XIV වන ලියෝ පාප්වහන්සේ
XIV වන ලියෝ | |
---|---|
රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ | |
![]() XIV වන ලියෝ පාප්වහන්සේ 2025 වසරෙහිදී | |
පාප්වහන්සේ ධූර කාලය | 8 මැයි 2025 |
පූර්වප්‍රාප්තිකයා | ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ |
වෙනත් තනතුරු | අල්බානෝහී කාදිනල්-රාජගුරුප්‍රසාදීන්වහන්සේ (2025) ලතින් ඇමරිකාව සඳහා ශුද්ධාසන කොමිසමෙහි සභාපතිතුමා |
ධූර තොරතුරු | |
ප්‍රව‍්‍රජ්‍යාව | 19 ජූනි 1982 by ජොන් ජඩෝ |
අභිෂේකය | 12 දෙසැම්බර් 2014 by ජේම්ස් පැට්‍රික් ග්‍රීන් |
කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ | 30 සැප්තැම්බර් 2023 by ෆ්‍රැන්සිස් පාප්වහන්සේ |
අනුස්ථිතිය | කාදිනල් රාජගුරුප්‍රසාදීන්වහන්සේ |
පුද්ගලික විස්තර | |
උපන් නම | රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් |
උපත | 14 සැප්තැම්බර් 1955 චිකාගෝ, ඉලනෝයි, එජ |
පූර්ව තනතුර |
|
උගත් ශාස්ත්‍රාලය | |
ආදර්ශ පාඨය | In illo uno unum (එකම ක්‍රිස්තුන්වහන්සේ තුල අප සියළුදෙන) |
Coat of arms | ![]() |
ලියෝ නමැති අනෙකුත් පාප්වහන්සේලා |
XIV වන ලියෝ ශුද්ධෝත්තම පාප්වහන්සේ[a] (උපත රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට්, 14 සැප්තැම්බර් 1955) යනු, 2025 මැයි 8 දින සිට කතෝලික සභාවෙහි නායකයා සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි පරම බලධාරියා වෙයි. 2025 මැයි 8 දිනදී, එතුමා තෝරා පත්කර ගැනුනේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීමෙන් අනතුරුවය.
චිකාගෝ නගරයෙහි උපන් ප්‍රෙවෝස්ට්, 1977 වසරෙහිදී ශුද්ධවූ ඔගස්තීනු නිකායෙහි තාපසවරයෙකු වූ අතර, 1982 වසරෙහිදී පූජාප්‍රසාදීන්වහන්සේවරයෙකු ලෙසින් ප්‍රව‍්‍රජ්‍යාව ලැබීය. එතුමාගේ සේවාවන් අතර, 1985 වසරෙහි සිට 1986 වසර දක්වා සහ 1988 වසරෙහි සිට 1998 වසර දක්වා පේරු රාජ්‍යයෙහි පුළුල් ධර්මදූත කාර්යයන් දැක්විය හැකි අතර, එහිදී එතුමා මීසම් පාදිලිවරයෙක්, රදගුරු වසමක නිලධාරියෙක්, දෙව්සත්හලක ගුරුවරයෙක්, සහ පරිපාලකයෙක් ලෙසින් විවිධ ලෙස සේවය කර ඇත. 2001 වසරෙහි සිට 2013 වසර දක්වා ශුද්ධවූ ඔගස්තීනු නිකායෙහි නිකාය අධිපති ලෙසින් තේරී පත්වූ එතුමා, 2015 වසරෙහි සිට 2023 වසර දක්වා චික්ලැයියෝහී රාජගුරුප්‍රසාදීන්වහන්සේ ලෙසින් යළි එහි පැමිණි සේක. 2023 වසරෙහිදී, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් එතුමා රාජගුරුප්‍රසාදීන්වහන්සේලාගේ පර්ෂදයෙහි අධිපතියා සහ ලතින් ඇමරිකාව සඳහා ශුද්ධාසන කොමිසමෙහි සභාපති ලෙසින් පත් කල අතර, එම වසරෙහිදීම කාදිනල්වරයෙක් ලෙසින් පත් කල සේක.
උපතින් එක්සත් ජනපදයෙහි සහ ජාති ප්‍රවේශනය මගින් පේරු රාජ්‍යයෙහි පුරවැසියෙක් වන, XIV වන ලියෝ පාප්වහන්සේ, එක්සත් ජනපදයෙහි හෝ උතුරු ඇමරිකාවෙහි සම්භවය ලද පළමුවන පාප්වහන්සේ, පේරු රාජ්‍යයෛහි සම්භවය ලද පළමුවන පාප්වහන්සේ සහ ෆ්‍රැන්සිස් පාප්වහන්සේට පසුව, ඇමරිකාවන් තුල සම්භවය ලද දෙවන පාප්වහන්සේ වෙති. එතුමා, ශුද්ධවූ ඔගස්තීනු නිකායට අයත් පළමුවන පාප්වහන්සේ වෙති. එතුමාගේ පාප්වහන්සේ නාමය, කතෝලික සමාජීය උගැන්වීම විකසනය කල XIII වන ලියෝ පාප්වහන්සේ ආභාෂයෙන් ලද්දකි.
මුල් දිවිය, පවුල, සහ අධ්‍යාපනය
[සංස්කරණය]
රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් උපත ලද්දේ 1955 සැප්තැම්බර් 14 දිනදී ,[1][2] චිකාගෝ, ඉලනෝයි හී පිහිටි මර්සි රෝහලෙහිය.
සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ මොරල් ඇන්ටන්, ඇලියෙන්ඩ්‍රෝ (නොවැම්බර් 3, 2014). "Robert F. Prevost nombrado Administrador Apostólico en Chiclayo". Orden de San Agustín (ස්පාඤ්ඤ බසින්). මාර්තු 4, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූනි 1, 2021.
- ^ "බයෝග්‍රෆි ඔෆ් පෝප් ලියෝ XIV, බෝන් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට්". වැටිකන් නිවුස්. මැයි 8, 2025. මැයි 9, 2025 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මැයි 9, 2025.