පර්සි ජැක්සන්

විකිපීඩියා වෙතින්
(Percy Jackson වෙතින් යළි-යොමු කරන ලදි)
පර්සි ජැක්සන්
පර්සි ජැක්සන් සහ ඔලිම්පියානුවෝ, ඔලිම්පස්හි වීරයෝ, The Trials of Apollo චරිතය
පළමු පෙනීසිටීම අන්තර්ජාතික: The Lightning Thief (2005)
ලාංකේය: "අකුණු හොරා" (2015)
අවසාන පෙනීසිටීම අන්තර්ජාතික: The The Tower of Nero (2020)
ලාංකේය: "ඔලිම්පස්හි රුධිරය" (2021)
තනන ලද්දේ රික් රයෝඩන්
නිරූපණය කරන ලද්දේ ලෝගන් ලර්මන් (චිත්‍රපට අනුවාදයේ)
ක්‍රිස් මැක්කැරල් (සංගීතමය නාට්‍ය අනුවාදයේ)
වෘත්තිය උපදෙවියෙක්,
රාක්ශයන් හා සටන් වදින්නෙක්,
ජුපිටර් කඳවුරේ / රෝමයේ දොළොස්වන සේනාංකයේ ප්‍රීටර්වරයා
තොරතුරු
විශේෂග්‍රීක උපදෙවි
අභිධානයපොසෙයිඩන්ගේ පුත්‍රයා
නෙප්චූන්ගේ පුත්‍රයා
ඔලිම්පස්හි වීරයා
ඥාතියෝසැලී ජැක්සන් (මව)
පොසයිඩන් (පියා)
පෝල් බ්ලොෆිස් (සුළුපියා)
ගේබ් අග්ලියානෝ (මියගිය කළින් සුළුපියා)
ඇම්ෆිට්‍රයිටි (දේවමය සුළුමව)
ටයිසන් (අර්ධ-සහෝදරයා)
ට්‍රයිටන් (දේවමය අර්ධ-සහෝදරයා)
ජාතිකත්වයඇමරිකානු

පර්සියස් “පර්සි” ජැක්සන්, රික් රයෝඩන්ගේ පර්සි ජැක්සන් සහ ඔලිම්පියානුවෝ කතා මාලාවේ කථකයා සහ ප්‍රධාන චරිතය ලෙසින් හමුවන ප්‍රබන්ධ චරිතයකි. එමෙන්ම එහි අනුබැඳි (sequel) කතා මාලාව ඔලිම්පස්හි වීරයෝහි ප්‍රධාන චරිත සත් දෙනාගෙන් අයෙක් වන මොහු එහි අතරමං වූ වීරයා හැර අනෙක් සියලුම පොත්වල දී හමු වේ. ඔහු The Trials of Apollo කතා මාලාවේදී ද සඳහන් වන අතර Camp Half-Blood Chronicles කතා මාලා ත්‍රිත්වයේම පෙනී සිටින චරිතයන් කිහිපයෙන් එක් අයෙකි. රයෝඩන්ගේ ග්‍රීක-රෝම/ඊජිප්තු හරස්-මාරු (cross-over) කතා එකතුව Demigods and Magiciansහි ප්‍රධාන චරිතයක් සහ කථකයෙකු ලෙසත් දැකගත හැකි මෙම චරිතය Percy Jackson’s Greek Gods සහ Percy Jackson’s Greek Heroes කථකයා ලෙසින් තවදුරටත් පෙනී සිටියි.

නිර්මාණය සහ සංකල්පය[සංස්කරණය]

පර්සි ජැක්සන් චරිතයේ නිර්මාණය සිදු වන්නේ රික් රයෝඩන් ඔහුගේ පුතණුවන් වෙනුවෙන් කතා නිර්මාණය කිරීමත් සමඟ ය. රයෝඩන් පවුලේ පළමු පුත්‍රයා වන හේලි රයෝඩන් 2002 වසන්තයේදී ඌණ-අවධාන/අධික්‍රියාකාරීත්වය (ADHD) සහ වචන අන්ධතාවය යන ආබාධවලින් පෙළෙන බවට හඳුනාගනු ලැබෙයි. දෙවන ශ්‍රේණියේ ග්‍රීක ප්‍රවාද පිළිබඳව ඉගෙනුම ලබන හේලි එම ප්‍රවාද පදනම් කරගනිමින් කතා කියාදෙන ලෙස පියාගෙන් ඉල්ලා සිටියි. රයෝඩන්ගේ ග්‍රීක ප්‍රවාද කතා අවසන් වද්දී තරුණ හේලි, පැරණි ප්‍රවාදාත්මක චරිත සහ නූතන චරිත එක් කරමින් නව කතාවක් ගොඩ නගන ලෙස තම පියා හට යෝජනා කරයි. මෙම අදහස සියුස්ගේ අකුණු සරය සොයා එක්සත් ජනපදය හරහා ගවේෂණයක යෙදෙන පර්සි ජැක්සන් නම් ප්‍රබන්ධාත්මක චරිතය මුලින් ම නිර්මාණය වීමට මග පාදයි. ඉන්පසු හේලි එය නවකතාවක් ලෙසින් ලිවීමට තම පියා දිරිමත් කරන අතර රික් රයෝඩන් තමන්ගේ මධ්‍යම පාසල් ශිෂ්‍යයන්ගේ ද ආදානයන් සමග පර්සි ජැක්සන් සංකල්පය ප්‍රකාශකයන් වෙත රැගෙන යයි. පර්සි ජැක්සන් චරිතයේ උපත සිදු වන්නේ එසේ ය.

රයෝඩන් පවසන ආකාරයට පර්සි ජැක්සන්ගේ මුල් චරිතය "ඔහුගේම පුතණුවන්ගේ (පාසල්) අරගලයෙන් උත්පාදනය වූ" චරිතයකි. එකම පුද්ගලයා නොවුණ ද, පර්සි සහ හේලි "සම වයස්" බවත් සමාන පෞර්ෂ ලක්ෂණ බෙදාගන්නා බවත් සඳහන් වේ. එසේම "(ඔහුගේම) හාස්‍ය වින්දනය" සහ "පෙර ඔහුට හමුව ඇති ශිෂ්‍යයන් බොහෝ දෙනෙකු" මත පදනම්ව පර්සිගේ චරිතය නිමැවුණු බව රික් රයෝඩන් තව දුරටත් ප්‍රකාශ කරයි.

චරිතය[සංස්කරණය]

කතාමාලාවේ දී, පර්සි ජැක්සන් චිත්‍රණය වන්නේ උපදෙවියෙකු ලෙසින් වන අතර ඔහු, මනුෂ්‍ය කාන්තාවක වන සැලී ජැක්සන් සහ ග්‍රීක දෙවි පොසෙයිඩන්ගේ පුත්‍රයෙකි. ඔහුට ද ඌණ-අවධාන/අධික්‍රියාකාරීත්වය සහ වචන අන්ධතාවය යන ආබාධ ඇති අතර එය හේතුව වන්නේ ඔහුගේ සහජ "රණබිමේ බුද්ධිය"ත් ඔහුගේ මනස පෞරාණික ග්‍රීක කියැවීම සඳහා හැඩ ගැසී තිබීම බව පැවසෙයි. පර්සිගේ උපන්දිනය ලෙසින් සඳහන් වන්නේ අගෝස්තු 18 දින යි. "අකුණු හොරා" හෙවත් ඔහුගේ මුල් ම පෙනීසිටීමේ දී ඔහු 12 හැවිරිදි ය.

පෙනුම[සංස්කරණය]

පර්සි ජැක්සන් පෙනුම කඩවසම්, අවුල් වූ තද කළු හිසකෙස්, "මධ්‍යධරණි" සමක් සහ ඔහුගේ පියා පොසෙයිඩන්ගේ මෙන් මුහුදු කොළ පැහැති ඇස් සහිතව විස්තර කෙරේ. ඔහුගේ පෙනුම මව විසින් ඔහුගේ පියා පොසෙයිඩන් හටද, හේසල්(මිතුරියක්) විසින් රෝම දෙවියෙකු හට ද සමාන කරයි.

පෞෂර්ත්වය[සංස්කරණය]

ඔහුගේ පෞර්ෂත්වය "සයුර මෙන් වෙනස් වන" සහ පුරෝකථනය කිරීමට අපහසු සෙයක් දැක් වේ - එය බැහැර කළ හැක්කේ ඔහුගේ අන්තරාදායක ඥාති-මිත්‍ර පක්ෂපාතීත්වය සමග පමණි. එය ඇතීනා දෙවඟන විසින් ඔහුගේ මාරක වැරැද්ද ලෙස උපුටා දක්වයි. පර්සි ජැක්සන් සහ ඔලිම්පියානුවෝ කතාමාලාවේ විකාශනය සමග වර්ධනය වන ඔහුගේ හැකියාවලට අනුරූපව පර්සි වඩාත් ආත්ම විශ්වාසී සහ නිර්භීත පෞර්ෂත්වයක් ගොඩනංවා ගනී.

හැකියා[සංස්කරණය]

බොහෝ උපදෙවියන් මෙන්, පර්සි හට ද ඌණ-අවධාන/අධික්‍රියාකාරීත්වය සහ වචන අන්ධතාවය යන ආබාධවලින් පෙළෙන අතර එයට පිළිවලින් ඔහුගේ රණබිමේ සහජ බුද්ධියත්, ඉංග්‍රීසි වෙනුවට පෞරාණික ග්‍රීක කියැවීමට හුරු වූ මනසත් හේතු වී තිබේ. අර්ධ-ලෝහිත කඳවුරේ පුහුණු වීමෙන් පසුව ඔහු ග්‍රීක සටන් ශෛලියක් ගොඩනගා ගන්නා අතර (එය නව රෝමානුවන් විසින් පුරෝකථනය කළ නොහැකි සටන් ශෛලියක් ලෙස හඳුන්වයි) අග්‍රගණ්‍ය කඩු සටන් ශිල්පියෙකි. ස්ටයික්ස් ගඟෙහි ස්නානය කිරීමෙන් පසුව පර්සි හට අකිලිස්ගේ ශාපය, සිරුර සම්පූර්ණයෙන්ම වාගේ විනාශ කළ නොහැකි තත්වයක්, හිමි වේ. ඔහු නව රෝමයට පා තැබීමත් සමග ඒ වටා දිවෙන කුඩා ටයිබර් නදියේදී එම ශාපය සේදී බල රහිත වෙයි. තවදුරටත්, ඔහුට ඔහුගේ අර්ධ-ලෝහිත කඳවුරේ මිතුරා, ග්‍රෝවර් සමග “සහකම්පන සම්බන්ධයක්” තිබේ.

පොසෙයිඩන්ගේ පුත්‍රයෙකු මෙන්ම “ලොකු තුන්කට්ටුවේ” දරුවෙකු ලෙස, පර්සි අනෙක් උපදෙවියන්ට සාපේක්ෂව අතිශයින් ම බලවත් ය. එමෙන්ම ඔහුට තම පියාගේ විෂයන් කෙරෙහි යම් තරමක ආධිපත්‍යයක් ද හිමි වේ. පර්සි, ජලය සහ ජලජ සම්පත් හැසිරවීම, ජලය ආසන්නයේ දී වැඩිදියුණු වූ කායශක්තිය සහ ජවය, දිය යට ශ්වසනය කිරීම, රුවල් නෞකා මනසින් පාලනය කිරීම, සාගර ජීවීන්, අශ්වාකාර සතුන්, ජල අප්සරාවන් සමග මානසික සන්නිවේදනය මෙන්ම කුඩ ප්‍රමාණයේ භූකම්පන සහ සුළිකුණාටු නිපදවීම ආදි අර්ධ-දේවමය හැකියාවන් ත්‍යාග වී ඇත. ජලය පර්සි වෙත ගින්නෙන් සහ ආබාධවලින් ආරක්ශාවක් ලබා දෙයි. පර්සිගේ සියලුම හැකියාවන් ඔහුගේ පියාගේ ප්‍රවාදාත්මක හැකියාවන් හා සම්බන්ධ ය.

වැඩිදුර තොරතුරු සඳහා...[සංස්කරණය]

  • ReadRiordan - නිල රයෝඩන් විශ්වීය උපදෙවිවරුන්ගේ වෙබ් පිටුව
  • RickRiordan.com - රික් රයෝඩන්ගේ නිල වෙබ් අඩවිය
  • Riordan Wiki[permanent dead link] - රයෝඩන් විකි වෙබ් අඩවිය
  • Riordanverse Fandom - අර්ධ ලෝහිත කඳවුර ලාංකේය ෆේස්බුක් සමූහය
"https://si.wikipedia.org/w/index.php?title=පර්සි_ජැක්සන්&oldid=592497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි