The Gadfly

විකිපීඩියා වෙතින්
The Gadfly
කර්තෘEthel Lilian Voynich
රටUnited States
භාෂාවEnglish
ප්‍රභේදයNovel
ප්‍රකාශකයාH. Holt
ප්‍රකාශිත දිනය
June, 1897
මාධ්‍ය වර්ගයPrint (Hardcover and Paperback)
පිටු373 pp (first edition hardcover)
අයිඑස්බීඑන්NA

ඇටමැස්සා[සංස්කරණය]


අමෙරිකානු ගත්කතුවරියක වන ඉතියෙල් ලිලියන් වොයිනිච් විසින් රචිත කලා කෘතියක් වන ඇටමැස්සා නවකතාවට පාදක වන්නේ 1840 හි ඉතාලියේ පැවති සමාජ තත්වයයි. මෙකල ඉතාලිය පැවතියේ ඕස්ට්‍රියා‍ යටත් විජිතයක් ලෙස වන අතර එ සමයෙහි පැවති අර්බුදකාරි වාතාවරනය මෙතුලින් මනාව විද්‍යමානවේ. මෙම කතාව යොවුන් සංගම් සාමාජිකයෙක් වන ආතර් බර්ටන් නම් තරුණයා සහ අදහස් වලින් ඔහුහා නිතර ගැටෙන මොන්ටිනෙල්ලි නම් පාදිලිවරයා වටා ගෙතී පවතී. එසේම ආතර් හා ජෙම්මා නම් තරුණිය අතර පවතින අප්‍රකාශිත එහෙත් එකිනෙකා අවබෝධ කරගත් ආදර සම්බන්ධතාවයද කතාව පුරාම දිවයයි. එසේ බලන කල මෙය විශ්වාසය, මුලාවෙන් ඉවත්වීම, අර්බුදකාරීත්වය, ආදරය, විරහව යන පොදු මිනිස් හැගීම් සියල්ල එකට කැටිකොට පාඨකයා ඉදිරියේ දිගහරින කලා කෘතියක් ලෙස සදහන් කල හැක.


තේමාව

මෙම ග්‍රන්ථය ප්‍රධාන වශයෙන් අර්බුදය සහ සටන්කාමීන්ගේ සංස්කෘතිය මැනවින් පිලිඹිබු කරයි. කතාකරු වන ආතර් හෙවත් ඇටමැස්සා සත්‍ය වශයෙන්ම තමා පිලිබඳ මනා වැටහීමක් ඇති පුද්ගලයෙක් සේම සිදුවන සමාජ අසාධාරනකම් ඉදිරියේ නොනැමෙන පුද්ගලයෙක්ද වේ. තම ආදරවන්තිය ජෙම්මා සහ පාදිලිවරයෙකු වන මොන්ටිනෙල්ලි ඔහුගේ ජීවිතයට වඩාත්ම සමීප චරිත වන අතර ඔවුන් තුලින් ආතර් ආදරයේ විවිධ පැතිකඩයන් අත්දකියි. මෙතුලින් ඔහු ජීවිතයේ අධ්‍යාත්මිකත්වය, සමීපත්වය, බැඳීම් මැනවින් අත්විඳින්නේ ඒ තුල පවතින ශෝකනීයත්වයද මනාව තේරුම් ගනිමිනි. මන්ද ඔහුට මෙම සම්බන්ධතාවන් පැවතිය යුතු සත්‍ය ස්වරූපයෙන්ම එය අත්දැකීමට අවස්ථාව නොලැබෙන බැවිනි. එසේම මොන්ටිනෙල්ලි තුලින් ඔහු ලබන අධ්‍යාත්මික දැනුම, ඔහුගේ කලහකාරි අදහස් හමුවේ සැමවිටම පරස්පරත්වයක් පෙන්නුම් කරයි. මෙය කතාව කූටප්ප්‍රාප්තියට පත්වූ කල හෙවත් ආතර්ගේ ඉරණම තීරණය වන අවස්ථාවේ කැපීපෙනේ. මේ හේතුව නිසා ජේසුස් වහන්සේ නිරූපනය කිරීමට ආතර් රූපකයක් ලෙස යොදාගෙන ඇතැයි මතවාදයක් පවතී. මෙම කෘතියේ හමුවන චරිතවල සිතිවිලි හා ඉතාලිය-ඇල්ප්ස් කඳු ආශ්‍රිත පරිසරය මනාව බැඳීපවතී.


පසුබිම

රොබින් බෲස් නම් ඉතිහාසඥයාට අනුව රුසියානු ජාතික රහස් පරීක්ෂකයකු වන සිඩ්නි රෙලී, වොයිනිච්ට හමුවී ඇත්තේ 1895 දී ලන්ඩන් නුවරදී ය. ඔවුන්ගේ මෙම හමුවීම ආදරයකට පරිවර්තනය විය. මෙය කෙටි කාලයකට සීමා වුවත් එම කතාව රුසියවේ තරුණ පිරිසට සටහන් කිරීමට රෙලී ක්‍රියාකල අතර වොයිනිච් ඇටමැස්සා ග්‍රන්ථය 1897 දී ප්‍රකාශයට පත්කලා ය. මෙහි එන ආතර්ගේ ජීවන කතාව සැබවින්ම රෙලීගේ කතාවම විය. එසේ වුවත් ඇන්ඩ්රෙව් කුක් නම් රෙලීගේ අපදාන කතෘ පවසන්නේ සමහර සිදුවීම් අනුමාන කල නොහැකි බවය.


ජනප්‍රියත්වය

මෙම ග්‍රන්ථයේ තේමාව වන්නේ විප්ලවකාරීත්වය, ඒ සදහා ඇති ආගමික බලපෑම හා විරුද්ධත්වයයි. මේ නිසාම එය ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර සෝවියට් සමූහාන්ඩුව සහ චීන සමූහාන්ඩුව තුල මෙම කෘතිය විශාල සංස්කෘතික විපර්යාසයක් ඇතිකිරීමට සමත් විය. එසේම රුසියානු සමූහාන්ඩුව තුල මෙම පොත අනිවාර්යයෙන් කියවිය යුතුවිය. එසේම මෙය වැඩිම අලෙවියක් ඇති ග්‍රන්ථ අතරින් එකක් බවට පත්විය. වොයිනිච්ගේ මරණය සිදුවන විට එය රුසියානු සමූහාන්ඩුව තුල පමණක් පිටපත් 2 500,000 විකිණී තිබිනි. මෙය 1928 දී මිඛාලි සුකොව් විසින් ඔපෙරාවකට නඟන ලදී. මෙය 1955 දී ඇලෙක්සැන්ඩ්‍රා ෆැගිට්සිමා අතින් සිනමා කෘතියක් බවට පත්විය. මෙම ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ශ්‍රී ලාංකික කලාකරුවකු වන සුගතපාල ද සිල්වා මහතා විසිනි.එය ඇටමැස්සා නමින් නම් කරනු ලැබිනි. ඔහු එම සිංහල පරිවර්තනයේ ආතර් හෙවත් ඇටමැස්සාගේ කතාවේ සමාප්තිය සටහන් කරන්නේ ආතර් විසින් ජෙම්මාට අවසන් වරට ලියූ කවියකිනි


එවිට මම
ජීවත්වුනත් මියගියත්
වාසනාවන්ත
මැස්සෙක් මි...

ර්‍

"https://si.wikipedia.org/w/index.php?title=The_Gadfly&oldid=420016" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි