඇගේ පලමු වෙළඳ දැන්වීම රිතික් රෝෂන් සමග සෝනි එරික්සන් වෙනුවෙන් සිදු කලාය.[28] පසුව රන්බීර් කපූර් හා සංජේ දත් සමග පෙප්සි දැන්වීමක පෙනී සිටියාය.[29] අමීර් ඛාන් සමග Titan Watches වෙළෙඳ දැන්වීමක ද ජැක්ලින් පෙනී සිටියාය.[30] ශ්‍රී ලංකාව තුල නෙස්ලේ හි නාමයක් වන මැගී දැන්වීමකට[31] හා ලක්ස් දැන්වීමකටද ජැක්ලින් රැඟුවාය.[32]


ඉන්දියානු සඟරා කීපයකම මුල් පිටු සඳහා පෙනී සිටීමට ද ජැක්ලින්ට අවස්ථාව හිමි විය. Vogue (2010 ජුනි), FHM (2013 ජනවාරි),[33] Maxim (2011 ජුනි), Cosmopolitan (2013 මාර්තු සහ 2012 අප්‍රියෙල්), Grazia (2012 පෙබරවාරි), Elle (2012 සැප්තැම්බර්),[34] Verve (2012 මාර්තු),[35] Harper's Bazaar (2012 මැයි), Women's Health (2012 මැයි), L'Officiel (2012 දෙසැම්බර්) and Femina (2010 ජුලි).[36]

චිත්‍රපට[සංස්කරණය]

තවමත් නිකුත් කර නොමැති චිත්‍රපට තවම නිකුත් කර නොමැති චිත්‍රපට දක්වයි
වසර ශීර්ෂය භූමිකාව සටහන්
2009 ඇලඩින් (චිත්‍රපටය)|ඇලඩින් ජැස්මින්
2010 ජනේ කහාසේ ආයා හේ තාරා
හවුස්ෆුල් (2010 චිත්‍රපටය) | හවුස්ෆුල් Dhanno Special Appearance in song "Aapka Kya Hoga (Dhanno)"
2011 මර්ඩර් 2 ප්‍රියා
2012 හවුස්ෆුල් 2 Bobby Kapoor
2013 රේස් 2 ඔමීෂා
Ramaiya Vastavaiya Herself Special Appearance in song "Jadoo Ki Jhappi"
2014 කික් (2014 චිත්‍රපටය) | කික් ශානියා මෙහෙරා
2015 රෝයි (චිත්‍රපටය) | රෝයි Ayesha/Tia
බංගිස්ථාන් රොසන්නා (රෝසි) Cameo
බ්‍රදර්ස් (2015 චිත්‍රපටයා|බ්‍රදර්ස් ජෙනී ෆර්නැන්ඩස්
Definition of Fear සාරා ෆෝඩින් බ්‍රිතාන්‍ය චිත්‍රපටය
2016 හවුස්ෆුල් 3 ගන්ගා "Gracy" Patel
Dishoom ඉශිකා
අ ෆ්ලයින් ජැට් Kriti
2017 අකෝඩින් ටු මැතිව් ඩැෆ්නි රෙනෝල්ඩ්ස් ශ්‍රී ලංකා චිත්‍රපටය
අ ජෙන්ට්ල්මන් Kavya
ජුඩ්වා 2 Alishka
2018 බාගී 2 Herself Ek Do Teen"[37]
රේස් 3 ජෙසිකා ගෝමස්
2019 සාහු Item song Trilingual film; special appearance in song "Bad Boy"[38]
ඩ්‍රයිව් (2019 චිත්‍රපටය) | ඩ්‍රයිව් Tara Netflix release[39]
2020 ඇටෑක් චිත්‍රපටය|ඇටෑක් Films that have not yet been released TBA Filming[40]

සම්මාන[සංස්කරණය]

ෆර්නැන්ඩස් ප්‍රධාන වශයෙන් ඇයගේ සිනමා කෘති සඳහා සම්මාන රාශියක් දිනා ගෙන ඇත. හවුස්ෆුල් 2, ඉට්ස් සෙඣුඑල් ,හවුස්ෆුල් 3, මර්ඩර් 2, සහ රේස් 3.

වසර ආයතනය කාණ්ඩය නම් කරන ලද සිනමා කෘතිය ප්‍රතිඵලය යොමුව
2010 අයිෆා සම්මාන Debut of the Year – Female ඇලඩින් (චිත්‍රපටය)|ඇලඩින් දිනාගති
Central European Bollywood Awards Best Breakthrough Performance – Female දිනාගති [41]
ස්ටාර්ඩස්ට් සම්මාන Exciting New Face දිනාගති [42]
2012 හොඳම නිළිය (ත්‍රාසජනක / ක්‍රියාදාම ) මර්ඩර් 2 නිර්දේශිත [43]
2013 අයිෆා සම්මාන සහායක භූමිකාවක හොඳම නිළිය හවුස්ෆුල් 2 නිර්දේශිත
15th Asianet Film Awards Most Stylish Bollywood Actress Herself දිනාගති [44]
2014 PETA India Awards වසරේ කාන්තා සම්මානය Herself දිනාගති [45]
2015 BIG Star Entertainment Awards BIG Star Most Entertaining Dancer Kick දිනාගති [46]
ස්ටාර්ඩස්ට් සම්මාන Style Diva දිනාගති [47]
Screen Awards නිර්දේශිත [48]
Filmfare Glamour & Style Awards Emerging Face of Fashion (Female) Herself නිර්දේශිත [49]
2016 HT Most Stylish Awards Asli-est Stylish Award දිනාගති [50]
Ada Derana Sri Lankan Of The Year Global Entertainer දිනාගති [51]
Filmfare Glamour & Style Awards Hotstepper Of The Year දිනාගති [52]
ලක්ස් ගෝල්ඩන් රෝස් සම්මාන Entertainer of the Year දිනාගති [52]
ස්ටාර්ඩස්ට් සම්මාන හොඳම නිළිය හවුස්ෆුල් 3 නිර්දේශිත [53]
Dishoom නිර්දේශිත [53]
2017 Asian Voice Charity Awards International Humanitarian Award Herself දිනාගති [54]
වෝග් බියුටි සම්මාන Fitspiration Award දිනාගති [55]
ෆමීනා බියුටි සම්මානය හොඳම ස්වාභාවික බියුටි සම්මානය Herself දිනාගති [56]
2017 Filmfare Style & Glamour Awards Hotstepper of the Year දිනාගති [57]

BIG Star Entertainment Awards|BIG Zee Entertainment Awards

Most Entertaining Actor in a Comedy Film – Female හවුස්ෆුල් 3 නිර්දේශිත [58]
Most Entertaining Dancer – Male/Female A Flying Jatt නිර්දේශිත [58]
Most Entertaining Dancer – Male/Female Dishoom නිර්දේශිත [58]
GeoSpa AsiaSpa India Awards Charismatic Personality of the Year Herself දිනාගති [59]
ලක්ස් ගෝල්ඩන් රෝස් සම්මාන Unstoppable Beauty Of The Year Award Judwaa 2 නිර්දේශිත [60]
Nickelodeon Kids' Choice Awards India

Best Movie Actor (Female)

නිර්දේශිත [61]
2018 PETA India Awards Digital Activism Award Herself දිනාගති [45]
2018 ලක්ස් ගෝල්ඩන් රෝස් සම්මාන Lux Golden Rose Charismatic Beauty Of The Year Award Race 3 දිනාගති [62]

විශේෂ[සංස්කරණය]

වසර මාතෘකාව ප්‍රතිඵලය
2011 Times of India සරාගීම කාන්තාවන් 50 #7 ස්ථානය
2012 Times of India සරාගීම කාන්තාවන් 50 #8 ස්ථානය
2013 Itimes මනහරම නිලියන් 5 #2 ස්ථානය

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Promising Actresses of Bollywood". MensXP.com. 2011-07-06. සම්ප්‍රවේශය 2013-11-21.
  2. "I Wish In One Lifetime I'd Be Able To Work Opposite Salman": Jacqueline Fernandez. Bollywood Hungama. 5:20 minutes in. සම්ප්‍රවේශය 6 July 2013.
  3. Fernandez, Jacqueline (2 June 2013). "My birthday is 11th aug! So save all the wishes for that day pls!!". Twitter.com. සම්ප්‍රවේශය 6 July 2013.
  4. Joshi, Priya (3 September 2013). "Jacqueline Fernandez confirms double role in 'Roy'". Digital Spy. සම්ප්‍රවේශය 10 October 2013.
  5. Gayathry (25 December 2012). "I would easily take a bullet for my family: Jacqueline". The Times of India. සම්ප්‍රවේශය 2013-06-29.
  6. Gayathry (24 March 2010). "Jackie feels her struggle is nothing". Entertainment.oneindia.in. සම්ප්‍රවේශය 2012-05-09.
  7. "Sexy Jacqueline Fernandez Dazzles On The Cover Of M | Bollywood News". Hindifilmnews.com. සම්ප්‍රවේශය 2012-05-09.
  8. "Jacqueline Fernandez taken?". gulfnews. 12 June 2011. සම්ප්‍රවේශය 2012-05-09.
  9. 9.0 9.1 "Sri Lankan beauty fulfils childhood dream with Aladin". Lanka Journal. 14 October 2009. සම්ප්‍රවේශය 2012-05-09.
  10. [1][භින්න වූ සබැඳිය]
  11. "2006". Pageantopolis.com. සම්ප්‍රවේශය 2012-05-09.
  12. "Oh Sathi - Bathiya & Santhush". YouTube. 2007-07-26. සම්ප්‍රවේශය 2013-11-19.
  13. "Modelling Career of Jacque". google News. 19 September 2008. 2010-04-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-01-20.
  14. "Jacqueline Fernandez talks about Aladin and working with her co-stars".
  15. "Aladin | NDTV Movies.com". Movies.ndtv.com. 30 October 2009. සම්ප්‍රවේශය 2013-02-20.
  16. "Aladin Bollywood Movie Review - cinema preview stills gallery trailer video clips showtimes". Indiaglitz.com. 31 October 2009. සම්ප්‍රවේශය 2013-02-20.
  17. Rating, Movie. "Murder 2 Review - Oneindia Entertainment". Entertainment.oneindia.in. සම්ප්‍රවේශය 2013-02-20.
  18. "Murder 2 (2011) | Hindi Movie Critic Review By Taran Adarsh". Bollywood Hungama. සම්ප්‍රවේශය 2013-02-20.
  19. "John can make a rice-sack look sexy: Jacqueline". The Times of India. සම්ප්‍රවේශය 2012-05-08.
  20. "'Zanjeer' remake: Mahie Gill beats Jacqueline;plays Mona Darling". IBNLive. සම්ප්‍රවේශය 9 April 2012.
  21. "My bad luck I couldn't do 'Krrish 3': Jacqueline - Times Of India".[භින්න වූ සබැඳිය]
  22. "Times 50 Most Desirable Women of 2011 : The Winners - The Times of India". The Times of India. 4 February 2012. සම්ප්‍රවේශය 2012-07-09.
  23. Gaurav Malani, TNN 6 Apr 2012, 08.00PM IST (6 April 2012). "Housefull 2: Movie Review". The Times of India. සම්ප්‍රවේශය 2013-02-20.{{cite web}}: CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)
  24. "Housefull 2 Review". Koimoi.com. සම්ප්‍රවේශය 2013-02-20.
  25. Name *. "Jacqueline Fernandez's talks about her role". Bollywood Celebden. සම්ප්‍රවේශය 2013-11-19.
  26. "Race 2: Film Review". The Hollywood Reporter. සම්ප්‍රවේශය 2013-02-20.
  27. "Race 2 collects Rs.79.6 crore in first week". Hindustan Times. 2 February 2013. සම්ප්‍රවේශය 2013-02-20.
  28. "Hrithik Roshan & Jacqueline Fernandez in Sony Ericsson". Youtube.com. සම්ප්‍රවේශය 14 July 2013.
  29. "Jacqueline Fernandez in Pepsi commercial with Ranbir Kapoor and Sanjay Dutt". Youtube.com. සම්ප්‍රවේශය 14 July 2013.
  30. "Aamir Khan & Jacqueline Fernandez -- Titan Purple commercial". Youtube.com. සම්ප්‍රවේශය 14 July 2013.
  31. "Jacqueline fernandez at maggi noodles advertiestment in sri lanka". Youtube.com. සම්ප්‍රවේශය 14 July 2013.
  32. "LUX Beauty Bodywash Music Video Stg. Jacqueline Fernandez". Youtube.com. සම්ප්‍රවේශය 14 July 2013.
  33. "JACQUELINE FERNANDEZ HOT PHOTOSHOOT FOR FHM MAGAZINE". desiclicks.com. සම්ප්‍රවේශය 17 July 2013.
  34. "Hottest magazine covers". indiatimes.com. සම්ප්‍රවේශය 17 July 2013.
  35. "Jacqueline Fernandez on the cover of Verve Magazine". bollywoodworld.com. සම්ප්‍රවේශය 17 July 2013.
  36. "Jacqueline Fernandez's magazine covers". lucywho.com. සම්ප්‍රවේශය 20 July 2013.
  37. "'Unpopular' Bollywood remix gets 18m views". 21 March 2018 – via www.bbc.com.
  38. "Jacqueline and Prabhas sizzle in Saaho's Bad Boy". Times of India (english බසින්). 19 August 2019. සම්ප්‍රවේශය 19 August 2019.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  39. "drive first look sushant singh rajput jacqueline fernandez start shooting by karan johar". www.hindustantimes.com. 20 April 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 March 2017.
  40. "'Attack': John Abraham and Jacqueline Fernandez starts shooting for the action-thriller". TheTimes of India (english බසින්). 9 January 2020. සම්ප්‍රවේශය 9 January 2020.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  41. "Central European Bollywood Awards Winners". Bollyspice. 11 October 2010.
  42. "Winners of Max Stardust Awards 2010". Bollywood Hungama. 18 January 2010. 9 March 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 March 2014.
  43. "Jacqueline Fernandez—Awards". Bollywood Hungama. 9 March 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 March 2014.
  44. "Jacqueline Fernandez Brand Ambassador of India Bridal Fashion Week". Oneindia. 5 July 2013. 24 September 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 September 2015.
  45. 45.0 45.1 Gada, Nirali; Bangera, Sachin (7 මැයි 2018). "Jacqueline Fernandez Is The First Recipient Of PETA India's Digital Activism Award" (Press release). PETA India. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2018.
  46. Goswami, Parismita (19 December 2014). "BIG Star Entertainment Awards 2014: 'Happy New Year', 'Haider' Receive Trophies; Complete List of Winners". International Business Times. 22 August 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 September 2015.
  47. "Winners of Stardust Awards 2014". Bollywood Hungama. 15 December 2014. 15 December 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 December 2014.
  48. "Popular Choice Awards – Nominations". The Indian Express. 5 October 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 September 2015.
  49. "Nominations for Ciroc Filmfare Glamour and Style Awards". Filmfare. 19 January 2015. 9 July 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 September 2015.
  50. "#HTMostStylish: All the most awesome things that happened". Hindustan Times. 25 May 2016. සම්ප්‍රවේශය 15 June 2016.
  51. "Ada Derana Sri Lankan of the Year 2016 – Award Winners". Ada Derana. 24 September 2016. 28 September 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 October 2016.
  52. 52.0 52.1 "Nominations for Absolut Elyx Filmfare Glamour and Style Awards". Filmfare. 16 October 2016. 18 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 November 2016.
  53. 53.0 53.1 Vote for Sansui Colors Stardust Awards! – Bollywood News සංරක්ෂණය කළ පිටපත 5 දෙසැම්බර් 2016 at the Wayback Machine
  54. "Jacqueline Fernandez Wins Charity Award in London". India West (ඉංග්‍රීසි බසින්). 20 මැයි 2017. 26 ජූනි 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2018.
  55. "Vogue Beauty Awards 2017 Winners List: The Bachchans win big at the awards ceremony". PINKVILLA (ඉංග්‍රීසි බසින්). 4 අගෝස්තු 2017. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2018.
  56. Chaudhary, Nirupama (16 මාර්තු 2017). "Femina Beauty Awards 2017: Jacqueline Fernandez, Vaani Kapoor, Shilpa Shetty Kundra ooze oomph on the red carpet!". India.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 10 අගෝස්තු 2018.
  57. "Filmfare Glamour and Style Awards 2017: Winners list". The Indian Express (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2 දෙසැම්බර් 2017. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2018.
  58. 58.0 58.1 58.2 "Big ZEE Entertainment Awards: Nominations list". BizAsia (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 22 ජූලි 2017. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2018.
  59. MURDESHWAR, SACHIN (2 අප්‍රේල් 2017). "10th GeoSpa AsiaSpa India Awards Hosted at The St. Regis, Mumbai on March 30, 2017". Global Prime News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 10 අගෝස්තු 2018.
  60. "Winners Of Lux Golden Rose Awards 2017 - Eastern ye". Eastern Eye (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 11 දෙසැම්බර් 2017. 24 මාර්තු 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2018.
  61. "Nick India Announces Nickelodeon Kid's Choice Awards 2017 India Nominations". NickALive!. 10 නොවැම්බර් 2017. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2018.
  62. Kareena Kapoor Khan and team Veere Di Wedding awarded at Golden Rose Awards, 2018

භාහිර සබැදි[සංස්කරණය]

සම්මාන සහ ජයග්‍රහණ
පූර්වප්‍රාප්තිකයා
රොසෑන් ඩයස්
ශ්‍රී ලංකා විශ්ව රූ රැජින
2006
අනුප්‍රාප්තික
අරුණි මදූෂා


"https://si.wikipedia.org/w/index.php?title=ජැකලීන්_ෆර්නැන්ඩස්&oldid=596639" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි