ගුරුළුගෝමි

විකිපීඩියා වෙතින්

ගුරුළුගෝමි ස්වසමය, සමයාන්තර ඤාණයෙන් හා ශබ්ද භාෂා ශස්ත්‍රඥානයෙන් හෙබි පොළොන්නරු යුගයේ විසූ උගතෙකි. ධර්මප්‍රදීපිකාවේත්, අමාවතුරේත් කතුවරයා මොහු ය​. ශ්‍රී ධර්මරාමනායකමාහිමියන් ගේ අදහසට අනුව මහා පරාක්‍රමබාහු රජ දවස විසුවෙකි. ගුරුළුගෝමි කාලිංග රට උපන්නෙකි. ශිල්ප උගෙනීමට කාලිංග රට සිංහපුරයට ගියා වූ ද​, මහා පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් කෙනෙකු වූ ද​, පසුව දෙවෙනි විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වූවා වූ ද​, කිත්සිරි මෙවන් කුමාරයා සමඟ මිත්‍රව ලංකාවට පැමිණ ඇත​. අනතුරුව සිංහල භාෂාව ඉගෙන එහි විශාරදත්වයට පත් විය​.

"https://si.wikipedia.org/w/index.php?title=ගුරුළුගෝමි&oldid=480411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි