ගිණුම්කරණ පර්යේෂණ

විකිපීඩියා වෙතින්

දළ විශ්ලේෂණය[සංස්කරණය]

"ගිණුම්කරණය කිසිම සාරයක් නොමැති කලාවක් වි තිබුනි.නමුත් නව ආකෘති,ක්‍රමවේද හා භූමිකා යොදාගනිමින් එය කාලය හරහා අර්ථාන්විතව වෙනස් විය. ගිණුම්කරණ පර්යේෂණ සඳහාත් එලෙසම සිදුවිය.

සැබවින්ම අපගේ දැනුමේ සහා ගිණුම්කරණයේ විෂමතාවයන් සකස් කිරීම සඳහාත් ඒ වගේම ගිණුම්කරණය පිළිබඳ අවබෝධයන් වැඩිදියුනු කිරීම හා ගිණුම්කරණ භාවිතයන් තමා විසින්ම පුහුනුවීම සඳහාත් ගිණුම්කරණ පර්යේෂණ ප්‍රධාන භුමිකාවක් ඉටු කරයි."

—ඇන්ත්නි හොප්වුඩ් [Anthony Hopwood] 2006 වසරේදි ඇමරිකා ගිණුම්කරණ සංගමයේ වාර්ෂික සමුළුවේදි කල ආමන්ත්‍රණයකි.

ගිණුම්කරණ පර්යේෂණ ගෙනයනු ලැබූයේ ශාස්ත්‍රීය පර්යේෂණයන්ගෙන් සහා ගණකාධිකාරිවරුන් පුහුණු කිරීම මඟිනි. ශාස්ත්‍රීය ගිණුම්කරණ පර්යේෂණ විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරමින් ගිණුම්කරණ වෘත්තීයයෙහි සියලුම අංශ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි. මූල්‍ය තොරතුරු, පර්යේෂණ, සහ පරිඝනක අනුරුපනය ආදි විවිධ මූලාශ්‍ර මගින් සාධක මේ සඳහා භාවිතා කරයි.

පුහුණුවන ගණකාධිවරුන්ගේ ගවේෂණ බෙහෙවින් අවදානය යොමුකරන්නේ එක් සේවාදායකුගේ සහා කුඩා සේවාදායක කණ්ඩායමකගේ ක්ෂනික ගැටලු විසඳිම හා සම්බන්ධ වීම පිළිබඳවයි. නව ගිණුම්කරණ හෝ විගණකාධිකරණ ප්‍රමිති ක්‍රියාවට නැංවීම මත තීරන ගැනීම,මූල්‍ය වර්තා වල අසාමාන්‍ය ගනුදෙනු ඉදිරිපත් කිරිම,සහා සේවාදායකයන් මත ගොඩනැගෙන නව බදු නීතී මගින් ඇතිවෙන ගැටුම් මේ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැක.

ගිණුම්කරණ පර්යේෂණ ගෙනයනු ලබන්නේ standard-setting bodies වැනි සංවිධාන මඟිනි.උදාහරණයක් වශයෙන් අන්තර්ජාතික ගිණුම්කරණ ප්‍රමිත මණ්ඩලය විසින් ඇතැම් ප්‍රකාශනයන් සඳහා ගවේෂණ ව්‍යාපෘතින් ආරම්භ කරනු ලබයි. ඒවායේ තීරණ ක්‍රියාකාරී න්‍යාය පත්‍රය සඳහා ඉදිරිපත් කරනවාද යන්න ඉහත ගවේෂණ ව්‍යාපෘතින්ගේ ප්‍රතිපල මඟින් දැනුම් දෙනු ලබයි.


ගිණුම්කරණ පර්යේෂණ ඉතිහාසය[සංස්කරණය]

ගිණුම්කරණ පර්යේෂණ ඉකුත් දශකයන් අතරතුර අර්තාන්විත වෙනස්වීම් වලට භාජනය වෙමින් පවතී. 1950 ගිණුම්කරණ ප්‍රජාව පිහිටවනු ලැබුයේ සමාජ විද්‍යාප්‍රජාවේ PHD සුදුසුකම් සහා පර්යේෂන වාර්ථාවන්හි වුවමනා සැළකිල්ලට ගනිමිනි සහා 1970 මැද භාගයේ මූල්‍ය, ආර්ථික,සහා වෙනත් ප්‍රතිෂ්ඨාපිත අධ්‍යාපනික විනය නිතීන් භාවිතා කරමින් ප්‍රාමාණික පර්යේෂණයන්ගෙන් තාත්වික පර්යේෂණ වෙත මාරු වීමක් දක්නට ලැබිනි.

අධ්‍යාපනික පරීක්ෂණ සහ ගිණුම්කරණ භාවිතයන්[සංස්කරණය]

අධ්‍යාපනික ගවේෂණ භාවිතයන් සඳහා දක්වන දායකත්වය[සංස්කරණය]

මූල්‍යමය දෘෂ්ටිකෝණයෙන් අවදානම් තක්සේරුකරනය

අධ්‍යාපනික ගිණුම්කරණ ගවෙෂණ භාවිතයන් සඳහා දක්වන දායකත්වයෙහි තක්සේරු කරන ලද වර්තමාන ගිණුම්කරණ භාවිතයන්, නව භාවිතයන්හි වර්ධනයන් සහා විශ්වවිද්‍යාල අධ්‍යයන පරිපාටියන්හි වර්ධනයන් යනාදිය අන්තර්ගත වේ.

"පවතින ප්‍රතිපත්තිය,අරමුණ සඳහා උචිත වන විස්තාරය දක්වා තුලනය කිරිමට සහා ව්‍යාපාරික, ආර්ථික හා සමාජමය වුවමනාවන්

ආමන්ත්‍රණය සඳහා නව භාවිතයන් වර්ධනය කිරිම අධ්‍යාපනික ගවේෂණ සතු වැදගත් කාර්යභාරයකි. මෙලෙස අනාගත පරපුර දැනුවත්

වන හා ඔවුනට වැදගත් ‍යැයි සළකන සිද්ධි වලට බලපෑම් ඇතිකරමින්ද අධ්‍යාපනික ගවේෂණයන්, විශ්වව්ද්‍යාල ඉගැන්විම් අධ්‍යයන පරිපාටි සඳහා දැනුවත් කිරීමක් සිදුකරයි."

අවස්ථාතැන්පතුකරුවන් සැබවින්ම,ගණකාධිවරුන් සපයන තොරතුරු භාවිතයට ගන්නේද කෙසේද යන්න පිළිබඳව මනාව තේරුම් ගැනිම, වංචා අවදානම් තක්සේරු කිරීමට හා අනාගත වෘත්තියයෙහි දිශාව සඳහා පූර්ව ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි දායකත්වයක් තිබීම, සහා ගිණුම්කරණ ප්‍රමිත වල වෙනස්වීමේ බලපෑම උදාහරණ වශයෙන් ගත හැක.

ගිණුම්කරණ ප්‍රජාවේ හා භාවිතයේ පවතින පරතරය[සංස්කරණය]

ශාස්ත්‍රීය සහා ගිණුම්කරණ වෘත්තිමය ප්‍රජාව තුල බෙදීමක් නැතහොත් පරතරයක් ඇති බව, නුතන ගිණුම්කරණ සාහිත්‍යය ඇතුළු නොයෙක් ප්‍රකාශනයන් ප්‍රකාශ කර ඇත. භාවිතයන් වැඩි දියුණු කරනවාට වැඩියෙන් ඔවුන්ගේම වාග්ව්‍යවහාරය කථා කිරීම සහා පර්යේෂන පළ කිරිම සඳහා ඉලක්ක කිරිම පිළිබඳව විභජනය කරනු ලැබු ආකාරය ශාස්ත්‍රීය විචාරණයට ඇතුළත් කිරීමට යෝජනා කර ඇත.ඒවාගේම යථා තත්වයට අනුව වෙනස් වීම් වලට යටත් නොවිම සහ දත්ත අනාවරනය කිරීමට පසුබට වීම පුහුනුවන ගණකාධිකාරින්ගේ පැවත්ම විමර්ශනය කිරීමට බලපායි.

ගණකාධිකරුවන්ව පුහුනු කිරීමට වඩාත් විශිෂ්ට ක්‍රියාමාර්ගය ලෙස පුළුල් අධ්‍යාපනික හෝ තාක්ෂනික පුහුණුව පමනක්ද යන්න, ගිණුම්කරණ ප්‍රජාව සහා භාවිතය අතර බෙදීම තුලින් ප්‍රථමව මධ්‍යාස්ත කර ඇත.පුහුනුවන ගණකාධිකරුවන් වෘත්තිමය සුදුසුකම් සහා තාක්ෂනික කුසලතාහි අවධාරනය නඩත්තු කරනු ලැබු අතරතුර ගිණුම්කරණ වෘත්තිමය ප්‍රජාව, සමාජ විද්‍යා ප්‍රජාවේ වුවමනා භාර ගැනීම හේතුවෙන් 1950 සිට ගිණුම්කරණ ප්‍රජාව සහා භාවිතයන් තවදුරටත් බෙදීමේ වර්ධනයක් සිදුවිය.

එක් පැතිකඩක් ලෙස ගිණුම්කරණ ප්‍රජාව සහා භාවිතය, විභජනය සඳහා යෝජනා කර ඇති විවිධ සාධකයන්හි එකිනෙකට වෙනස් වු කුසලතා හා වුවමනාවන් අගය කරයි. ශාස්ත්‍රීය පර්යේෂණ ව්‍යාපාර වල සහා පොදු ආර්ථිකයන්හි මුලික අසමත් වීම් තවත් එක් දෘෂ්ටි සාධකයකයන් වන අතරතුර එක් දෘෂ්ටියක් වනුයේ වෘත්තිමය පර්යේෂණ කියවීම් පුහුනුවේ ඇති අඩුපාඩුව වඩාත් පැටලිලි සහගත හෝ වඩාත් විසන්ධිගත හෝ දෙකින් කොයික නමුත් බොහෝ ප්‍රයෝජනවත් වු තොරතුරු නිෂ්ප්‍රභා කිරීමට පුහුනුවන ගණකාධිකරුවන්ට මඟ පෙන්වන බවයි.

ශාස්ත්‍රීය ගිණුම්කරණ පර්යේෂණයන්හි විවිධ ආකාර[සංස්කරණය]

කාලීන ක්ෂේත්‍ර[සංස්කරණය]

මූල්‍ය ගිණුමකරණය, කළමනාමරණ ගිණුමකරණය, විගණකාධිකරනය, බදුකරණය, පාලනය,සහා ගිණුම්කරණ තොරතුරු පද්ධති පර්යේෂණ යනාදි සම්බන්ධිත මාතෘකා ඇතුළත්ව ශාස්ත්‍රීය ගිණුම්කරණ පර්යේෂණයන් ඉතා පුළුල් පරාසයක් ආවරණය කරයි.

මූල්‍ය ගිණුම්කරණ පර්යේෂණ

ලොව එක් විශාලතම ද්විතීයික කොටස් වෙළඳපළක් වන නිවුයෝර්ක් කොටස් හුවමාරුව

මූල්‍ය ගිණුම්කරණය සහා මූල්‍ය වෙළඳපළවල් විභාග කිරීම ඒවාගේම ගිණුම්කරණ තොරතුරු සහා ප්‍රාග්ධන වෙළඳපළ ගිණුම්කරණ තොරතුරුහි බාහිර පරිශ්‍රීලකයන් තීරණ ගැනීම අතර තිබෙන සම්බන්ඳතාවය කෙරිහි අවධානය මෙහිදි යොමු කරයි.

කළමණාකාර ගිණුම්කරණ පර්යේෂණ

ගිණුම්කරණ තොරතුරු සහා අභ්‍යන්තර ගිණුම්කරණ තොරතුරු පරිශ්‍රීලකයන් අතර ඇති සම්බන්ඳතාවය පිළිබඳව අවධානය යොමු කරයි. සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳව විභාග කිරීම සහා ව්‍යාපාරය තුලින්ම තීරණ ගැනීම උදාහරණ වශයෙන් ගත හැක.

විගණන පර්යේෂන

මූල්‍ය වාර්තාකරනය පිළිබඳ විගණකාධිකරුගේ තීරණ ගැනීම සහා විගණකාධිකරණයේ ප්‍රතිඑල ඇතුළුව විගණන ශ්‍රිත පිළිබඳ අධ්‍යයනය කිරීමයි.

බදුකරණ පර්යේෂන

බදු අනාවරණයන් සහා බදු ගෙවන්නාගේ තීරණ ගැනීම පිළිබඳව වෙළඳපළ දක්වන ප්‍රතිචාරය සහා ගිණුම්කරණ තොරතුරු, බදු අධිකාරියන් අතර ඇති සම්බන්ඳතාවය ආශ්‍රිත පැනනඟින බදුකරණ ගැටළු මෙහිදි අධ්‍යනය කරයි.

පාලනබල පර්යේෂන

සංවිධාන වල සමස්ත ඒකාබද්ධ කළමනාකරණය පිළිබඳව මෙහිදි අධ්‍යනය කරයි.

ගිණුම්කරණ තොරතුරු පද්ධති පර්යේෂන

පද්ධති ආරක්ෂණය සහා ශාස්ත්‍රය නිර්මාණය යනාදි ගිණුම්කරණ තොරතුරු පද්ධති ආශ්‍රිත ගැටලු මෙහිදි අධ්‍යනය කරයි.

ක්‍රමවේද[සංස්කරණය]

ශාස්ත්‍රීය ගිණුම්කරණ පර්යේෂණයන් ක්‍රමවේද මඟින් ලේඛනාත්මක, පරීක්ෂාණාත්මක සහා විශ්ලේෂණාත්මක අධ්‍යනයන් බවට වර්ගකල හැක.

ලේඛනාත්මක පර්යේෂණ

පර්යේෂණකරුවන් රැස් කල දත්ත ඇතුළුව සුරක්ෂිතාගාරයන්ගෙන් අරමුණුගත දත්ත රැස් කිරීම පරීක්ෂා කිරීම මෙහිදි සිදුවේ.

පරීක්ෂණාත්මක පර්යේෂණ

පරීක්ෂණකරුවා විෂය මාතෘකාවන් සඳහා පරිපාලනමය පිළියම් යෙදීම මඟින් දත්ත රැස් කිරීම පිළිබඳව මෙහිදි පරීක්ෂා කරයි.

විශ්ලේෂණාත්මක පර්යේෂණ

රූපාත්මක නිරූපකරණ න්‍යාය පනත හෝ ගණිතමය කොන්දේසි මඟින් අදහස් ඉදිරිපත් කිරීම පදනම් කරගනිමින් පරීක්ෂා කිරීම මෙහිදි සිදුවේ.

අමතර කියවීම්[සංස්කරණය]

තාත්වික ගිණුම්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ගිණුම්කරණ_පර්යේෂණ&oldid=485418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි