භාරත ජනරජය

විකිපීඩියා වෙතින්
(South India වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
භාරත ජනරජය
(බෙංගාලි: ভারতীয় প্রজাতন্ত্র)
Republic of India(ඉංග්‍රීසි)
Flag of ඉන්දියාව හී ධජය
Flag
{{{coat_alt}}}
National Emblem
උද්යෝග පාඨය: "Satyameva Jayate" (සංස්කෘත)
সত্যম জয়তে  (Bengali-assamese script)
"Truth Alone Triumphs"[1]
ජාතික ගීය: "ජන ගන මන"
ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත
ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත
අගනුවරනව දිල්ලිය
විශාලතම නගරයමුම්බායි
නිල භාෂාව(න්)හින්දි, ඉංග්‍රීසි
ජාති නාම(ය)ඉන්දියානු
රජයෆෙඩරල් ව්‍යවස්ථාමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
• අගමැති
නරේන්ද්‍ර මෝදි
• ජනාධිපති
රාම් නාත් කොවින්ද්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
නිදහස 
• ප්‍රකාශ කළේ
1947 අගෝස්තු 15 දින
1950 ජනවාරි 26 දින
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
3,287,240 km2 (1,269,210 sq mi) (7 වැනියා)
• ජලය (%)
9.56
ජනගහණය
• 2020 ඇස්තමේන්තුව
සැකිල්ල:IndiaPopCommas[2] (2 වැනියා)
• 2001 ජන සංගණනය
1,028,610,328[3]
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$3.526 trillion[4] (4 වැනියා)
• ඒක පුද්ගල
$2,941[4] (128th)
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.235 trillion[4] (11 වැනියා)
• ඒක පුද්ගල
$1,031[4] (139 වැනියා)
ගිනි (2004)36.8[5]
දෝෂය: අනීතික Gini අගය
මාසද (2007)0.612[6]
දෝෂය: අනීතික HDI අගය · 134 වැනියා
ව්‍යවහාර මුදලඉන්දියානු රුපියල් (Indian Rupee symbol.svg) (INR)
වේලා කලාපයUTC+5:30 (IST)
• ගිම්හාන (DST)
UTC+5:30 (not observed)
දින ආකෘතිdd-mm-yyyy (ක්‍රි.ව.)
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය91
ISO 3166 codeIN
අන්තර්ජාල TLD.in


ඉන්දියාව දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි. බිලියන 1.18ක ජනගහණයක් සහිත මෙම රට ‍ලොව චීනයට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.

අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම සහ සිකදහම යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් කොලනියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.

ඉන්දියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ මධ්‍ය පාලන ප්‍රදේශ 7කින් සමන්විතය.

ඉන්දියානු ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 11 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය. කෙසේ වෙතත් එය තවමත් දුගී බව,[7] නිරක්ෂරතාව,[8] දූෂණය,[9] රෝග[10] සහ මන්දපෝෂණය[11] වැනි කරුණුවලින් පීඩා විඳියි. ඉන්දියාව මෑතක දී කාර්මීකරණය වූ රටක්[12][13] සහ BRIC රටවල් හතර අතුරෙන් එකක් ද වෙයි.

National symbols of the Republic of India (Official)
ජාතික සත්ත්වයා ඉන්දියානු

අලියා

2005-bandipur-tusker.jpg
ජාතික පක්ෂියා ඉන්දිය මොණරා Pavo muticus (Tierpark Berlin) - 1017-899-(118).jpg
ජාතික වෘක්ෂය නුග ගස Banyan tree on the banks of Khadakwasla Dam.jpg
ජාතික පුෂ්පය නෙළුම් මල Sacred lotus Nelumbo nucifera.jpg
ජාතික පළතුර අඹ An Unripe Mango Of Ratnagiri (India).JPG

ප්‍රාන්ත (States):

  1. ආන්ද්‍රා ප්‍රදේශ්
  2. අරුණාචල් ප්‍රදේශ්
  3. ඇසෑම්
  4. බිහාර්
  5. ඡත්තීස්ගඪ්
  6. ගෝව
  7. ගුජරාතය
  8. හර්යානා
  9. හිමාචල් ප්‍රදේශ්
  10. ජම්මු හා කාශ්මීරය
  11. ඣාර්ඛණ්ඩ්
  12. කර්ණාටක
  13. කේරළය
  14. මධ්‍ය ප්‍රදේශ්
  15. මහාරාෂ්ට්‍ර
  16. මණිපුර
  17. මේඝාලය
  18. මිසෝරාම්
  19. නාගලන්තය
  20. ඔරිස්සා
  21. පන්ජාබය
  22. රාජස්ථාන්
  23. සිකිම්
  24. තමිල්නාඩුව
  25. ත්‍රිපුරා
  26. උත්තර් ප්‍රදේශ්
  27. උත්තරාඛණ්ඩ්
  28. බටහිර බෙංගාලය
  29. තෙලගානා

මධ්‍ය පාලන ප්‍ර‍ෙද්ශ (Union Territories):

  1. අන්දමන් හා නිකොබාර් දූපත්
  2. චණ්ඩීගඪ්
  3. දාද්‍රා සහ නගර් හවේලී
  4. දමණ් හා දීව්
  5. ලක්ෂද්වීප්
  6. දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශය
  7. පොන්ඩිචෙරි

ආශ්‍රිත[සංස්කරණය]

  1. "State Emblem -Inscription". National Informatics Centre(NIC). Retrieved 2007-06-17.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; pop නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "India at a glance: Population". Census of India, 2001. Government of India. Retrieved 25 April 2009.
  4. 4.0 4.1 4.2 4.3 "India". International Monetary Fund. Retrieved 21 April 2010.
  5. "Field Listing — Distribution of family income — Gini index". The World Factbook. CIA. 15 May 2008. Retrieved 6 June 2008.
  6. "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. Retrieved 5 October 2009.
  7. Poverty estimates for 2004–05, Planning commission, Government of India, March 2007. Accessed: 25 August 2007.
  8. "India has the largest number of illiterates in the world". Rediff. 21 November 2007. Retrieved 27 November 2009.CS1 maint: ref=harv (link)
  9. India ranked 84th in corruption index. Business-Standard. November 18, 2009.
  10. "Healthcare in India" (PDF). Boston Analytics. Archived from the original (PDF) on 2009-02-26.
  11. "World Bank Report". Source: The World Bank (2009). Retrieved 13 March 2009. World Bank Report on Malnutrition in India
  12. "UNIDO releases latest International Yearbook of Industrial Statistics". Ministry of Commerce of China. 2010. Retrieved 31 July 2010. Unknown parameter |month= ignored (help)
  13. Mauro F. Guillén (2003). "Multinationals, Ideology, and Organized Labor". The Limits of Convergence. Princeton University Press. පිටු 126 (Table 5.1). ISBN 0-69-111633-4. 

සීතල යුද්ධයේ රීති උරගා බැලුන 71 ඉන්දු-පාකිස්තාන යුද්ධය[සංස්කරණය]

බ්‍රිතාන්‍ය විසින් දකුණූ ආසියාතික යටත් විජිත වලට නිදහස ප්‍රදානය කිරීමේදී ලංකාවටත් වඩා තදින් වාර්ගික ගැටළුව බලපෑ රට ඉන්දියාවයි. බහු වාර්ගික රාජ්‍යයේ මහ ජාතීන් වූ හින්දු වරු හා මුස්ලිම් වරු බලය වෙනුවෙන් කලෙක පටන් තරඟ වැදුනෝ වූහ. මෙහිහාවසන් ප්‍රතිඵලය වූයේ නිදහස ලබා දීමට පෙර තම යටත් විජිතය ඉන්දියාව හා පාක්ස්ථානය යනුවෙන් කොටස් දෙකකට බෙදීමට මහා බ්‍රිතාන්‍ය විසින් කටයුතු කිරීමය. එහෙත් දෙපාර්ශ්වය අතර වූ නොමනාප කම් නිදහස ලබීමෙන් අනතුරුව හෝ පහ නොවීය. හිමාලයට යාබද සුන්දර කාශ්මීරයේ දී සිය එදිරිවාදී කම් පිරිමසා ගනු වස් හින්දු වරු හා මුස්ලිම් වරු නිරතුරුව ගැටුනාහ. වාර්ගික පදනම මත වෙන්කරනු ලැබූ පාකිස්ථනය තුල පවා තවදුරටහ් උප-වාර්ගික අරගල තිබිණ. භෞතික වශයෙන් වෙන්ව සිටි මෙන්ම පෙනුමෙන් හා සංස්කෘතියෙන් වෙනස් වූ බටහිර බෙංගාලි වරුටද පකිස්ථාන පාලනයෙන් මිදීමට අවශ්‍ය විය. තත්වය වඩාත් බරපතල වූයේ රටේ උපාය මාර්ගික පිහිටීමේ වැදගත් කම සලකා පාකිස්ථානයට අවි සැපයීමට 1954 දී එක්සත් ජනපදය තීරණය කිරිමත් සමඟය. නොබැදි පිළිවෙතක් අනුගමනය කරමින් සිටි ඉන්දියාවේ නේරු තුමා බටහිර රටවල් පාකිස්තානය කෙරේ පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරතැයි යන හැඟීමක් මෙමගින් ඇති කොට ගත්තේය. ඉන්දියාව සෝවියට් රැකවරන පැතීමට වඩාත් ඉවහල් වූයේ 1962 හටගත් ඉන්දු-චීන අර්බුදයයි. ඒ අවස්ථාවේ ප්‍රහාරක ජෙට් යානා විස්සක් හා ස්වයංක්‍රීය අවි තොගයක් ලබා දෙන මෙන් කල ඉල්ලීම කියුබානු අර්බුදයට මැදිවී සිටි කෙනෙඩි පරිපාලනය විසින් නොසලකා හැරීම නේරු තුමාගේ සිත් වේදනාවට හේතු විය. 1971 නැගෙනහිර පකිස්තානයේ විිශිෂ්ඨ මැතිවරණ ජයක් හිමි කොටගත් ස්වයං අයිතිය වෙනුවෙන් පෙනීසිටි 'අවාමි ලීගයට' බලය පැවරීමට පාකිස්තාන රජය කොහෙත්ම කැමැති වූයේ නැත. . මේ හේතුවෙන් බෙංගාලය පුරා කෝලාහල හටගත් විට පකිස්තානු හමුදා පාලනයේ විසඳුම වූයේ යුද නීතිය පණවා දරුණු ලෙස එය මර්දනය කිරීමය. සරණාගතයෝ දස ගනනින් ඉන්දියාවට පලා ගියහ. තේරුම් ගත හැකි හේතූන් මත ඉන්දියාව සහාය පල කලේ බෙන්ගාල්වරුන්ටය. පකිස්තාන හමුදා බෙංගාලයේ ජන සංහාරයක යෙදෙන බවට නව දිල්ලිය කොතෙකුත් මොරගෑවද බටහිර බලවත්තු දිගින් දිගටම ඉස්ලාමාබාදයට සහාය පල කිරීම සහය පලකිරීම නොනැවැත්වූහ. ඒ වෙනුවට වොෂින්ටනය කලේ ප්‍රකෝපකාරී කටයුතු වලට උඩගෙඩි දීමෙන් වලකින ලෙස ඉන්දිරා ගාන්ධිට අනතුරු හැගවීමයි. රෝ ඔත්තු සේවය බෙංගාල සටන්කාමීන් සන්නද්ධ කරමින් සිටින බව ධවල මන්දිරයද දනී. ඉන්දියාව යුද්ධයකින් පරාජය කලයුතු බවට ලාහෝරයේ හා ඉස්ලාබාදයේ දක්ෂිණාශිකයෝ උද්ඝෝෂණය කල අතර කොන්සෙර්වේටිව් මාධ්‍ය ජිහාඩ් යුද්ධයක අදහස සමාජගත කරමින් සිටියෝය. චීනය බෙන්ගාලයේ ඉන්දියානු මැදිහත්වීම තරයේ හෙලා දකිමින් බෙංගාලය හා සාමකාමී විසඳුමකට එලැඹෙන ලෙස පකිස්ථානයට ද බල කලේය. ගටළුවට මුල වූ බෙංගාලයද ඔවුනට නොරිසිය. බීජිං පාලනයේ එකම උවමනාව වූයේ 1962 සමතුලිතයේ රාමුව තුල ඉන්දියාව සිරකොට තැබීමයි.එම උවමනාව උදෙසා යකා සමඟ වුව කෑමට හිඳගැනීමට චීන්නු සූදානම්ය. 1971 දෙසැම්බර් 03 දා උදෑසන පකිස්ථාන ගුවන් යානා 50ක් විසින් ඉන්දීය ගුවන් පථ 11කට පහර දීමත් ඉන්දු-පාකිස්ථාන යුද්ඬය ඇරඹින. ඉන්දියාව සතුරු ආක්‍රමණයකට ලක්ව ඇතැයි ලොවට හඬ ගා කී ඉන්දිරා ගාන්ධි සතුරාට පෙරලා පහර දෙන හමුදාවට නියෝග කලාය. "පාකිස්තානෙ ඉන්දියාවට ගහනව කියන එක විහිළුවක්. හරියට රුසියාව පින්ලන්තෙ තමන්ට ගැහුව කියනව වගේ" ඉන්දීය අගමැතිණීයගේ ආයාචනය ඇසූ ඇමෙරිකානු ජනාධිපති නික්සන් උපහාසාත්මකව කිය. පාකිස්තාන නායක යහියා ඛාන් පෞද්ගලිව ප්‍රිය කල ඔහුට ඉන්දිරා ගාන්ධි නයාට අඳුකොල මෙනි. ඉන්දු චීන යුද්ධයේ මතක සටහන් තුලින් තත්වය විග්‍රහ කල ඔහු ගේ මතය වූයේ පාකිස්ථානය නියත ලෙස ජය ගනු ඇති බවයි. එහෙත් ගරු නික්සන් ජනපති තැන අපේක්ෂා කල අන්දමින් කරුණු සිදුවූයේ නැත. ඉන්දීය හමුදාව හොඳ සූදානම සිට යුද්ධයට මුහුන දුන්නේය. (එකල නවීන) T 55 යුද ටංකි ඇතුළත් සන්නාහ සන්නද්ධ බ්‍රිගේේඩයක් පෙරටු කොට ගත් ඉන්දීය පාබල ඩිවිෂන නවයක් නැගෙනහිර පාකිස්ථානයට ඇතුළු වූහ. බෙන්ගාලි වරුන්ගේ සහාය මෙහිදී ඔවුන් ලද තීරාණාත්මක වාසියකි. දිනකිහිපයක් තුල පාකිස්තානු ගුවන් හමුදාව විනාශ කොට දැමූ ඔවුන් පාකිස්තාන බලසේනාංකය බෙංගාල බොක්කට කොටු කිරීමට සමත් විය. වැඩ වැරදුන බව තේරුම් ගත් යහියා ඛාන් වහා මැදිහත් වන ලෙස ඉල්ලා වොෂින්ටනයේ තම ආරක්ෂකයන්ට පණිවුඩ යැවීය. මේ අසා බොහෝ කම්පා වූ ඇමෙරිකාවේ නික්සන් ජනාධිපතිතුමාණෝ තම ආරක්ෂක උපදේශක හෙන්රි කිස්න්ග්ලර් තමා හමුවට කැඳවූහ. "පාකිස්ථානෙ බේරගන්න නම් දැන් අපිට මැදිහත් වෙන්නම වෙනවා" "ජෝර්දානෙ ගුවන්යානා 4ක් පාකිස්තානෙට දුන්නා. තුර්කියයි ඉරානෙයි කැමතියි උදවු කරන්න. ඒත් රුසියාවෙ බලපෑම නිසා පස්ස ගහනව." කිසින්ග්ලර් විස්තර කලේය. "බීජිං වලට කියල අනතුරු ඇඟවීමක් කරවන්න බැරිද? බාග වෙලාවට බැරි වෙන එකක් නැහැ. ඩිවිෂයක් දෙකක් නිකම් පෙනුමට වගේ දේශසීමාව ලඟට යවා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. අපිටත් මොනව හරි කරන්න වෙනවා. තෙරුනා නේද?" ජනපති උපදේශකගෙන් විමසයි! "තේරුනා" උපදේශකයා කීය. ඉන්දීය ප්‍රති ප්‍රහාරය හමුවේ පාකිස්ථාන හමුදා බරපතල පසුබැස්මකට මුහුන දෙමින් සිටි දෙසැම්බර් 11 දා ගාන්ධි අගමැතිණිය හමුවූ රෝ ඔත්තු සේවා ප්‍රධානී රමේෂ්වනාත් කාඕ, අමෙරිකානු 7 වන නාවුක හමුදාවට අයත් නෞකා බලඝනයක් බෙංගාල බොක්ක දෙසට යාත්‍රා කරමින් සිටින බව බව වාර්තා කොට සිටියේය. ටොන් 75000 ක් බර USS Enterprise නම් ගුවන්යානා ප්‍රවාහන නෞකාව මෙන්ම න්‍යෂ්ඨික මිසයිල රැගත් නෞකා හතරක්ද ඊට ඇතුලත් බවත් වාර්තාව මඟින් වැඩිදුරත් කියැවින. ඇමෙරිකානු නාවුක බල ඇණිය හා බෙංගාලය අතර එකම බාධකය වූයේ ඉන්දීය නාවික හමුදාවට අයත් ටොන් 20000 හේ 'වික්රන්ත්' නම් කුඩා ගුවන්යානා ප්‍රවාහන නෞකාව හා සාපේක්ෂ වශයෙන් 'කබල්' තවත් යුද නැවු කිහිපයක් පමණි. එහෙත් ඇමෙරිකානු 7 වන නාවුක හමුදාව හා සටන් වැදීමට සූදානම් දැයි ඇසූ කල ඉන්දීය පෙරදිග නාවුක ආඥාපති අද්මිරාල් නීලකාන්ත් ක්‍රිෂ්නන් දුන්නේ සරල පිළිතුරකි. "සූදානම්. අන ලැබුන වහාම." එහෙත් ක්‍රිශ්ණන් ට එම නියෝගය කිසිදා ලැබුනේ නැත. ඒ වෙනුවට අහමැතිණිය මොස්කොව් නුවරින් උදවු ඉල්ලා සිටියාය. ඉන්දියාවට එරෙහි විදේශ ආක්‍රමණයකදී මැදිහත් වන බවට රුසියානුවන් ඇගේ පියාට බහදී තිබිණ. ඇගේ අයාචනාවට කන්දුන් සෝවියට් නායක ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් උදව් කරන බවට පොරොන්දු වී ඈ සැනසීය. දකුණු ආසියාතික රටවල අගමැතිවරියන් කොයි කා සමඟත් බ්‍රෙෂ්නෙව් සමීප සබඳතා පවත්වයි. හිටපු ලුමුම්බා සිසුවෙකු විසින් මෙහෙයවූ චීන හිතවාදී කණ්ඩායමක් විසින් ලංකාවේ ඇති කල කැරැල්ලක් මැඩ පැවැත්වීමටද ඔහු මාස කිහිපයක පෙර සිරිමා බණ්ඩාරනායක මැතිණියට නොමසුරුව සහයෝගය දුන්නේය. රතු නාවුක හමුදාවට අයත් සෝවියට් 10 වන නාවුක බල ඇණිය ව්ලඩිවැස්ටොක් වරායේ සිට ඉන්දියන් සාගරය බලා ගමන් ඇරඹුවේ දෙසැම්බර් 14 වන දාය. ගණන හෙලි නොකල යුද නෞකා කණ්ඩායමකට න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීන දෙකක් ඇතුලත් විය. දෙසැම්බර් 17 දා බෙංගාල බොක්කට එපිට මුහුදේදී ඇමෙරිකානු 7 වන නාවුක හමුදාව හා සෝවියට් 10 වන නාවුක හමුදාව එකිනෙකාට පහරදිය හැකි දුරින් මුහුණට මුහුණ ලා හමු වූහ. න්‍යෂ්ඨික සබ්මැරීන දිය මතු පිටින් තවදුරටත් ඉදිරියට යාත්‍රා කරවණ ලෙස ලෙස සෝවියට් නාවුක ආඥාපති අද්මිරාල් ව්ලැදිමීර් කෘග්ල්යාකොව් නියම කලේය. මෙය අමෙරිකානු ජනාධිපති තුමා අපේක්ෂා කල තත්වයක් නොවේ. පාකිස්තානය වෙනුවෙන් ඉන්දියාවට පහර දීමට ඉතා කැමති වුවද ඒ වෙනුවෙන් රුසියාව හා යුද වැදීමට නොසිතූ එතුමා බෙංගාලයේ පාඩුව විද දරාගන්නා මෙන් ඉල්ලා සිටිමින් ඉස්ලාමාබාදයේ සිය අසරණ මිතුරාට හසුන් යැවීය. මෙහෙයුම අවලංගු කිරීමට නික්සන් මැතිඳු හට සිදු වුවද, ඉන්දියාව බටහිර පකිස්තානය ආක්‍රමනය නොකරන බවට පෞද්ගලික සහතිකයක් බ්‍රෙෂ්නෙව් ගෙන් ලබා ගැනීමට ඔහු සමත් විය. බෙංගාලයේ කොටුවී සිටි 91000ක් පාකිස්ථාන සෙබළු දෙසැම්බර් 16 දා අවි බිමතබා යටත් වූහ. මෙය දෙවන ලෝක යුද්ධයේ ස්ටාලින්ග්‍රාඩ් සටනට පසු අත්දුටු විශාලතම සිරභාරයට ගැනීම ලෙස සැලකේ. එහෙත් ඔවුන් Jamaat-e-Islami නම් ජිහාඩ් සංවිධානය සමඟ එක්ව කල බවට කෙරුන ජන සංහාරය පිළිබඳ චෝදනා විභාගයට ගැනීම වැලැක්වීමට බටහිර රටවල් තවදුරටත් උත්සුක වූහ. බෙංගාලි යුද්ධයේදී මරාදමන ලද සිවිල් වැසියන්ගේ සංබ්‍යාව 300,000 ක් ලෙස ගණන් බලා ඇත. ඇමෙරිකානු ඉල්ලීම පරිදි හමුදා ඩිවිෂනයක් දෙකක් ඉන්දීය දේසීමාව අසලට යැවීමට චීනය කටයුතු කලේද නැත. තම උතුරු දිග දේශ සීමාව අසල රතු හමුදාව ස්ථාන ගත කිරීමට රුසියානුවන් එය සමාවට කරුණක් කොටගනු ඇතයි ඔවුන් සිතූ බව පෙනේ. නැගෙනහිර පකිස්ථානය බංගලි දේශය බවට පත් විය. Chamara Siriwardene

"https://si.wikipedia.org/w/index.php?title=භාරත_ජනරජය&oldid=454865" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි