Jump to content

තුන්වන වික්‍රමබාහු රජ

විකිපීඩියා වෙතින්
(Vikramabahu III වෙතින් යළි-යොමු කරන ලදි)
තුන්වන වික්‍රමබාහු
ගම්පොල රාජධානියේ රජු
රාජ්‍ය සමය1357-1374
පූර්වප්‍රාප්තිකයාපස්වන පරාක්‍රමබාහු
අනුප්‍රාප්තිකයාපස්වන බුවනෙකබාහු
රාජවංශයසිරි සඟ බෝ රාජ වංශය
පියාසිව්වන බුවනෙකබාහු

ක්‍රිස්තු වර්ෂ 1358 දී පමණ වික්‍රමබාහු නම් කුමාරයෙක් නිශ්ශංක අලගක්කෝනාර ගේ උපකාරය ඇතිව කැරැල්ලක් මෙහෙයවා ගම්පොළ සිහසුන පස්වන පරාක්‍රමබාහු රජතුමාගෙන් පැහැරගෙන තුන්වන වික්‍රමබාහු නමින් රජ විය. මේ කැරැල්ල සඳහා උතුරේ ආර්ය චක්‍රවර්ති සහය වූ බව පිළි ගැනේ.

තුන්වන වික්‍රමබාහු රජුගේ අගමැති වශයෙන් සිටි සේනාධිලංකාර ඉවත් කොට නිශ්ශංක අලගක්කෝනාර පත් විය. මේ වන විට යාපනයේ පාලකයා ව සිටි ආර්ය චක්‍රවර්ති මන්නාරමේ සිට පානදුරය දක්වා තොටුපලවල අයබදු රැස් කිරීමේ අයිතිය තමා යටතට ගත්තේය. මේ නිසා කෝට්ටේ බලකොටුව ඉඳි කළ අලගක්කෝනාර, ආර්ය චක්‍රවර්ති පළවා හැර බටහිර තොටුපොළවල අයිතිය ලබා ගත්තේය. මෙයට කුපිත වූ ආර්ය චක්‍රවර්ති නැවතත් ගම්පොළට ආක්‍රමණයක් මෙහෙය වීය. සාර්ථකව එයට මුහුණ දුන් අලගක්කෝනාර, ආර්ය චක්‍රවර්තීව පළවා හැරියේය.

තුන්වන වික්‍රමබාහු රජුගෙ රාජ්‍ය කාලය හැටියට සැලකෙන්නෙ ක්‍රිස්තු වර්ෂ 1359 සිට ක්‍රිස්තු වර්ෂ 1372 දක්වා කාලයයි. මේ රජුගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1372 දී පස්වන බුවනෙකබාහු රජ බලයට පත් විය.


සබැඳි පිටු

[සංස්කරණය]
තුන්වන වික්‍රමබාහු රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
පස්වන පරාක්‍රමබාහු
ගම්පොල රාජධානියේ රජු
13571374
අනුප්‍රාප්තික
පස්වන බුවනෙකබාහු
"https://si.wikipedia.org/w/index.php?title=තුන්වන_වික්‍රමබාහු_රජ&oldid=515677" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි