රාවණා රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(Ravana වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස් රාවණ, රවුළු රාවණ ලෙසද හදුන්වනු ලබන මෙතුමා වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය. එයට අනුව සිය සොයුරියට කළ නිගරුවකට පළිගනීමක් ලෙස රාමගේ බිරිද වන සීතා ව පැහැරගෙන එන රාවණ ව වදුරු හමුදාවක් සමගින් එන රාම විසින් රාවණගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර මරා දමනු ලැබේ. එහෙත් සත්‍ය කතාවනම් රාවණ යටතේ තිබූ ඉන්දියාවේ දන්ඩකාරන්‍ය වනයට තවුසන් ලෙස බොරු කරමින් ආයුධ සන්නද්ධව දඩයමට හා අදර්මය පැතිරීමට රාම ඇතුලු පිරිස පැමිනීම ගැන සොයා බැලීමට එය බාරව කටයුතු කල රාවණගේ නැගනිය සුපර්නිකා ගිය විට පව් කාර රාමගේ සොයුරු ලක්ශ්මන ඇයගේ කන් 2ද තන පිඩු 2ද නාසයද කාන්තාවකගේ පුද්ගලිකත්වයට පවා හානි වන් ලෙස ඉතා අමානුශිකව කපා දැමීමයි. ඒබව ලංකාවට පැමින ඇය තම අයියා වූ රාවණ රජුට සැලකිරීමෙන් කාන්තාවන්ට ගරු නොකිරීමේ වරදට දඩුවම් දීමට ඉන්දියාවට යන ලදී. නමුත් රාම එහි නොවුවද සීතා එහි සිටින ලදි. ඇය රාවණ ගේ නැතිවූ දියනිය බව දැනගෙන තම හැඩි දැඩි ශරීරය දැක බිය වෙයි යැයි සිතා තවුස් වෙස් දරා ඇයට සත්‍ය පවසා ඇයගේ කැමැත්ත පිට ලංකාවට රැගෙන විත් සමස්ත හමුදා සේනාංකයක ආරක්ශාව හා සේවක පිරිසක්ද ලංකාවෙ ප්‍රදේශ කිහිපයකම ඇයටම මාලිගා කිහිපයක්මද සාදා දුනි. එමෙන්ම රාවණ යුධ කර මැරුනේ නැත එය හුදෙක් රාවණ රජුගෙම මායාමය මවා පෑමකී. එය එසේ සිදු කලේ සතුරා රවටා යුද්ධය ඉක්කමනින්ම අවසන් කිරීමටය. එයට හේතුව ලෙස ලංකාවෙ අහිංසක ජනයාට ඉන්දීය රාමගේ හමුදාව කල පීඩා තවත් ඉවසා සිටීමට නොහැකි වීම හා ලංකාව බරපතල ලෙස ඒ මොහොත වන විටත් යුද්ධය නිසා විනාශ වීමත් රාවණ රජ පවුලේ බොහෝ දෙනා සතුරාට විරුද්ධව අබීතව සටන් කල දිවි පිදූ නිසාය යනුවෙන් සැක කල හැක. රාවණ නොමැරෙන හේතුව ලෙස භ්‍රහ්මගේ අමරණීය වරම හිමි වීම හා රාවණ ගේ නිර්මානයක්වූ වෙඩි ප්‍රහාර හා අයුධ වලින් කරන ප්‍රහාර වලින් බේරිය හැකි සේ නිර්මානය කල පලදනා වර්ගම රාශියක් පැලද සිටීමයි. නමුත් යුද්ධය නිමාවීමත් සමග අදිකව ධ්‍යාන වඩා සිටි ඍධි ඍශිවරුන්සේ ඔහුත් ධ්‍යාන ගතවී තම ශරීරය තුලින් ආත්මය කොටස් 9කට වෙන්කර ලංකාව අදෘශ්‍යමාන ලෙස සිට තවමත් ආරක්ශා කරයි. ධ්‍යාන සමදියකට සමවැදී ආත්මය සිරුරෙන් වෙන් කලේ රාවණ ඉතා ශ්‍රේෂ්ඨ ඍශි වරයකුද වන නිසාය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙ පුරාවෘත්තවලට හා පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද වෛද්‍ය ශිල්පයේ ද හා නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකට ය. එමෙන්ම අතිදක්ෂ වීණා වාදකයෙක් බවත් කියැවේ. තවද එතුමා දැහැමි පාලනයක් ගෙනයනු ලැබීය. ඉන්දීයාවෙ බමුනන් විසින් කරනු ලැබු අයහපත් ක්‍රියා වැලැක්වීම හා අමානුෂික ක්‍රියා වැලැක්වීම නිසා ඉන්දියාව ලංකාවෙ රාවණ ට විරුද්ධව කටයුතු කිරීමට පෙලබුනි. පුෂ්පක විමානය සහ දඬුමොණරය යානය ඔහුගේ නිපැයුම් ලෙස සැලකේ. මෙම විමාන වලට අමතරව තවත් විමාන ගුවන් යාන වර්ග විශාල ප්‍රමානයක් නිර්මානය කල අතර ඒවා අබ්‍යවකාශ තරනයටද යොදා ගත් බවට ද රාවණා පෘථිවියේ පමනක් නොව වෙන ග්‍රහලෝක 10ක් ද යුද්ධ කර යටත් කර ගන්න ලද බව විශ්වාස කෙරේ. තවද හෙළ වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව 'අර්ක ශාස්ත්‍රය' හා තාරකා විද්‍යාව පිළිබඳව 'රාවණ සංහිත' කෘතීන් ද රාවණ රජු විසින් රචනා කරන ලදැ යි කියැවේ. හෙළ වෙදකම යනු ඉන්දියාවේ ඇති ආයුර්වේදය නොව එය ඊට වඩා ප්‍රබල වෙදකමකි. එම හෙළ වෙදකම ට මැරුනු පුද්ගලයෙකුට පැය 72 ක් ඇතුලත නැවත පන දිය හැක. ලාංකීය ඉපැරණි සටන් කලාවක් වන අංගම් සටන් ශාස්ත්‍රය හි වැඩිදියුණු කිරීම් සදහාද ඔහු විශේෂ දායකත්වයක් ලබාදුන් බව ජනප්‍රවාද වල සදහන් වේ. රාවණගේ පුරාණ අංගම් හා මුෂ්ඨි ශාස්ත්‍රය නමැති අප්‍රකට පුස්කොළ ග්‍රන්ථය මීට නිදසුනක් වේ. [1] රාවණ රජු දුෂ්ටයෙකු ලෙස රාමායණය ඇතුලු බොහෝ තැන් වලදී හදුන්වා දුන්න ද රාවණ විශ්වාසය පවතින වෙනත් රටවල පවතින්නේ ඊට වෙනස් වූ ගෞරවණීය හැගීමකි. එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. රාවණ, ශිව දෙවියන්ගේ විශේෂ අනුගාමිකයෙක් ලෙසට විශ්වාසයක් පවතී.කෙසේ වෙතත් 'ලංකාවතාර සූත්‍රය' නම් මහායාන බෞද්ධ කතා වස්තුවට අනුව රාවණ රජු බුදුදුහම කෙරෙහි ද නැඹුරුවක් පැවැති බවත් සදහන් වේ. මහායාන ධර්මයේ සාරය ගැබ්කරගත් සූත්‍රයන් වන ලංකාවතාර සූත්‍රය මෙන් ම ප්‍රඥ්ඥාපාරමිතා සූත්‍රය ද බුදුන් විසින් දේශනා කළ බව පැවසෙන්නේ වසර 500කට පෙර මියගිය රාවණා යළි කැදවා ශ්‍රී පාද කදුමුදුනෙහි දී ය. ඒ එය අවබෝධ කරගන්නට සමත් අයෙක් මිහිපිට නැති බැව් උන්වහන්සේ දුටු හෙයිනැ යි උක්ත සූත්‍රයන් හි දැක්වේ.

රාමායණය[සංස්කරණය]

රාමායණයට අනුව රාවණ යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මන් වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ. රාමායණයට අනුව රාම සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ ක්න, නාසා සහ තන් කඩුවෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා ගැන කරන විස්තරය අසන රාවණ ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. ඇය ව අශෝක වනයේ සිර කර තබයි. සීතා ගෙනගිය මග සොයා ගන්නා රාම ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි. රාමායණයේ පූර්ව ජවනිකාවකට අනුව සීතා ව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාමා ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාමා එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා ඔහුට හිමි වේ.

සබැදුණු විශ්වාස[සංස්කරණය]

රාවණා හා බැදුණු විවිධ පුරාවෘත සහ ඉපැරණි හින්දු ආගමික ග්‍රන්ථයන්හි එන සදහන් රැසක් ඇති මුත් මේ සියල්ල එකසමාන නැත. ඔහු ජීවත් වූ බවට සැලකෙන කාලය, ජීවත් වූ ප්‍රදේශය සහ ස්ථානය, ශාරීරික ලක්ෂණ, ඥාතීන් , රාම-රාවණ යුද්ධයට හේතුව, සහ තවත් වෙනත් සිද්ධි පිළිබද විවිධ අර්ථනිරූපණ හා විශ්වාස ඇත. සිංහලේ (ශ්‍රී ලංකාවේ) රාජාවලියේ එන "මනු" රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ 03ක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. ඒවානම් තාරකා[වසර 10,000 කට පෙර], මහබලි[වසර 7,500කට පෙර], රාවණ [වසර 5,000- කට පෙර] යන ඒවාය. [තහවුරු කරන්න] "වරිගපූර්නිකාව"නම් යක්ඛ ජනතාවට අයත් පුස්කොල පොතේ "ශ්‍රී රාවණ" අධිරාජයාගේ නාමය සඳහන් වන්නේ "කෞරාන මන්ඨක" ලෙසයි. එනම් "සියල්ල සම්පූර්ණ කල යකා" ලෙසයි. රාවණා යනු මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක්, අතිදක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් හා සුප්‍රසිද්ධ විණා වාදකයෙකු වශයෙන් පෙන්වා දී ඇත. දසිස් රාවණ (හිස් දහයක් ඇති) ලෙස ඇතැම් තැනෙක සඳහන් වන රාවණ මනා සේ ශිල්ප ප්‍රගුණ කල, අමරණීයත්වයට වරම් ලැබීම සඳහා භාවනා යෝගීව මනස දියුණු කරගත් අධිරාජයෙකු බවත් හෙළ රාජධානියෙන් එපිට රටවල් පවා පාලනය කළ බවත් සඳහන් ය. රාවණ නමින් හැදින්වෙන්නේ අතීතයේ රජකළ බවට ජනප්‍රවාදයේ එන මනුගෙන් පටන් දශානත් රාවණ දක්වා වූ රක්ෂස රජවරුන් භාවිතා කළ අභිදානයකි. [තහවුරු කරන්න]ආචාර්ය සූරිය ගුණසේකරට අනුව සූර්ය වංශය යනු එහි අරුත යි. රා, රේ යනු සූර්යාට කියන අපර නාමයන් බවත්, වන යනු වංශය, බබලවන්නා යන අරුත් බවත් හෙතෙම පවසයි. [තහවුරු කරන්න] වෛශ්‍රවන යන්නද ඇතැම් රක්ෂස රජවරුන් භාවිතා කළ අභිනාමයකි. පරාක්‍රමබාහු, විජයබාහු යන නම් රජවරු කිහිප දෙනෙක්ම යොදාගෙන ඇත්තාක් මෙන් රාවණ යන්නද කිප දෙනෙක්ම යොදා ගත් බව සමහරු පවසති. නිතර කියැවෙන දශානත් රාවණ යනු ඉන් එක් අයෙක් පමණකි යනු ඔවුන්ගේ මතය යි. [තහවුරු කරන්න] පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණා ගේ නිල රථය ලෙස සැලකේ. මෙය ගුවන් යානාවක් ලෙස නිරූපණය කර තිබේ. සූර්ය බලය හා දියමන්තියක් ආධාරයෙන් රසදිය උණුසුමට ලක් කිරීම තුලින් යානාවට ගුවන් ගතවීම උදෙසා බලය ලබාගෙන ඇති බව සඳහන් වේ. [තහවුරු කරන්න] පුරාවෘතවලට අනුව පුෂ්පිකය මෙන් ම ලංකාපුරය ද මුලින් ම අයත් වී ඇත්තේ රාවණගේ සොහොයුරකු වන කුවේරට ය. රාවණ ඔහු ව පරාද කර ලංකාපුරයත් දඩුමොණරයත් අත්කර ගනී. කුවේර හෙවත් වෙසමුණි ඉන්දියාවට පැන යයි.[2] රාවණගේ හිස් දහය ඔහුට යටත් වූ ප්‍රදේශයන් දහයක් ලෙස ද අර්ථදක්වා තිබේ. [තහවුරු කරන්න]

දස රාවණ සංකල්පය[සංස්කරණය]

01. රාජාධි රාවණ (රටවල් කිහිපයක් පාලනය කල නිසා) 02. විරු රාවණ (අධික වීරත්වයක් ඇති නිසා) 03. තිර රාවණ 04. රණ රාවණ 05. සිරි රාවණ 06. තරු රාවණ 07. පුත් රාවණ 08. මනු රාවණ 09. දික් රාවණ 10. රාජාව රාවණ දසිස් රාවණ හෙවත් හිස් දහයක් සහිත රාවණ නමින් රාවණ අධිරාජයා ඇමතීම සඳහා ඉහත දස රාවණ සංකල්පයද යම් බලපෑමක් සිදුකරන්නට ඇතැයි විශ්වාස කල හැකිය. රාවණගේ හිස් දහය ඔහුට යටත් වූ ප්‍රදේශයන් දහයක් ලෙස ද අර්ථදක්වා තිබේ. [තහවුරු කරන්න]

රාවණ නම් වූ වෛද්‍යවරයා[සංස්කරණය]

ඇතැම් පෞරාණික ග්‍රන්ථ රාවණ විසින් රචිත බවට සැලකේ. ඒ අතර පහත දැක්වෙන ආයුර්වේද ග්‍රන්ථ ද වේ. 01. කුමාර තන්ත්‍රය (ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට අවශ්‍ය බලවත් රෝග දහසක් සඳහා බෙහෙත් ඇතුලත්ය) 02. උද්දිසා තන්ත්‍රය (මෝහන ප්‍රතිකාර හා ගුප්ත විද්‍යා ප්‍රතිකාර) 03. නාඩි ප්‍රකාශය (නාඩි ශාස්ත්‍රය ඇසුරෙන් වන ප්‍රතිකාර) 04. අර්ක ප්‍රකාශය 05. රසරත්නාකාරය 06. වට්කා ප්‍රකරණය ඉහත "අර්ක ප්‍රකාශය" අවසන් වන්නේ "ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සීයක් මෙසේ අවසන් වෙයි" ලෙසයි. එමෙන්ම රාවණ ගේ ප්‍රධානත්වයෙන් හිමාලයේ ආයුර්වේද සම්මන්ත්‍රණයක් පවත්වන ලද බවත්, ඔහු එහි වෛද්‍ය මණ්ඩලය හි ප්‍රධානියා වශයෙන් ද පත්ව සිටිබව සඳහන් වේ. [තහවුරු කරන්න]

සංස්කෘතික බලපෑම[සංස්කරණය]

එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ "දුස්රා" නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.

රාජධානිය[සංස්කරණය]

අග නුවර - ලංකාපුර, අලකමංඳාව, තපො වනය, ගොකණ්ණක,සීගිරිය

විවාදය[සංස්කරණය]

රාවණා පිළිබද විවිධ අදහස්, කොතෙක් මත දැක්වීම්, විශ්වාස, ජනප්‍රවාද පැවතුණත් ශ්‍රී ලංකාවේ රාවණා යනුවෙන් පාලකයකු සිටි බවට පුරාවිද්‍යාත්මක හෝ ඉපැරණි සාහිත්‍යයික මූලාශ්‍රවලින් තහවුරු වී නොමැත. කෙසේනමුත් කුමාරතුංග මුනිදාස, අරිසෙන් අහුබුදු වැනි වියතුන් ද ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, ආචාර්ය සූරිය ගුණසේකර වැනි ඉතිහාසඥයන් ද ආරියදාස සෙනෙවිරත්න, ජයරත්න පතිරආරච්චි වැනි ස්වාධීන ගවේෂකයන් ද, මානෑවේ විමලරතන හිමි ද මෙය සත්‍යයක් බවට කරුණු දක්වා ඇත. කෙසේනමුත් මේ මත ඉතිහාස සහ පුරාවිද්‍යා ක්ශේත්‍රයේ අති බහුතරයක් වියතුන් වෙතින් ප්‍රතික්ෂේප වී ඇති අතර ජනතාව නොමග යවන සාවද්‍ය අර්ථනිරූපණයන් බවට විවේචනයට ද ලක් වී තිබේ.[3] [තහවුරු කරන්න]මේ ඇතැම් වියතුන් දක්වා ඇති මතවල ඇති විසුළුසහගත ස්වභාවය ද මේ විවේචනවලට හේතු වී ඇත. නිදසුන් ලෙස ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා වරක් පැවසුවේ රාවණ රජු මියගොස් නැති බවත් ඔහු සිටින්නේ සිහිමූර්ඡා වී බවත් ය. [තහවුරු කරන්න] පසුව පුවත්පතකට රාවණ සම්බන්ධ ව ලිපි පෙළක් සපයන ඔහු රාවණ රජු තමන්ට සිහිනෙන් පෙනී සිට එම තොරතුරු දැනුම් දුන් බව පුවත්පත් සංවාදයක දී පවසා සිටියේ ය. [තහවුරු කරන්න] රවිශෛලාශ වංශකතාව යනුවෙන් රාවණ පෙළපත පිළිබද ව සහ යක්ෂ ගෝත්‍රික අක්ෂර සංකේතාදිය ගැනත් යනුවෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක් පළ කළ මානෑවේ විමලරතන හිමි පවසා සිටින්නේ තමන්වහන්සේ රාවණා අයත් රවි ශෛලාශ වංශයෙන් පැවත එන බවකි. [තහවුරු කරන්න]

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩ ව වාර්තා කරන මූලාශ්‍රය වන මහාවංශයේ රාවණා යනුවෙන් පාලකයකු සිටි බවට කිසිදු සදහනක් නැත. එයට අනුව ලංකාව ජනාවාස වන්නේ ද්ධ පරින්ර්වාණ දිනයේ ම සිදුවන විජය ඇතුපු සත්සියයක පිරිසකගෙනි. කෙසේනමුත් ඊට පෙර ලංකාව යක්ෂ, නාග වැනි පිරිස් විසින් ජනාවාස වී තිබුණු බව මහාවංශයෙන් ම පැහැදිලි වේ. එහෙත් එහි ඔවුන් නිරූපණය කර ඇත්තේ ගෝත්‍රික පිරිස් ලෙස නොව සියුම් ශරීඍ ඇති අමනුෂ්‍ය කණ්ඩායම් වශයෙනි. එසේම එවැනි තවත් පැරණි ඉතිහාස ග්‍රන්ථ වන දීපවංශය, සිංහල බෝධිවංශය, ථූපවංශය, දාඨාවංශය, වංසත්ථපකාසිනිය (මහාවංශ ටීකාව), සමන්ත පාසාදිකාව වැනි ග්‍රන්ථවල ද රාවණා රජු හෝ එවැනි පෙළපතක් ගැන කිසිදු සදහනක් නැත.

කෙසේනමුත් රාවණ යනුවෙන් පාලකයෙක් සිටි බවට අදහස් දක්වන අය පෙන්වා දෙන්නේ ලංකාවේ සත්‍ය ඉතිහාසය පාලි වංශකථාකරුවන් විසින් මෙන් ම පසුව ලංකාවේ ඉතිහාසය ලියූ ඉංග්‍රීසි ජාතිකයන් ද විසින් යටපත් කර ඇති බව යි. මොවුන්ගේ ග්‍රන්ථ අධිකාරී ලෙස පිළිගැනීමත් මහාවංශ ඉතිහාසයට වහල් වීමත් නිසා ලංකාවේ ආර්ය පූර්ව ශිෂ්ටාචාරය පිළිබද තොරතුරු සැගවී පවතින බවත් ඔවුන්ගේ අදහසයි. [4]

ලංකාවේ රාවණ රජු හා රාමායණයේ එන වෙනත් චරිත හා සබැදි නම් ඇති ස්ථාන රැසක් හදුනා ගත හැකි ය. එමෙන් ම එම නම් පැමිණි අයුරු කියවෙන රාමායන පුවත හා බැදි ජනප්‍රවාද ද පවතී. මේ ස්ථාන නාමයන් මෙලෙස පැමිණීමට හේතුව එම ස්ථාන සත්‍ය වශයෙන් ම එම චරිත හා සිද්ධි සමග බැදී තිබීම විය යුතු බවට සමහරු අදහස් දක්වති. නමුත් හෑගොඩ විපස්සී හිමියන් පෙන්වා දෙන්නේ මේ බොහෝ ග්‍රාම නාම පසුකාලීනව බිහි වූ ඒවා විය හැකි බවයි.[3]

එමෙන් ම "වරිගපූර්නිකාව"නම් යක්ෂ ජනතාවට අයත් මුඛපරම්පරාගත ග්‍රන්ථයේ රාවණා සහ ඔහුගේ වංශය සම්බන්ධ තොරතුරු දැක්වෙන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර සහ මානෑවේ විමලරතන හිමි වැනි අය පවසති. [තහවුරු කරන්න] තවම සොයා පළ කර නැති මේ ග්‍රන්ථය තමන් සතු ව ඇති බව ඔවුන් පවසන නමුත් ඔවුන් එය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ලංකාවට අයත් ව තිබී ගිලී ගිය පෙදෙසෙක රාවණා ලංකාවට අයත් නටබුන් පිහිටා තිබිය යුතු බවට ද සමහරු මත පළකරති. එහෙත් නාගොඩ ආරියදාස සෙනෙවිරත්න පෙන්වා දෙන්නේ රාවණ සිටි බව සැලකෙන ලංකාපුරය යනු වත්මන් සීගිරිය බව යි. සිංහල බෝධිවංශයේ ලංකාපුරය පිහිටියේ යැයි පැවසෙන මැළෑඩුර ග්‍රාම නාමය විග්‍රහ කරමින් එය මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටිය යුතු බව [5]පවසන ඔහු එහි පිහිටි එකම ගිරි බලකොටුව වන සීගිරිය යනු ලංකාපුරය බව පවසයි. රාමායණයේ හනුමාගේ ගමන් විස්තරයේ දී හමුවන ත්‍රිකූට ගිරි යන්න බිදීමෙන් තිරිකුණාමලය බිහි ව ඇති බවත් සිංහල භාෂාව ඇසුරින් පෙන්වන [6]ඔහු පවසන පරිදි රාමායණයේ හනුමාගේ ලංකාපුර වැණුම තුළ ගිරි මුදුන, සිතුවම්, වැනි නූතන සීගිරියේ බොහෝ ලක්ෂණවලට තුල්‍ය වෙයි. [7]

බැබිලෝනියානු ශිෂ්ඨාචාරය "ගුවන්යානා වලින් පැමිණි සිංහ මිනිසුන් ගේ උපදෙස් මත ගොඩ නගන ලද බව" 1998 වසරේ සොයාගත් මැටි පුවරුවකින් කියැවෙන්නේ යැයි ආචාර්ය සූරිය ගුණසේකර මහතා පවසයි. "බැබිලෝනියානු එල්ලෙන උයන හෙළයේ සිහගිරිය (සීගිරිය) ඉදිකළ තාක්ෂණය හා උපදෙස් අනූව ඉදිකළ බවත් එහි සඳහන් වී ඇතැ" යි ඒ මහතා තවදුරටත් පවසයි.

රාවණා සංකල්පය හෙල සංකල්පය සමග ද දැඩි ව බැදී පවතී. ලංකාවේ ආදී මනුෂ්‍යයන් යක්ෂ, නාග, රාක්ෂහ සහ දේව වශයෙන් ගෝත්‍ර ලෙස බෙදී සිටි බවත් ඔවුන් හෙළයන් වශයෙන් හැදින්වුණු බවත් වත්මන් සිංහලයන්ගේ පරපුර එම හෙළයන් බවත් ඉපැරණි හෙළ අධිරාජ්‍යය ලෝකය පුරා ව්‍යාප්ත ව පැවති බවත් සමහරු පවසති. මහාවංශය වැනි ඉතිහාස ග්‍රන්ථයන් හි මෙන් ම ඇතැම් බෞද්ධ සූත්‍රයන් හි ද සදහන් වන යක්ෂ, නාග වැනි කණ්ඩායම් ගැන සදහන් මේ සදහා සාක්ෂියක් ලෙස ඔවුහු දක්වති. කුමාරතුංග මුනිදාසයන් විසින් හදුන්වා දුන් හෙළ සංකල්පය අරිසෙන් අහුබුදු වැනි හෙල හවුලේ වියතුන් විසින් ද තවදුරටත් විදාරණය කරන ලදී. සිංහල භෂාවේ ඇති පාලි හෝ සංස්කෘතියේ නොමැති හෝ ඉන් බිදී නොපැමිණි වදන් නිදසුන් ලෙස දක්වමින් ඔවුන් කියා සිටියේ හෙළ බසක් පැවති බව යි. මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් රාවණා රජුගේ ඉතිහාසය ගවේෂණය කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් 2015ඔක්තෝම්බර් මස දී ඉදිරිපත් කරන ලදී.[3]


රාවණ රජු මිත්‍යාවක් ද?

දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී රාවණ යන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක්වේ. නමුත් සංස්කෘතික ග්‍රන්ථ විමසා බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයෙකු සිටිය බව සොයා ගැනීමට පුළුවන.

රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය, මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත නමැති දුර්ලභ කෘතියේ සහ රාවණ රාජාවලිය, රාවණ පුවත, රාවණ හටන, රාවණ විස්තරය, රාවණ රජුගේ ගුවන් විස්තර කවි, කුරුණෑගල විස්තර නමැති පුස්කොළ පොත්වලද ද රාවණ රජතුමා පිළිබඳව කරුණු එමට ය.

මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත. මෙයින් එක් එක් කවිය යොදා ගනිමින් ක්‍රි.ව. 1955 දී පී.ඊ.පී. දැරණියගල මහතා කෘතියක් සම්පාදනය කරන ලදී.

මන්දාරම්පුර පුවත අනුව එකල මෙරට රජවරු රාවණ රජතුමාට අයත් වූ රාවණ කොඩිය පෙරටු කර ගෙන යුද්ධයට ගිය අයුරු එහි දැක්වේ. එහි දැක්වෙන කවි කිහිපයක් පහත සඳහන් වේ.

යළි දෙනුවර සිවුසිය පත්තු මහ දන

මහ කොඩි පෙරමුණට ගෙන ඊළඟ ගමන

“රාවණ කොඩිය” සිහසුන් කොඩිය ද රැගෙන

හේවාහැට දුම්බර සෙන් විය ගමන

සිහසුන් “රාවණ ධජ” ගෙන අසු පිටින

දෙසියක් සෙබළු මර කළ සිට තුන්පෙළින

පුවක්ගොල්ල, පුස්සල මැතිවරු දෙදෙන

මාවත් දෙකේ වාසල මුර ගත එමෙන

දෙසීයක් බළ සෙනඟ පෙළ පෙළ යොදවමින

පුවක්ගොල්ල - පුස්සල මැතිවරු දෙදෙන

සිහසුන “රාවණ දජ” පෙරටු කරමින

අස්වාහන නැග ඊළඟ වියගමන

එකල මෙලක පසදු වීරසූරිය සහ පුස්සල මැති

විමල යසැති දිවාරත්න - හළුවඩනා මැතිදු බලැති

පබල මැතිදු රත්නායක - අඹගහතැන්නේ විකුමැති

“රවුළු දදය” නගා ගියහ - පන්සැන්ත බලසෙන්යුති

අපේ සමහර උගතුන් විසින් මිත්‍යා කථාවක් ලෙස ඉවත් කිරීමට තැත දරන එසේම මනස්ගාත යැයි කියනු ලබන රාවණ රජු ගැන මහාවංශයේ ද දැකිය හැකි ය. පහත සඳහන් වන්නේ මහාවංශයේ ඒ ගැන ලියා ඇති ආකාරය යි.

“රාමායනභරතාදි ලෝකියාසු කථ සුපි

රාමස්ස වික්ක්‍රමඤ්ච වතස්ස රාවණ ඝාතිනෝ”

(මහාවංශය-පි.64-පරි 42)

නූතන සමහර සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉවත් කරනු ලැබ ඇති මහායාන ග්‍රන්ථයක් වන ලංකාවතාර සූත්‍රයේ ද සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාවේ සමන්ත කූඨයට ගුවන් රථයෙන් (පුෂ්පක යානය) රැගෙන ආ බව ය. කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමණල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දෙසූහ.

(ලංකාවතාර සූත්‍රය පරි. 1 - ගාථා 23, 24, 25, 26, 27, 28, 29, 30 ගාථා බලන්න)

මෙම පුෂ්පක යානය රාම රාවණ යුද්ධයෙන් අනතුරුව ඉන්දීය රාම කුමරු විසින් පැහැර ගනු ලැබ සීතා දේවියත් සමග ඉන්දියාවේ අයෝධ්‍යාවට ගියේ ය. මහා භාරතයේ ඒ බව මෙසේ සඳහන් වේ.

“හත්වා තත්‍ර රිපුං සංඛ්‍යො භාර්යයා සහ සංගත:

ලංකේෂ්වරං ච චක්‍රේ ස ධර්මාත්මානං විභීෂණම්

භාර්යයා සහ සංයුක්තස් තතෝ වානර සේනයා

අයෝධ්‍යාමාගතෝ වීර: පුෂ්පකේන විරාජිතා”

(මහාභාරතය 56 අධ්‍යාය, දෝණපර්වය, 6, 7 ශ්ලෝක)

රාවණ රජුට අයත් ගුවන් රථයට නැඟී රාම කුමරු රියදුරු වූ බාලි සමග උපදේශක රාගිරාගේ විධානය අනුව අහසෙහි ඈතට පියාසර කර ඇත. ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය.

(රාජාවලිය ඒ.වී. සුරවීරසංස්කරණය - දෙවන මුද්‍රණය 1997 -168 පිට)

රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් ය. මෙම කුමරු කරවූ ගල්ලෙන් විහාරය රහලගල පාමුල ඇති අතර, රහලගල රාවණ රජුගේ මාලිගාවක් තිබු එක් ස්ථානයකි. මෙහි නටඹුන් අද ද රහලගල පර්තවතය මුදුණේ ඇත.

“දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල් ලිපි” නමැති ග්‍රන්ථයේ 57, 58 පිටුවල ඒ බව සඳහන් වේ.

ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයා වූ අගිය කරවූ ලෙන් විහාරය කෑගල්ල කරඬුපොත අසල ඇති අළුලෙනයි තිබේ. මෙහි ඇති සෙල් ලිපිය පුර විද්‍යා අංශ මෙතෙක් කාබන් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. එනමුත් මෙම ලිපිය ඡායාරූප ගත කර කෑගල්ලේ සරත් යටවර මහතා කෘතියක ඉදිරිපත් කර ඇත.

මෙයට අමතරව රාවණ රජුගේ යුද දක්ෂ මකර ඇමැතිතුමාගේ පුත් වූ “ශෝණ” කරවූ ලෙන් ලිපියක් අරනායක අම්බලකන්දේ නාරංගොල්ල වතුයායේ ගුරුළු ලෙන හි ඇත.

(එච්.සී.පී. බෙල්ගේ R.K.D. - කෑගලු වාර්තාව - 69 පිට සහ සුනන්දා ප්‍රේමසිරිගේ කෑගලු කැටපත - 3 පිට බලන්න)

රාවණ රජු ක්‍රි.පූ. 6000 දී පමණ කරවූ වැව් අතරින් එකක් අද ද රූගම වැව ලෙස අප විසින් හඳුනාගෙන ඇත. (රාවණ රජු බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884ට පෙර එනම් ක්‍රි.පූ.2428 රජ කර ඇති බව කලින් සඳහන් කළේ රාජාවලියට අනුව ය. රාජාවලියේ එසේ සඳහන් වුවත්, මාදුරු ඔය සොරොව්ව වසර 6000ක් පැරැණි බව පසුව සොයා ගැනීම නිසාත්, වෙනත් පුරා විද්‍යා සාක්ෂිත් ගෙන බලන විට රාවණ රජු ක්‍රි.පූ. 6000 දී රජ කර ඇති බව පෙනී යයි) මෙම වැව රූගම වැව ලෙස නම් කර ඇත්තේ විදේශික සුදු මහත්වරු ය. මහඔය (මුන්දෙනආරු) හරස් කර බැඳි වේල්ලක් මගින් එම වැවට ජලය රැගෙන යන ඇළ අදත් රාවණ ඇළ ලෙස ම දැකගත හැකි ය. ලංකාවේ අඟලේ සිතියමේ MAHAOYA SHEET 50 සහ බෝහියර් මහතාගේ වාරිමාර්ග කෘතියේ දී ද මෙය දැක ගැනීමට පුළුවන. රාවණ රජුගේ නාමයෙන් පුරාණයේ ග්‍රාම නාම 60ක් පමණ නම් වී තිබුණු අතර, මෙම නාම 1950න් පසුව වෙනස් කර තිබේ. නූතන හපුතලේ පෙර “රාවණගම” විය. රාවණ රජතුමා දක්ෂ වෛද්‍යවරයෙක් බව “ඌව දනව්ව” පොතේ 43 පිට කියවීමෙන් දැන ගත හැකි ය.

ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ “රාවණාගොඩ” පියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ “උඩුරාවණ” ඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස “යටිරාවණ” ධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය.

(ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු)

එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ‘ග්‍රෙගරි ලේක්’ යැයි නම් කර තිබේ.

කැප්පෙටිපොළ යන ග්‍රාමය නම් කිරීමට පෙර මෙම ග්‍රාමය ‘පාලුගම’ වූයේ රාම - රාවණ යුද්ධය නිසා ය. රාවණ රජු රාමාට පැරදුණු තැන අදත් “රාමලංකාව” යනුවෙන් නුගතලාව අසල කුඩා ගමක් ඇත. සීතා දේවිය දිවුරුම් දුන්, කාශ්‍යප බුදුරදුන් පිටදුන්, නිග්‍රෝධ බෝධිය ක්‍රි.ව. 1832 වන තුරු ම දිවුරුම්වෙල > දිව්රුම් පොළ (නුගතලාව) තිබිණි. මේ බව පෝබස් මහතාගේ වාර්තාවක දැක්වේ. මෙම වාර්තාව අප අත අද නැත. විස්තර අවශ්‍ය අයට Discovering Ceylon කෘතියෙන් ද, බෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ 343 පිටුවේ සිට ඉදිරියට ද දැක ගත හැකි ය. රාවණ මහ රජුට අයත් ගුවන් තොටුපොළක් මේ අසල විය. එය නමින් බිමණ පව්වයි. පසුව මෙය විමන් පව්ව ලෙස වෙනස් වි ඇත. අද තොටුපොළ කන්ද යනුවෙන් හැඳින් වෙන්නේ ද එකල ගුවන් තොටුපොළකි.

රාවණ රජුගේ තොප්පියක්, රන්සළුවක්, ඔටුන්නක් සහ ක්‍රි.ව. 1153දී සිටි ලක් රජු පරාක්‍රමබාහු රජුගේ ඔටුණු 32ක් සඟවා ඇති බව ලේඛන ගත ය.

(මන්දාරම්පුර පුවත 16, 142, 278, 291, 325, 412, 413, 486, 541, 542, 551, 687)

රහස්මිගොල්ල ලෙස අද ද වහරන එම ග්‍රාමය පෙර රාවණ රජුගේ රහස් ගුහාවක් ය.

මෙම උමග 2006 අගොස්තු 30 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනය අනුග්‍රහයෙන් ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය කළ වැඩසටහනකින් ජනතාව හමුවේ තැබී ය. එම වැඩසටහන සඳහා මා ඇතුළු පිරිසක් සහභාගි විය. රාවණ රජුගේ නමින් ම කරවූ රාවණ විහාරය අද අකුරු හරඹයකට හසු වී වාරණ නම් වී ඇති අතර වාරණට හැරෙන හංදිය අදත් යක්කුන්ගේ කැලේ > යක්කැලේ > යක්කල ලෙස ව්‍යවහාර වේ.

රාවණ රජුගේ ඇමැති වූ මකරගේ පුත් වූ ශෝණ සහ රාවණ රජුගේ මුණුපුරු වූ අගියගේ සොහොයුරු වූ අශ්වාරෝහක තැන කරවූ ගල්ලෙන් 100ක් ඇති විහාරය පිළිකුත්තුවයි.

(ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා ගවේෂණ වාර්තාව-2005)

ඒ අසල ඇති මාලිගාතැන්න රාවණ රජුගේ මාලිගා සංකීරණයකි. මෙහි කඩුව සහිත සෙල්ලිපිය ඇති අතර, දැන් කොටස් දෙකට කැඩී වෙන් වී ඇති පිළිකුත්තුව හා මාලිගාතැන්න පෙර එක විහාර බිමකි.

විශ්ව සාහිත්‍යයේ කිසිදු කෘතියක දැකීමට නොමැති රාවණ රජුගේ දියණියක් පිළිබඳව සෙල්ලිපියක් අපට හමු විය. යාල බඹරගස්තලාව නාගපබ්බත රාජමහා විහාරයට අයත් ලෙන් 60 ගණනින් එක ලෙනක දැකීමට ඇති එම සෙල්ලිපිය මෙසේ ය.

“පරුමික රවණ ඣිති ශොහිලි ලෙණෙ ශගශ”

(‘සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්’ ග්‍රන්ථයේ - 25 පිට)

පරුමික (ප්‍රධාන හෝ පූර්ව මුකය) රවණ (රාවණ) ඣිති (දියණිය) ශොහිලි (ශොහිලි නම් නාමයකි) ලෙණෙ (ලෙන) ශගශ (සංඝයාට).

මේ අනුව රාවණ රජු, ඉන්ද්‍රජිත්, මකර, ශොහිලි යන රාවණට බැ‍ඳෙන සියල්ලෝ ම බෞද්ධයෝ ය. මෙම කතාව ලෝක ඉතිහාසයෙන් ඉවත් කිරීම කෙසේ සිදුවුණි ද යන්නත් අප නොදනී. විමසීම නූතන බුද්ධිමතුන්ට අපි බාර කරමු.

රාවණ රජු සොයා ගැනීමට සහ එය රට තුළ ස්ථාපිත කිරීමට මෙය අප කරන සටනකි. මෙය ‘රාවණ හටන’ යි. පෙර ද රාවණ හටන යන නමින් ලියැවුණු පුස්කොල පොතක් ඇත. එහි සඳහන් හතර පදයක් පහත සඳහන් වේ.

බිසවුන් මාලිගෙ ඇතුළට යන්නේ

එතකොට දෙවියෝ සාදු කියන්නේ

මාලිගෙ ඇතුලේ ගොසින් සිටින්නේ

හනුමන්තා දෙනු මොකද අසන්නේ

(Hugh Nevill – Sinhalese Verse-97)

නූතන කාව්‍ය සාහිත්‍යයේ සඳහන් වන්නේ වලවේ ගඟ සමනළ කන්දේ සිට ගලා බස්නා බවකි. එහෙත් එය වැරැදි ය. වලවේ ගඟ ගලා බසින්නේ සමනළ කන්දෙන් නොව රාවණ රජුගේ මාළිගය තිබූ රාවණ කන්දෙනි.

පුරා විද්‍යා ගවේෂක ජයරත්න පතිරආ‍රච්චි ("සිරිදෙසුම" පුවත්පත - ඇසළ කලාපය)


*මෑත ඉතිහාසයේ රාවණ රජතුමා ගැන තද විශ්වාසයෙන් සිටි විද්වතෙකි, ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ. එබැවින් සිය සැළලිහිණි සංදේශයේ එක්‌ පැදියකින් රාවණ රජතුමා පිළිබඳ සිහිගැන්වීමක්‌ කර ඇත.

තුන් ලෝ තමා නතුකළ රවුළු සොහොයු රූ

තුන්කල් බලා රමිඳුට ඉටු මිතු රූ

තුන් වේ ඇඳුරු පුලතිසි කුල මණ මිතු රූ

තුන් විටකම වඳු එසිරිඳු පා තඹු රූ

තොටගමුවේ සිරි රහල් සඟ රජ මා හිමිපාණෝ වීභීෂණට නමස්‌කාරය කරමින් රාවණයින්ගේ ගුණ වැනූ අන්දම සැළලිහිණි සංදේශයේ 92 වැනි පද්‍යයෙන් මෙසේ පෙනී යයි.


පුරාවිද්‍යා අභිලේකන පර්යේෂක ජයන්ත පතිරආරච්චි  මහතාගේ රාවණ සහ බොදු සෙල්ලිපි ඡායාරෑප ඇතුලත් පැරණි මක්කම පුස්තකය. පහත සබැදිය භාවිතාකර බාගත කරගත හැක. https://drive.google.com/file/d/0B3UPirInHdOEVE5yTkRMc1QzdzA/view

රාවණ
සිවු හෙලේ රජ

Ravana British Museum.jpg
රාජ්‍ය සමය ක්‍රි:පූ 2554 - ක්‍රි:පූ 2517
පූර්වප්‍රාප්තිකයා කුවේර රජ..වෛශ්‍රවණ
අනුප්‍රාප්තිකයා විභීෂණ රජ
වල්ලභයා මන්දෝදරී
දරුවන් ඉන්ද්‍රජිත් (මේඝනාධ)

ත්‍රෛශීර්ෂ අථිකාය අක්ෂයකුමාර නරන්ථක දේවාන්ථක ප්‍රහෂ්ඨ සොහෙළි (සීතා)

පියා විශ්‍රාවාස මුණි
මව පුෂ්පෝත්කථා

පෙලපත[සංස්කරණය]

රචිත ග්‍රන්ථ[සංස්කරණය]

☺ශිවාලිඛිතය ☺අග්නිත්රාන්ත

රාජධානිය[සංස්කරණය]

අග නුවර - ලංකාපුර,

අලකමංඳාව, තපො වනය, ගොකණ්ණක,


පූර්වප්‍රාප්තිකයා
{{{before}}}
{{{title}}}
{{{years}}}
අනුප්‍රාප්තික වූයේ
{{{after}}}
title=Emperor of Lanka before=කුවේර රජ years= after=විභීෂණ රජ

}}

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ඔබේසේකර, මිරැන්ඩෝ (2015). ශ්‍රී ලකාවේ පුරාණ අංගම් ශාස්ත්‍රය: ආත්මාරක්ෂක සටන් මූලධර්ම සහ විකාශනය. සමන්තී පොත් ප්‍රකාශකයෝ. ISBN 978-955-084-132-5. 
  2. සෙනෙවිරත්න, ආරියදාස (1999). ශ්‍රී ලකා රාවණා රාජධානිය. සමයවර්ධන. පිටු 80. ISBN 955-570-017-6. 
  3. 3.0 3.1 3.2 සුගතදාස, හර්ෂා. රාවණා කතාව සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට ගෙතූ ප්‍රබන්ධයක්:රාවණා ගැන සොයන පාර්ලිමේන්තු යෝජනාවට හෑගොඩ විපස්සි හිමිගේ විරෝධය ලක්බිම. 2015. 10. 26
  4. සෙනෙවිරත්න, ආරියදාස (1999). ශ්‍රී ලකා රාවණා රාජධානිය. සමයවර්ධන. ISBN 955-570-017-6. 
  5. සෙනෙවිරත්න, ආරියදාස (1999). "ලංකෙශ්වර රාවණාගේ ලංකා නගරය පිහිටා තිබුණේ වර්තමාන සීගිරි පව්වෙහිය.". ශ්‍රී ලකා රාවණා රාජධානිය. සමයවර්ධන. පිටු 130-136. ISBN 955-570-017-6. 
  6. සෙනෙවිරත්න, ආරියදාස (1999). "-තිරිකුණාමලය- කෝණයෙහි උතුම් කන්ද නොවේ". ශ්‍රී ලකා රාවණා රාජධානිය. සමයවර්ධන. පිටු 137-144. ISBN 955-570-017-6. 
  7. සෙනෙවිරත්න, ආරියදාස (1999). ශ්‍රී ලකා රාවණා රාජධානිය. සමයවර්ධන. පිටු 148-149, 159-177. ISBN 955-570-017-6. 


පුරාවිද්‍යා අභිලේකන පර්යේෂක ජයන්ත පතිරආරච්චි  මහතාගේ රාවණ සහ බොදු සෙල්ලිපි ඡායාරෑප ඇතුලත් පැරණි මක්කම පුස්තකය. පහත සබැදිය භාවිතාකර බාගත කරගත හැක.

https://drive.google.com/file/d/0B3UPirInHdOEVE5yTkRMc1QzdzA/view

තවද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාවණා_රජ&oldid=448886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි