එච්. සී. පී. බෙල්

විකිපීඩියා වෙතින්
(එච්.සී.පී. බෙල් වෙතින් යළි-යොමු කරන ලදි)
HCP Bell, ~1890.

බ්‍රිතාන්‍ය ලංකාවේ (Ceylon) ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස්වරයා වූයේ එච්.සී.පී.බෙල් ( Harry Charles Purvis Bell ) ය.[1] ( ක්‍රි.ව.1851 – 1937 ). ඔහු උපත ලද්දේ බ්‍රිතාන්‍ය ඉන්දියාවෙහිය.

ළමා අවධිය[සංස්කරණය]

1851 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උපත ලද ඔහු චෙල්ටන්හැම් විද්‍යාලයේ (Cheltenham College) අධ්‍යාපනය සඳහා එංගලන්තයට යවන ලදී.[2]

සිවිල් සේවා වෘත්තිය[සංස්කරණය]

විශ්ව විද්‍යාලයට නොගොස්, බෙල් ලංකා සිවිල් සේවයේ සිවිල් නිලධාරියෙකු ලෙස ලංකාවට පැමිණ රේගු නිලධාරියෙකු ලෙස සේවය කළේය. ඉන්පසු ඔහු දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේය.

පුරාවිද්‍යාව[සංස්කරණය]

නිල පුරාවිද්‍යාඥයෙකු ලෙස පත් කරන ලද අතර, 1890 ජූලි මාසයේදී ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ආතර් ගෝර්ඩන් විසින් බෙල් ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් සහ ලංකා පුරාවිද්‍යා සමීක්ෂණ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.[3][2] ඔහු 1890 සිට 1912 දක්වා කාලය තුළ පුරාවිද්‍යා සමීක්ෂණය සඳහා ලංකාවේ (දැන් ශ්‍රී ලංකාව) කැණීම් රාශියක් සිදු කළ අතර සීගිරියේ සඟවා තිබූ නිධන් හාරා එංගලන්තයට යවන බව කියා සිටියේය.

විශ්‍රාම ගැනීමෙන් පසු, ඔහු සිය ජීවිතයේ පෙර සිටි මාලදිවයිනේ පුරාවිද්‍යාව සහ අභිලේඛන ද විමර්ශනය කළේය. සහ මාලදිවයින් භාෂාවේ වාග් විද්‍යාව හැදෑරුවා. බෙල් මාලදිවයිනේ රජු සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන සිටියේය.

කර්තව්‍යයන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "1923 දී කුරුණෑගල උසාවියේදී "බෙල්" දුන් සාක්‌කිය". දිවයින. සම්ප්‍රවේශය 2017-07-19.
  2. 2007 "Bell, Harry Charles Purvis, (21 Sept. 1851–6 Sept. 1937), Ceylon Civil Service (retired)." WHO'S WHO & WHO WAS WHO
  3. Department of Archaeology - History, 2007-10-09, http://www.archaeology.gov.lk/history1.html 

ආශ්‍රිත[සංස්කරණය]

  • Bethia N. Bell and Heather M. Bell (1993), H. C. P. Bell: Archaeologist of Ceylon and the Maldives
"https://si.wikipedia.org/w/index.php?title=එච්._සී._පී._බෙල්&oldid=612290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි