Jump to content

කෙනත් කවුන්ඩා

විකිපීඩියා වෙතින්
(Kenneth Kaunda වෙතින් යළි-යොමු කරන ලදි)
කෙනත් කවුන්ඩා
1983 වසරෙහිදී කවුන්ඩා
උතුරු රොඩේසියාවෙහි අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
22 ජනවාරි 1964  24 ඔක්තොම්බර් 1964
රාජ්‍ය නායකයාදෙවන එළිසබෙත් රෑජිණ
අග්‍රාණ්ඩුකාරශ්‍රීමත් එව්ලින් හෝන්
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාමයින්සා චෝනා
සැම්බියාවෙහි අග්‍රාමාත්‍යවරයා ලෙසින්
සැම්බියාවෙහි 1වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
24 ඔක්තොම්බර් 1964  2 නොවැම්බර් 1991
උප ජනාධිපතිවරයා
පූර්වප්‍රාප්තිකයා උතුරු රොඩේසියාවෙහි ආණ්ඩුකාරවරයා ලෙසින් එව්ලින් හෝන්
අනුප්‍රාප්තිකයාෆ්‍රෙඩ්රික් චිලූබා
නො-බැඳි ව්‍යාපාරයෙහි 3වන සභාපතිවරයා
තනතුර දරමින්
8 සැප්තැම්බර් 1970  5 සැප්තැම්බර් 1973
පූර්වප්‍රාප්තිකයාගමාල් අබ්දුල් නසාර්
අනුප්‍රාප්තිකයාහුවාරී බුමීඩියෙන්
සැම්බියාවෙහි කැවෙන්ඩිෂ් විශ්වවිද්‍යාලයෙහි 1වන කුලපතිවරයා
තනතුර දරමින්
2003  25 ඔක්තොම්බර් 2018
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාරූපියා බණ්ඩා
පුද්ගලික තොරතුරු
උපත
කෙනත් ඩේවිඩ් බූචියා කවුන්ඩා

(1924-04-28)28 අප්‍රේල් 1924
චින්සාලි, උතුරු රොඩේසියාව (වර්තමානයෙහි සැම්බියාව)
විපත17 ජූනි 2021(2021-06-17) (aged 97)
ලුසාකා, සැම්බියාව
Resting placeඑම්බසි පාක්, ලුසාකා
පුරවැසිභාවය
දේශපාලන පක්ෂයUNIP
කලත්‍රයාබෙටී බණ්ඩා (වි. 1946; ඇයගේ මරණය 2013)
ළමයි8, ටිල්යෙන්ජි ඇතුළුව
වෘත්තියගුරුවරයා

KK ලෙසින්ද හැඳින්වුනු, කෙනත් කවුන්ඩා (28 අප්‍රේල් 1924 – 17 ජූනි 2021),[1] [2] යනු, 1964 වසරෙහි සිට 1991 වසර දක්වා සැම්බියාවෙහි පළමුවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කල සැම්බියානු දේශපාලනඥයෙකි. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමට දියත්වුනු අරගලයෙහිදී ඔහු පෙරමුණ ගත්තේය. උතුරු රොඩේසියානු අප්‍රිකානු ජාතික කොංග්‍රසය තුල හැරී කුම්බුලාගේ නායකත්වය පිළිබඳ නොසතුටට පත්වූ ඔහු, කැඩී වෙන්වී සැම්බියානු අප්‍රිකානු ජාතික කොංග්‍රසය ආරම්භ කල අතර, පසුව සමාජවාදී එක්සත් ජාතික නිදහස් පක්ෂයෙහි (UNIP) නායකයා විය.

කවුන්ඩා නිදහස් සැම්බියාවෙහි පළමුවන ජනාධිපතිවරයා විය. 1973 වසරෙහිදී, ගෝත්‍රික සහ අන්තර්-පක්ෂ කළහයන් වලින් පසුව, චෝමා ප්‍රකාශනයට අත්සන් තැබීමෙන් අනතුරුව UNIP හැර අනෙකුත් සියළු දේශපාලන පක්ෂ තහනම් කෙරිණි. එම කාලසීමාවෙහිදීම, කවුන්ඩාගේ අධීක්ෂණය යටතෙහි විදේශීය-හිමිකාරිත්වය සහිතවූ ප්‍රධාන සමාගම් වල බහුතර කොටස් අත්කර ගැනීම් සිදුකෙරිණි. 1973 ඛණිජ තෙල් අර්බුදය සහ සැම්බියාවෙහි අපනයන ආදායමෙහි හදිසි කිඳා වැටීම නිසා සැම්බියාව ආර්ථික අර්බුද තත්ත්වයකට මුහුණ පෑවේය. ඔහුව බලයෙහි තබා සිටීමට ඉවහල්වූ නීති රෙගුලාසි වෙනස් කරන ලෙසට බටහිර බලවතුන්ගේ පීඩනය විසින් කවුන්ඩා වෙත දැඩි බලපෑම් එල්ල විය. 1991, වසරෙහිදී බහු-පාක්ෂික මැතිවරණයන් පැවැත්වුණු අතර, එහිදී, බහු-පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ව්‍යාපාරයෙහි නායක ෆ්‍රෙඩ්රික් චිලූබා විසින් කවුන්ඩා බලයෙන් නෙරපන ලදි.

1998 වසරෙහිදී ඔහුගේ සැම්බියානු පුරවැසිභාවය කෙටිකාලීන ලෙසින් අහෝසි කරන ලද නමුත්, වසර දෙකකින් පසුව 2000 වසරෙහිදී එම තීරණය පෙරළා දමන ලදි.[3]

මුල් දිවිය

[සංස්කරණය]

1924 අප්‍රේල් 28 දිනදී [4] එවිට උතුරුරොඩේසියාවෙහි, වර්තමානයෙහි සැම්බියාවෙහි කොටසක්වන, චින්සාලිහී, ලූබ්වා මිෂන්හිදී, කෙනත් කවුන්ඩා උපත ලද අතර [5] දරුවන් අටදෙනෙකුගේ පවුලක බාලයා විය.[6] ඔහුගේ පියා, ගරු ඩේවිඩ් කවුන්ඩා, යනු ස්කොට්ලන්ත සභාවෙහි අභිෂේක ලත් [7] මිෂනාරිවරයෙකු[8] සහ ගුරුවරයෙක් වූ අතර, නයාසාලන්තයෙහිදී (වර්තමානයෙහි මලාවි) ඉපිද ලුබ්වා මිෂන්හී සේවය කරනු වස් චින්සාලි වෙත සංක්‍රමණය වී ඇත.[9]

ජනාධිපතිධූරයෙන් විශ්‍රාම ගත් පසු දිවිය

[සංස්කරණය]
2005 මාර්තු මාසයෙහිදී ඉන්දියානු විදේශ අමාත්‍යවර නට්වාර් සිං කවුන්ඩා සමගින්
ඉන්දියානු ජනාධිපතිවර රාම් නාත් කෝවින්ද් සහ කවුන්ඩා ලුසාකාහිදී, අප්‍රේල් 2018

ධූරයෙන් විශ්‍රාම ගිය පසු, කවුන්ඩා නිතරම චිලූබාගේ රජය සහ MMD පක්ෂය සමග ගැටුම් ඇතිකර ගත්තේය. චිලූබා පසුව කවුන්ඩා රටෙන් පිටුවහල් කිරීමට යත්න දැරුවේ ඔහු මලාවියානුවෙක් වුයේ යන පදනම මතය.[10] චිලූබාගේ නායකත්වය යටතේවූ සහ MMD-ආධිපත්‍ය සහිතවූ රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට, විදේශයන්ට සම්බන්ධ මාතෘපිතෘත්වය සහිතවූ රටවැසියන්ට ජනාධිපතිධූරය සඳහා තරග වැදීම තහනම් කලේ, 1996 වසරෙහි පැවැත්වීමට නියමිතව තිබූ ඊළඟ ජනාධිපතිවරණය සඳහා තරගවැදීමට සැදී පැහැදී සිටි කවුන්ඩා එම මැතිවරණයට තරගවැදීම වැලැක්වීමටය.[1] 1997 කුමන්ත්‍රණ ප්‍රයත්නයෙන් පසුව, 1997 වසරෙහි නත්තල් දිනට පසු දින තුල ඔහු පාර හමුදා පොලිස්භටයන් විසින් අත්අඩංගුවට ගැනිණි.[11] කෙසේවෙතත්, ප්‍රදේශයෙහි බොහෝ නිලධාරීන් මෙයට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කලහ; එම වසරෙහිම නව වසරට පෙර දිනයෙහි, ඔහු නිවාස අඩස්සියෙහි තබන ලද්දේ ඔහුගේ උසාවි දිනය වන තුරුය.[12]

2019 සැප්තැම්බර් මාසයෙහිදී, කවුන්ඩා පැවසුවේ, සිම්බාබ්වේ දේශයට සමාජ සාධාරණත්වය සහ සමානත්වතාවය ගෙන ඒමට පෙරමුණ ගත් හිටපු ජනාධිපති රොබට් මුගාබේ වෙත ලෝකයෙහි සමහර කොටස් විසින් මඩ ප්‍රහාර එල්ල කරමින් අවමන් කිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි.[13]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 ආනල්ඩ්, ගයි (17 ජූනි 2021). "කෙනත් කවුන්ඩා ඔබිචුවරි". ද ගාඩියන්. https://www.theguardian.com/world/2021/jun/17/kenneth-kaunda-obituary.
  2. ද ලිස්ට්නර් සංරක්ෂණය කළ පිටපත 2021-06-18 at the Wayback Machine, වෙළුම 110, බීබීසී, 1983, පිටුව13
  3. "හවු සැම්බියාස් ෆර්ස්ට් ප්‍රසිඩන්ට් හෑඩ් ටු ගෝ ටු කෝට් ඉන් 1999 ටු පෲව් හී වෝස් නොට් අ මලාවියන්". Face2Face Africa (ඉංග්‍රීසි බසින්). 24 ඔක්තොම්බර් 2018. 17 ජූනි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 ජූනි 2021.
  4. කසුකා, බ්‍රිජට් (7 පෙබරවාරි 2012). ඉන්ඩිපෙන්ඩන්ස් ලීඩර්ස් ඔෆ් ඇෆ්රිකා. බැන්කෝල් කමාරා ටේලර්. ISBN 978-1-4700-4175-5. සම්ප්‍රවේශය 15 ඔක්තොම්බර් 2019 via ගූගල් බුක්ස්.
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; KK නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. මැක්ග්‍රොආටි, පැට්‍රික් (17 ජූනි 2021). "කෙනත් කවුන්ඩා ඔෆ් සැම්බියා, ලාස්ට් ලීඩර් ඔෆ් ඇෆ්රිකාස් ලිබරේෂන් ඊරා, ඩයිස් ඇට් 97". ද වෝල් ස්ට්‍රීට් ජර්නල්. https://www.wsj.com/articles/kenneth-kaunda-zambias-longtime-leader-dies-at-97-11623945143via=ProQuest. [permanent dead link]
  7. "කෙනත් කවුන්ඩා: සැම්බියාස් ඉන්ඩිපෙන්ඩන්ස් හීරෝ". බීබීසී. 17 ජූනි 2021. 18 ජූනි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 ජූනි 2021.
  8. සැකිල්ල:උපන්‍යාස පො.
  9. "කෙනත් කවුන්ඩා". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. 29 සැප්තැම්බර් 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 සැප්තැම්බර් 2020.
  10. Chirambo, Kondwani (18 October 1995). "ෆෝමර් රූලර් කවුන්ඩා ෆේසිං ඩිපෝටේෂන්, සේස් ගවර්න්මන්ට්" (en බසින්). එසෝෂියේෂන් ප්‍රෙස්. https://apnews.com/article/ae0eb3de3304b81da293add5f95362f9.
  11. මැක්කින්ලි, ජේම්ස් සී. කණි. (26 දෙසැම්බර් 1997). "සැම්බියා එරෙස්ට්ස් ෆෝමර් ප්‍රසිඩන්ට් ඉන් ක්‍රැක්ඩවුන් ආෆ්ටර් ෆේල්ඩ් කූ" (en-US බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/1997/12/26/world/zambia-arrests-former-president-in-crackdown-after-failed-coup.html.
  12. "ෆෝමර් සැම්බියන් ප්‍රසිඩන්ට් රිලීස්ඩ් ෆ්‍රොම් ජේල්, අන්ඩර් හවුස් අරෙස්ට්" (en-US බසින්). සීඑන්එන්. 31 දෙසැම්බර් 1997. http://edition.cnn.com/WORLD/9712/31/kaunda.released/.
  13. "සැම්බියා : ප්‍රසිඩන්ට් මුගාබේ වෝස් මැලයින්ඩ් බිකෝස් ඔෆ් හිස් කෘසේඩ් ටු බ්‍රිං සෝෂල් ජස්ටිස් ඇන්ඩ් ඉක්විටි ටු සිම්බාබ්වේ -KK". 6 සැප්තැම්බර් 2019. 6 දෙසැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 ජූනි 2021.
"https://si.wikipedia.org/w/index.php?title=කෙනත්_කවුන්ඩා&oldid=773322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි