Sri Lankan Ayurvedic tradition

විකිපීඩියා වෙතින්

ලාංකීය ආයුර්වේද සම්ප්‍රදාය[සංස්කරණය]

ශ්‍රී ලංකාව සතුව එයටම ආවේණික වු සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමයක් ඇත. (ආයුර්වේද) මෙම ක්‍රමය සියවස් ගණනාවක සිට දිවයින තුළ පුරුදු පුහුණු කොට ඇත. ශ්‍රී ලංකාවේ ආයුර්වේද සම්ප්‍රදාය ඉන්දියාවේ 'සිද්ධ' ආයුර්වේද ක්‍රමයද අරාබියේ 'යුනානි' වෛද්‍ය ක්‍රමයේද සම්මිශ්‍රණයකි. වඩාත් වැදගත් වන්නේ දේශීය චිකිත්සා යනුවෙන් හැඳින්වෙන ලංකා‍වට පමණක් ‍ආවේණික වු දේශීය වෛද්‍ය ක්‍රමයයි.

ආයුර්වේද යන වචනය ඉංග්‍රීසියට පරිවර්තනය කරන විට ජීවිත පිළිබඳ විද්‍යාව යන අරුත් දෙයි. ( ආයු - ජීවිතය , වේද- විද්‍යාව) මෙය ‍ෙලාව පුරා ඇති පුරාණතම රෝග සුව කිරීමේ විද්‍යාවක් වන අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මෙය බහුලවම භාවිතයට ගැනේ. කාලයත් සමග මේ ක්‍රමය සිරුර සහ මනස අතර සම්බන්ධතාවයක් පිළිබඳව අවඥානය යොමු කිරීමට පටන් ගනී. ස්වාභාවික ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කරමින් ආයුර්වේද ක්‍රම මගින් සිරුර සෞඛ්‍යමය වශයෙන් සමතුලිත තත්වයක පවත්වා ගැනීම සඳහා අවධානය යොමු වුනි.

"https://si.wikipedia.org/w/index.php?title=Sri_Lankan_Ayurvedic_tradition&oldid=135365" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි