කබීර් බේඩි

විකිපීඩියා වෙතින්
කබීර් බේඩි
උපත16 ජනවාරි 1946 (1946-01-16) (වයස 78)
රැකියාවනළුවකු, රූපවාහිනී නිවේදකයකු
සක්‍රීය වසර1963–වර්තමානය
කලත්‍රයා(යන්)ප්‍රොතිමා ගෞරි (1969–199?)
සුසෑන් හම්ෆ්‍රීස්
නිකී මූලගඕකාර් (වි. 1992–2005)
ප්‍රවීන් දුසාන්ජ් (වි. 2017)
දරුවන්3, පූජා ද ඇතුළුව

කබීර් ‍බේඩි (උපත 16 ජනවාරි 1946) යනු ඉන්දියානු රූපවාහිනී සහ චිත්‍රපට නළුවෙකි. ඔහුගේ වෘත්තිය ඉන්දියාව, එක්සත් රාජධානිය සහ බොහෝ යුරෝපීය රටවල් ඇතුළු මහාද්වීප තුනක පැතිර පවතියි. ඔහු ප්‍රධාන වශයෙන්ම චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා යන ක්ෂේත්‍රවල කටයුතු කරයි.[1] ඔහු වඩාත් ප්‍රකට වූයේ ටාජ් මහල්: ඇන් එටර්නල් ලව් ස්ටෝරි චිත්‍රපටයේ ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි. යුරෝපය තුළ ඔහු වඩාත් ප්‍රචලිත වූයේ සැන්ඩෝකන් සුප්‍රකට රූපවාහිනී කෙටි කතාමාලාවේ මුහුදු කොල්ලකරුවාගේ චරිතය සහ 1983 ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වූ ඔක්ටොපසිහි ගෝබින්දා නැමැති දුෂ්ට චරිතය නිරූපණය කිරීම නිසායි. ඉතාලිය තුළ ද ජනප්‍රිය මොහුට චතුර ලෙස ඉතාලි බස හැසිරවිය හැක. ඉන්දියාව පාදක කරගත් කබීර් බේඩි වාසය කරන්නේ මුම්බායිහි ය.[2] 2017දී, ඔහු තෙලිඟු ඓතිහාසික චිත්‍රපටයක් වූ ගෞතමීපුත්‍ර සාතකර්ණි චිත්‍රපටයේ නාහපාන නැමැති බටහිර ක්ෂත්‍රප පාලකයාගේ චරිතය නිරූපණය කළේ ය.

චරිතාපදානය[සංස්කරණය]

මුල්කාලීන දිවිය[සංස්කරණය]

බේඩි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාවේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් සටන් වැදුණු සික් පවුලක, උපන් දරුවන් ‍තිදෙනකු අතුරින් අයෙකි. ඔහුගේ පියා වූ බාබා ප්‍යාරේ ලාල් සිං බේඩි පන්ජාබි සික් කතුවරයකු සහ දාර්ශනිකයකු විය. ඔහුගේ මව වූ ෆ්‍රේඩා බේඩි එංගලන්තයේ ඩර්බිහි උපන් බ්‍රිතාන්‍ය කාන්තාවකි. ඇය ප්‍රකට වූයේ ටිබෙට් බුදු දහම වැළඳගෙන පැවිදි වූ ප්‍රථම බටහිර කාන්තාව ලෙසිනි. කබීර් බේඩි සිය අධ්‍යාපනය හදාළේ උත්තරඛාන්ද්හි නයිනිතාල්හි ෂර්වුඩ් විද්‍යාලයෙනි‍. ඔහු සිය උපාධිය හදාළේ දිල්ලියේ ශාන්ත ස්ටීවන් කොලීජියෙනි.

පෞද්ගලික දිවිය[සංස්කරණය]

බේඩි සිව් වරක් විවාහ වී ඇති අතර, ඔහුට දරුවන් තිදෙනකු වේ. පූජා, සිද්ධාර්ත් (මියගිය) සහ ඇඩම් එම දරුවන් තිදෙනා වේ. පළමුව ඔහු ඕදිසි නර්තන ශිල්පිනියක වූ ප්‍රොතිමා බේඩි සමග විවාහ විය. ඔවුනගේ දියණිය වන පූජා බේඩි සඟරා/ පුවත්පත් තීරු ලේඛිකාවකි. ඔවුන්ගේ පුත්‍රයා වූ සිද්ධාර්ත් එක්සත් ජනපදයේ කාර්නෙජී මෙලන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර, දිගු කාලයක සිට භින්නෝන්මාදයෙන් පෙළුණු ඔහු 1997 සියදිවි හානි කරගන්නා විට වයස 26කි.[3]

ප්‍රොතිමා සමග ඔහුගේ විවාහය දෙදරා යාමත් සමග, ඔහු පර්වීන් බාබි සමග ප්‍රසිද්ධියේ සම්බන්ධයක් පැවැත්වී ය. ඔවුන් කිසිදින විවාහ වූයේ නැත. පසුව ඔහු බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති මෝස්තර නිර්මාණ ශිල්පිනියක වූ සුසෑන් හම්ෆ්‍රීස් සමග විවාහ විය. ඔවුනගේ පුත්‍රයා වන ඇඩම් ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ශිල්පියකු වන අතර,[4] හෙලෝ? කෝන් හේ! චිත්‍රපටය ඔස්සේ ඔහු හින්දි සිනමාට ද පිවිසියේ ය.[5] මෙම විවාහය ද දික්කසාදයකින් කෙළවර විය.

1990 දශකයේ, බේඩි රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදිකාවක වූ නිකී බේඩි හා විවාහ විය. ඔවුනට දරුවන් නොවූ අතර, 2005දී ඔවුහු දික්කසාද වූහ. ඉන් පසුව බේඩි බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත පර්වීන් දුසාන්ජ් සමග සම්බන්ධයක් පැවැත්වී ය.[6][7][8][9]

2016 ජනවාරි 15 දින එනම්, ඔහුගේ 70වන උපන්දිනයට දිනකට පෙර කබීර් සිය ‍දිගු කාලීන පෙම්වතිය වූ 41 හැවිරිදි පර්වීන් දුසාන්ජ් හා විවාහ විය.[10] කපීර් බේඩි මියන්මාර රජයට එරෙහි අරගලවලට සහාය දක්වන අතර, එක්සත් රාජධානියේ බුරුම ව්‍යාපාරයේ සාමාජිකයකු ද වේ.[11]මීට අමතරව රොටරි ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා සංගමයේ ඉගැන්වීම් වැඩසටහන සහ ඉන්දියාවේ හා දකුණු ආසියාවේ සමස්ත සාක්ෂරතා මෙහෙයුම සඳහා සන්නාම තානාපතිවරයකු ලෙස කටයුතු කරයි.[12]

වෘත්තිය[සංස්කරණය]

කබීර් බේඩි සිය වෘත්තිය ඇරඹූයේ ඉන්දියානු වේදිකාව තුළින් වන අතර, අනතුරුව ඔහු හින්දි චිත්‍රපට සමග සම්බන්ධ විය. හොලිවුඩ් චිත්‍රපට වෙනුවෙන් දායක වූ ප්‍රථම ඉන්දියානු අන්තර්ජාතික නළුවන්ගෙන් අයකු ලෙස ද බේඩි සැලකේ.

වේදිකා රංගනය[සංස්කරණය]

වේදිකා නළුවකු ලෙස කබීර් ෂේක්ස්පියර්ගේ ඔතලෝ මෙන්ම, ඓතිහාසික ඉන්දියානු රජකු පිළිබඳ කියැවෙන ටුඝ්ලක්, ද වල්චර්ස් වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වී තිබේ. ලන්ඩනයේ දී ඔහු ෂැෆ්ටස්බරි රඟහලේ දී එම්. එම්. කේයිගේ නවකථාවේ බටහිර අන්ත සංගීතමය අනුවර්තනයක් වූ ද ෆා පැවිලියන්ස් සඳහා ද දායක විය. 2011දී කබීර් ජෝන් මරල් නම් කැනේඩියානු නාට්‍ය රචකා යිසින් රචිත ‘තාජ්’ වේදිකා නාට්‍යයේ ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කළේ ය. මෙය ටොරන්ටෝවේ ලුමිනේටෝ උත්සවය සඳහා ඉදිරිපත් විය.‍ 2013දී මෙම නාට්‍යය නැවත සලකා බැලීමට ලක්වූ අතර, කැනඩාවේ සති 8ක් බහු-නගර සංචාරයක් සඳහා ද යොදාගැනිණි.[13]

චිත්‍රපට වෘත්තිය[සංස්කරණය]

ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන ඔක්ටොපසි තුළ ඔහු රොජර් මුවර් සමග අවසානය තෙක්ම සටන් වදින දුෂ්ට චරිතයක් වූ ගෝබින්දාගේ චරිතය නිරූපණය කළේ ය. කබීර් 60කට අධික ඉන්දියානු චිත්‍රපට සංඛ්‍යාවක රංගනයේ යෙදී ඇත. ඓතිහාසික වීරකථා චිත්‍රපටයක් වූ ටාජ් මහල්: ඇන් එටර්නල් ලව් ස්ටෝරි තුළ කබීර් විසින් ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කරන ලදී. ඔහු විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ සෙසු හින්දි චිත්‍රපට අතර රාජ් ඛෝස්ලාගේ කච්චේ ධාගේ, රාකේෂ් රෝෂන්ගේ ඛූන් භාරි මාන්ග් සහ ෆාරා ඛාන්ගේ මේන් හූන් නා යන චිත්‍රපට ප්‍රධාන වේ.

කබීර් බේඩි රිතික් රෝෂන් (කයිට්ස්), ගෝවින්දා (ෂෝමෑන්), සහ අක්ෂේ කුමාර් (බ්ලූ) සමග චිත්‍රපට රූගත කොට ඇත.[14] මීට අමතරව ඔහු දීපා මෙහ්තාගේ චිත්‍රපටයක් වූ කාමගාත මාරු චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ අමිතාබ් බච්චන් සහ ජෝන් ඒබ්‍රහම් සමග ය. ඔහු වසන්තබාලන් විසින් අධ්‍යක්ෂණය කළ අරවාන් චිත්‍රපටයේ ද රැඟුවේ ය.

කබීර් කොලුම්බියා පික්චර්ස් විසින් ඇෆ්ගනිස්ථානයේ රුසියානු යුද්ධය අලලා නිර්මිත ද බීස්ට් ඔ‍ෆ් වෝ චිත්‍රපටයේ ද රංගනයේ යෙදුණේ ය. මෙය අධ්‍යක්ෂණය කළේ කෙවින් රෙනෝල්ඩ්ස් විසිනි. මීට අමතරව ඔහු ඩේවිඩ් ඩි ඩොනැටෙලෝ සම්මානලාභී මාර්කෝ පොන්ටිගේ Andata Ritorno නම් ඉතාලි චිත්‍රපටය සමග ද සම්බන්ධ විය.

රූපවාහිනී වෘත්තිය[සංස්කරණය]

කබීර් ඇමරිකානු රූපවාහිනිය තුළ ද චරිත නිරූපණය කොට ඇති අතර, හෝල්මාර්ක්ගේ අප්‍රිකානු වීර කතාවක් වන ෆෝර්බිඩ්න් ටෙරිටරි, සහ කෙන් ෆොලට්ගේ ඔන් වින්ග්ස් ඔෆ් ඊගල්ස් මෙන්ම රෙඩ් ඊගල් කතාමාලාවන්ට ඔහු දායක වී ඇය. ඔහු NBC නාළිකාවේ ද ලොස්ට් එම්බයර් කතාමාලාවේ ෆ්‍රයර් සෑන්ඩ්ස් නම් චරිතය නිරූපණය කළේ ය. මීට අමතරව කබීර් ඩයිනාස්ටි, මර්ඩර්, ෂී රෝට්, මැග්නම් පී. අයි., හන්ටර්, නයිට් රයිඩර් සහ හයිලෑන්ඩර්: ද සීරීස් යන කතාමාලා සඳහා ද සිය රංගන දායකත්වය සැපයී ය.

යුරෝපය තුළ, ඔහුගේ විශිෂ්ටතම සාර්ථකත්වය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විසූ සරාගී ආසියානු කොල්ලකරුවකුගේ ප්‍රේමයක් පිළිබඳ කියැවෙන සැන්ඩෝකන් නැමැති ඉතාලි-ජර්මන්-ප්‍රංශ රූපවාහිනී කතාමාලාවයි. මෑතක දී, කබීර් ඉතාලි රූපවාහිනී කතාමාලාවක් වූ RAI ටීවී නාළිකාවේ Un Medico in Famiglia කතාමාලාවේ ද රංගනයේ යෙදුණේ ය.

වසරකට අධික කාලයක් කබීර් ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණු ද බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිෆුල් කතාමාලාව රටවල් 149ක බිලියනයකට අධික පිරිසක් නරඹා ඇත. මෙය ලොව දෙවන වඩාත් නැරඹූ රූපවාහිනී වැඩසටහන වේ.

ඉන්දියානු රූපවාහිනියේ ඔහු සතුව ඔහුගේම සිනමා සංවාද වැඩසටහනක් වන"Director's Cut" නැමැති කොටස් 13කින් යුත් විශේෂ වැඩසටහන තුළින් රටේ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරුන් සමග සම්මුඛ සාකච්ඡා ඉදිරිපත් කෙරෙයි. රූපවාහිනියේ ඔහු ලද සාර්ථකත්වය 2013දී ඉන්දියාවේ හෙඩ්ලයින්ස් ටුඩේ සහ ආජ් තක් යන පුවත් කාළිකාවන්හි සම්මාන ලද වැඩසටහන් වූ “Guns and Glory: The Indian Soldier” සහ “වන්දේමාතරම්” තුළින් පෙනේ.[15]

කබීර් බේඩි සිය නයිට් පදවිය ලබා ගනිමින්.

ඉන්දියානු බයිබල් රූපවාහිනී කතාමාලාවක් වන 'බයිබල් කි කහානියා' තුළ බේඩි විසින් යොවුන් සහ වියපත් ඒබ්‍රහම්ගේ චරිතය නිරූපණය කරන ලදී.

ගුවන්විදුලි වෘත්තිය[සංස්කරණය]

2007දී ඔහු RAI රේඩියෝ2 නාළිකාවෙන් විකාශය වූ "Chat" වැඩසටහනේ සැන්ඩෝකන් චරිතය නිරූපණය කළේ ය. 2012දී ඔහු රේඩියෝ වන් වෙනුවෙන් ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ශූරයන් වෙනුවෙන් 'Women of Gold' සහ 'Men of Steel' යන වැඩසටහන් මෙහෙයවී ය.

රචනය[සංස්කරණය]

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සහ ටෙහෙල්කා වැනි පුවත්පත්වල රටේ සමාජ සහ දේශපාලන විෂයයන් පිළිබඳ දායකත්වයක් සපයන රචකයෙකි, බේඩි. මීට අමතරව ඔහු ඉන්දියානු ජාතික රූපවාහිනියේ එවැනි විෂයයන් පිළිබඳ විවාදයන්ට ද සහභාගී වේ.[16]

සුබසාධන[සංස්කරණය]

2017 පෙබරවාරි මස, අනර්තර්ජාතික සංවර්ධන සංවිධානයක් වූ Sightsavers වෙනුවෙන් බේඩි නව ‘සන්නාම තානාපති’ ලෙස කටයුතු කරන බැව් නිවේදනය කෙරිණි. මෙහි කටයුතු භාර ගනිමින් බේඩි පැවසූයේ, "වර්තමානයේ ඉන්දියාව තුළ අක්ෂි සෞඛ්‍යය පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් පවතියි. සයිට්සේවර්ස් විසින් සුවිසල් රටක ජනයාට අක්ෂි ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ලද ජයග්‍රහණයන් වෙත මග පෙන්වයි" යනුවෙනි.[17]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

1982 සිට, කබීර් සල රූ කලා සහ විද්‍යා ඇකඩමියේ (ඔස්කා සම්මාන ප්‍රදානය කරන) සහ ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් යන මණ්ඩලවල සාමාජිකයෙකි.

යුරෝපය සහ ඉන්දියාව තුළ ඔහු චිත්‍රපට, වෙළඳ දැන්වීම් සහ ජනප්‍රියතා සම්මාන ගණනාවක් දිනා ඇත.[18]

ඉතාලි ජනරජයේ ජනාධිපතිගේ ආඥාව අනුව, 2010 ජූනි 2 දින කබීර් බේඩි හට නිල වශයෙන් නයිට් පදවියක් ප්‍රදානය කෙරිණි.[19]

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

චිත්‍රපට තේමාව නිකුත් වූ වර්ෂය චරිතය
හල්චල් 1971 මහේෂ් ජෙට්ලි
සීමා 1971
රාඛ් ඕර් හත්කාඩි 1972 සුරාජ්
සෂා 1972
අ‍නෝඛා දාන් 1972
කච්චේ ධාගේ 1973 රූපා
යෞවන් 1973 ජුම්රු
මාන්සිලේන් ඕර් භි හේන් 1974
මා බහෙන් ඕර් බිවි 1974
ඉෂ්ක් ඉෂ්ක් ඉෂ්ක් 1974
අනාරි 1975
නාගින් 1976 උදය
දාකු 1976
හර්ෆාන් මෞලා 1976
විශ්වාස්ඝාත් 1976 උදය
Bullet 1976 දුර්ගා ප්‍රසාද්/D.P.
The Black Corsair| 1976 – ඉතාලිය
දාකු ඕර් මහත්මා 1977
The Thief of Baghdad 1978
අශාන්ති 1979 මලික්
ආඛ්රි කසම් 1979 කිෂාන්/ බදාල්
යුව්රාජ් 5 ඔක්තෝබර් 1979
40 ඩේස් ඔෆ් මුසා දාඝ් 1982 ගේබ්‍රියල් බැග්‍රේඩියන්
Satan's Mistress 1982 ආත්මය
Octopussy 1983 ගෝබින්දා
Counterforce 1988 කෞරා
ඛූන් භාරි මාන්ග් 12 අගෝස්තු 1988 සංජේ වර්මා
මේරා ෂිකර් 1988
Police Public 11 මැයි 1990 ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ෂා නවාස් ඛාන්
හාර් ජීත් 1990
ෂේරා ෂාම්ෂේරා 1990
කුර්බාන් 31 මැයි 1991 ඉන්ස්පෙක්ටර් සුරාජ් සිං
යේ ආග් කබ් බුජේගි 19 අප්‍රේල් 1991
විෂකන්‍යා 1991 වන නිලධාරී වික්‍රම් සිං
දිල් ආෂ්නා හේ 25 දෙසැම්බර් 1992 දිග්විජේ සිං
යල්ගාර් 23 ඔක්තෝබර් 1992 රාජ් ප්‍රතාප් සිංහාල්
Beyond Justice 1992 මෞලෙත්
ලම්බු දාදා 1992
ක්ෂත්‍රිය 29 මාර්තු 1993 ඨාකූර් ගංගා සිං (පොලිස් නිලධාරී)
යුගන්ධාර් 1993 කෝල් කනීර්
සලාමි 18 මාර්තු 1994 කැප්ටන්
Lie Down with Lions 12 ජූනි 1994 කබීර්
The Maharaja's Daughter 1994 චන්ද්‍රගුප්ත
OP Centre 26 පෙබරවාරි 1995 අබ්දුල්
කිස්මත් 16 ජූනි 1995 රාජන්
ආතන්ක් කි ආතන්ක් 4 අගෝස්තු 1995 පොලිස් පරීක්ෂක
Mashamal - Ritorno al Deserto 19 ජූනි 1998 එක්සාම්පල්
Figlio di Sandokan, II 1998 සැන්ඩෝකන්
කෝහ්රාම් 13 අගෝස්තු 1999 බ්‍රිගේඩියර් බේඩි
The Lost Empire 11 මාර්තු 2001 ෆ්‍රයර් සෑන්ඩ්
ක්‍රාන්ති 15 අප්‍රේල් 2002 මහේන්ද්‍ර ප්‍රතාප් රාණා
මේන් දිල් තුජ්කෝ දියා 23 අගෝස්තු 2002 වර්මා මහතා (අයේෂාගේ පියා)
තලාෂ්: ද හන්ට් බිගින්ස්... 3 ජනවාරි 2003 ඡෝටේ පතන්
The Hero: Love Story of a Spy 11 අප්‍රේල් 2003 සකාරියා මහතා
Father 2004 කාල්, පියා (වයලීන් වාදකයෙකි)
රුද්‍රාක්ෂ් 13 පෙබරවාරි 2004 වේද් පූජන්
අසම්භාව් 23 ජූලි 2004
කිස්මත් 2004 රාජ් මාල්යා
A/R Andata & Ritorno 2 අප්‍රේල් 2004 ටොල්ස්ටෝජ්
මේන් හූන් නා 30 April 2004 ‍ජනරාල් අමර්ජීත් බක්ෂි
බෙවාෆා 2005 අංජලීගේ පියා
Taj Mahal: An Eternal Love Story 2005 ෂා ජහාන් අධිරාජයා
දෝ රහා 2006
ජාන්ලේවා 2006 රාකේශ් ඛුලාර්
A All About Her 2006
Take 3 Girls 2006 මෝ
Showman 2008
Blue 2009 කැප්ටන් ජගත් මල්හෝත්‍රා
Kites 2010 බොබ් ග්‍රෝවර්
යාරා ඕ දිල්දාරා 2013
අරවාන් 2012
චක්‍රව්‍යූහ 2012 මහන්තා, කර්මාන්තකරුවකු සහ රජයේ ගනුදෙනුකරුවෙකි.
දිල්වාලේ 2015 දේව් මලික්
අනර්කලි 2015 ජෆාර් ඉමාම්
බසෝදී 2016 රාම් පංචෞරි
මොහෙන්ජො‍ දාරෝ 2016 මහම්
ගෞතමීපුත්‍ර සාතකර්ණි 2017 නාහපාන
Edict of Expulsion 1492 2017 සුල්තාන් බායිසිද්

රූපවාහිනිය[සංස්කරණය]

රූපවාහිනී තේමාව මුදාහළ වර්ෂය තත්ත්වය චරිතය
Sandokan 1976 යුරෝපීය රූපවාහිනී කෙටි කතාමාලාව සැන්ඩෝකන්
La Tigre è Ancora Viva: Sandokan alla Riscossa 1977 යුරෝපීය රූපවාහිනී කෙටි කතාමාලාව සැන්ඩෝකන්
Dynasty 1982 රූපවාහිනී කතාමාලාව ෆාරූක් අහමද්
General Hospital 1983 රූපවාහිනී කතාමාලාව රාමා
Knight Rider නොවැම්බර් 1985 රූපවාහිනී කතාමාලාව වැස්කූන්
Dynasty 1986 රූපවාහිනී කතාමාලාව ෆාරූක් අහමද්
On Wings of Eagles 1986 රූපවාහිනී කතාමාලාව මොහම්මද්
The Days and Nights of Molly Dod මැයි 1987 රූපවාහිනී කතාමාලාව බිල්
Misteri della Giungla Nera, I (හෙවත් The Mysteries of the Dark Jungle) 1991 රූපවාහිනී කෙටි කතාමාලාව කම්මාමුරි
Il Principe del Deserto (හෙවත් Desert Law) 1991 රූපවාහිනී කතාමාලාව මෞලෙත් බෙනී-සාහීර්
The Bold and the Beautiful සැප්තැම්බර් 1994 රූපවාහිනී කතාමාලාව ඕමාර් කුමරු
Maharaja's Daughter 1994 රූපවාහිනී කතාමාලාව චන්ද්‍රගුප්ත
Highlander: The Series 20 නොවැම්බර් 1995 රූපවාහිනී කතාමාලාව කාමිර්
බයිබල් කි කහානියාන් 1995 රූපවාහිනී කතාමාලාව ඒබ්‍රහම්, කුලදෙටුවා
Ritorno di Sandokan, II 6 ඔක්තෝබර් 1996 රූපවාහිනී කතාමාලාව සැන්ඩෝකන්
Noi siamo angeli (හෙවත් We are Angel) 16 පෙබරවාරි 1997 රූපවාහිනී කෙටි කතාමාලාව ජනරාල් නැපෝලියන් ඩුරාට්
Forbidden Territory: Stanley's Search for Livingstone 7 දෙසැම්බර් 1997 රූපවාහිනී කතාමාලාව ඛාමිස් බින් අබ්දුල්ලා
Team Knight Rider 9 පෙබරවාරි 1998 රූපවාහිනී කතාමාලාව ඇරිස්ටෝටල් ඩ්‍රාගෝ
Murder She Wrote පෙබරවාරි 1988 රූපවාහිනී කතාමාලාව වික්‍රම් සිං
Magnum, P.I. 10 පෙබරවාරි 1988 රූපවාහිනී කතාමාලාව මැල්කම්
L'isola dei famosi 2004 ඉතාලි රියැලිටි වැඩසටහන ඔහු ලෙසම
The Bold and the Beautiful 4 මැයි 2005 රූපවාහිනී කතාමාලාව ඕමාර් කුමරු
Vivere මැයි 2006 ඉතාලි රූපවාහිනී කතාමාලාව එමීර් ඊබ්‍රාහීම්
Director's Cut 2007 රූපවාහිනී විශේෂ වැඩසටහන් මාලාව ඔහු ලෙසම
Un medico in famiglia 5 2007 ඉතාලි රූපවාහිනී කතාමාලාව කබීර්
ගංගා කී ධීජ් 2010–2011 හින්දි රූපවාහිනී කතාමාලාව දාදා බායි
බුද්ධා 2013 හින්දි රූපවාහිනී කතාමාලාව අසිත මුණිවරයා (පසුබිම් රංගනය)
වන්දේමාතරම් 2013 රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාව ඔහු ලෙසම
Guns & Glory: The Indian Soldier 2013 රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාව ඔහු ලෙසම
ජයි හෝ 2014 රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාව ඔහු ලෙසම

ගුවන් විදුලි[සංස්කරණය]

ගුවන්විදුලි තේමාව මුදාහළ වර්ෂය තත්ත්වය චරිතය
Ch@t (ඉතාලි ප්‍රබන්ධයI) 2007 RAI Radio2 සැන්ඩෝකන්
'Women of Gold' 2012 RadioOne ඔහු ලෙසම
'Men of Steel' 2012 Radio One ඔහු ලෙසම

හඬකැවීම් චරිත[සංස්කරණය]

සජීවී ක්‍රියාදාම චිත්‍රපට[සංස්කරණය]

චිත්‍රපටයේ නම නළුවා චරිතය හඬකැවුම් භාෂාව සැබෑ භාෂාව මුදාහැරුණු සැබෑ වර්ෂය හඬකවා මුදාහළ වර්ෂය සටහන්
Prince of Persia: The Sands of Time බෙන් කිංස්ලි නිසාම් හින්දි ඉංග්‍රීසි 2010 2010
Fantastic Four රෙග් ඊ. කැතී ආචාර්ය. ෆ්‍රෑන්ක්ලින් ස්ටෝර්ම් හින්දි ඉංග්‍රීසි 2015 2015

කථන[සංස්කරණය]

ව්‍යාපෘතිය වර්ගය භාෂාව වර්ෂය
The Keeper of the Flame - The History of TATA වාර්තා වැඩසටහන ඉංග්‍රීසි 2007
චයිල්ඩ්ලයින් ඉන්ඩියා සඳහා හැඳින්වීමක් මහජන දැනුවත් ව්‍යාපාරය - කථික ඉංග්‍රීසි 2008
එයාර්සෙල් ව්‍යාඝ්‍රයන් රැකගනිමු ව්‍යාපාරය මහජන දැනුවත් ව්‍යාපාරය - කථික ඉංග්‍රීසි 2009
Ford Motors launch Figo, India සජීවී ඉසව් ඉංග්‍රීසි 2010
සෝම්නාත් දේවාලය, ගුජරාත් ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහන ඉංග්‍රීසි 2010
රතු බලකොටුව, නව දිල්ලි ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහන ඉංග්‍රීසි 2011
විරාසාත්-ඉ-ඛල්සා - ඛල්සා උරුම අනුස්මරණ සංකීර්ණය, පන්ජාබ් කථික ඉංග්‍රීසි 2011
ඇපලෝ ටයර් වෙළඳ දැන්වීම ඉංග්‍රීසි 2013
ජින්දල් පැන්තර් වෙළඳ දැන්වීම ඉංග්‍රීසි 2014
බන්දා සිං බහදූර් - යුධ ස්මාරකය, පන්ජාබය ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහන ඉංග්‍රීසි 2014
TAJ හෝටල්, සේව්‍යස්ථාන සහ මන්දිර වෙළඳ දැන්වීම ඉංග්‍රීසි 2014
DHL වෙළඳ දැන්වීම හින්දි 2015
යමහා වෙළඳ දැන්වීම හින්දි 2015
Mount of Excellence වාර්තා කථනය ඉංග්‍රීසි 2015
පාර්ලේ වෙළඳ දැන්වීම හින්දි සහ ඉංග්‍රීසි 2016
තනිෂ්ක් වෙළඳ දැන්වීම ඉංග්‍රීසි 2016

සාමාජිකත්වය[සංස්කරණය]

සල රූ කලා සහ විද්‍යා ඇකඩමිය
Screen Actors Guild
රූපවාහිනී සහ ගුවන් විදුලි කලාකරුවන්ගේ ඇමරිකානු ෆෙඩරේෂනය
බ්‍රිතාන්‍ය නළුවන්ගේ සාධාරණ සංවිධානය

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Internationally acclaimed Indian actor". IMDb. 1971–2016.
  2. "Residence of Kabir bedi".
  3. Kabir Bedi Misses Late Son on Father's Day සංරක්ෂණය කළ පිටපත 18 ජනවාරි 2014 at the Wayback Machine
  4. "Archived copy". 25 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2013. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)
  5. Adam Bedi baptised[භින්න වූ සබැඳිය]
  6. "Let's keep it a surprise: Parveen Dusanj - The Times of India". The Times Of India. 2013-01-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite news}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  7. "When Dad likes them young! - The Times of India". The Times Of India.
  8. Ahmed, Afsana; Sharma, Smrity (6 May 2007). "Another Parveen is Kabir Bedi's love". The Times of India.
  9. "I'm closest to Prateik". Filmfare.com. 10 February 2012. සම්ප්‍රවේශය 22 April 2013.
  10. "Kabir Bedi ties knot with Parveen Dusanj on 70th birthday". Ibnlive.com. 17 January 2016. සම්ප්‍රවේශය 17 January 2016.
  11. "Kabir Bedi's voice for Burma's Mandela". Daily News & Analysis.
  12. http://sagarmediainc.wordpress.com/2013/12/14/rotary-international-come-up-with-the-t-e-a-c-h-programme/ සංරක්ෂණය කළ පිටපත 29 ජනවාරි 2015 at the Wayback Machine
  13. Kabir Bedi & Lisa Ray Discuss ‘TAJ’
  14. Collection of articles on Kabir Bedi සංරක්ෂණය කළ පිටපත 29 ජූනි 2009 at the Wayback Machine
  15. The NT Awards - 2014 Winners
  16. Bedi, Kabir. "Kabir Bedi Blog".
  17. http://www.indiantelevision.com/mam/marketing/brands/kabir-bedi-is-sightsavers-brand-ambassador-170228
  18. Kabir Bedi: Awards page, http://www.kabir-bedi.com/facts/awards/awardsmain.asp, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25 
  19. "Knight in shining armour". The Times of India. 11 December 2010.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කබීර්_බේඩි&oldid=591637" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි