ජාතීන්ගේ සංගමය

විකිපීඩියා වෙතින්
ජාතීන්ගේ සංගමය (සිංහල)

Societé des Nations (ප්‍රංශ)
Sociedad de Naciones (ස්පාඤ්ඤ)
League of Nations (ඉංග්‍රීසි)
1919–1946
{{{coat_alt}}}
1939–1941 අර්ධ-නිල ලාංඡනය
ජාතීන්ගේ සංගමය හා ලෝකය විදහා දක්වන 1920–1945 කාල-විරෝධී ලෝක සිතියමක්
ජාතීන්ගේ සංගමය හා ලෝකය විදහා දක්වන 1920–1945 කාල-විරෝධී ලෝක සිතියමක්
තත්ත්වයජාත්‍යන්තර සංවිධානය
අගනුවරජිනීවා
පොදු භාෂාවන්ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ
මහා-ලේකම් 
• 1920–1933
ශ්‍රීමත් ජේම්ස් එරික් ඩ්‍රමන්ඩ්
• 1933–1940
ජෝසෆ් ඇවෙනෝල්
• 1940–1946
සෝන් ලෙස්ටර්
ඓතිහාසික යුගයඅන්තර්-යුද්ධ කාලසීමාව
28 ජූනි 1919
• පළමු රැස්වීම
16 ජනවාරි1920
20 අප්‍රේල් 1946
අනුප්‍රාප්ති වනුයේ
එක්සත් ජාතීන්
ස්විට්සර්ලන්තයේ, ජිනීවා හි, ජාතීන්ගේ මාලිගයෙහි මූලස්ථානය පිහිටුවා තිබුණි.

පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සංගමයක අවශ්‍යතාව බලවත්ව දැනෙන්නට විය. ඊට ප්‍රධාන වශයෙන් ම දායකත්‍වය සැපැයූයේ එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවූ වුඩ්රෝ විල්සන් මහතා ය.

ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ අරමුණු[සංස්කරණය]

  • ජාතීන් අතර ඇතිවන ආරවුල් සාකච්ඡා මඟින් විසඳාගැනීම.
  • ආර්ථික සම්බාධක පැනවීම මඟින් ආක්‍රමණ වැළැක්වීමට කටයුතු කිරීම.
  • මානව වර්ගයාගේ සාමකාමී පැවැත්ම සඳහා අවශ්‍ය වෙනත් පියවර ගැනීම.
  • ජාත්‍යන්තර සහයෝගය සහ අවබෝධය ගොඩනැංවීම.
  • කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්‍වය ආරක්‍ෂා කරගැනීම.

සාමය සඳහා දැරූ ප්‍රයත්න[සංස්කරණය]

  • සංගමය පිහිටුවීමෙන් පසු ඉදිරියට වසර 20ක් පමණ කාලයක් යුඬ ඇතිවීම වළක්වා ගැනීම.
  • ග්‍රීසිය හා ඉතාලිය අතර ඇතිවූ මතභේද විසඳීමට මැදිහත්වීම.
  • ජාතික සංගමයේ භාරකාරත්‍වයට පත්කොට තිබූ යටත්විජිතවල පරිපාලන කටයුතු සාර්ථකව අධීක්‍ෂණය කිරීම.
  • ඔස්ට්‍රියාව, හන්ගේරියාව හා ග්‍රීසිය යන රටවලට ආර්ථික ආධාර ලබාදුන් අතර සරණාගතයන් පුනුරුත්ථාපනය කෙරිණි.
  • ලෝක යුඬයෙන් පසු පැතිරුණු ලෙඩරෝග මර්දනය හා නීති විරෝධී හා මත්ද්‍රව්‍ය වෙළඳාම මර්දනය කිරීම.

ජාතීන්ගේ සංගමය අසාර්ථකවීමට හේතු[සංස්කරණය]

  • මෙම සංගමය නිමැවීමට මුල්වූ ඇමරිකාව පවා මෙහි සමාජිකයෙකු නොවිණි.
මහා බලවතකු වුව ද ඇමරිකානු සෙනට් සභාවේ අනුමැතිය නොමැතිව ඇමරිකාව මීට එක්කරවා ගැනීමට වුඩ්රෝ විල්සන් අපොහොසත් විය. ඊට හේතුව වූයේ මෙම සංගමයේ ඇතැම් කොන්දේසි සඳහා එය එකඟ නොවීමයි.
  • රටවල් 55ක් පමණ මීට අයත්ව තිබුණ ද පළමු ලෝක යුඬයේ වැරදිකරුවූ ජර්මනියට ද රුසියාවට ද සාමාජිකත්‍වය අහිමිවිය.
  • සාමාජික රටවල ආක්‍රමණික කටයුතු වැළැකීමට අවශ්‍ය හමුදා ශක්තියක් සංගමය සතු නොවීය.
  • ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමය කළ අවස්ථාවේ සංගමය සම්බාධක පැනැවූව ද ඉතාලියට විරුඬව ඇබිසීනියාවට ආධාර කිරීමට සංගමය අපොහොසත් විය.
  • ව්‍යවස්ථාව අනුව තීරණ ගැනීමේදී ඒකමතික තීරණයන්ට එළඹීමේදී අපොහොසත් වීම.
  • අභ්‍යන්තර ආරක්‍ෂාවට පමණක් ආයුධ පවත්‍වා ගැනීමට රටවලට අවසර දුන්න ද එය ක්‍රියාත්මක කිරීමට අවැසි නිරායුධ කොමිසමක් කිසිදිනෙක පත් නොකෙරුණි.

මේවාත් බලන්න[සංස්කරණය]

  1. එක්සත් ජාතීන්ගේ සංවිධානය
  2. පළමු ලෝක යුද්ධය
"https://si.wikipedia.org/w/index.php?title=ජාතීන්ගේ_සංගමය&oldid=441805" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි