Siwhele

විකිපීඩියා වෙතින්
සිව්හෙළේ ජාතික සංවිධානය
සිව්හෙළේ ජාතික සංවිධානය
සංස්ථාපනයජනවාරි 1, 2017 (2017-01-01)
ප්‍රාරම්භකයාජනක තරංග හේවාසූර
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානයහොරණ
නෛතික තත්ත්වයදැනට රාජ්‍ය නොවන සංවීධානයකි
ප්‍රදේශය සේවය සැපයෙන
සමස්ත ලංකාවම
සේවාසමාජ සේවා හා හෙළ ඉතිහාසය ගවේෂණය
නිර්මාතෘ
ජනක තරංග හේවාසූර
ජනක තරංගහේවාසූර, මනෝජ් බාලසූරිය,අතුල වීරසිංහ,මහියන්ගනයේ සුමනසාර හිමි,චානක මහේශ්,
වෙබ් අඩවියsiwhele.info
Remarks+94777127519

සිව්හෙළේ ජාතික සංවිධානය

තේමා පාඨය : උරුමය සුරකිනු වස් ධර්මයෙන් පෙරට

නිල ලාංචනය :

නිල වෙබ් අඩවිය :http://www.siwhele.info/ සංරක්ෂණය කළ පිටපත 2018-02-24 at the Wayback Machine ආරම්භ කල දිනය 2017 -01 -01 නිර්මාතෘ: හේවාසුරගේ තරංග ජනක ප්‍රසාත්

ප්‍රධාන අරමුණ වසර 2500කට අධික කාලයක සිට සිංහල බෞද්ධ රජ්යක් වූ අපගේ මාතෘ භූමියේ සිංහල දීපයේ වෙසෙන සියලු සිංහල බෞද්ධ ජනතාව ආගමික සංස්කෘතික සදාචාරාත්මක හා ආර්ථිකමය වශයෙන් ඉහල නැංවීම අපගේ ප්‍රධාන අරමුණ වේ. එ සදහා වැසී වල්බිහිවී ඇති වෙහෙර විහාර නැවත නගා සිටුවීමත්. සම්යක් දුශ්ටික බුදු දහම සිංහල බෞද්ධ ජන මනසට කාවැද්දීමත් , පෙර සිංහලයා තුල තිබූ ඒ සදාචාරාත්මක හා සංස්කෘතීන් පිලිබද සිංහල බෞද්ධයා දැනුවත් කිරීමත් ඔවුන් ආර්ථිකමය වශයෙන් පෝශණය කිරීමත් වසර දහස් ගනනනක සිට යක්ෂ රාක්ෂ නාග දේව යන සිව්හෙළයේ අභිමානය විදහා පාන අපගේ ශ්‍රේශ්ඨ ඉතිහාසය පිලිබදව ලක් වාසී ලෝක වාසී ජනතාව දැනුවත් කිරීම සිංහල බෞද්ධ මූල ධර්ම මත සමබර පෞරුෂයකින් යුතු ගෝලීය අභියෝග ජය ගත හැකි තම රට දැය සමයේ අනන්යයතාවය රැක ගනිමින් විශ්ව ගම්මානයේ අභියෝග වලට අභිමානවත්ව මුහුණ දී ජීවත් වියහැකි දේශප්‍රේමී, ජාතිමාමක සිංහල බෞද්ධයෙකු නිර්මාණය කිරීම අපගේ මූලික අරමුණු වේ.”

සිංහලයා ආර්තිකමය සංස්කෘතිමය හා සදාචාරාත්මකව නාගා සිටුවීමට කරන වැඩ පිලිවෙල

1.අප ලාංකික බෞද්ධ සංවිධානයක් ලෙස සුපැහැදිල ගමනක අනන්යයතාවය ඇති කර ගනිමින් විදේශ බෞද්ධ රටවල් සහා විදේශ ගත බෞද්ධයන් සමගින් විනිවිද භාවයකින් යුතු සබදතා ඇති කර ගැනීම

2.බුදු සසුනේ වර්තමාන මෙන්ම අනාගත සුරක්ෂිත භාවය වෙනුවෙන් වැඩ කටයුතු කිරීම ඒ සදහා a.අවම පහසුකම් සහිත වෙහෙර විහාර නිවැරදිව හදුනගෙන පිලිසකර කිරීම . b.වැසී ගිය විහාරස්ථාන හදුනාගෙන ඒවා පිලිසකර කර සංඝ රාත්නයට පූජා කිරීම. c.ධර්ම ප්‍රචාරක වැඩ සටහන් දියත් කිරීම d.බෞද්ධ බික්ෂුන් ආරක්ෂා කර ගැනීමට සහ ඔවුනට අවශ්‍ය පහසුකම් ලබා දීමට අරමුදල උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වීම. e.පුරාවස්තු විනාශ කිරීම හා සොරා ගැනීම, විහාර දේපල විනාශ කිරීම සහ සොරකම් කිරීම සදහා දැඩි දඩුවම් සදහා නීති ගෙන ඒම සහ සම්මත කරවා ගැනීම.

3.සිංහල බෞද්ධ ජනයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා රටේ පරිසර පද්ධතියට සහා දේශගුණික රටාවට ගැලපෙන පාරම්පරික දැනුම පදනම් වූ සර්වකාලීන යහපත් ධරනීය සංවර්ධනයක් හා පූර්ණ ස්වයංපෝශිත හා සංරක්ෂණ ආර්ථික රටාවන් හදුන්වා දීම.

4.පාරම්පරික ස්වයං රැකියා සදහා අරමුදල මගින් ආධාර ලබාදීම හා ගැලපෙන ස්වයං රැකියා හදුන්වාදී පුද්ගල ජන ජීවිතය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම

5. වසර 6000කටත් වඩා පැරණි අපේ ඉතිහාසය සංස්කෘතිය පිළිබදව දහම් පාසැල් මට්ටමින් අධ්‍යාපනය ලබා දීම. හෙළ ඉතිහාසය එනම් ප්‍රාග් ඉතිහාසය පිළිබදව පාසැල් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ කිරීම.

7.පාරම්පරික කලා ශිල්පයන් හා සම්ප්‍රදායන් නැවත ජනතාව අතරට ගෙන ඒම හා ඒවා ආරක්ශා කර ගැනීමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීම

8.සිංහල බෞද්ධ ජනගහනය වර්ධනය කිරීම සදහා විවිධ උපක්‍රමයන් භවීතා කරමින් උත්තේජනයන් ලබා දීම.

9.සෑම විහාරස්ථානයකම සිව්හෙළේ ජාතික සංවිධානයේ ශාඛා සමිතියක් පිහිටුවා එම සමිතිය මගීන් අපගේ සේවාවන් ගමට ලබා දීමට කටයුතු කිරීම.

"https://si.wikipedia.org/w/index.php?title=Siwhele&oldid=591165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි