XVI වන බෙනඩික්ට් පාප්වහන්සේගේ පාප්වරණ ප්‍රතිසංස්කරණ
එතුමාගේ පාප්පදවි කාලසීමාව අතරවාරයෙහි, XVI වන බෙනඩික්ට් පාප්වහන්සේ (r. 2005–2013) විසින් පාප්වහන්සේ තුමෙකු තෝරා පත් කර ගැනීමෙහි ක්‍රමවේදයන්හී සමහරක් විස්තර වෙනස් කරමින් ලේඛන දෙකක් නිකුත් කල සේක: 2007 ජූනි 11 දිනදී ඩි ඉලෙක්ටියෝන් රොමානි පොන්ටිෆිකිස් සහ 2013 පෙබරවාරි 22 දිනදී නෝමා නොන්නූලාස් යන ලේඛන වෙති. මෙම උපදේශන වෙතින්, එතුමාගේ පූර්වප්‍රාප්තික II වන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් 1996 පෙබරවාරි 22 දිනදී නිකුත් කල, එතුමාගේ යුනිවර්සි දොමිනිසි ග්‍රේජිස් නම්වූ අපෝස්තලික ව්‍යවස්ථාව තුල අඩංගුවූ විස්තීර්ණ නීති සහ කාර්ය පටිපාටි මාලාව සංශෝධනය කෙරිණි.
පාප්වරණ කොන්ක්ලේව් සභාවක් සති දෙකකට වඩා කාලයක් පැවතුණහොත් අනුගමනය කල යුතු කාර්ය පටිපාටි නියම කරමින් ජුවාම් පාවුඵ පාප්වහන්සේ විසින් නියම කෙරුණු සමහරක් නවෝත්පාදන, බෙනඩික්ට් පාප්වහන්සේ විසින් ප්‍රතිවර්තිත කිරීම හෝ වෙනස් කිරීම හෝ සිදුකෙරුණි. කොන්ක්ලේව් සභාවක් ආරම්භ කරන දිනය නියම කිරීමට කාදිනල්වරුන්ට තිබූ අධිකාරි බලයද එතුමා විසින් වෙනස් කරන ලද අතර, ඔවුන් විසින් ලබාදී තිබුණු රහස්‍යතා දිවුරුම බිඳ දමන සහය පිරිස් සඳහා දණ්ඩනයන්ද එතුමා විසින් දැඩි කලේය.
උපදේශන
[සංස්කරණය]ඩි අලික්විබස් මාටටිඅබිසෝ ඉන් නොරමිස් ඩි ඉලෙක්ටියෝන් රොමානි පොන්ටිෆිකිස්
[සංස්කරණය]ජුවාම් පාවුළු පාප්වහන්සේගේ 1996 වසරෙහි නීති විසින් සමහරක් " විප්ලවවාදි" නවෝත්පාදන ඉදිරිපත් කෙරුණේ, [1] [2] [3] රහස් ඡන්ද වාරයන් 33 කට පසුව (කොන්ක්ලේව් සභාවෙහි පළමු දිනයෙහිදී සිදුවූ රහස් ඡන්ද ගණන් නොගනිමින්), තෝරා පත්කර ගැනීම සඳහා තිබිය යුතුවූ ඡන්දය ප්‍රකාශ කරන්නන් අතරින් තුනෙන්-දෙකක බහුතරයෙහි අවශ්‍යතාවය සරල බහුතරයක් දක්වා පහත් කරමින් බහුතර ඡන්දය පමණක් භාවිතා කරමින් තීරණ ගැනීමට සහ පෙර රහස් ඡන්ද වාරයන් තුලදී වඩාත්ම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයන්ට පමණක් ඉක්බිති රහස් ඡන්ද සීමා කිරීමටද කාදිනල් ඡන්දහිමියන්ට ඉඩප්‍රස්තා ලබා දෙමින්ය.[4] බෙනඩික්ට් පාප්වහන්සේ පවසන පරිදී, සාම්ප්‍රදායික තුනෙන් දෙකක බහුතර අවශ්‍යතාවය ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස, ජුවාම් පාවුළු පාප්වහන්සේට "ඉල්ලීම් කිහිපයකට වඩා බොහෝ ගණනක්" (haud paucae petitiones), ලැබුණු බවයි.[5] තුනෙන්-දෙකක බහුතර අවශ්‍යතාවය සංස්ථාපනය කෙරුණේ 1179 වසරෙහි තෙවන ලැටරන් මන්ත්‍රණ සභාව විසිනි.[2]
කොන්ක්ලේව් සභාවක සහභාගිවන්නන්, රහස්‍යතා දිවුරුමක් වෙතින් බැඳෙන බැවින්, ඔවුන් විසින් පාලිත එක් කොන්ක්ලේව් සභාවකට මෙම වෙනස්කම් වෙතින් ඇතිවන බලපෑම අවිඥෙයය වෙයි. නිරික්ෂකයන් විසින්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආචරණ දෙකක් සිතෙහි මවා ගත්හ. 2005 වසරෙහි පාප්වහන්සේ තේරීමේ ඡන්දයෙහිදී, කාදිනල් ජෝසප් රට්සිංගර් වෙනුවෙන් ලැබුණු ඡන්ද ප්‍රමාණය, සරල බහුතරයක් ඉක්මවූ විට, එතුමාගේ අනුග්‍රාහකයෝ දැනසිටියේ, ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් අනුඥාත කර තිබූ සරල බහුතර නීතිය බලපැවැත්වෙන පරිදී, ඔවුන්ට දිගටම ඡන්දය දීම කරගෙන යා හැකිව තිබූ බවයි.[2]
බෙනඩික්ට් පාප්වහන්සේ විසින් 2007 ජූනි 11 දිනදී ඩි අලික්විබස් මාටටිඅබිසෝ ඉන් නොරමිස් ඩි ඉලෙක්ටියෝන් රොමානි පොන්ටිෆිකිස් නිකුත් කෙරුණේ, පාප්වහන්සේ ලෙසින් වසර දෙකක් සේවය කිරීමෙන් පසුවය. ඡේද පහකින් සමන්විතවූ මෙම ලේඛනයෙහිදී, ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් කාදිනල් ඡන්ද හිමියන් වෙත අවසරදී තිබූ විකල්ප ප්‍රතිෂේධනය කල අතර, ඡන්ද විමසීම් වාර බොහෝ ගණනකට පසුව, තීරණයකට එළඹීම සඳහා, කිසියම් වෙනස්කමක් අවශ්‍ය බවට ජුවාම් පාවුළු පාප්වහන්සේගේ නිගමනය පමණට අවසර ලබාදුනි. එතුමා විසින් තුනෙන්-දෙකක බහුතර නීතිය යළි ප්‍රතිෂ්ඨාපනය කල සේක. ඡන්ද විමසීම් වාර 33කට පසුව (පළමු දිනයෙහි ඡන්ද විමසීම් පැවතුනේ නම් එය නොසලකා හරිමින්) පැවැත්වෙන අතිරේක ඡන්ද විමසීම් තුලදී, පූර්ව ඡන්ද විමසීම් තුලදී විශාලතම ඡන්ද ප්‍රමාණය ලබාගත් අපේක්ෂයන් දෙදෙනාට පමණක් ඡන්දය භාවිතා කල යුතු බවත් එම අපේක්ෂකයන් දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතු බවටත්, එතුමා නියම කල සේක. [5]
නෝමා නොන්නූලාස්
[සංස්කරණය]බෙනඩික්ට් පාප්වහන්සේ 2013 වසරෙහි පෙබරවාරි 11 දිනදී පාප්ධූරයෙන් ඉල්ලා අස්වුනේ එම ඉල්ලා අස්වීම පෙබරවාරි 28 දින සිට බලපැවැත්වෙන පරිදීය.[6] පෙබරවාරි 22 දිනදී එතුමා, නෝමා නොන්නූලාස් නම්වූ පාප්වරණ ක්‍රියාවලිය පිළිබඳ දෙවන උපදෙස් මාලාව නිකුත් කල සේක. එතුමාගේ ඉල්ලා අස්වීමෙන් පසුව, පාප්වහන්සේ ධූරය පුරප්පාඩු වූ විට, පාප්වරණ කොන්ක්ලේව් සභාව ඇරඹීමට දින 15 ගතවිය යුතු බවට තිබූ නීතිය පිළිබඳව කාදිනල්වරු ප්‍රශ්න කලහ. "සියළු කාදිනල් ඡන්ද හිමියන් පැමිණ සිටී නම්" කොන්ක්ලේව් සභාව ආරම්භ කිරීමට එතුමන්ලාට අවශ්‍ය අවසරය බෙනඩික්ට් පාප්වහන්සේ දානය කල අතර, "තදබල හේතූන් නිසා" කොන්ක්ලේව් සභාව ආරම්භ කිරීම දින 20 වන තුරු ප්‍රමාද කිරීමේ හැකියාව එලෙසම පවත්වාගෙන යෑම අනුමත කලහ. [7] [8] සියළු සහය පිරිස් විසින් ලබා දුන් රහස්‍ය ප්‍රතිඥාව එතුමන් විසින් සංශෝධනය කලේ, ප්‍රතිඥාව උල්ලංඝණය කිරීමකදී පෙරදී නව පාප්වහන්සේගේ අභිමතය පරිදී දඬුවම තීරණය කිරීම තිබූ ක්‍රමය වෙනුවට, සභාවෙන් නෙරපාහැරීම ස්වයංක්‍රීය දඬුවම වන පරිදීය (latae sententiae). [9] [10]
කාදිනල් ඡන්දහිමියන් සහ වයස වැඩි නිසා ඡන්ද කටයුතු වලට සහභාගිවීමට අවසර නොලත් කාදිනල්වරුන්ද එක්ව සාමාන්‍ය සභාවෙහි රැස්වීමක් මාර්තු 4 දිනදී පැවැත්වූහ.[11] කාදිනල් ඡන්දහිමියන් අතරින් අවසානයට පැමිණියේ, මාර්තු 7 දිනදී වන අතර, එතුමා වියට්නාමයෙහි කාදිනල්තුමා ජොන්-බැප්ටිස්ට් ෆාම් මිං මාන් වූහ.[12] බෙනඩික්ට් පාප්වහන්සේගේ නීති සංශෝධනයෙන් ප්‍රයෝජන ගත් එතුමන්ලා මාර්තු 8 දිනදී ඡන්දය ප්‍රකාශ කොට තීරණය කලේ, කොන්ක්ලේව් සභාව මාර්තු 12 ආරම්භ කරන ලෙසටය.[13]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ බවුම්ගාට්නර්, ෆ්‍රෙඩ්රික් ජේ. (2003). බිහයින්ඩ් ලොක්ඩ් ඩෝර්ස්: අ හිස්ට්‍රි ඔෆ් පේපල් ඉලෙක්ෂන්ස්. නිව්යෝර්ක්: පැල්ග්‍රේව් මැක්මිලන්. pp. 235–7. ISBN 9780312294632.
Radical changes that John Paul made in the electoral procedures reduce the likelihood of a long, dead-locked conclave.... The new procedure could dramatically change the dynamic of papal elections.
- ^ a b c කොලින්ස්, පෝල් (2005). ගෝඩ්ස් නිව් මෑන්: දි ඉලෙක්ෂන් ඔෆ් බෙනඩික්ට් XVI ඇන්ඩ් ද Legacy ඔෆ් ජෝන් පෝල් II. කොන්ටිනියුම්. pp. 117, 119. ISBN 9780826480156. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2017.
What John Paul's change does is to encourage a small majority to hold out against a large minority. It could prove to be disastrous in a strongly contested election.
- ^ ඇලන් කණි., ජෝන් එල්. (2005). ද රයිස් ඔෆ් බෙනඩික්ට් XVI. ඩබල්ඩේ. p. 126.
- ^ වයිගල්, ජෝර්ජ් (2005). ගෝඩ්ස් චොයිස්: පෝප් බෙනඩික්ට් XVI ඇන්ඩ් ද ෆියුචර් ඔෆ් ද කැතලික් චර්ච්. නිව්යෝර්ක්: හාපර්කොලින්ස්. p. 115, 148–9. ISBN 9780066213316.
- ^ a b බෙනඩික්ට් XVI (11 ජූනි 2007). "ඩි ඉලෙක්ටියෝන් රොමානි පොන්ටිෆිකිස්". ලිබ්රේරියා ඉඩිට්‍රිස් වතිකානා. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2017.
- ^ බිග්මාන්, ඩෑන් (11 පෙබරවාරි 2013). "පෝප් බෙනඩික්ට් ස්ටෙප්ස් ඩවුන්: ෆුල් ටෙක්ස්ට් ඔෆ් හිස් රෙසිග්නේෂන් ලෙටර්". Forbes. https://www.forbes.com/sites/danbigman/2013/02/11/pope-benedict-steps-down-full-text-of-his-resignation-letter/.
- ^ මැක්එල්වී, ජොෂුවා ජේ. (25 පෙබරවාරි 2013). "පෝප් බෙනඩික්ට් XVI ලේස් අවුට් කොන්ක්ලේව් ප්‍රොසෙස්, පෙනල්ටීස්". නැෂනල් කැතලික් රිපෝර්ටර්. https://www.ncronline.org/blogs/ncr-today/pope-benedict-xvi-lays-out-conclave-process-penalties.
- ^ බෙනඩික්ට් XVI (22 පෙබරවාරි 2007). "නෝමා නොන්නූලාස්". ලිබ්රේරියා ඉඩිට්‍රිස් වතිකානා. සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2017.
- ^ ඇගියරේ, එස්තෙෆානියා (25 පෙබරවාරි 2013). "පෝප් බෙනඩික්ට් එලවුස් අර්ලියර් කොන්ක්ලේව්, එක්ස්ටෙන්ඩ්ස් සීක්‍රසි ඕත්". කැතලික් නිවුස් ඒජන්සි. https://www.catholicnewsagency.com/news/26653/pope-benedict-allows-earlier-conclave-extends-secrecy-oath.
- ^ අන්සාල්ඩෝ, මාකෝ (26 පෙබරවාරි 2013). "Benedetto toglie il segreto sul rapporto shock I cardinali devono conoscerne i contenuti" (it බසින්). La Repubblica. http://ricerca.repubblica.it/repubblica/archivio/repubblica/2013/02/26/benedetto-toglie-il-segreto-sul-rapporto-shock.html.
- ^ අරෝචෝ එස්ටේවේස්, ජුන්නෝ (4 මාර්තු 2013). "කාඩිනල්ස් ගැදර් ෆො ෆර්ස්ට් ජෙනරල් කොන්ග්‍රගේෂන්". Zenit. https://zenit.org/articles/cardinals-gather-for-1st-general-congregation/.
- ^ වකින්, ඩැනියෙල් ජේ. (8 මාර්තු 2013). "කාඩිනල්ස් බැලටිං ෆො අ නිව් පෝප් විල් ස්ටාට් ඔන් ටියුස්ඩේ". නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2013/03/09/world/europe/cardinals-conclave-pope.html.
- ^ "කොන්ක්ලේව් ටු බිගින් ටියුස්ඩේ මාච් March 12ත්". වැටිකන් රේඩියෝ. 8 මාර්තු 2013. http://en.radiovaticana.va/storico/2013/03/08/conclave_to_begin_tuesday_march_12th/en1-671593.
බාහිර සබැඳි
[සංස්කරණය]- ඩි අලික්විබස් මාටටිඅබිසෝ ඉන් නොරමිස් ඩි ඉලෙක්ටියෝන් රොමානි පොන්ටිෆිකිස්; ප්‍රංශ, ජර්මන් සහ ලතින් භාෂා වලින් තිබෙයි
- නෝමා නොන්නූලාස්; ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ලතින්, පෘතුගීසි සහ ස්පාඤ්ඤ භාෂා වලින් තිබෙයි