අංගම්පොර සටන් කලාව

විකිපීඩියා වෙතින්

ඇම්බැක්කේ පැරණි සටන් කැටයමක් අංගම්පොර සටන් කළාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්; (සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්රමය භාවිතා කළා. ක්රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්රමනයට එරෙහිව යොදාගන්නට ඇත. අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය.රාවණ රජු නිල ශ්රාස්ත්රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්ය ග්රන්ත තුලින්ද පැහැදිලි වෙයි. රාවන සහ අංගම් ශ්රාස්ත්රය අතර සම්බන්ධය කෙතරම් ප්රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා මල්පැලක් සකස් කොට රාවණා ස්තෝත්ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . මූලිකාංග අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව කරනු ලබන සටන අංගම් යනුවෙන් හදුන්වයි. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්රවිණයකු වීම සදහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අප පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්රමය තුල නිලවලට පහරදෙන ක්රම රැසක් දැකගත හැකිය.ක්ෂණිකව මරණයට පත්වෙන්න නිලවලට පහරදීම, කල්ගතව මැරෙන්නට නිලස්ථානවලට පහර දීම, නිල අල්ලා ප්රතිවාදියා ගොළු වෙන්න එසේත් නැත්නම් බිහිරි වෙන්න පහරදීම, සිහිනැතිවන්නට නිලවලට පහර එල්ල කිරීම හා මළමුත්රා පිටවීමට නිලවලට පහරදීම ආදිය ඒ අතරින් සමහරකි. විශේෂයෙන්ම මහා මාරක නිල ශාස්ත්රය වැනි දියුණු සටන් ක්රම හැදෑරීමේදී එය විදේශීය ආක්රමණවලදී හැර තම පෞද්ගලික ප්රතිවාදීන්ට එරෙහිව භාවිතා නොකරන බවට ශිල්පය හදාරන කෙනා දිවුරා පොරොන්දු විය යුතුය. ශාරීරික ශක්තිය අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම, බිහිසුණු කුළු හරක් මෙල්ල කිරීම, කුලප්පු වූ අලි ඇතුන් මෙල්ල කරගැනීම, අතින් පොල් ළෙලිගැසීම, අතින් පොල් මිරිකීම, අතින් පොල් බිඳීම, පොල් ගසට වැලමිටෙන් පහරදී ගස සෙලවීම, ගස් ඇද පෙන්වීම, සුළු වෙලාවක් සටන්කොට සතුරා පරාජය කරපෙන්වීම, විශාල ගල්,ගස් කදන් ඈතට විසි කිරිම, පොල් ගසට පයින් ගසා පොල් කැඩීම, පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, හක්ගෙඩියකට වැලමිටෙන් ගසා සුණු විසුළු කර දැමීම, මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැදගෙන කිහිපදෙනෙකු සමඟ සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි. පරදේසක්කාර අභියෝග සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය. "ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්රත්යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින් අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති...." "සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්රදර්ශනය කරනලද්දේ ඉන්ග්රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය. දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය. සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි ....." (සිංහල ත්රාසජනක ක්රීඩා: දැරණියගල) යටත්විජිත තහනමට ලක්වීම මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්රම යොදාඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගං සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බිරිතාන්යයන් පියවර ගත්තේ ය. එ නිසාම ක්රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. මර්දනය ඉංග්රීසින්ගේ මර්දන ක්රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ . “අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉංග්රීසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩ වී මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.” වැඩිදුර කියවීම් http://www.korathotaangam.com සංරක්ෂණය කළ පිටපත 2014-08-14 at the Wayback Machine අංගම්පොර කොරතොට අංගම්පොර සම්ප්රදාය http://realangampora.blogspot.com/ http://www.angampora.info අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 3.0 යටතේ ඇත. රහස්යතාවය • වැඩතලය

මූලිකාංග[සංස්කරණය]

අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව කරනු ලබන සටන අංගම් යනුවෙන් හදුන්වයි. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්‍රවිණයකු වීම සදහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අප පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ක්ෂණිකව මරණයට පත්වෙන්න නිලවලට පහරදීම, කල්ගතව මැරෙන්නට නිලස්ථානවලට පහර දීම, නිල අල්ලා ප්‍රතිවාදියා ගොළු වෙන්න එසේත් නැත්නම් බිහිරි වෙන්න පහරදීම, සිහිනැතිවන්නට නිලවලට පහර එල්ල කිරීම හා මළමුත්‍රා පිටවීමට නිලවලට පහරදීම ආදිය ඒ අතරින් සමහරකි. විශේෂයෙන්ම මහා මාරක නිල ශාස්ත්‍රය වැනි දියුණු සටන් ක්‍රම හැදෑරීමේදී එය විදේශීය ආක්‍රමණවලදී හැර තම පෞද්ගලික ප්‍රතිවාදීන්ට එරෙහිව භාවිතා නොකරන බවට ශිල්පය හදාරන කෙනා දිවුරා පොරොන්දු විය යුතුය.

ශාරීරික ශක්තිය[සංස්කරණය]

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම, බිහිසුණු කුළු හරක් මෙල්ල කිරීම, කුලප්පු වූ අලි ඇතුන් මෙල්ල කරගැනීම, අතින් පොල් ළෙලිගැසීම, අතින් පොල් මිරිකීම, අතින් පොල් බිඳීම, පොල් ගසට වැලමිටෙන් පහරදී ගස සෙලවීම, ගස් ඇද පෙන්වීම, සුළු වෙලාවක් සටන්කොට සතුරා පරාජය කරපෙන්වීම, විශාල ගල්,ගස් කදන් ඈතට විසි කිරිම, පොල් ගසට පයින් ගසා පොල් කැඩීම, පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, හක්ගෙඩියකට වැලමිටෙන් ගසා සුණු විසුළු කර දැමීම, මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැද‍ගෙන කිහිපදෙනෙකු සමඟ සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.

පරදේසක්කාර අභියෝග[සංස්කරණය]

සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය.

"ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින් අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති...."

"සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.

දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය. සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි‍ ....." (සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල)

යටත්විජිත තහනමට ලක්වීම[සංස්කරණය]

මේ අයුරින් සිංහලයා‍ගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගං සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බිරිතාන්‍යයන් පියවර ගත්තේ ය. එ නිසාම ක්‍රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී.

මර්දනය[සංස්කරණය]

ඉංග්‍රීසින්ගේ මර්දන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .

“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉංග්‍රීසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩ වී මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.”

වැඩිදුර කියවීම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අංගම්පොර_සටන්_කලාව&oldid=618641" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි