ක්‍රීඩා - වෙඩි තැබීම

විකිපීඩියා වෙතින්
(Shooting sports වෙතින් යළි-යොමු කරන ලදි)

වෙඩි තැබීමේ ක්‍රීඩාව, නිවැරදිතාවය, ඉලක්කය යනාදි ලක්ෂණ ඇතුලත් විශේෂ සාමාර්ථය දැක්විය යුතු තරඟකාරී ක්‍රීඩා ගණයට ඇතුළත් වෙයි. මේ සඳහා ගිනි අවි සහ වායූ තුවක්කු වැනි විවිධාකාර වර්ගයේ ආයුධ පාවිච්චි කරනු ලැබේ. (වැඩි විස්තර සඳහා දුනු හී පාවිච්චි කරමින් කරන විදීමේ ක්‍රීඩා ගැන තොරතුරු ඇතුළත් "Archery" බලන්න) දඩයම් කිරීමද, විදීමේ නැතහොත් වෙඩි තැබීමේ (Shooting) ක්‍රීඩාවකි. පණ ඇති පරෙවියන්ට විදිමද ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් විය. (1900 දී ඇල්බේට් හි එක්වතාවක් ) ගිණි අවි හෝ ඉලක්කය ප්‍රයෝජනයට ගන්නා වර්ගයේ ක්‍රීඩාවක් ලෙස වෙඩි තැබීමේ හෝ විදීමේ ක්‍රීඩාව වර්ග කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩා_-_වෙඩි_තැබීම&oldid=471764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි