මුජ්සේ දෝස්ති කරෝගේ!

විකිපීඩියා වෙතින්
(Mujse dosti karoge වෙතින් යළි-යොමු කරන ලදි)
මුජ්සේ දෝස්ති කරෝගේ!
අධ්‍යක්‍ෂණයකුනාල් කොහ්ලි
රචනයතිරරචනය>
ආදිත්‍ය චොප්රා
කූනාල් කොහ්ලි
නිශ්පාදනයආදිත්‍ය චොප්රා
උදය චොප්රා
පෙමාල් චොප්රා
යශ් චොප්රා
මහේන් වකිල්
රංගන ශිල්පීන්රංගනය
රිතික් රෝෂන්
රානි මුකර්ජී
කරීනා කපූර්
සිනෙමාරූපණයසිනමා රූපණය
රවි කේ.චන්ද්‍රන්
සංගීතයරාහුල් ශර්මා
බෙදාහැරීමයශ් රාජ් ෆිල්ම්ස් පුද්ගලික සමාගම
නිකුත්වූ දින
එලිදැක්වීම
2002 අගෝස්තු 09
තිර කාලය
මිනිත්තු 149
භාෂාවහින්දි
පිරිවැයඉන්දියානු රුපියල් 70,000,000 (වටයන ලද)

මුජ්සේ දෝස්ති කරෝගේ! (පරිවර්තනය: "ඔයා මගේ යහලුවා වනවාද?") ඉන්දියානු චිත්‍රපටයක් වන මෙය එලිදක්වන ලද්දේ 2002 අගෝස්තු මස 09 වන දින වන අතර එහි අධ්‍යක්‍ෂණය කූනාල් කොහ්ලි සහ නිශ්පාදන දායකත්වය ආදිත්‍ය චොප්රා,යශ් චොප්රා විසින් සපයන ලදි.මෙය යහලුවන් තිදෙනකුගේ ප්‍රේම සම්බන්ධයක් පදනම් කර ගනිමින් නිර්මාණය වී ඇති අතර එය රිතික් රෝෂන් රානි මුකර්ජී සහ කරීනා කපූර් යන අයගේ රංගන දායකත්වයෙන් හැඩ ගැන්වී ඇත.

සාරාංශය[සංස්කරණය]

රාජ් කන්නා(රිතික් රෝෂන්) ,පුජා සහානි(රාණි මුකර්ජී) සහ ටීනා කපූර්(කරීනා කපූර්) යනු ළමා අවධියේ සිටම දැන හදුනා ගත් යහලුවන් තිදෙනකුය.ආරම්භයේ සිටම සෙල්ලක්කාර හැසිරීමකින් යුත් ටීනා රාජ්ගේ සිත් ගන්නා අතර තැන්පත් නිශ්ශබ්ද චරිතයක් වු පූජාගේ සිතෙහි රාජ් පිලිබද වු කැමැත්ත ඔහුගේ අවධානයට ලක් වන්නේ නැත.

රාජ්ගේ පියා නව රැකියාවක් සොයා එංගලන්තයට යාමට තීරණය කරන අතර මේ හේතුවෙන් රාජ්ට සිය යහළුවන් දෙදෙනාගෙන් ඇත් වීමට සිදු වේ.මේ නිසා විද්‍යුත් තැපෑල හරහා ලිපි හුවමාරු කර ගැනිමට රාජ් විසින් ටීනාව පොරොන්දු කර ගනී.තමාගේ අනෙකුත් වැඩ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරන ටීනා රාජ්ට ලිපි ලිවිම මග හරින අතර එය තමාගේ ලෙන්ගතු මිතුරිය වන පූජාට බාර කරයි.පක්ෂපතී යෙහෙලියක වූ පූජා එම රාජකාරිය ඉතා කැමැත්තෙන් බාර ගන්නා අතර ටීනාගේ පොරොන්දුව රැක ගනිමින්, ටීනා නමින් රාජ්ට ලිපි ලියයි.ඇතැම් අවස්ථාවල නොදැනුවත්වම ටීනාගේ නම වෙනුවට තම නම ලිපි වලට යොදන පූජා තම අතපසුවීම වහාම වටහා ගන්නා අතර එය නැවත නිවැරදි කර ටීනා නමින් රාජ් සමග සිය සිතුම් පැතුම් හුවමාරු කර ගනී.රාජ් සහ පූජාගේ සිතුම් පැතුම් බොහෝ දුරට සමාන වන අතර මේ හේතුවෙන් ලිපි මගින් තව දුරටත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ඉතා සමීප වේ.මේ අතර වසර පහළොවකට පසු නිවාඩුවක් ගත කිරීම සදහා රාජ් නැවතත් ඉන්දියාවට පැමිනේ.දැනටමත් ඔහුගේ සිතෙහි ලිපි ලියන්නිය පිලිබද ආදරයක් ඇති අතර පළමු දසුනින්ම තමන්ට ඇයව හදුනා ගැනිමට හැකි බව විශ්වාස කරයි. තිදෙනාම මුන ගැසෙන අවස්ථාවේදී පූජාගේ සියලු බලාපොරොත්තු බිද දමමින් රාජ් පූජාව හදුනා ගැනීම ප්‍රතික්ෂේප කරන අතර ටීනාගේ රූසපුවට වශීවී ඇය තම ආදරවන්තිය යැයි සිතා ගනී. කෙසේ වූවද රාජ් තම නිවාඩු දෙසතිය තුලදී තමාට මුන ගැසුනු ටීනාත් ලිපි මගින් දැන හදුනාගත් ටීනාත් අතර බොහෝ වෙනස්කම් තිබෙන බව තේරුම් ගන්නා නමුත් එම වෙනසට හේතුව සොයා ගැනීමට අපොහොසත් වේ.තමාගේ සත්‍ය ආදරවන්තිය පූජා යැයි හදුනා නොගන්නා නමුදු රාජ් කෙමෙන් කෙමෙන් පූජා කෙරෙහි ලෙන්ගතු කමක් දැක්වීමට පටන් ගනී.


නිවාඩු දෙසතිය අවසානයේ රාජ් නැවතත් ලන්ඩන් බලා පිටත් වන අතර ඊට දින කිහිපයකට පසු පූජාද තම වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සදහා ලන්ඩන්හි වූ විශ්විදයයලයකට ඇතුලත් වීම පිණිස සම්මුඛ පරික්ෂනයකට පෙනී සිටීමට එහි පැමිනේ.එහිදී රාජ්, සියලුම ලිපි ලියන ලද්දේ පූජා විසින් බව පසක් කර ගනී.ඔවුන් තම ආදරය එකිනෙකාට ප්‍රකාශ කරගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා විවාහ වීමට තීරණය කරයි. එනමුදු දෛවය විසින් ඔවුන් දෙදෙනාව නොසිතූ මාවතකට යොමු කරවයි.නැවතත් ඉන්දියාවට පැමිණෙන රාජ් සහ පූජා හමුවේ දක්නට ලැබෙනුයේ තම යෙහෙලිය වූ ටීනා ඇගේ පියාගෙ හදිසි වියෝවෙන් මෙලොවෙහි සම්පූර්ණයෙන්ම තනිවී ඇති බවයි.මේ වනවිට ටීනාද රාජ්ට ආදරය කරමින් සිටී.

තම යෙහෙලියගේ සිත රිදවීමට අකමැතිවන පූජා රාජ්ව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කරයි.රාජ්ගේ දෙමාපියන් විසින් රාජ් සහ ටීනා විවාහ කර දීමට තීරණය කරනුයේ ටීනාට මෙලොව ඉතිරිව ඇත්තේ රාජ් පමනක් වන බැවිනි.එනමුදු රාජ්ට අවශ්‍ය වන්නේ තමා පූජාට ආදරය කරන බව සියල්ලන් හමුවේ ප්‍රකාශ කිරීමටයි.මෙය ප්‍රතික්ෂේප කරන පූජා රාජ්ගෙන් ඈත් වීමට උත්සාහ දරයි.එම හැසිරීමෙන් කෝපයට පත්වන රාජ් කියා සිටිනුයේ තමන් ටීනාව විවාහ කර ගනුයේ පූජාද එදිනම තවෙකෙකු හා විවාහ වනවානම් පමනක් බවය.

මේ අතරතුර රෝහන් වර්මා(උදය චොප්රා) නමින් රාජ්ගේ යහලුවෙකු ඔවුන් අතරට පැමිනේ.රොහාන් පූජා කෙරෙහි ඉතා ලෙන්ගතු වන අතර පවුලේ සියළු දෙනාද ඔවුන් දෙදෙනාගේ ගැලපීම අනුමත කරයි.උද්ගත වූ තත්වය හමුවේ හිස නමන පූජා, රාජ් සහ ටීනාගේ මංගල්‍ය දිනයේදීම රෝහන්ව විවාහ කර ගැනිමට තිරණය කරයි.පූජාගේ එකම අරමුණ වනුයේ රාජ්ගේ පොරොන්දුව ඉටුකිරීමත් තවදුරටත් ටීනාගේ සතුට පැතීමත් පමණි.කෙසේ වුවද රොහාන් පූජා සිටිනා තත්වයත් පූජාගේ සිතෙහි ඔහු කෙරෙහි ආදරයක් නොමති බවත් හදුනා ගනී.එලෙසින්ම ටීනාද ඔවුන්ගේ විවාහ දිනයේදී රාජ් සැබවින්ම ආදරය කරුනුයේ තමාට නොවන බවත්, පූජාට වන බවත් හැදින රාජ්ව පූජාටම බාරකරයි.අවසානයේ දී පූජා සහ රාජ් විවාහ ගිවිස ගනිමින් කතා පුවත නිමවේ.

නළු කැල[සංස්කරණය]

සිනමා පටයේ ශබ්දපථය[සංස්කරණය]

ගීතය ගායනය(s) විස්තරය
අන්දේකී අන්ජානී ලතා මංගේෂ්කර් සහ උදිත් නාරායන් රංගනය රිතික් රෝෂන්, රානි මුකර්ජී & කරීනා කපූර්
ජානේ දිල් මේන් ලතා මංගේෂ්කර් සහ සෝනු නිගම් රංගනය රිතික් රෝෂන් & රානි මුකර්ජී
ජානේ දිල් මේන් 2 ලතා මංගේෂ්කර් සහ සෝනු නිගම් රංගනය රිතික් රෝෂන් & රානි මුකර්ජී
මුජ්සේ දෝස්තී කරූගී ආශා බෝස්ලේ, උදිත් නාරායන් & අල්කා යානික් රංගනය රිතික් රෝෂන්, රානි මුකර්ජී & කරීනා කපූර්
ඔ මයි ඩාර්ලින් අලීශා චිනෝයි සහ සෝනු නිගම් රංගනය රිතික් රෝෂන්, රානි මුකර්ජී & කරීනා කපූර්
සාන්වලි සි එක් ලඩ්කී උදිත් නාරායන් රංගනය රිතික් රෝෂන්, රානි මුකර්ජී, කරීනා කපූර් & උදය චොප්රා
මිශ්‍ර සංගීතය ලතා මංගේෂ්කර්, උදිත් නාරායන්, සෝනු නිගම් & පමේලා චොප්රා රංගනය රිතික් රෝෂන්, රානි මුකර්ජී, කරීනා කපූර් & උදය චොප්රා

සාර්ථකත්වය[සංස්කරණය]

මෙම චිත්‍රපටය බොහෝ දුරට සාර්ථක වූ නමුදු එම වකවානුවෙහිදීම එලි දැක්වූ "Devdas" නැමති අති සාර්ථක චිත්‍රපටය නිසාවෙන් ඉහල ආදායමක් ලබා ගැනීම තරමක් දුරට අපහසු විය.කෙසේ වෙතත් එය බොහෝ රටවල අති සාර්ථක අන්දමින් තිරගත වන ලදි.

බාහිර සබැදුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මුජ්සේ_දෝස්ති_කරෝගේ!&oldid=592985" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි