විකිපීඩියා:පරස්පර විරෝධී අභිලාෂයන්

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:COI වෙතින් යළි-යොමු කරන ලදි)

මධ්‍යස්ථ, විශ්වසනීය මූලාශ්‍ර සහිත විශ්වකෝෂයක් බිහිකිරීමේ විකිපීඩියා අරමුණ හා පුද්ගලික සංස්කාරකයෙකුගේ අරමුණු අතර නොගැලපීමක් විකිපීඩියා පරස්පර විරෝධී අභිලාෂයක් (COI) ලෙසින් හැඳින්වෙයි. COI සංස්කරණ වෙලී පවතින්නේ ඔබගේ ස්වීය හෝ අනෙකුත් පුද්ගලයන්ගේ, සමාගම් හෝ කණ්ඩායම් වල හෝ අභිලාෂයන් මුදුන් පමුනුවා ගනු වස් විකිපීඩියාවට දායකත්වය සැපයීම මතය. පිටස්තර අභිලාෂයන් ප්‍රගමනය කිරීම, විකිපීඩියා අරමුණු ප්‍රගමනය කිරීමට වඩා වැදගත් බවට පත් වී ඇති කලෙක සංස්කාරකවරයා පරස්පර විරෝධී අභිලාෂයන් හමුවේ සිටියි.

COI සංස්කරණ දැඩි ලෙසින් අධෛර්යමත් කෙරෙයි. මධ්‍යස්ථ දෘෂ්ටි කෝණය, විකිපීඩියාව කුමක් නොවන්නේද, සහ හිමිකම් අනුකූලතාවය යන්නාවූ ප්‍රතිපත්තීන් කඩ වීම ඔස්සේ විශ්වකෝෂය කඩාකප්පල් කෙරෙන සංස්කරණය සිදු වන විටෙක, ගිණුම් වාරණයට ලක් විය හැක. COI සංස්කරණ නිසා එයට අනුග්‍රහය ලබාදෙන පුද්ගලයන් හා කණ්ඩායම් ප්‍රසිද්ධයේ දුෂ්කරතාවයට ලක් වීමේ අවදානමක්ද පවතියි. [1]

සටහන්[සංස්කරණය]

  1. මහජන සම්බන්ධතා වැඩි දියුණු කිරීම අරභයා සංස්කරණය කිරීම විශේෂයෙන් අප්‍රසන්නතාවයෙන් බලනු ලැබේ. මෙයට ඇතුලත්වන්නේ, එහෙත් මේවාට සීමා නොවී, සංස්ථා හෝ රජයේ ආයතනවල හෝ; ලාබ-ලබන හෝ ලාබ-නොලබන අනෙකුත් රජයේ හෝ පෞද්ගලික සංවිධානයන්හී හෝ මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තු වලින් හෝ ; යම් සංවිධානයක ප්‍රතිරූපය නංවාලීමෙහි පරම අභිලාෂයෙන් විකිපීඩියා ලිපියක් සංස්කරණය කිරීමට ගෙවීම් ලබන වෘත්තීයමය සංස්කාරකවරුන් විසින් හෝ සිදුකරන සංස්කරණ වෙති. විකිපීඩියාව යනු මහත් ලෙසින් පොදු උපචාරාලයක් වන අතර, එහි සිදුවන දේ පිළිබඳ පුවත් නිතරම මාධ්‍යයේ වාර්තා වෙයි. "ඔබ මෙහි පවසන ඕනෑම දෙයක් සහ ඔබ මෙහි කරන ඕනෑම දෙයක් නිසා සත්‍ය ලෝකයේ ප්‍රතිවිපාක ලබා දෙයි." විකිපීඩියාව සත්‍ය ලෝකයේ පවතියි බලන්න

ආශ්‍රිත ලිපි[සංස්කරණය]