රුසියාවේ ඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරිය

විකිපීඩියා වෙතින්
ඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරිය
ඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරිය, ක්‍රි.ව. 1914
උපතජුනි 18, 1901(1901-06-18)
පීටර්හොෆ් මාළිගය, ශාන්ත පීටර්ස්බර්ග්, රුසියානු අධිරාජ්‍යය
මරණයJuly 17, 1918(1918-07-17) (වයස 17)
ඉපාතිව් නිවස, යෙකාටෙයින්බර්ග්, රුසියානු SFSR
භූමදානයපීටර් සහ පෝල් ආසන දෙව්මැදුර, ශාන්ත පීටර්ස්බර්ග්, රුසියානු සමූහාන්ඩුව
සම්පූර්ණ නාමය
ඇනස්ටේසියා නිකොලෙව්නා රොමනොවා
වංශයහොල්ස්ටෙයින්-ගොට්ටොර්ප්-රොමනොව්
පියාරුසියාවේ IIවන නිකොලස්
මවඇලෙක්සැන්ඩ්‍රා ෆියොඩොව්නා
අත්සනඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරියගේ අත්සන

රුසියාවේ ඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරිය (රුසියානු: Анастасия Николаевна Романова [ඇනස්ටේසියා නිකොලෙව්නා රොමනොවා]; June 18 [O.S. June 5] 1901 – July 17, 1918) අවසන් රුසියානු අධිරාජ්‍යයේ අවසාන අධිරාජයා වූ IIවන සාර් නිකොලොස් සහ ඔහුගේ බිරිද වූ සාර් ඇලෙක්සැන්ඩ්‍රා ෆියොඩොව්නා ගේ බාලම දියණිය වූවාය.

ඇනස්ටේසියා , මහා ආධිපාදිවරිය ඔල්ගා, ටාටියානා මහා ආධිපාදිවරිය, සහ මහා ආදිපාදවරිය මාරියා යන අයගේ බාලම නැගනිය වූ අතර, ඇලෙක්සෙ නිකොලෙවිච්, රුසියාවේ සාරෙවිච් ගේ වැඩිමහළු සොයුරිය වූවාය. 1918 ජූලි 17, .ඇයව සහ ඇගේ පවුල චෙකා හි සාමාජිකයන්, බෝල්ෂෙවික් රහස් පොලීසිය විසින්යෙකටර්න්බර්ග් හිදී අතිරේක මරණතීන්දුවකට ලක්කොට ඝාතනය කරන ලදි.

ඇයගේ මරණින් පසුව සමහර විට ඇය ඝාතනය නොවූ බවට කටකතාවක් පැතිරී ගොස් ඇති අතර කොමියුනිස්ට් පාලනය පැවති දශකය තුළ ඇයව භූමදානය කළ ස්ථානය පවා අවිනිශ්චිතව ඇත. යෙකටන්බර්ග්හි භූමදාන ස්ථානයේ ඇති මෘත ශරීර අතර සාර්,ඔහුගේ භාර්යාව,ඔවුන්ගේ දියණියන් තිදෙනෙකු පිළිබදව 1991 දී වාර්තා වූ අතර, ඇලෙක්සෙ නිකොලෙවිච් සහ සෙසු දියණියන් වන ඇනසිටේසියා හෝ ඇයගේ වැඩිමහළු සොයුරිය වන මාරියා යැයි සැළකෙන මෘත ශරීර 2007 වර්ෂයේදී සොයාගන්නා ලදි. ඇය නොනැසී ඉතිරිවීම නිශ්චිත නැත. වෝහාරික විශ්ලේෂණය සහ DNAපරීක්ෂාවලින් තහවුරු වන්නේ මෙම රාජකීය පවුලේ, යැයි සැලකෙන මෘත ශරීර සතර මරාදමා ඇත්තේ 1918 දී බවයි. [1][2]යම් කාන්තාවක් විසින් තමා ඇනස්ටේසියා බවට මුසා පතුරුවන ලදි. ඇයව බොහෝ දෙනා හැදින්වූවේ ඇනා ඇන්ඩර්සන් යන නමිනි.; 1984 දී ඇයගේ මරණින් පසුව ඇය ආදාහනය කළ ස්ථානය විවෘත කරන ලදි.නමුත් 1994 දී සිදුකළ DNA පරීක්ෂණ වලින් අනාවරනය වූයේ ඇන්ඩසන්ගේ පටක කැබළි සහ හිසකෙස් රොමනොව් පවුලේ DNA සමග නෑකම් නොකියන බවයි. [3]

චරිතාපදානය[සංස්කරණය]

දිවිය සහ ළමාවිය[සංස්කරණය]

ඇනස්ටේසියා මහා ආදිපාදවරිය 1904දී
1906දී ගන්නා ලද අනස්ටේසියා මහා ආදිපාදවරියගේ පුද්ගලික ඡායාරූපයක්

ඇනස්ටේසියා උපන් විටදී ඇයගේ දෙමව්පියන් විස්තෘත පවුලේ ගැහැනු දරුවෙකු අපේක්ෂානොකළහ. ඔවුන් අපේක්ෂා කළේ සිහසුනට උරුමකම් කිව හැකි පුත්‍ර‍යෙකි. මුල් වතාවේදී II වන සාර් නිකොලස් සාරීනා ඇලෙක්සැන්ඩ්‍රාට අළුත උපන් ඇනස්ටේසියා බැලීමට යාමට ප්‍රථමව දීර්ඝ ගමනක් ගියේ ය.[4]ඇයගේ නමෙහි එක් අර්ථයක් වූයේ "දම්වැල් බිදින්නිය" නැතිනම් "සිරගෙය විවරකරන්නිය" යන්නයි.මෙම හතර වෙනි මහා ආදිපාදවරියට එම නාමය හිමිවූයේ ඇයගේ උපන් දිනය සිදුවූ දිනයේදී ඇගේ පියාණන් විසින් පසුගිය ශීශිර සෘතුවේදී ශාන්ත පීටර්ස්බර්ග් සහ මොස්කව් යන නගරවලදී රාජ්‍ය විරෝධී කැරළි වලට සම්බන්ධ වී සිරභාරයේ පසුවූ ශිෂ්‍යයන්ව නිදහස්කිරීම හේතුවෙනි. [5] ඇයගේ නාමයෙහි තවත් අර්ථයක් වූවේ "පුනර්ජීවනය"යනු යැයි ඇයගේ නොනැසී ඉතිරිවීම පිළිබද කටකතා වල පැවසේ.ඇනස්ටේසියාගේ භූමිකාව බොහෝවිට නිවරැදිව පරිවර්තනය වී ඇත්තේ "ශ්‍රේෂ්ට කුමරිය " ලෙසයි. "මහා ආදිපාදවරිය "යන නාමය බොහෝවිට යෙදී ඇත්තේ ඉංග්‍රීසි බසින් රුසියන් බසට පරිවර්තනය කිරීම් වලදීය.[6]

සාර්ගේ දරුවන් හැඩගස්වා ඇත්තේ චාම් ලෙසටය.ඔවුන් නිදාගනු ලැබුවේ කොට්ටයක් නොමැතිව තද කූඩාරම් රෙද්දකය .ඔවුන් අසනීපවූ අවස්ථාවක හැර උදෑසන ශීත ජලයෙන් ස්නානය කළයුතු විය අතර,ඔවුන්ගෙන් තම තමාගේකාමර පිරිසිදුකර ගැනීම සහ විවිධ දුප්පතුන්ගේ කටයුතු සදහා විකිණීමට ගෙතුම් වැඩ කිරීම ඔවුන් වෙනත් කාර්යයක් නොකරන විට සිදුකිරීම බලාපොරොත්තු විය. බොහෝ විට ගෙදර අභ්‍යයන්තර පිරිස,සේවක පිරිසද ඇතුළුව සාමාන්‍යෙයන් ඇයට ආමන්ත්‍රණය කරනු ලැබුවේ ඇගේ මුල් නම සහ ගෝත්‍රනාමය සමග මහා ආදිපාදවරිය ලෙසයි. සාමාන්‍යෙයන්මහා ආදිපාද නාමය සමග ඇගේ මුල්නාමය සහ ඇනස්ටේසියා නිකොලෙව්නා යන නාමයෙන් ඇයව ආමන්ත්‍රණයවූ අතර හිමිකම් නාමයෙන් ආමන්ත්‍රණය නොවිනි.ඇයව අවස්ථානුකූලව ප්‍රංශ අනුවාදවල ඇගේ නම "ඇනස්ටේසියේ "ලෙස දක්වා ඇති අතර රුසියානු අන්වර්ථ නාම අතර "නස්ටියා", "නස්ටාස්" හෝ "නස්ටෙන්කා" යන නමින්ද ආමන්ත්‍රනය වූ අතර පවුලේදී ඇනස්ටේසියාට වූ අතවර්ථ නාමයක් වූයේ "මාලෙන්කායා" අදහස "සිගිති (එකී)",[7] නැතිනම් "shvibzik," "දඟකාර බාලයා"යන අරුත දෙන. රුසියානු නමකි.

තරුණ වියේදී ඇනස්ටේසියා ඉතා සාර්ථකව සහ ශක්තිමත්ව වර්ධනය විය.ඇයට කෙටි ,තරමක් මහත්වූ මුහුණක් සහ නිල්පැහැති ඇස් [8] සහ ස්ටෝබෙරි පැහැ -තඹ කෙස්කළඹක් තිබුණු බව කියවේ.[9] මහා ආදිපාදවරියන් සතර දෙනාගේ ගුරුවරිය වූ, මාගරීටා ඊගර් සදහන් කරන්නේ එක් පුද්ගලයෙක් ඇයට පවසා සිටියේ බාලයා වූ ඇනස්ටේසියාට පෙර කිසිවෙකුගෙන් නොදුටු විශිෂ්ට ආකර්ශනීය බවක් ඇති බවයි.[5]

ඇගේ ගුරුවරුන් වූ පියරේ ගිලියාර්ඩ් සහ සිඩ්නි ගිබ්ස් ට අනුව කලාතුරකින්ඇය ඇගයීමකට සහ කැපී පෙනීමකට බදුන් වූ බවද ඇය කිසිදින පාසල් කාමරේ සීමාකිරීම් වලට කැමති නොවූ බව සදහන් කරයි. ඇයගේ ගුරුවරුන් වූ ගිබ්ස්, ගිලියාර්ඩ් සහ පාලිකාවෝ වූ ලිලී ඩේන් සහ ඇනා විව්රුබෝවා ඇනස්ටේසියා සජීවයෙන්ම දඟකාර සහ කුසලතාපූර්ණ රංගන ශිල්පිනියක් බඳු බව හා ඇගේ සියුම් ,සිනහ උපදවන සුළු දඟකාරකම් සමහර අවස්ථාවල ඉතා කරදරකාරී වූ බව සඳහන්කරයි. [9][10][11] ඇනස්ටේසියාගේ කරදර ඇතම් අවස්ථාවල ඉවසිය හැකි සීමාව පසුකරයන ලදි.රාජකීය වෛද්‍යවරයායෙව්ජෙනි බොට්කින් ගේ පුත්‍රයාව සිට යෙකටර්න්බර්ග් වලදී සිය පවුල සමඟම මිය යාමට සිදුවූ ග්ලෙබ් බොට්කින් පවසා ඇත්තේ, "ඇය වාර්තාවක් තැබුවා ඇගේ පවුලේදී, දඬුවම් ලැබිය හැකි ක්‍රියාවන් හේතුවෙන් .ඇය නරක දේවල් කරන්න උපන් හපනියක් "බවයි.[12] ඇනස්ටේසියා සමහර අවස්ථාවල සේවකයන්ට නරක අයුරෙන් සැළකූ අතර ඇයට ඉගැන්වූ ගුරුවරුන්ව සමච්චලයට ලක්කොට ඇත. ළමයෙක් ලෙස ඇයට ගස්වල ඉහළට නැගීමට සහ ඉන් බැසීමට හැකියාව තිබුණි. එක් අවස්ථාවකදී රදළ පවුල් සහභාගී වූ හිම බෝල සටනකදී ,ඇනස්ටේසියා ගල් කැටයක් දමා හිමවලින් ආවරණය කළ හිම බෝලයකින් ඇගේ වැඩිමල් සොයුරිය ටාටියානාට දමා ගැසූ අතර එම පහරින් ඇය බිම ඇදගෙන වැටුණි. [9] ඇනස්ටේසියාගේ දුර ඥාතී සොයුරියක වන, නීනා ජෝර්ජිව්නා කුමරිය ප්‍රකාශ කරන්නේ "ඇනස්ටේසියා යනු දුෂ්ටත්වයේ සළකුණක් " බවත් සෙල්ලම් කිරීමේදී ඇය වංචනික අයුරින් තරග කොට ,අනෙක් තරඟ කරුවන්ට පයින් පහර දී සීරීම් තුවාල ඇතිකළ බවත් ඇයට වඩා උස් වූ නිසා වැඩිමල් නීනාටද ඊර්ෂ්‍යා කළ බවත්ය.[13] ඇය ඇගේ අනෙක් සොයුරියන්ට සාපේක්ෂව ඇගේ හැසිරීම පිළිබදව අඩුවෙන් සළකාබලා ඇත.අවුරුදු 10ක් වයසැති ඇනස්ටේසියා ශාන්ත පීටර්ස්බර්ග් ඔපෙරා ශාලාවේදී ඇගේ දිගු සුදුපැහැති ඔපෙරා අත්මේස් නොගලවා අවිනීත අයුරින් චොක්ලට් කෑ අයුරු වැඩිම පොත් සංඛ්‍යාවක්විකිණුනු ඇ‍මෙරිකානු කතුවරියකවන සහ ඇමෙරිකානු diplomat වරයෙකුගේ බිරිදක්වන හැලී අර්මයින් රයිව්ස් විසින් සවිස්තරව රචනාකර ඇත.[14]

ඇනස්ටේසියා සහ ඇගේ වැඩිමහල් සොයුරියක්වූ මාරියාව ඇගේ පවුලේ අය "පොඩි ජෝඩුව" ලෙස හැදින්වූහ.මෙම දෙදෙනාම එකම කාමරයේ සිටි අතර,බොහෝ අවස්ථාවල දෙදෙනාම සමාන ඇදුම් වලින් සැරසී සිටි අතර වැඩි කාලයක් දෙදෙනා එකට පසු විය. ඔවුන්ගේ වැඩිමහළු සොයුරියන් වන ඔල්ගා සහ ටාටියානා හවුලේ කාමරයක් භාවිතා කළ අතර ඔවුන්ව හදුන්වනු ලැබුවේ "ලොකු ජෝඩුව "යනුවෙනි . මෙම ගැහැනු ළමයින් හතර දෙනා ලිපි ලිවීමේදී අත්සන් කරනු ලැබුවේ ඔවුන්ගේ පෙළපත් නාමය සමඟ OTMA ලෙස කෙටිකර දැක්වූ නාමයකිනි.මෙහිදි මුල් අක්ෂරයෙන් ඔවුන්ගේ ප්‍රථම නම අදහස් විය. [15]

සටහන් සහ මූලාශ්‍ර[සංස්කරණය]

  1. "DNAConfirms Remains Of Czar's Children". CBS News. February 11, 2009. සම්ප්‍රවේශය September 8, 2011.
  2. Coble, Michael D.; Loreille, Odile M.; Wadhams, Mark J.; Edson, Suni M.; Maynard, Kerry; Meyer, Carna E.; Niederstätter, Harald; Berger, Cordula; Berger, Burkhard; Falsetti, AnthonyB.; Gill, Peter; Parson, Walther; Finelli, Loui N.; Hofreiter, Michael (2009). "Mystery Solved: The‍ Identification of the Two Missing Romanov Children Using DNAAnalysis". PLOS ONE. 4 (3): e4838. doi:10.1371/journal.pone.0004838. {{cite journal}}: zero width joiner character in |title= at position 20 (help)
  3. Massie (1995), pp. 194–229
  4. Massie (1967), p. 153
  5. 5.0 5.1 Eagar, Margaret (1906). "Six Years at the Russian Court". alexanderpalace.org. සම්ප්‍රවේශය December 11, 2006.
  6. Zeepvat, (2004), p. xiv
  7. Kurth (1983), p. 309
  8. Massie (1967), p. 134
  9. 9.0 9.1 9.2 Vyrubova, Anna. "Memories of the Russian Court". alexanderpalace.org. සම්ප්‍රවේශය December 13, 2006.
  10. Gilliard, Pierre. "Thirteen Years at the Russian Court". alexanderpalace.org. සම්ප්‍රවේශය December 13, 2006.
  11. Dehn, Lilli (1922). "The Real Tsaritsa". alexanderpalace.org. සම්ප්‍රවේශය December 13, 2006.
  12. King and Wilson (2003), p. 250
  13. King and Wilson (2003), p. 50
  14. Lovell (1991), pp. 35–36
  15. Christopher, Kurth, Radzinsky (1995), pp. 88–89

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Russian grand duchesses