Panakaduwa thamba sannasa

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

පනාකඩුව තඹ සන්නස ලියවා තිබෙන්නේ පලමු වන විජයබාහු රජතුමා විසිනි.එය විජයබාහු රජු විසින් තමාට පක්ශපාති වූ සිත්නාරුබිම බුදල්නා නම් නිලදාරියට කලගුන සලකනු වස් ලියවා තිබේ. මෙහි පලමු පේලි තුනෙන් විජයබාහු රජුව වර්නනා කර තිබේ. මෙය පනාකඩුව ප්‍රදේශයෙන් හමු වූ නිසා මේ නම යෙදි තිබේ. ක්‍රි.ව.12 වන සියවසේ ඉතිහාසය ඉගෙනීමට ප්‍රයොජනවත් වේ.

පානකඩුව තඹ සන්නස යනු ශ්‍රී ලංකාවේ, මාතර දිස්ත්‍රික්කයේ, මොරවක් කෝරලේ, පනාකඩුව ගම්මානයේ, තිබී සොයාගත් තඹ-සන්නසකි. එය තඹ තහඩු තුනකින් සමන්විත වන අතර තහඩුව දෙපැත්තේම ලියා ඇත. මෙම තඹ-සන්නස වැදගත් වන්නේ එය ශ්‍රී ලාංකික රජෙකු විසින් පළමු වරට කරන ලද තඹ-සන්නස් ප්‍රදානය වන බැවිනි. මෙම තහඩු දැන්ට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

1948 දී පනාකඩුවේ ගොවියෙකු වන එස්. කරොලිස් අප්පුහාමි විසින් මෙම තඹ තහඩු  සොයා ගන්නා ලදී. තහඩු රත්තරන් නොවන බව සොයාගෙන ඒවා පසෙකට දමා තිබී පසුව ඔහු නිතර නිතර අසනීප වීමට පටන් ගත් විට, අප්පුහාමි සිතුවේ මෙම තහඩු වල යම් අවාසනාවක් නිසා එය සිදුවන බවය. එම නිසා ඔහු ඒවා තම ඥාතියෙකු වන බෞද්ධ භික්ෂුවකට භාර දුන් අතර වසරකට පමණ පසු තඹ තහඩු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අතට පත්විය.

පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව.1055-1110 ) විසින් අනුරාධපුරයේ මාළිගා සභාවෙන් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ ප්‍රදානයක් පිළිබඳ මෙම තඹ-සන්නසෙහි සටහන් වේ. චොල ආක්‍රමණය අතරතුර සැඟවී සිටියදී රජුට, ඔහුගේ පියාට සහ රාජකීය පවුලේ සෙසු සාමාජිකයින්ට ලබා දුන් ආරක්ෂාවට හා චොල ආක්‍රමණ හමුවෙ සටන් කිරීමට දුන් සහයට කලගුණ සැලකීම සඳහා සිත්නාරුබිම් හි අධිපති බුදල්නා හෙවත් බුද්ධ රාජ නාග වන, රුහුණෙහි දණ්ඩනායක වෙත මෙම ප්‍රදානය ලබා දී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=Panakaduwa_thamba_sannasa&oldid=441918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි