එන්ට්‍රොපිය

විකිපීඩියා වෙතින්

එන්ට්‍රොපිය යනු, තාපගතික කාර්යාවලියක් හරහා ශක්තිය ගලා යෑම ගණන් තැබීමට සහය වීම සඳහා ගණිතමය ලෙසින් අර්ථදැක්වුනු තාපගතික රාශියකි.

පද්ධතියක එන්ට්‍රොපිය යනු පද්ධතියේ අහඹුතාව පිළිබඳ මිනුමකි. එන්ට්‍රොපිය අවස්ථා ශ‍්‍රිතයකි. එය පද්ධතියේ ආරම්භක හා අවසාන අවස්ථාව මත පමණක් රඳා පවතින අතර වෙනස් වීම් සිදු වන මාර්ගය මත රඳා නො පවතී. එන්ට්‍රොපිය ද භෞතික හා රසායනික වෙනස් වීම් කෙරෙහි බලපාන සාධකයකි. ඒකලිත පද්ධතියක සිදු වන ස්වයංසිද්ධ වෙනස් වීම් එන්ට්‍රොපියේ වැඩි වීම හේතුවෙන් සිදු වේ.

කිසියම් පද්ධතියක් හා සම්බන්ධ එන්ට්‍රොපිය අවස්ථා ශ‍්‍රිතයක් නිසා, එන්ට්‍රොපි වෙනස අවසාන එන්ට්‍රොපි අගයෙන් ආරම්භක එන්ට්‍රොපි අගය අඩු කිරීමෙන් ගණනය කළ හැකි ය.

∆S = ∆Sඅවසාන - ∆Sආරම්භක
"https://si.wikipedia.org/w/index.php?title=එන්ට්‍රොපිය&oldid=440751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි